HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පුංචි ගෙයක් - සිනමාහලක් - කලාකරුවකුගේ විස්මිත නිර්මාණයක්!

නරඹන්නන් 100කට එකවර හිඳ චිත‍්‍රපට නැරඹිය හැකි, පුංචි නිවසක් ලෙසට හැකිළිය හැකි විස්මිත නිර්මාණයක් ඇමරිකාවේ ඇලබාමා ප‍්‍රාන්තයේ ඇති පුංචි නගරයක් වූ යෝක්හී නිවැසියන්ට, එහි වෙසෙන අපූරු කලාකරුවකු විසින් උරුම කර දී තියෙනවා.

මෙම නිවස නම් කර තියෙන්නේ, ඕපන් හවුස්’ (Open House) හෙවත් ‘විවෘත නිවස’ කියලයි. මෙය ඕනෑම මොහොතක එළිමහන් රඟහලක් බවට පත් කොට නාට්‍යයක් හෝ චිත‍්‍රපටයක් හෝ නරඹන්න යොදා ගන්න පුළුවන්.

මේ අපූර්ව නිර්මාණය බිහි කළේ ඒ පුංචි නගරයේ ඇති කෝල්මන් කලා මධ්‍යස්ථානය වෙනුවෙන් මැතිව් මසොටා (Matthew Mazzotta) නම් විශිෂ්ට කලාකරුවා විසින්. එහි වැසියන් ස්වේච්ඡාවෙන් මේ කටයුත්තට ඔහුට දායක වුණා.

 
විස්මිත ඕපන් හවුස් නිර්මාණය බිහි කරන්නට යොදා ගත්තේ මේ අත්හැර දැමූ නිවසෙන් ලබා ගත් ගොඩනැගිලි ද්‍රව්‍යවලින්.

”අපි ව්‍යාපෘතියක් පටන් ගත්තා. මේක කරන්න. හැමෝම එකතු වෙලා විවෘත සංවාද මගින් බොහෝ වෙහෙස වී සැලසුම් කළා මේ කටයුත්ත. මේ සඳහා යොදා ගත්තෙ අත්හැර දැමූ නිවසක්. එහි ගත හැකි හැම දෙයක්ම ගලවා ඉවත් කළා. සුන්බුන් ඉවත් කරලා ඒ පරණ නිවස තිබුණු තැනමයි මේ අලූත් නිවාසය ඉදි කළේ.” මසෝටා කියනවා.

”කොහොම වුනත් මේ අලූත් නිවසෙහි රහසක් තියෙනවා, මේ නගරයේ තියෙන අනික් නිවාසවල නැති. ඒ තමයි මෙය පැය එකහමාරක් ඇතුළත ගලවා වෙනස් කර නරඹන්නන් 100 දෙනකුට අසුන් ගත හැකි එළිමහන් රඟහලක් බවට පත් කරන්න පුළුවන්.”

 
මේ පුංචි නිවස මිනිත්තු 90ක් ඇතුළත ගලවා ආසන 100ක් සහිත එළිමහන් රඟහලක් බවට පත් කළ හැකියි.

 
මේ සුවිශේෂ නිවසෙහි දැනටමත් පදිංචිකරුවන් ඉන්නවා. ඔවුන් තමයි, අත්හැර දැමූ නිවසේ දැව යොදා ගෙන මේක නිර්මාණය කරන්න මැසෝටාට වැඩිපුරම උදවු වුණේ.


මේ නිවසෙහි ඉදිකිරීම් කරන්න මාස හතක් ගත වුණා. දැන් මිනිත්තු 90ක් ඇතුළත මෙය රඟහලක් ලෙෂ වෙනස් කළ හැකියි.

පුංචි යෝක් නගර වැසියන් පිරිසක් මේ කටයුත්තට හවුල් වුණා. ඔවුන් මේ නිවසේ නැවත ප‍්‍රයෝජනයට ගත හැකි දැව කොටස් ගලවා ඉවත් කළා. ඉන්පසු බිම සමතලා කොට සුන්බුන් ගිනි තබා විනාශ කළා. මේ නව සැලැස්මට අනුව නිවස ඉදි කළේ එයින් පසුවයි.

 
මෙහි සලැසුම්කරු මැතිව් මැසොටා කියන විදියට මෙය කොටස් පහකට ගලවා රඟහලක් ලෙස නැවත සකස් කළ හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ තුන් දෙනකුගේ සේවය විතරයි.

 
නිවස එළිමහන් රඟහලක් බවට පත් කර සංගීත සංදර්ශනයක් පවත්වන අයුරු.

එහි වීඩියෝව පහතින් නරඹන්න.



Post a Comment

0 Comments