HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලබන අවුරුද්දේ ඉඳන් ඔබටත් උඩුගුවනට ගියෑකි. සංචාරක ගුවන් ගමන් 2014 දී !

අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයකට දැන් පාර කැපිලා! 2014 දී උඩුගුවනට මගීන් ගෙන යන්න ගුවන් යානා සමාගමක් සැරසෙනවා.

වර්ජින් ගැලක්ටික් (Virgin Galactic) නම් මේ සමාගම පසුගියදා දෙවැනි පරීක්ෂණ ගමනත් ගියා. ශබ්දයේ වේගය ඉක්මවමින් මෙතෙක් කිසිදාක නොගිය උසකට යන්න ඔවුන්ගේ යානය සමත් වුණා.

මගීන් රැගෙන යා හැකි මේ පියාපත් සහිත විශේෂ ගුවන් යානය ගිය තරම් උසකට කිසිම මගී ගුවන් යානයක් ගොස් නැහැ. ආපසු පොළොවේ වායුගෝලයට ඇතුළු වෙද්දී ආරක්ෂාව සඳහා යොදා ගැනෙන බැඩ්මින්ටන් ෂටලයේ පිහාටු ක‍්‍රමයට සමාන වේගය බාල කරන ක‍්‍රමවේදයක් පළමු වරට මෙහිදී භාවිත කෙරුණා.

‘වයිට්නයිට් 2’ (WhiteKnightTwo) නම් ජෙට් බලයෙන් කි‍්‍රයා කරන යෝධ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයක් මගින් තමයි, මේ ‘එස්එස් 2’ නමින් හැඳින්වෙන අභ්‍යවකාශ යානය අඩි 46,000ක් ඉහළ අහසට ගෙන ගියේ. ඇමරිකාවේ මොහාවි (Mojave desert) කාන්තාරයට ඉහළ අහසේ දී අභ්‍යවකාශ යානයේ නියමුවන් ‘එස්එස් 2’ යානය පණ ගන්වා තවත් ඉහළට, එනම් පොළොව මතුපිට සිට අඩි 69,000ක් ඉහළට, රැගෙන ගියා.

 
මගීන් රැගෙන යා හැකි වර්ජින් ගැලැක්ටික් නම් මේ පියාපත් සහිත විශේෂ ගුවන් යානය ගිය තරම් උසකට කිසිම මගී ගුවන් යානයක් ගොස් නැහැ.

 
නියමුවන් එස්එස් 2 යානයේ රොකට් එන්ජින් තත්පර 20ක් දල්වා එය මැක් 1.43ක වේගයකට නංවා ගත්තා. මේ ඡායාරූපය ගෙන ඇත්තේ යානය පසුපස කවුළුවකින්.

නියමුවන් ඒ යානයේ රොකට් එන්ජින් දැල් වූයේ තත්පර 20ක් පමණයි. එය මැක් 1.43ක වේගයක් ලබා ගත්තා. වේග පරීක්ෂණය සාර්ථකයි. විද්‍යාඥයන් වැඩි උනන්දුවක් දැක්වුවේ පෘථිවි වායුගෝලයට යළි ඇතුළු වන විට යානයට මුහුණ පාන්නට වන තත්වය ගැනයි.

ආපසු පොළොවේ වායුගෝලයට ඇතුළු වෙද්දී ආරක්ෂාව සඳහා යොදා ගැනෙන බැඩ්මින්ටන් ෂටලයේ පිහාටු ක‍්‍රමයට සමාන වේගය බාල කරන ක‍්‍රමවේදයක් පළමු වරට මෙහිදී භාවිත කෙරුණා. යෝධ ෂටල්කොක් එකක් වගේ අභ්‍යවකාශ යානයේ වේගය බාල කරන්න ඒ ක‍්‍රමය සමත් වුණා.


 
ජෙට් බලයෙන් කි‍්‍රයා කරන ‘වයිට්නයිට් 2’ (WhiteKnightTwo) නම් යෝධ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානය මගින් ‘එස්එළස් 2’ නම් වූ අභ්‍යවකාශ යානය අඩි 46,000ක් ඉහළ අහසට ගෙන ගොස් මුදා හරින්නට පෙර හා පසුව. මුදා හළ පසු එස්එස් 2 නියමුවන් එහි රොකට් දල්වා උඩුගුවනේ තවත් ඉහළට ගෙන ගිය අයුරු.එස්එස් 2 යානය - අභ්‍යවකාශ සංචාරක ව්‍යාපරය අරඹන අයුරු.

වර්ජින් ගැලක්ටික් සංචාරකයන් සඳහා ළඟදීම අර්ධ කක්ෂීය උඩුගුවන් ගමන් අරඹන්නට බලාපොරොත්තු වෙනවා. අනාගතයේ දී පෘථිවියෙන් තවත් ඈතට මගීන් ගෙන යාමට ඔවුන්ට හැකි වේවි.

ඔවුන්ගේ එස්එස් 2 අභ්‍යවකාශ යානය වෙනත් විශාල ජෙට් ගුවන් යානයකින් ඉහළ අහසට ගෙන ගොස් එයින් මිදී වැඩි වේගයක් ගෙන උඩුගුවනට යන්නයි ඔවුන්ගේ සැලැසුම.

