HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හදවත් සුවපත් කරන්න රත්තරන්! ඊශ‍්‍රායල් ටෙල් අවිව් සරසවියේ අලූත් සොයා ගැනීමක්!

ඊශ‍්‍රායලයේ ටෙල් අවිව් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් රන්වලින් ගත හැකි අලූත්ම ප‍්‍රයෝජනයක් සොයා ගෙන තියෙනවා.

රත්තරන් දැන් ඔවුන් හදවත් සැත්කම්වලට යොදා ගන්නවා.

විද්‍යාඥයන් රන්වලින් කළ නැනෝ තන්තු යොදා ගෙන හෘද පටක මැසීම සිදු කරනවා. එවිට හෘද අකරණවල දී බාහිරව යැවෙන විදුලි සංඥා මගින් හෘදයේ කි‍්‍රයාකාරිත්වය යථා තත්වයට පත් කිරීමට හැකියාව ලැබෙනවා.


හෘද අකරණයකදී හෘද පටකවලට වන හානිය යළි පැවති තත්වයට ගෙන එන්නට බැහැ. එවැනි විටක සෛල වර්ධනය සිදු වන්නේ නැහැ. පටකය අලූත්වැඩියා කිරීම ස්වයං කි‍්‍රයාවකින් එයට ම කර ගත නොහැකියි.

ඒ නිසා මේ හානියට පත් හෘද පටකය වෙනුවට කන්තුක ‘පැච්’ (cardiac 'patches') එකක් බද්ධ කළ හැකි යැයි විද්‍යාඥයන් විශ්වාස කළා.

ටෙල් අවිව් විශ්ව විද්‍යාලයේ ආචාර්ය තල් ද්වීර් (Dr Tal Dvir) හා ඔහු ශිෂ්‍ය ආචාර්ය උපාධි අපේක්ෂක මයිකල් ෂේවැක් දෙදෙනා එක්ව රන් අංශුවලින් තැනූ නැනෝ තන්තුවලින් මේ බිඳී ගිය කන්තු ෙසෙල ඒකාබද්ධ කළා. ඒවා සකි‍්‍රය වන ආකාරයටයි, මේ බද්ධ කිරීම කළේ.

ඔවුන්ගේ අරමුණ වුණේ සෛල අතර යැවෙන විදුලි සංඥා උපරිම මට්ටමින් සිදු කිරීමට සැලැස්වීමයි. හෘදය තුළ කි‍්‍රයාත්මක වෙමින් එකනෙක සම්බන්ධ කරමින් යැවෙන විදුලි ස්පන්දක නිසි අයුරින් කි‍්‍රයා කරවමින් හද ගැස්ම හා එහි රිද්මය නිශ්චිතව ආකරයකට තබා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වුණා.

ආචාර්ය තල් ද්වීර් කියන්නේ සිරුරේ ජීව විද්‍යාත්මක ද්‍රව්‍යවල සම්බන්ධතාව වර්ධනය කිරීම රන් බද්ධ කිරීමෙන් කළ හැකි බවයි.

මෙසේ රන් අංශු හෘදයට යෙදීමෙන් කන්තුක පටක සමස්තයක් වශයෙන් ඉක්මනින් හා සවිමත්ව සංකෝචනය වන බවත් හෘදයේ බද්ධ කිරීම් සඳහා කරන සැත්කම් සාර්ථක ව ඉටු කිරීමටත් හැකි වන බවත් ආචාර්ය ද්වීර් වැඩිදුරටත් කියනවා.

මේ පිළිබඳ පර්යේෂණාත්මක ලිපිය ‘ද්‍රව්‍ය රසායනය බී’ (Journal of Materials Chemistry B) නම් ජර්නලයේ මැතදී පළ වී තියෙනවා.

Post a Comment

0 Comments