HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විස්මිත ති‍්‍රමාන (3D) නිර්මාණවලින් පසු ඊටත් වඩා විස්මිත චතුර්මාන (4D) ක‍්‍රමයක්!

මල් කැකුළු තුළින් ති‍්‍රමාණ ක‍්‍රමයෙන් කළ හැකි විස්මිත නිර්මාණ ගැන ඔබට කීවා මතක ඇති. දැන් විද්‍යාත්මක නිමැවුම් ඉන් ඔබ්බටත් විහිදෙන්න පටන් අරන්. දැන් අලූත් තාක්ෂණය චතුර්මාන (4D) ක‍්‍රමයට මැවීමේ කි‍්‍රයාවලියයි.

නවීන ලෝකයේ ඉතා ජනපි‍්‍රය ගෘහභාණ්ඩ වර්ගයක් තියෙනවා, ඉකෙයා (Ikea) කියා. ස්වීඩනයෙන් තමයි, මෙය ලොවට හඳුන්වා දුන්නේ. ඉන්වාර් කැම්ප‍්‍රැඞ් (Ingvar Kamprad) නම් 17 හැවිරිදි තරුණයෙකුගේ නව නිපැයුමක්. එල්ම්ටාරිඞ් (Elmtaryd) කියන ඔහුගේ ගමේ නමෙයි, අගුනාරිඞ් (Agunnaryd) කියන නගරයෙ නමෙයි මුල අකුරු එකතු කරල තමයි, මේ වෙළඳ නාමය තනා ගෙන තියෙන්නෙ.


ඒවා ලොව පුරා ඉතාමත් ප‍්‍රචලිතයි. සරල, සැහැල්ලූ මේ ගෘහභාණ්ඩ වෙන් වෙන්ව ගෙන්නා ගෙන එකලස් කර ගන්න ඔබට ම පුළුවන්. මේ සඳහා කිසියම් වෙලාවක් ගත කරන්න ඔබට සිදු වෙනවා.

ඒ තරම් කාලයක්වත් ගත නොකර දැන් ඔබට ඒ ගෘහභාණ්ඩය මත ඔබට ඕනෑ ගෘහභාණ්ඩය චතුර්මාන (4D) ක‍්‍රමයට ‘මුද්‍රණ කර ගන්නට’ පුළුවන්.

ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා පර්යේෂණ කාර්යාලය මේ නව පර්යේෂණ සාර්ථක කර ගනු වස් චතුර්මාන (4D) මුද්‍රණ තාක්ෂණය සඳහා දැනටමත් ඩොලර් 855,000ක් මුදලක් ප‍්‍රදානයක් වශයෙන් පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයට හා ඉලිනොයි විශ්ව විද්‍යාලයට ලබා දී තියෙනවා.

මේ චතුර්මාන (4D) මුද්‍රණ තාක්ෂණයේදී කෙරෙන්නේ කලින් ති‍්‍රමාන ක‍්‍රමයට නිපදවූ දෙයක් මත තව අලූත් දෙයක් ස්තරයෙන් ස්තරය එළීමයි. එහි දී සම්පූර්යෙන්ම අලූත් දෙයක් තැනීමක් සිදු වෙනවා.

චතුර්මාන මුද්‍රණ ක‍්‍රමයෙන් කෙරෙන්නේ ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමයම තවත් පියවරක් ඉදිරියට තැබීමක්. ඒ අනුව ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමයට නිර්මාණය කළ වස්තුවක් වෙනස් කොට වෙනත් හැඩයක් ඇති දෙයක් ලෙස ප‍්‍රතිර්මාණය කිරීමයි, එහි දී සිදු වන්නේ.

මේ සංකල්පයට ආභාසය ලැබී ඇත්තේ බාහිර පරිසර තත්වයන්ට අනුරූප වනසේ වෙනස් වෙමින් වැඩෙන්නට සොබාදහම අයත් වස්තූන්ට ඇති හැකියාවෙන්.

තාක්ෂණයට හැකියාව තියෙනවා විශේෂ පරිසර තත්වවලදී පහසුවෙන් ම ඉදිකිරීම් හා නිෂ්පාදන කි‍්‍රයාවලියෙහි විශාල වෙනස්කම් ඇති කරන්න. ඒ විදියට තමයි, මේ නව ක‍්‍රමයට වෙනස්කම් සිදු වන්නෙත්.

