Skip to main content

Posts

Showing posts from August, 2013

නව ලෝකයේ පැරණි ලෝක ගෝලයක් හමුවේ! තනා ඇත්තේ පැස්බර බිත්තරයකින්.

පැස්බර බිත්තරයක කොටා තනා ඇති මේ ලෝක ගෝලය සිතියම් විශේෂඥයන්ගේ අවධානයට දැන් ලක්වී තියෙනවා. මෙහි අකුරු ලියා ඇත්තේ ලතින් බසින්. 15 වැනි සියවසේ මුල හරියේ ලෝකය පැවති ආකාරය මෙහි ඇති සිතියම්වලින් පිළිබිඹු වෙනවා. එහෙත් මෙහි ආරම්භය තවමත් අබිරහසක්.

මෙහි රටවල් ලකුණු කර ඇත්තේ කි‍්‍රස්ටෝපර් කොලම්බස් වැනි දේශගවේෂකයන් නව ලෝකය සොයා ගිය ගමන්වලදී ලබා ගත් තොරතුරු අනුව බව මේ සිතියම් නිරීක්ෂණය කිරීමේ දී පෙනී ගොස් තියෙනවා.

මෙය පරීක්ෂා කළ සිතියම් ලේඛන විශේෂඥයකු කීවේ මෙය ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර තැනූ එකක් යැයි සිතිය හැකි බවයි. ඉතා සියුම් ලෙස කපා ඇති කැටයම්වලට අනුව මෙය ලියනාඩෝ ඩා වින්චි වැඩපොළ එකක් විය හැකි යැයි ඔවුන් අනුමාන කරනවා.

පැස්බර බිත්තරයක කොටා ඇති මේ ලෝක ගෝලය මෙතෙක් හමු වී ඇති පැරණිම එක ලෙසයි සැලකෙන්නේ.

පුංචි ගෙයක් - සිනමාහලක් - කලාකරුවකුගේ විස්මිත නිර්මාණයක්!

නරඹන්නන් 100කට එකවර හිඳ චිත‍්‍රපට නැරඹිය හැකි, පුංචි නිවසක් ලෙසට හැකිළිය හැකි විස්මිත නිර්මාණයක් ඇමරිකාවේ ඇලබාමා ප‍්‍රාන්තයේ ඇති පුංචි නගරයක් වූ යෝක්හී නිවැසියන්ට, එහි වෙසෙන අපූරු කලාකරුවකු විසින් උරුම කර දී තියෙනවා.

මෙම නිවස නම් කර තියෙන්නේ, ඕපන් හවුස්’ (Open House) හෙවත් ‘විවෘත නිවස’ කියලයි. මෙය ඕනෑම මොහොතක එළිමහන් රඟහලක් බවට පත් කොට නාට්‍යයක් හෝ චිත‍්‍රපටයක් හෝ නරඹන්න යොදා ගන්න පුළුවන්.

මේ අපූර්ව නිර්මාණය බිහි කළේ ඒ පුංචි නගරයේ ඇති කෝල්මන් කලා මධ්‍යස්ථානය වෙනුවෙන් මැතිව් මසොටා (Matthew Mazzotta) නම් විශිෂ්ට කලාකරුවා විසින්. එහි වැසියන් ස්වේච්ඡාවෙන් මේ කටයුත්තට ඔහුට දායක වුණා.

විස්මිත ඕපන් හවුස් නිර්මාණය බිහි කරන්නට යොදා ගත්තේ මේ අත්හැර දැමූ නිවසෙන් ලබා ගත් ගොඩනැගිලි ද්‍රව්‍යවලින්.

ඕස්ටේ‍්‍රලියාව මුලින්ම ආවේ කපිතාන් කුක්ද? වසර 900ක් පැරණි අපි‍්‍රකානු කාසි කියන අබිරහස කුමක්ද?

ඕස්ටේ‍්‍රලියාවට මුලින් පැමිණි විදේශිකයා කවුරුන්දැයි සොයන්න පර්යේෂණයක් මේ දිනවල සිදු වෙනවා. මේ සඳහා නායකත්වය ගෙන ඇත්තේ ඇමෙරිකාවේ සේවය කරන ඕස්ටේ‍්‍රලියානු ජාතික මහාචාර්යවරයෙක්.

