HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අනාගතයේ දී ඔබ කියන කරන දේ පරිගණකයෙන් කිව හැකි වැඩසටහනක් එනවා!

අනාගතයේ ඔබ කොතැනකට යනවාද ඉන්නේ කොහේද කියා අනාවැකි කිව හැකි මෘදුකාංග වැඩසටහනක් දැන් සකස් කරමින් තියනවා.

තවත් වසර පහකින් මේ වේලාවට ඔබ සිටින්නේ කොතැනද කරන්නේ කුමක්ද කියා ඇසුවොත් ඔබට වුනත් ඒකට උත්තරයක් අද දෙන්න බැරි වේවි. ඒත් නව තාක්ෂණයට පින්සිදුවන්නට ඒකට හරි උත්තරයක් දෙන්න දැන් ඔබට හැකියාව තියෙනවා.

මයික්‍රොසොෆ්ට් හා ගූගල් පර්යේෂකයන්ට දැන් පුළුවන් ඉදිරි වසරක දී දෙන ඕනෑම වේලාවක පුද්ගලයකු ඉන්නේ කොහේද කියා කියන්න ඔවුන් විසින් සකසා ඇති නවතම පරිගණක මෘදුකාංගයක් මගින්. මේ මෘදුකාංගය නම් කර ඇත්තේ ‘ෆා අවුට්’ (Far Out) කියායි. එම පරිගණක ක‍්‍රමලේඛය මගින් ජීපීඑස් (GPS) චන්ද්‍රිකා තාක්ෂණය යොදාගත් මග පෙන්වන උපකරණයක් භාවිත කරන අයකුගේ මිහිමත කරන සියලූ දෛනික කටයුතු නිරීක්ෂණය කර එක්රැස් ගනු ලබනවා.

ඊළඟට ඒ ක‍්‍රමලේඛයටම පුළුවන්, ඒ තොරතුරු විමසා බලා අනාගතයේ දී ඒ අය කරන දේ ගැන අනාවැකි කියන්න.

 
‘ෆා අවුට්’ පරිගණක මෘදුකාංගයේ සිතියමක්. මයික්‍රොසොෆ්ට් හා ගූගල් ආයතනවල පරීක්ෂකයන්ට මේ නව ක‍්‍රමය යොදා ගෙන ඉදිරි වසරවල ඕනෑම පුද්ගලයකු යන එන තැන් කල් තියා කියන්න පුළුවන් වේවි. මේ සඳහා ඔවුන් භාවිත කර ඇත්තේ ජීපීඑස් තාක්ෂණයයි.

ආදම් සැඩිලෙක් (Adam Sadilek) හා ජෝන් කෘම් (John Krumm) යන දෙදෙනා තමයි, වැඩසටහනට නායකත්වය දුන්නේ. පුද්ගලයන්ගේ ගමන් බිමන් විමසා බලා අනාගතයේ ඔහු යන එන තැන් ගැන අනාවැකි කියන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා මෙම ක‍්‍රමයෙන්. මෙය හැඳින්වෙන්නේ ‘ෆා අවුට්: දීර්ඝකාලීනව මානව චලනයන් පිළිබඳව අනාවැකි කීම’ කියායි.

ඔවුන් සියැටල්හී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 703 දෙනකුට පැලඳ ගැනීම සඳහා ජීපීඑස් මෙවලමක් (GPS device) ලබා දුන්නා. එය සකි‍්‍රයව තබා ගෙන ඔවුන් යන යන හැම තැනක ම, එනම් වැඩට යද්දී, සාප්පු යද්දී, යාළු මිත‍්‍රයන් සමග යද්දී ගෙනියන ලෙස ඉල්ලීමක් කළා.

ඊළඟට පර්යේෂකයන් කළේ ඒ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 703 දෙන දිනපතා යන එන බස් රථවල, කාර්වල, වෙනත් ප‍්‍රවාහන මාධ්‍යවල ජීපීඑස් ඒකක සවි කිරීමයි.

ඔවුන්ගේ පරීක්ෂණ කාලය තුළ ඒ ජීපීඑස් ඒකක මගින් සැඩිලෙක් හා කෘම් යන දෙදෙනා සමත් වුණා, ඒ ස්වේච්ඡා පිරිස කරන කියන දේ හා යන එන ස්ථාන මිලියන 150ක් සමග දින 32,000ක් වටිනා දත්ත එක් රැස් කර ගන්නට.

මේ දත්ත ‘ෆා අවුට්’ පරිගණක මෘදුකාංග ක‍්‍රමලේඛයට ඇතුළත් කරනවා. සෑම පුද්ගලයකු පිළිබඳව ‘දීර්ඝ කාලීන මානව සංචරණය’ යටතේ අනාවැකි කියන්න එයට හැකි වන්නේ එවිටයි.