ඇමරිකා එක්සත් ජනපද හමුදා පර්යේෂණ අංශය බලාපොරොත්තු වන්නේ මේ නව චතුර්මාණ මුද්‍රණ ක‍්‍රමය, වාහනයක ව්‍යුහය වෙනස් කර සම්පූර්ණයෙන් ම වෙනත් වාහනයක් තනන තැනට ගේන්නයි. ඒ වගේ ම සොල්දාදුවකුගේ නිල ඇඳුම සැණෙන් වෙනස් දෙයක් ලෙස වෙස්වළා ගැනීමට හැකි තත්වයට දියුණු කරවන්නටයි.

ඒ නිසයි, ඔවුන් මේ පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ස්වෝන්සන් ඉංජිනේරු පීඨයටත්, හවාර්ඞ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයටත්, ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශයටත් අයත් පර්යේෂණ කණ්ඩායම් තුනට මුල්‍යමය පරිත්‍යාගයක් කර ඇත්තේ, මේ සුවිශේෂ චතුර්මාන මුද්‍රණ ක‍්‍රමය වැඩි දියුණු කිරීම සඳහා.

 
ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමය යොදා ගෙන කරන චතුර්මාන මුද්‍රණ ක‍්‍රමය ලේසර් මුද්‍රණ යන්ත‍්‍රයකට එකම ආකාරයටයි කි‍්‍රයාත්මක වෙන්නෙ. මෙහි දී සිදු වන්නේ කලින් නිපදවූ දෙයක් යොදා ගෙන ඒ මත එකින් එක ස්තරය බැගින් එළමින් නව දෙයක් අලූතින් තැනීමයි.

විස්මිත චතුර්මාන මුද්‍රණ ක‍්‍රමයට සැකසූ පෙට්ටියක්.

චතුර්මාන (4D) මුද්‍රණ තාක්ෂණයත් ති‍්‍රමාන (3D) මුද්‍රණ තාක්ෂණයත් අතර ඇති වෙනස කුමක් ද?

ති‍්‍රමාන (3D) මුද්‍රණ තාක්ෂණයේදී සිදු වන්නේ ලේසර් මුද්‍රණ යන්ත‍්‍රයක් මගින් ස්තර ක‍්‍රමයට එකක් මත එකක් වශයෙන් ද්‍රව්‍ය එක් කිරීමෙන් පරිගණකයේ ඇති සැලසුමක් ති‍්‍රමානව නිර්මාණය කිරීමයි. මුද්‍රණයේ දී තීන්ත තීරුවක් එළනවා වාගේ ද්‍රව්‍ය ස්තරයක් එළීමයි, එහිදී සිදු කෙරෙන්නේ.

චතුර්මාන (4D) මුද්‍රණ තාක්ෂණයේදී ති‍්‍රමාන (4D) මුද්‍රණ තාක්ෂණය තවත් පියවරක් ඉදිරියට ගෙන යාමක් තමයි, සිදු වන්නේ. කලින් ති‍්‍රමාන (3D)  ක‍්‍රමයට මුද්‍රණය කළ දෙයක් නව හැඩයකට අනුව නැවත සැකසීමක් තමයි, මෙහිදී සිදු වන්නේ.


උදාහරණයක් වශයෙන් ඒ සඳහා ගන්නා ද්‍රව්‍යයේ සමහර කොටස්වල ජලය උරා ගන්නා ලක්ෂණ වෙනස් කිරීමෙන් තෙතමනය ඇති විට එය උරාගෙන එහි හැඩය වෙනස් කරවා ගන්න පුළුවන්.

මහා විද්‍යාඥයන් තුන් දෙනෙකු ඔවුන් සතු විශේෂ දැනුම එක් තැන් කොට නැනෝ හා මයික්‍රෝ මට්ටම්වල තාක්ෂණ මුසු කොට ති‍්‍රමාණ මුද්‍රණ ක‍්‍රමය හරහා විවිධ දේ තැනිය හැකි, නව සැකැසුම්වලට යා හැකි නව අමු ද්‍රව්‍ය බිහි කිරීමයි, මෙහිදී සුවිශේෂීව සිදු වන්නේ.