මේ පර්යේෂණයට පාදක වී ඇත්තේ ඔහුට ලැබී ඇති වසර 900ක් පැරණි අපි‍්‍රකානු කාසි වගයක්. ඒවා කවුරුන් ඕස්ටේ‍්‍රලියාවට ගෙනාවා ද යන්න සොයන්නයි දැන් ඔහු වෙහෙසන්නේ. ඒ සඳහා ඔහු උදවු කර ගන්න යනවා ඕස්ටේ‍්‍රලියානු ආදි වාසීන් වන අබොරිජිනල්වරුන්ගේ ලෙන් චිත‍්‍රවල ඇතුළත් නාවුක යාත‍්‍රාවල රූප සටහනක්.

කි‍්‍රස්තු වර්ෂ 11 වන සියවසට අයත් යැයි සැලකෙන මේ කිල්වා කාසි හමුවෙලා තියෙන්නේ 1944 දී ඕස්ටේ‍්‍රලියාවේ උතුරු ප‍්‍රාන්තයේ වෙරළෙන් ඔබ්බෙහි පිහිටි වෙසල්ස් දූපත්වලින්. මේ නිසා අවුරුදු ගණනාවක් තිස්සේ මතබේද ඇති වී තිබුණා ඕස්ටේ‍්‍රලියාවේ වෙරළට ආ පැරණිම සේලරුවන් කවුරුන්ද යන්න පිළිබඳව.

මේ අපූරු ගවේෂණ කටයුත්තට අත ගසා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියානා විශ්ව විද්‍යාලයේ හා පර්ඩුවේ විශ්ව විද්‍යාලයේ මානවවිද්‍යාඥ ඕස්ටේ‍්‍රලියානු ජාතික ඉයන් මැකින්ටොෂ් මහාචාර්යවරයායි. ඔහු කියන විදියට ඒ දූපත්වල ඇති ලෙන් චිත‍්‍රවලින් ඔහු සොයා ගෙන තියනවා යුරෝපීය න…

වසර 100කට පසු නැවත උපත් සතෙක්! 21 සියවසේ කළ විස්මිත සොයා ගැනීමක්!

සත්වලෝකයේ ඉතා දුලබ ගණයේ විස්මිත සොයා ගැනීමක් කරල තියෙනවා. ඇමරිකාවේ ස්මිත්සෝනියන් ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් තමයි, මේකට මුල්වෙලා තියෙන්නෙ. වසර 100ක් තිස්සේ මුළු ලෝකයම වැරදි ලෙස හඳුනාගෙන තිබූ සතකුගේ අනන්‍යතාව නිවැරදි කරන්න ඔවුන් සමත් වෙලා තියෙනවා.

වසර 100ක් තිස්සේ ලොව පුරා කෞතුකාගාරවල මේ සතා වැරදි විදියට ශාක භක්ෂකයකු ලෙසටයි, නම් කර තිබුණේ. 2013 අගෝස්තු 15 වැනිදා තමයි, අලූත් නමකින් අලූත් සතකු ලෙස නම් කරනු ලැබුවේ. ඒ නිසා මේ සතා වසර 100කට පසු නැවත උපන්නා යැයි කියන්න පුළුවන්. මෙය 21 වැනි සියවසේ කළ අපූරු සොයා ගැනීමක් ලෙයසි හැඳින්වෙන්නේ.

කොලොම්බියාව් ඝන වනාන්තරවල අතුපතර හුදකලාව ජීවත්වන මේ සත්වයා පෙනුමෙන් බළලකුට හා ‘ටෙඞී බෙයා’ සතකුට සමානයි. මෙසේ බටහිර අර්ධගෝලයේ රටකින් මාංශභක්ෂක සතකු සොයා ගනු ලැබුවේ වසර 35කට පසුවයි.

ඕලින්ගීටෝ (olinguito) කියන්නෙ ස්පාඤ්ඤ භාෂාවෙන් ‘පුංචි ඕලින්ගෝ’ යන්නයි. ක්ෂීරපායී සතකු වූ ඌ සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ බැසරිකියොන් නෙබ්ලිනා (Bassaricyon neblina) කියායි. බැසරිකියොන් ගණයට හා ප්‍රොකියෝනිඬේ (Procyonidae) කුලයට, ඒ කියන්නේ රැකූන් පවුලට අයත් සතෙක්. ප‍්‍රථම වරට සොයා…

භාෂාවක් කතාකරන්න තවදුරටත් ඉගෙන ගන්න වෙහෙසන්න ඕනෑ නෑ. මේ ගූගල් මෙවලමෙන් ඔබට ඒක එසැණෙන් කළ හැකියි!

