HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තවත් අවුරුදු 70වකින්, එනම් 2083 දී ලෝකය කොයි වගේ වේවිද? එංගලන්තෙන් එන හෙළිදරව්වක්!

එංගලන්තයේ කිරුළට තවත් උරුමක්කාරයකු පසුගියදා උපන් බව ඔබ දන්නවා. අනාගත රජකම හිමි රජ පවුලේ තුන්වැනි උරුමක්කාරයා වන ඒ රාජකීය බිළිඳා, හත් වන ජෝර්ජ් නමින් රජ විට, එනම් එක්සත් රාජධානියේ පමණක් නොව පොදුරාජ්‍ය මණ්ඩලයේ ද නායකයා වන විට, ඔහු ඉදිරියේ ඇති ලෝකය කොයි වගේ එකක් වේවිද?

පසුගිය සති කීපය තිස්සේ රාජකීය බබාගේ උපත නිසා එංගලන්තයේ වැඩි දෙනකුට 'උණක්' හැදිලා තිබුණා. වෙළඳ ආයතනවලට පවා ඒ 'උණ' වැළඳුණා. ඒ 'උණ' හැදිච්ච සමාගම් අතරින් ආයෝජන සමාගමක් හා තවත් අනාගතය දකින ආයතන කීපයක් ඒ ගැන විමසුම් කරල තියෙනවා. දැන් පවතින වාර්ෂික වර්ධන අනුපාතයන් හා ඓතිහාසික දත්තයන් යොදා ගෙනයි, මේ අනාවැකි විමසුම් කළේ. එරට අනාගත දියුණුව කොයි ආකාරයට සිදුවේවිද කියායි. මෙහිදී පරිගණක හා තාක්ෂණ දියුණුව හා උෂ්ණත්වයේ වැඩි වීම ආදී ප‍්‍රවණතා විශේෂයෙන් සැලකිල්ලට ගත්තා.

2083 ඉලක්ක කර ගෙනයි, මේ අනාවැකි පළ කරලා තියෙන්නේ. ඔවුන් ඉදිරිපත් කර ඇති කරුණු ලෝකයේ කොයි රටේ සිටියත් අපටත් අදාළ ඒවා නිසා ඔබත් කැමති වේවි ඒවා ගැන දැන ගන්න.

ඔවුන් කියන විදියට තව දශක කීපයකින් අප හැම කෙනකුම මිලියනපතියන් වී හමාරයි. අපට ප‍්‍රවාහන ක‍්‍රමයක් ලෙස ටෙලිපෝටේෂන් (teleportation) දැක ගන්න පුලූවන් වේවි. පාන් ගෙඩියක් පවුම් 20ක් විතර වේවි.

සුපර්මාර්කට් එකක කිරි පයින්ට් එකක් හා බිත්තර දුසිමක් පිළිවෙළින් පවුම් 321.21ක් හා පවුම් 66.03ක් මිල වේවි. සාමාන්‍යයෙන් නිවසක් මිල දී ගැනීමට පවුම් මිලියන 7ක් වැය කරන්න සිදුවේවි.

බීර පයින්ට් එකක් පවුම් 476.86ක් වේවි. මැක්ඩොනල්ඞ්ස්ලාගේ 'බිග් මැක්' හැම්බර්ගයක් පසුගිය දශකයේදී එකම මිලක් පැවතුනත් ඒ වන විට පවුම් 3.73ක් තෙක් වැඩි වේවි.

සාමාන්‍ය මට්ටමේ විවාහ උත්සවයක් සඳහා පවුම් 132,000ක් වැය වේවි. ළමයකුට වයස 18 පිරෙන තෙක් ඉගැන්වීමට පවුම් මිලියන 5.6ක් වැය කිරීමට දෙමාපියන්ට සිදුවේවි.

ඒ වගේ ම කේමිබි‍්‍රජ් කුමාරයාගේ කාලයේ එංගලන්තයේ ජනතාව ආයුස අතිනුත් වැඩිකාලයක් ජීවත් වේවි.

"අපේ බොහොමයක් ආයෝජකයන්ගේ දරුවන් ජෝර්ජ් රජුගේ කාලය වන විට වැඩිහිටියන් බවට පත් වෙන අය නිසා ඔවුන් අනාගතය දැන් සිටම සැලසුම් කරන්නට ඔවුන් කැමති වේවි. ඒ වගේ ම ඔවුන් කැමති වේවි දරුවන්ගෙ අනාගතයත්, මුදල් භාවිතා කරන ආකාරයත් කොයි ආකාරයට සිදු වේවිද කියා දැන් සිටම දැන ගන්න " යනුවෙන් ඒ සමීක්ෂණය කළ ආයතනයේ (DGCAssetManagement.com) ඬේවිඞ් ගානර් කියනවා.

