HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මුල්ම ඇපල් 1 පරිගණකය ලෝක වාර්තාවක් තියයිද? ඇපල් සමාගමේ ආරම්භය හෙළිකරන මෙතෙක් පළ නොවූ ඡායාරූපයක්!

ඇපල් පරිගණකය පටන් ගත් හැටි දැන් දකින කොටත් පුදුම හිතෙනවා. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගිය දා ප‍්‍රථමවරට හෙළිදරවු වුණා.

මේ ඡායාරූපයට නගා තියෙන්නේ 1976 දියි. එතකොට ස්ටීව් ජොබ්ස්ට (Steve Jobs) වයස 21යි. ඔහුගේ මිතුරු ස්ටීව් වොස්නියැක් (Steve Wozniak) සමග එක්ව ඔවුන් දෙදෙනා මේ මුල්ම ඇපල් පරිගණක තැනුවේ ස්ටීව් ජොබ්ස්ගේ මාපියන්ගේ ගෙදර ගරාජයකයි. ඔවුන් ඒ තැනූ මූල් පරිගණක 50 තැන්පත් කරල තිබුණු ආකාරය දැක්වෙන මේ විරල ඡායාරූපය නිකුත් කරනු ලැබුවේ ලබන නොවැම්බර් 16 වැනිදා වෙන්දේසියට තැබෙන දැනට හොඳම තත්වයේ ඇති පැරණි ම ඇපල් පරිගණකය එළි දැක්වීම වෙනුවෙන්.

මෙය දැනට ලෝකයේ ඇති වටිනාම සන්නම ලෙස සැලකෙන ඇපල් පරිගණකයේ ආරම්භක තත්වය තේරුම ගන්නත් හොඳ අවස්ථාවක්. මේ සන්නමෙහි අද වටිනාකම පවුම් බිලියන 60ක්.

 
ඇපල් පරිගණකයේ ආරම්භය දැක්වෙන මේ කිසිදා එළියට නො පැමිණි ඡායාරූපයක්. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර 1976 දී පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගිය දා ප‍්‍රථමවරට හෙළිදරවු වුණා.

මේ ඡායාරූපය අරන් තියෙන්නේ ස්ටීවී ජොබ්ස් විසින්මයි. මුල් ම ‘ඇපල් 1’ පරිගණක 50ක් මෙහෙම ගබඩා කර තිබුණා. ස්ටීව් ජොබ්ස් හදා වඩා ගත් මාපියන්ගේ ගෙදර ජොබ්ස්ගේ නිදන කාමරයේ තමයි මෙසේ ගබඩා කර තිබුණේ.

මේ පින්තූරයේ කබඞ් එක උඩ තියෙන්නේ ඒ පරිගණකය සඳහා යොදා ගත් මූලික මොනිටරයයි. පෑස්සීම සඳහා යොදා ගත් උපකරණය හා එහි අනෙක් මෙවලම් යා කරන කම්බිත් තිබෙනවා දැකිය හැකියි.

කි‍්‍රයා කරන තත්වයේ මේ මුල් ඇපල් පරිගණක 11යි දැන් තියෙන්නේ. එයින් වඩාත් හොඳින් කි‍්‍රයා කරන පරිගණක ඇත්තේ එකම එකයි. ඒ ස්ටීව්ලා තැනූ 46 වැනි ඇපල් 1 පරිගණකයයි. මෙය තමයි නොවැම්බර් 16 වැනිදා වෙන්දේසියට තැබෙන්නේ. මෙය පවුම් 5,00,000කට විකිණෙයි කියලයි, මෙය වෙන්දේසියට තබා ඇති ජර්මනියේ වෙන්දේසිකාර බෙකර් සමාගම කියනවා.

 
1976 දී තැනූ ලෝකයේ දැනට හොඳින්ම කි‍්‍රයා කරන තත්වයේ ඇති ඇපල් - 1 පරිගණක කට්ටලයයි. ඇමරිකන් පරිගණක ලෝලයකු විසින් මීට වසර 30කට කලින් මිල දී ගෙන තිබූ මෙය අද ඇපල් පරිගණකය මෙන් තනි උපකරණයක් නොව උපාංග ගණනාවක් යා කළ එකක්.

මේ ඇපල් - 1 මුලින් ම වෙළඳ පොළට ආවේ 1976 ජූලි මාසයේ දියි. ඒ එකක් වික්කේ ඩොලර් 666. 66කටයි. එහෙම කළේ ස්ටීව් වොස්නියැක් පුනර් අංක රටාවට කැමති හින්දයි.