ගූගල් දැන් අලූත් ම පරිවර්තක මෙවලමක් නිපදවා ගෙන යනවා. උසස් තාක්ෂණයෙන් යුත් මේ මෙවලම ‘ස්ටාර් ටෙ‍්‍රක්’ විද්‍යා ප‍්‍රබන්ධ කතා මාලාවේ ආ පරිවර්තකය වගේ එකක්. එයට හැකියාව තියෙනවා, ඔබ කතා කරන වචන ඒ මොහොතේ ම වෙනත් භාෂාවකට නඟා කට හඬින් ම පවසන්න.

ගූගල් ආයතනයේ අන්ඩ්‍රොයිඞ් අංශයේ උපසභාපති වූ හියුගෝ බාරා පසුගිය දා ලන්ඩනයේ ටයිම්ස් පුවත්පතට කීවේ, ඔබේ හඬ වෙනත් භාෂාවක හඬට පෙරළිය හැකි මේ විස්මිත උපකරණය දනටමත් ගූගල් විසින් ලබා දී ඇති පරිවර්තකයේ ම දිගුවක් ලෙෂ වැඩි දියුණු කළ එකක් බවයි.

ගූගල් හඬ පරිවර්තකය ‘ස්ටාර් ටෙ‍්‍රක්’ විද්‍යා ප‍්‍රබන්ධ කතා මාලාවේ ආ මේ මෙවලමට සමානයි. මේ එහි කපිතන් කර්ක් (විලියම් ෂැට්නර්) හා බෝන්ස් (ඩිෆොරස්ට් කෙලී) කථා කරන පරිවර්තකය භාවිත කරන අයුරු.

වසර 1200ක් පැරණි මිසර නගරයක් මධ්‍යධරණී මුහුදෙන් මතු වෙයි!

හෙරක්ලියන් (Heracleion) නම් පුරාණ නගරය මුහුද විසින් ගිලගෙන තිබී පසුගියදා විද්‍යාඥයන් විසින් මතු කර ගෙන ඇති අතර එහි සැඟවී ඇති රහස් එකින් එක දැන් හෙළිදරවු වෙමින් තියෙනවා. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි‍්‍රයා නගරයේ සිට සැතැපුම් 20ක් ඈතින් මධ්‍යධරණී මුහුදෙන් මතු කර ගෙන ඇති පුරා වස්තු අතර ප‍්‍රතිමා 16ක්ද රන් කාසි හා යෝධ පුවරු ආදිය ඒවා අතර වෙනවා.

වසර සිය ගණනක් තිස්සේ ප‍්‍රවාදයක් පැවති මෙම නගරයට හෙරක්ලියන් යන නමට අමතරව තෝනිස් (Thonis) කියා ද කියනවා. ගිය දශකයේ මුල් හරියේදී තමයි, මේ පුරවස්තු මතු කර ගන්න පටන් ගත්තේ.

මෙහි දකුණේ පින්තූරයේ ඇති ඉපැරණි යෝධ ප‍්‍රතිමාව පාරා රජකුගේ. එය මධ්‍යධරණී මුහුදෙන් ගොඩ ගත් හෙරක්ලියන් නගරයේ නටබුන් අතර වූවක්. (වමේ) පින්තූරයේ ශිලා ලේඛන පුවරුව ඉදිරියේ ඉන්නේ මෙහි මුලිකත්වය ගත් ප‍්‍රංශ ජාතික සාගර පුරා විද්‍යාඥ ෆ්රෑන්ක් ගොඩියෝ (Franck Goddio) ඒ ලියැවිල්ල ගැන විස්තර කරමින්.

මින් පෙර කිසිදා නුදුටු අමුතු වයිරසයක් හමුවෙයි! එය අඟහරු ලොවින් ආවක්ද?

විද්‍යාඥයන් විසින් මෙතෙක් හඳුනා ගෙන නොතිබුණු ලොකුම වයිරසය දැන් සොයා ගෙන තියෙනවා.

පැන්ඩෝරාවයිරසය (Pandoravirus) කියා හැඳින්වෙන මෙම වයිරසය අනික් වයිරස මෙන් දස ගුණයක් විශාලයි. එය මයික්‍රොමීටරයක් පමණ දිගින් යුක්තයි. එහි ඇති ජානවලින් සියයට හයක ප‍්‍රමාණයක් විතරයි, පෘථිවියේදී හමු වී ඇත්තේ.

මේ හේතුව නිසා මෙම වයිරසය සොයා ගත් ප‍්‍රංශ පර්යේෂකයන් විශ්වාස කරන්නේ එය වෙනත් ග‍්‍රහ ලොවකින් මෙහි ආ එකක් හැටියටයි. ඔවුන් කියන්නේ සමහර විට මෙය මෙහි එන්නට ඇත්තේ අඟහරු ග‍්‍රහයාගෙන් විය හැකියි කියායි.