වර්ජින් ගැලැක්ටික් සමාරම්භක සර් රිචඩ් බ‍්‍රැන්සන් මේ රොකට් අහස් යානය උත්සවාකාරයෙන් නිරාවරණය කළා 2009 දෙසැම්බර් 7 වැනිදා. එයින් 18 මාසයකට පසු තෝරා ගත් පිරිසක් කැටුව කෙටි ගමනක් ගියා ඉහළ අහසට අත්හදා බැලීමක් වශයෙන්.

මේ එස්එස් 2 යානය දිගින් මීටර් 18ක්. නියමුවන් දෙදෙනකුට හා මගීන් හය දෙනකුට එහි යා හැකියි. එක් ප‍්‍රවේශ පත‍්‍රයක් විකුණුවේ ඩොලර් 250,000කටයි. මේ වසරේ ජූනි මාසය වෙන කොට 600ක් දෙනා ප‍්‍රවේශ පත‍්‍ර මිල දී ගෙන තිබුණා.

මහා විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස්, ටොම් හෑන්ක්ස්, බ්රැඩ් පිට්, ඇන්ජලීනා ජොලී හා කැතී පෙරී වැනි කීර්තිමත් චරිත රැසක් ඒ අතර ඉන්නවා.

පැය දෙකක කාලයක් පුරා සිදු වන මේ සංචාරයේ දී මිනිත්තු හයක් ශූන්‍ය ගුරුත්වය අත් විඳින්නත් ඔවුන් අවස්ථාව සැලැසෙනවා.

සර් රිචඩ් බ‍්‍රැන්සන් එහි ක‍්‍රියාකාරිත්වය ගැන කියන්නේ මෙහෙමයි: "මෙහි පියාපත් හා වල්ගා කොටස් උඩු අතට භ‍්‍රමණය වෙනවා හරියට බැඩ්මින්ටන් ෂටල් කොක් එකක් වගේ. ඒ මගින් ආපසු ගමනේදී යානයේ ගමන් වේගය ක‍්‍රමයෙන් අඩාල කෙරෙනවා."

පියසැරිය සිදු කෙරුණේ මෝහාවි කාන්තාරයට ඉහළ අහසේදියි. උඩුගුවන් යානයේ නියමුවන් වූයේ මාක් ස්ටකි හා ක්ලින්ට් නිකල්ස් යන දෙදෙනායි.

මේ උඩුගුවන් ගමන ගැන සඳහන් කරමින් වර්ජින් ගැලක්ටික් ආයතනයේ මාධ්‍ය ප‍්‍රකාශකයා කීවේ, 'උඩුගුවන් යානය අඩි 360,000ක් ඉහළ නගින්නේ පැයට සැතැපුම් 2,500ක වේගයකින් බවයි. සාමාන්‍ය මගී ගුවන් යානයක් අඩි 36,000ක උසට නගින්නේ පැයට සැතැපුම් 600ක වේගයෙන්.' ඔබට මේ ගමනේ ප‍්‍රබලත්වය එයින් වටහා ගත හැකියි.

"මේ නව ආරක්ෂක ක‍්‍රමය එක ගමනකින්ම දැක ගන්න හැකි වීම ලොකු සතුටක්. නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේ දී යොදා ගන්නා නව ක‍්‍රමය ආරක්ෂා සහිත බව අපට මෙවර ප‍්‍රත්‍යක්ෂ වුණා." සර් රිචඞ් කියනවා.

මේ ආයතනය බලාපොරොත්තු වෙනවා මගී ගමන් අරඹන්න වසර 2014දි.

 
අභ්‍යවකාශ යානයේ නියමුවන් එස්එස් 2 යානයේ රොකට් යන්ත‍්‍ර දල්වා තත්පර ගණනක් තුළ අඩි 60,000ක් ඉහළට ගෙන ගිය අවස්ථාව. හිරු සහ පෘථිවියේ වක‍්‍රතාව මෙහිදී ඔබට දැක ගත හැකියි.

 
සර් රිචඩ් කියන්නේ, ‘මේ නව ආරක්ෂක ක‍්‍රමය එක ගමනකින්ම දැක ගන්න හැකි වීම ලොකු සතුටක්. නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේ දී යොදා ගන්නා නව ක‍්‍රමය ආරක්ෂා සහිත බව අපට මෙවර ප‍්‍රත්‍යක්ෂ වුණ’ බවයි.

 
යානයේ පසුපස කොටස බැඩ්මින්ටන් ෂටලයක් කැරකි කැරකී යන ආකාරයට කරකැවෙමින් පොළොවේ ආකර්ෂණයත් සමග කරන ඇදීම අඩාල කර අවම ගැටීමකින් වායුගෝලයේ ඝනත්වය වැඩි කොටසට ඇතුළු වන විට ගිනි ගැනීමක් පවා සිදු වන්නේ නැහැ.




Post a Comment

2 Comments

  1. හොද ලිපියක්. අපටත් යන්න තිබ්බා සුසීමා එකේ ජැක්සන් ඇන්තනී වගේ කුඩු බිව්වනම්.. නැත්තං ඉතිං 2500න් මාසයක් කන අපිට මොන අභ්‍යාවකාශද?

    ReplyDelete
  2. සිරාවට කාලෙකිං ට්‍රිපක් ගියෙත් නෑ :D

    ReplyDelete