විනෝදයට පරිගණකය භාවිත කරන අයට ඒ කාලෙ පරිගණක වික්කෙ ඒ විදියටයි. කට්ටලයක් හැටියටයි. ඇපල් 1 පරිගණකයට චිප්ස් 60ක් එකලස් කරපු මවු පුවරුවක් විතරයි ඇතුළත් වුණේ. පරිගණකය සම්පූර්ණ වෙන්න නම් එය දමන්න පෙට්ටියක්, බල සැපයුම සඳහා ට‍්‍රාන්ස්ෆෝමරයක්, විදුලි බල සැපයුමට ස්විචයක්, යතුරු පුවරුවක්, මොනිටරයක් හැටියට වීඩියෝ දර්ශකයක් අවශ්‍ය වුණා.

මේ මුල්ම ඇපල් - 1 පරිගණක අලෙවියට තැබුවේ ‘ද බයිට් ස්ටෝර්’ කියන ඒ පළාතේ පරිගණක උපකරණ අලෙවි කළ සමාගමකයි.

මේ පැරණිම ඇපල් - 1 පරිගණකය වසර 30ක් තිස්සේ තිබුණේ ඇමරිකන් පරිගණක ලෝලියකු ළඟයි. පසුගිය මැයි මාසේ සාමාන්‍ය කි‍්‍රයාත්මක තත්වයේ තිබූ මුල්ම ඇපල් - පරිගණකයක් ලෝක වාර්තාවක් තබමින් වෙන්දේසියක පවුම් 441, 600කට අළෙවි වුණ නිසා ඒ ඇමරිකන් පරිගණක ලෝලියත් කල්පනා කළා ඊටත් හොඳ තත්වයේ තියෙන ඔහුගේ පරිගණකයත් විකුණන්ට.

මේ පරිගණකය සමග එය නිකුත් කළ සුදු කාඞ්බෝඞ් පෙට්ටියත් තියෙනවා. එහි ඔවුන් සහතික වශයෙන් යෙදූ සලකුණුත් තියෙනවා.

මේ ඉපැරණි පරිගණකයට පවුම් 350,000කට ලන්සුවක් තබා ඇති අතර මෙය පවුම් 500,000කට වඩා වැඩි ගණනකට අලෙවි වෙමින් ලෝක වාර්තාවක් තබයි කියලයි විශේෂඥයන් කියන්නෙ.

ටීම් බ්‍රෙකර් වෙන්දේසිකාර සමාගමේ උවේ බ්‍රෙකර් (Uwe Breker) ඒ ගැන කියන්නේ මෙහෙමයි: ”අපට හමුවෙලා තියෙන තාමත් හොඳින් වැඩ කරන ඇපල් - 1 පරිගණකය මෙයයි. අප හිතන්නෙ තවත් මේ තරම් හොඳ තත්වයේ තියෙන මේ වර්ගයේ පරිගණකයක් නැහැ.”

”ස්ටීව් ජොබ්ස් හා ස්ටීව් වොස්නියැක් දෙන්නා ඇපල් සමාගම හදලා මුලින් ම හදපු පරිගණක 50 දුන්නේ බයිට් ස්ටෝර් එකටයි.

 
මුල්ම ඇපල් -1 පරිගණකය ආවේ සුදු කාඞ්බෝඞ් පෙට්ටියක ඇසුරලයි. එහි මව්පුවරුවට හා ඇසුරුම් පෙට්ටියට ඇපල් සමාගමේ ආරම්භක හවුල්කරු වූ වොස්නියැක් ඔහුගේ කෙටි අත්සන යොදා තියෙනවා.

”ඒ පරිගණක 50 හැදුවේ ස්ටීව් ජොබ්ස් හදා වඩා ගත් දෙමාපියන්ගේ නිවසේ ඇති ජොබ්ස්ගේ නිදන කාමරයෙයි. මේ අප වෙන්දේසියට තබා තියෙන්නේ එහි 46 වැනි පරිගණකයයි.

”මේවා නිවැරදි යැයි අවසන් වශයෙන් පරීක්ෂා කරලා ස්ටීව් වොස්නියැක් යොදපු කෙටි අත්සනත් මෙහි තියෙනවා.

මේ පින්තූරයේ ඉතිහාසය අපි දන්නේ නෑ. වසර 30කට ඉස්සර මේ පරිගණකය මිල දී ගන්නා විට එහි උපාංග පිහිටන ආකාරය දක්වන්න ඔහු ලැබුණ එකක් කියලයි කියන්නෙ.” ඔහු වැඩි දුරටත් කියනවා.