මෙම වයිරසය හමු වී ඇත්තේ චිලි රාජ්‍යය අසල මුහුදේ දියයටදී හා ඕස්ටේ‍්‍රලියාවේ පොකුණක අවසාදිත තට්ටුවලින්.
පෘථිවියෙහි මෙතෙක් හමු වූ ඇති විශාලතම වයිරසය සේ සැලකෙන පැන්ඩෝරාවයිරසයයි, මේ. දිය යට තිබී හමු වී ඇති මෙම වයිරසයෙන් මිනිසාට බරපතල අවදානමක් නැතැයි කියලයි කියන්නේ.

දැන් සත්ව ඝාතනයෙන් තොරව මස් බුදින්න පුළුවන්. රසායනාගාරයක නිපදවූ පළමු මස් කෑම මේසයට!

පළමුවරට ලෝකයේ නිපදවූ නල ‘බර්ගරය’ මේ සතියේ ලන්ඩනයේ හෝටලයකදී ආහාර මේසයට ආවා. එහි මිල නියම කර තිබුණේ පවුම් 250,000ක් කියලයි.

අවුන්ස 5ක් බර මේ බර්ගරය, ගවයකුගේ පියවි සෛලවලින් (Stem cells) කෘති‍්‍රමව නිපදවූ මස් යෙදූ එකක්. එය ලන්ඩනයේදියි මෙසේ මුල්වර එළි දක්වනු ලැබුවේ.

නෙදර්ලන්තයේ මාස්ටි‍්‍රක්ට් (Maastricht) විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයකු වූ මහාචාර්ය මාක් පෝස්ට් (Mark Post) විශ්වාසය පළ කරල තියෙනවා, මේ නව සොයා ගැනීම නිසා මස් නිෂ්පාදන කර්මාන්තයේ පවති ගැටලූ බොහොමයකට පිළිතුරු ලෝකයට ලැබෙයි කියා.

මේ තමා ලෝකයේ රසායනාගාරයක පළමුවරට නිපදවූ මස්වලින් තැනූ බර්ගරය. මෙය ආහාරයට ගන්නට අවස්ථාව ලැබෙන වාසනාවන්තයාට මේ සඳහා පවුම් 250,000ක් ගෙවන්න වෙනවා.

අපේ සූර්යයාගේ දැවැන්ත කුහරයක් අභ්‍යවකාශ යානයකින් සොයා ගනියි!

සූර්යයාගේ කාලක් පමණ ඇතුළු වන සේ සෑදුණු යෝධ කුහරය තුළින් සූර්යය ජාලා පිටතට විදිනවා. මෙම කුහරය ඇති වී තිබෙන්නේ හිරුගේ බාහිර කලාපයේ අඩු ඝනත්වයෙන් යුත් ස්තරයේ කොටසකයි.

මේ කුහරය එළිදරවු කර ගෙන ඇත්තේ සූර්යයා ආවේක්ෂණය සඳහා යවා ඇති සුවිශේෂ නිරීක්ෂණ යානයකිනි. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය හා නාසා ආයතනය එක්ව යවා ඇති සූර්ය හා සූර්යගෝලීය නිරීක්ෂණාගාරය (Solar and Heliospheric Observatory) මගිනුයි, මේ නිරීක්ෂණය කර ඇත්තේ. පසුගිය ජූලි 13ත් 18ත් අතර කාලය තුළදියි, ඒ නිරීක්ෂණය සිදු වූයේ.

සූර්යයාගේ උත්තර ධ්රුවයට බර වෙන්නට පිහිටි දැවැන්ත සිදුර අභ්‍යවකාශ දුරේක්ෂයකින් ඡායාරූප ගත කර තිබූ අයුරු. කළු පැල්ලමෙන් පෙනෙන්නේ ඒ සිදුරයි.

අනාගතයේ දී ඔබ කියන කරන දේ පරිගණකයෙන් කිව හැකි වැඩසටහනක් එනවා!

අනාගතයේ ඔබ කොතැනකට යනවාද ඉන්නේ කොහේද කියා අනාවැකි කිව හැකි මෘදුකාංග වැඩසටහනක් දැන් සකස් කරමින් තියනවා.

තවත් වසර පහකින් මේ වේලාවට ඔබ සිටින්නේ කොතැනද කරන්නේ කුමක්ද කියා ඇසුවොත් ඔබට වුනත් ඒකට උත්තරයක් අද දෙන්න බැරි වේවි. ඒත් නව තාක්ෂණයට පින්සිදුවන්නට ඒකට හරි උත්තරයක් දෙන්න දැන් ඔබට හැකියාව තියෙනවා.