‘ෆා අවුට්’ පරිගණක මෘදුකාංගයට පුළුවන් ස්වයංකී‍්‍රයව අවශ්‍ය අනාවැකි කියන්න. ඒ අතර යම් පුද්ගලයකු තමන්ගේ සාමාන්‍ය කි‍්‍රයාවලියෙන් බාහිරව වෙනස් මඟක් ගත්තොත් ඒ බවත් කියන්න පුළුවන්. ඒ අනුව තමන්ගේ ක‍්‍රමලේඛය සකසා ගන්නත් එයට පුළුවන්.

‘නිදසුනක් වශයෙන් මේ ක‍්‍රම ලේඛයට පෙනී යනවා, සතියෙන් සතියට, අඟහරුවාදා හා බ‍්‍රහස්පතින්දා යන දෙදින එකම ආකාරයට ගෙවී යන බව. එවිට අපි ඒ ගැන අනාගතයේ දී සිදු වන්නේ කෙසේදැයි කියා ඇසුවොත් ක‍්‍රම ලේඛය එය අනාවැකියක් ලෙස ඒ දින දෙකෙහි කි‍්‍රයාකාරම් නිවැරදිව දක්වන්න සමත් වෙනවා.’ පර්යේෂකයන් ඒ ගැන විස්තර කරනවා.

‘ඊළඟට යම් කිසිවකු ලොකු වෙනසක් කළොත්, නගරයෙන් වෙනත් නගරයකට ගියොත් මේ පද්ධතිය එහි වෙනස තේරුම් ගෙන නියම දත්ත ඒ අලූත් තත්වය අනුව නව රටාවකට ගළපන්න එයට පුළුවන්.’ ඔවුන් වැඩිදුරටත් කියනවා.

සැඩිලෙක් හා කෘම් යන දෙදෙනා එම පර්යේෂණ ලේඛනයෙන් කියන්නේ මිනිසුන්ගේ චර්යාවන් හා සංචරණයන් ඉදිරියට කිසියම් කාලයකට එකාකාරවම සිදු වන බවයි.

 
පර්යේෂකයන් සියැටල්හී ස්වේච්ඡා පිරිසකට ජීපීඑස් මෙවලමක් (GPS device) දී එය ඔවුන් යන යන හැම තැනක ම ගෙනයන ලෙස ඉල්ලීමක් කළා. පරීක්ෂණ කාලය තුළ ඒ ජීපීඑස් ඒකක මගින් සැඩිලෙක් හා කෘම් යන දෙදෙනා සමත් වුණා, ඒ ස්වේච්ඡා පිරිසට අදාළ ස්ථාන මිලියන 150ක් සමග දින 32,000ක් වටිනා දත්ත එක් රැස් කර ගන්නට.

 
‘ෆා අවුට්’ (Far Out) පද්ධතියට ජීපීඑස් දත්ත කැවූ පසු එම වැඩසටහනට පුද්ගලයකුගේ දෛනික කටයුතු ගැන අවබෝධයක් ලැබෙනවා. ඉන්පසු ‘ෆා අවුට්’ පද්ධතියට පුළුවන් ඒ පුද්ගලයා ඉන්නා තැන් අක්ෂාංශක (Lat) හා දේශාංශක (Lon) වශයෙන් දක්වා කියන්නට.

මේ පර්යේෂණය පිළිබඳ ඒ පර්යේෂක කණ්ඩායම ඉදිරිපත් කර ඇති ලිඛිත වාර්තාවට අනුව, මෙහිදී වැඩිමනත් අනාවැකි කියන්න කටයුතු සලසා ඇත්තේ ඉතා ආසන්න ඉදිරි කාලයකටයි. මුලදී ඉදිරි පැයේ දී සිදු වන දේට අවධානය යොමු කරනවා. නමුත් මෙය අනාගතයේදී ඉදිරි මාස අවුරුදුවලට වැඩි දියුණු කරන්න අපේක්ෂා කරන බව සඳහන් වෙනවා.

යම් අයකු මිල දී ගන්නා දේ, යම් අයකුගේ විවිධ පුරුදු, වෙනස් වෙනස් චර්යාවන් දැන ගැනීම, එවැනි අය කොහේ, කෙතෙක් සිටීදැයි දැන ගැනීම දැන්වීම්කරුවන්ට හා වෙලඳ භාණ්ඩ අලෙවිකරුවන්ට ඉතා ප‍්‍රයෝජනවත් වේවි. ඒ නිසා ‘ෆා අවුට්’ වැඩසටහන ඔවුනට ඉතා ප‍්‍රයෝජනවත් වේවි. සමාජ කටයුතුවල දීත් මෙම වැඩසටහනෙන් විශාල සහයක් සැලැසේවි.

අනාගතයේ ජනගහනයේ වෙනස්කම්, නගරයෙන් නගරයට අඩු වැඩි වීම් හඳුනා ගන්නත් සංක‍්‍රාමික රෝගයක ව්‍යාප්තිය හා ප‍්‍රවාහන ගැටලූ තේරුම් ගන්නත්, ඒ වගේම බ්‍රෝඞ්බෑන්ඞ්වලට ඇති ඉල්ලූම මැන ගැනීමටත් මේ නව පරිගණක මෘදුකාංගය මගින් ඉඩ සැලසේවි.


Post a Comment

0 Comments