"අපි මේ ගණනය කිරීම් සඳහා ඓතිහාසික දත්තවල පටන් වාර්ෂික වර්ධන අනුපාතයන් දක්වා දත්ත යොදා ගත්තා, ඉදිරි වසර 70 තුළ දැන් තත්වය කොයි ආකාරයට වෙනස් වේවිද කියා දැන ගන්න." ඔහු වැඩි දුරටත් කියනවා.

"අප හැමදෙනාම ඒ කාලෙ වෙන කොට උද්ධමනයට මුහුණදීමට හුරු වේවි. අද පවතින මිල ගණන් අනුව අපට එය හිතා ගන්න පුළුවන්."

 
2083 දී බීර පයිනට් එකක් පවුම් 476.86ක් වේවි. මැක්ඩොනල්ඞ්ස්ලාගේ ‘බිග් මැක්’ හැම්බර්ගයක් පසුගිය දශකයේදී එකම මිලක් පැවතුනත් ඒ වන විට පවුම් 3.73ක් තෙක් වැඩි වේවි.

"මේ ඉලක්කම් දුටුවාම මේක විය හැකි දෙයක් දැයි මවිත හිතනවා, ඒත් පසුගිය වසර 30ක් තිස්සේ සිදු වෙලා තියෙන මිල වැඩිවීම් දිහා බලන කොට මෙවැනි තත්වයක් ඇති වේවිය කියා පිිළිගන්න පුළුවන්." ඔහු අවසාන වශයෙන් කීවා.

තවත් මෙවැනිම ගණන් බැලීමක් කර අනාවැකි පළ කර තියෙනවා, ‘ෆියුචර් ටයිම්ලයින්’ (Future Timeline.net) වෙබ් අඩවිය මගින්. එහි පිවිස මේ තතු විස්තර සහිතව දැන ගන්න ඔබටත් පුළුවන්.

ඔවුන් කියන්නේ 2083 වසර වෙන කොට අති-බුද්ධිමත් පරිගණක බිහිවෙන බවයි. "පසුගිය වසර දහදාහක කාලයක් තිස්සේ මිනිස් මොළයෙන් කළ දෑ නැනෝ තත්පර දහයකටත් අඩු කාලයකදී කරන්න ඒ පරිගණකවලට පුළුවන්." ඔවුන් කියනවා.

ඔවුන් විට විශ්වාස කරන්නේ 2083 වන සාමාන්‍ය පුරවැසියකුට සිරුරේ අවයව සඳහා ජෛවතාක්ෂණික බද්ධ කිරීම් රාශියකට මුහුණ දීමට හැකි වේවි. වෛද්‍ය මෙවලම් රැසක් සිරුරේ තැන්පත් කර ගෙන වැඩි කාලයක් ජීවත් වීමට සාමාන්‍ය පුරවැසියකුට හැකි වේවි.


 
සුපර්මාර්කට් එකකදී පවුම් 321.21කට කිරි පයින්ට් එකක් ද පවුම් 66.03කට බිත්තර දුසිමක් ද මිලදී ගත හැකි වේවි. සාමාන්‍යයෙන් නිවසක් මිල දී ගැනීමට පවුම් මිලියන 7ක් වැය කරන්න සිදුවේවි.

 
ඔවුන්ගේ අනාවැකිවලට අනුව තව අවුරුදු 70කින් බි‍්‍රතාන්‍යයේ හැම කෙනකුම මිලියනපතියන් වෙනවා. ඒ වගේ ම ඔවුන්ට ටෙලිපෝටේෂන් (teleportation) ක‍්‍රමය යොදා ගෙන එක් තැනක සිට තවත් තැනකට යාමට හැකි වේවි.

මිනිසාට ඒ කාලයේ දී බද්ධ කෙරෙන කෘති‍්‍රම අවයව අකි‍්‍රය නොවන ඒවායි. බයොනික ඇස් හා කන් නිසා ඔහුට සුපර්මෑන් කෙනකුට වැනි හැකියාවක් ලබේවි. මොළයට සම්බන්ධ කළ හැකි නැනෝ තාක්ෂණික පරිගණක අතුරුමුණත් මගින් ඔහුට සුපිරි මොළයක් හා බුද්ධියක් ලැබේවි.

අනාගත දියුණුව ගැන අනාවැකි කියන විශේෂඥයන් කියන්නේ 2083 වන විට අප ලබන විද්‍යා දියුණුව අනුව ඇමෙරිකාවත් යුරෝපයත් යා කෙරෙන උමං මාර්ගයක් ඇති කෙරෙනවා. මොළයේ අර්බුදවලින් මියයන සංඛ්‍යාව සියයට සීයකින්ම අඩු කෙරෙනවා.

එසේ වුවත් 2080 දසකය බොහොමයක් සත්ව විශේෂවලට එතරම් ගුණදැයක එකක් වෙන්නේ නැහැ. කටුස්සන්, ධ්රුව වලසුන් ඇතුළු සතුන් ගණනාවක් ඒ කාලයේ සිදුවන දේශගුණික විපර්යාසයන් නිසා වඳවී යනවා. ඒ වගේ ලෝක කෘෂිකර්මාන්තයටත් හැනි සිදු වෙනවා, ‘දරුණු තාප තරංග’ ඇති වීම නිසා.