මයික්‍රොසොෆ්ට් හා ගූගල් පර්යේෂකයන්ට දැන් පුළුවන් ඉදිරි වසරක දී දෙන ඕනෑම වේලාවක පුද්ගලයකු ඉන්නේ කොහේද කියා කියන්න ඔවුන් විසින් සකසා ඇති නවතම පරිගණක මෘදුකාංගයක් මගින්. මේ මෘදුකාංගය නම් කර ඇත්තේ ‘ෆා අවුට්’ (Far Out) කියායි. එම පරිගණක ක‍්‍රමලේඛය මගින් ජීපීඑස් (GPS) චන්ද්‍රිකා තාක්ෂණය යොදාගත් මග පෙන්වන උපකරණයක් භාවිත කරන අයකුගේ මිහිමත කරන සියලූ දෛනික කටයුතු නිරීක්ෂණය කර එක්රැස් ගනු ලබනවා.

ඊළඟට ඒ ක‍්‍රමලේඛයටම පුළුවන්, ඒ තොරතුරු විමසා බලා අනාගතයේ දී ඒ අය කරන දේ ගැන අනාවැකි කියන්න.

‘ෆා අවුට්’ පරිගණක මෘදුකාංගයේ සිතියමක්. මයික්‍රොසොෆ්ට් හා ගූගල් ආයතනවල පරීක්ෂකයන්ට මේ නව ක‍්‍රමය යොදා ගෙන ඉදිරි වසරවල ඕනෑම පුද්ගලයකු යන එන තැන් කල් තියා කියන්න පුළුවන් වේවි. මේ සඳහා ඔවුන් භාවිත කර ඇත්තේ ජීපීඑස් තාක්ෂණයයි.

‘හඳට බසිද්දී නීල් එය ලස්සනයි කීවාට මට එය පෙනුනේ පාළු, අජීවී තැනක් හැටියටයි.’ හඳට බට දෙවැනි මිනිසා 44 වසරකට පසු කළ හෙළිදරවුව!

පසුගිය 27 වැනිදා අල් ජසීරා රූපවාහිනියෙන් අපූරු සම්මුඛ සාකච්ඡාවක් විකාශය කෙරුණා. ඒ සාකච්ඡාවට සහභාගි වූයේ හඳ මතට ගිය දෙවැනි මිනිසා වූ එඞ්වින් (බස්) ඕල්ඩි‍්‍රන් සමගයි. සාකච්ඡාව මෙහෙය වූයේ ශී‍්‍රමත් ඬේවිඞ් ෆ්‍රොස්ට්. (ඔහු රූපවාහිනී සම්මුඛ සාකච්ඡා සඳහා ජගත් කීර්තියක් දිනූ බි‍්‍රතාන්‍ය ජාතිකයෙක්, මාධ්‍යවේදියෙක්, විකට නළුවෙක්, ලේඛකයෙක්) ඔහු ඒ සඳහා විශේෂයෙන්ම ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයට ගියා.

මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුණේ මිනිසා හඳ මතට පා තබා 44 වසර සමරන අවස්ථාවෙදි. මුලින් ම හඳ මතට පා තැබූ මිනිසුන් දෙදෙනාගෙන් දැනට ජීවතුන් අතර සිටින එකම තැනැත්තා ඔහුයි.

ඕල්ඩි‍්‍රන් සිය සාකච්ඡාවේ දී ඬේවිඞ් ෆ්‍රොස්ට් සමග කීවේ ළඟට ගොස් මුලින් ම හඳ දුටු මොහොතේ නීල් ආම්ස්ට්‍රෝන් දැක් වූ අදහස්වලට ඔහු එදා එකඟ නොවූ බවයි. ‘නීල් කීවේ හඳ හරිම ලස්සන තැනක් කියලයි. එයා ලස්සන කියන වචනය හරිම අමුතු විදියකටයි. මට නම් එවේලේ හඳ පෙනුනේ පාළු, අජීවී තැනක් හැටියටයි.’ ඕල්ඩි‍්‍රන් කියනවා.

මීට වසර 44කට පෙර ඇපලෝ 11 යානයෙන් හඳ බලා ගිය තිදෙනා. (වමේ සිට) නීල් ආම්ස්ට්‍රෝන්, මයිකල් කොලින්ස් හා එඞ්වින් ඕල්ඩි‍්‍රන්. (ආම්ස්ට්‍රෝන් හා ඕල්ඩි‍්…