එහි ප‍්‍රධාන පර්යේෂිකා ඇනා බැලෑස් (Anna Balazs) ඔවුන්ගේ පරමාර්ථ පැහැදිලි කරන්නේ මෙහෙමයි: ”සාමාන්‍යයෙන් ස්ථායික ද්‍රව්‍යයක් හෝ හැඩය වෙනස් කළ හැකි ද්‍රව්‍යයක් නිපදවීම වෙනුවට අප යෝ්ජනා කරන්නේ බාහිර උත්තේජනයකින්, එහි හැඩය, ගති ලක්ෂණ ආදිය වෙනස් කළ හැකි, අවශ්‍යතාව අනුව පිළිසැකසිය හැකි, ජෛවඅනුකාරක සංයෝගයක් අලූතින් නිපදවීමටයි.”

”දැනට පවතින ති‍්‍රමාන තාක්ෂණයෙන් පර්යේෂකයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා, සම්පූර්ණ ව්‍යුහයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කි‍්‍රයාකාරී පසුබිම පහසුවෙන් ම ලබා ගන්න. දැනට ඇති අමු ද්‍රව්‍යවලින් ව්‍යුහයක් සම්පූර්ණ කිරීම කළ හැකියි. දැන් අවශ්‍යව ඇත්තේ මේ අමු ද්‍රව්‍ය වෙනුවට එහි ගති ලක්ෂණ වෙනස් කළ හැකි, හැඩය කීප වතාවක් වෙනස් කළ හැකි අමු ද්‍රව්‍යයක් නිර්මාණය කිරීමයි. එවිට වරක් පාවිච්චි කොට ඉවත දැමීමක් අවශ්‍ය වන්නේ නෑ. ඒක අලූත් අවශ්‍යතාව අනුව යළි සකසා ගන්න පුළුවන්. ” සම පර්යේෂිකා ජෙනිෆා ලෙවිස් (Jennifer Lewis) ඒ පිළිබඳව තවදුරටත් විස්තර කළා.

පර්යේෂකයන් මේ සඳහා යොදා ගන්න බලාපොරොත්තු වන්නේ ප‍්‍රතිචාර දැක්විය හැකි නැනෝ ද්‍රව්‍යයක් ඇතුළත් කළ හයිඩ්‍රොජෙල් විශේෂයක්. මේ ක‍්‍රමයට ‘ස්මාට්’ සංවේදක ඇතුළත් ඊළඟ පරම්පරාවේ රෙදිපිළි, ව්‍යුහයන් සඳහා උපාංගයන් තනා ගැනීමේ ක‍්‍රම වේදයකට යන්නයි ඔවුන් හදන්නේ.

 
චතුර්මාන (4D) මුද්‍රණයේදී ති‍්‍රමාන (4D) මුද්‍රණ ක‍්‍රමය තවත් පියවරක් ඉදිරියට ගෙන යාමක්. ති‍්‍රමාන (3D) ක‍්‍රමයට කළ දෙයක් නව හැඩයකට අනුව නැවත සැකසීමක් තමයි, මෙහිදී සිදු වන්නේ.

”ආලෝකයට සංවේදී රෙදිපිළි වර්ගයක් තනනවා වර්ණයට ප‍්‍රතිචාර දැක්විය හැකි. උෂ්ණත්වය වෙනස් කිරීමෙන් එහි ඇති විනිවිද යාමේ හැකියාව යළි සැකසිය හැකියි. එසේම එහි සවි ශක්තිය, නම්‍යශීලී භාවය, සැහැල්ල බව ආදී සියල්ල අවශ්‍ය පරිදි වෙනස් කරන්න පුළුවන්.” හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ රැල්ෆ් නූසෝ කියනවා.

”මෙය අති සංකීර්ණ කි‍්‍රයාවලියක් ඇතුළත් ක‍්‍රමයක්. මේ චතුර්මාන ක‍්‍රමය ලෝකය තුළ විශාල පෙරළියක් කරනවා සිකුරුයි.” ඒ විද්‍යාඥයන් එක හඬින් කියනවා.







Post a Comment

0 Comments