ලන්ඩන් හා පැරිස් වැනි නගරවල ගී‍්‍රෂ්ම ඍතුවේ ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවනවා. යුරෝපා මහාදවීපයේ දකුණුදිග ප‍්‍රදේශවලට මේ තත්වය වඩාත් දරුණු වේවි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවන්නට ඉඩ තියෙනවා. ඒ ප‍්‍රදේශවල ජනයා උෂ්ණත්වයෙන් මිරිකී මිය යන්නට ඉඩ තියෙනවා.

 
මිනිසාට ඒ කාලයේ බද්ධ කෙරෙන කෘති‍්‍රම අවයව කිසිදාක අකි‍්‍රය වන්නේ නැහැ. බයොනික ඇස් හා කන් සුපර්මෑන් කෙනකුට වැනි හැකියාවක් ලබා දේවි. මොළයට සම්බන්ධ කළ හැකි නැනෝ තාක්ෂණික පරිගණක අතුරුමුණත් මගින් ඔහුට සුපිරි මොළයක් හා බුද්ධියක් ලැබේවි.

අනාවැකි කියන විශේෂඥයන්ගේ අදහස ලෝකයේ බොහෝ කලාපවල ලැව් ගිනි ඇති වීමෙන් වනාන්තර විශාල වශයෙන් අහෝසි වී යන බවයි. එසේම දිගින් දිගටම ඇති වන නියඟයන් නිසා ලෝකයේ ගංගාවන් බොහොමයක් ම සිඳී යනවා.

ස්පාඤ්ඤය, ඉතාලිය හා බෝල්කන් රටවල් කාන්තාර බවට පත් වෙනවා. එවායේ දේශගුණය උතුරු අපි‍්‍රකාවේ දේශගුණයට සමාන වෙනවා.

ඒ අතින් එසේ වුවත් විද්‍යා දියුණුව අතින් දීප්තිමත් තත්වයක් උදා වෙනවා. ක්වොන්ටම් අතින් කෙරෙන පර්යේෂණවලට ලොකු රුකුලක් ලැබෙනවා, කෘති‍්‍රම බුද්ධිය හා පික්ටෝ තාක්ෂණ වේදය අතින් ලබන ප‍්‍රගතිය නිසා. ඒ අතින් ගමනාගමනයේ හා ප‍්‍රවාහන ක‍්‍රමයේ විශාල පෙරළියක් සිදු වෙනවා.

 
ලන්ඩන් හා පැරිස් වැනි නගරවල ගී‍්‍රෂ්ම ඍතුවේ ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවන්නට ඉඩ තියෙනවා. ඒ වගේම මිනිසා මේ දශකයේ දී බෘහස්පතී ග‍්‍රහයාට පා තබාවි.


අනාගතය ගැන කියන විශේෂඥයන්ගේ අදහස අනුව 2083 දී විශාල ප‍්‍රමාණයේ වස්තූන් ටෙලිප‍්‍රවාහන ක‍්‍රමය මගින් එක් තැනක සිට තවත් තැනකට යවන්න හැකි වෙනවා.

එංගලන්තයේ අනාගත අධිරාජයාට දැක ගන්න පුළුවන් වේවි, මුළු ලෝකයම එකම මුදල් වර්ගයක් භාවිතය ආරම්භ කරනවා. ඒ වගේ ම ඔහුගේ කාලයේ දී ගුරු ග‍්‍රහයාට පා තබනවාත් දැක ගත හැකි වේවි.

Post a Comment

6 Comments

  1. හිටියොත් බලමුකො :D

    ReplyDelete
  2. මීට කලින් මැරෙනවා නම් හොඳයි වගේ....

    ReplyDelete
  3. කිසි සේත් 2083 වෙනකම් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ මට..ඒ නිසා අකුරක් නෑර බැලුවා.. හොඳට පෝස්ට් එකක් ...

    ReplyDelete
  4. හපොයි හොඳ දේට වඩා තාක්ෂණයෙන් කරලා තියෙන්නේ නරකක් නෙවෙද? එච්චර කල් නම් ජීවත් වෙන් නැ. නමුත් අපෙන් පස්සේ උපදින අපේම දරු පරපුරට නේද මේවා විඳවන්න වෙන්නේ කියල හිතුනම කණගාටුවක් ඇතිවෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි විදිහට පරිසරය වෙනස් වෙනව නම් මොන තරම් පහසුකම් හා තාක්ෂණය දියිනු වුනත් මොකටද?

    ReplyDelete
  5. 2083 weddi teleportation crame hoyaganne naa ekata thawa godak kal yanawa !

    ReplyDelete
  6. "ඒ වගේම මිනිසා මේ දශකයේ දී බෘහස්පතී ග‍්‍රහයාට පා තබාවි." I guess, this could not possible because it is a "Gas Giant". So that there is no surface to land.

    ReplyDelete