ඇපල් පරිගණකයේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් 2011 දී අග්න්‍යාසයේ පිළිකාවකින් මිය ගියා. ඔවුන් දෙදෙනා මෙහි මුල් ම ඇපල් - 1 පරිගණකය 1976 දී අලෙවි කර ඇත්තේ පවුම් 420කටයි.

අද ඇපල් සමාගමේ අධි තාක්ෂණික මෙවලම් එක්ක සසඳන කොට මේ පැරණි මෙවලම් හිනාවට ලක් වෙනවා.

ඒවා ආවේ වෙනම මොනිටරයක්, යතුරු පුවරුවක් මවු පුවරුවක්, ක‍්‍රමලේඛ පටිගත කරන්න කැසට් වාදන යන්ත‍්‍රණයක් හා කිලෝබයිට් 8ක (8K) මතකයක් විතරයි. ඒක සින්දුවක් ගබඩා කරන්නවත් ප‍්‍රමාණයක මතකයක් නොවෙයි.

 
මුල්ම ඇපල් පරිගණකය අලෙවි කළේ සුදුපාට පෙට්ටියක බහාලයි. එහි ස්ටීව් වොස්නියැක් ඔහුගේ ‘වොස්’ යන කෙටි අත්සනත්, දාරයේ ස්ටීව් ජොබ්ස් යෙදූ අළු පැහැති ලොකු තිතත් තියෙනවා. මේ ඒ සියල්ල සමග එය වෙන්දේසියට සූදානම් කර තිබෙන අයුරු.

 
ඇපල් පරිගණකයේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් 2010 දී ඇපල් සමාගමේ අයිපෑඞ් (iPad) දොරට වැඩි අවස්ථාව එය ලොවට හඳුන්වා දුන් අන්දම. පසුබිමෙහි ඇත්තේ මුල් යුගයේ ඇපල් පරිගණකයක් සමග.

ඒ තරම් ප‍්‍රාථමික පරිගණකයකින් තමයි, ඇපල් අධිරාජ්‍යය ගොඩනැඟුවේ. මැක්බුක්, අයිපොඞ්, අයිෆෝන්, අයිපෑඞ් ඇතුළු අති නවීන පරිගණක තාක්ෂණිය මෙවලම් අති මහත් රාශියක් බිහි වුණේ.

එදා බයිට් ස්ටෝර් මේ මුල්ම ඇපල් - 1 පරිගණකය විකුණන්න ප‍්‍රචාරක පාඨයක් පාවිච්චි කළා. ඒ ‘ටේක් අ බයිට් ෆ්‍රොම් ඇන් ඇපල්’ (Take a byte from an apple) යන්නයි. එහි එක් අරුතක් තමයි, ‘ඇපල් කටක් කන්න.’ කියන එක. අනික් අරුත නම්, ‘ඇපල් එකකින් බයිට් එකක් ගෙනි යන්න.’ කියන අදහසයි.

එයින් තමයි ඇපල් ආයතනයට ඔවුන්ගේ ලෝක ප‍්‍රසිද්ධ ලාංඡුනය සඳහා අදහස ඇවිත් තියෙන්නෙ.
 ‘එක කටක් කාපු ඇපල් ගෙඩියේ චිත‍්‍රය’!

මේ මුල් ම ඇපල් - 1 පරිගණකය වෙන්දේසියට යන්නේ නොවැම්බර් 16 වැනිදා ජර්මනියේ කොලෝන් නගරයේ ටීම් බ්‍රෙකර් වෙන්දේසි ආයතනයෙදියි.

 
ස්ටීව් ජොබ්ස් හා ස්ටීව් වොස්නියැක් දෙන්නා ඇපල් සමාගම හදලා මුලින් ම හදපු පරිගණක 50 අලෙවි කිරීමට දුන්නේ බයිට් ස්ටෝර් එකටයි. ඇපල් සමාගමේ ආරම්භක හවුල්කරු වූ වොස්නියැක් එහි මුල් මවු පුවරුව පෙන්වමින්.


 
ඇපල් - 1 පරිගණකයට වඩා හරිම වෙනස්, ඇපල් පවුලේ අලූත් ම සාමාජිකයා වන අද ඇති මේ අති නවීන සුපිරි අයිමැක්ස් (iMacs) පරිගණකය. එහි රැහැන් රහිත යතුරු පුවරුවක්, පුංචි ඉඟි පවා තේරුම් ගන්න පුළුවන් ‘මැජික් මූෂිකයකුත්’ තියෙනවා.



Post a Comment

2 Comments

  1. ලක්ෂණ පරිඝනක කට්ටලයකි..

    ReplyDelete
  2. මෙ ගැන සම්පුර්ණ විස්තරෙ තියෙනවා Jobs චිත්‍ර පටියෙ

    ReplyDelete