HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ජනාකීර්ණ වීදියක පහසුවෙන් ‘ලිස්සා යා හැකි’ පරිසර මිතුරු වාහනයක්!

නගරවල වෙසෙන හෝ නගරවල වැඩට යන අයට මුහුණ දීමට සිදුවන වාහන තදබදයට තවත් අලූත් තාලේ පිළියමක් දැන් ඇවිත්. ඒ තමයි, මේ අලූත්ම වාහනය, ස්කෲසරය (scrooser).

මේ වගේ නව නිපැයුම් කීපයක් ගැන ඔබට අපි ‘මල්කැකුළු’වලින් කීවා, ඔබට මතක ඇති. මේක ඒ හැම එකකටම වෙනස් අලූත් ම විධියේ එකක්. මෙය පරිසර හිතකාමී වාහනයක් කියලයි හැඳින්වෙන්නෙ.

මේ නව වාහනය නිර්මාණය කළ අය කියන්නේ මේ හරිම පහසුවෙන් පාවිච්චි කළ හැකි, නගරය පුරා ‘ලිස්සන පුවරුවකින්’ යනවා වගේ ගමන් බිමන් කළ හැකි අපූරු වාහනයක් බවයි. මෙයට නගරයේ ජනාකීර්ණ වීථියක වුනත් පැයට හැතැප්ම 2ක් හා 15ක් අතර වේගයකින් යා හැකියි.

මේ නව යානයේ සැලසුම, තනා ගෙන ඇත්තේ ළමා ස්කූටරයත්, තනිරෝදයේ සෙග්වේ යානයත්, බයිසිකලයත්, යන තුන් ආකාරයම එක් කිරීමෙනුයි. මේක පදවන්න බලපත‍්‍රයක් ගන්නට අවශ්‍ය වන්නේ නැහැ. හෙල්මට් එකක් පලඳින්න ඕනැත් නැහැ.

 
මේ පුංචි යානය පදවන්නේ ඔබ පාදයෙන් දෙන ‘කික්’ එකෙන් හා බැටරියක බලයෙන්. වරක් ‘චාජ්’ කළා ම දවස් 25ක් නගරයේ එහා මෙහා යන්න හොඳටම ඇති. සාමාන්‍ය බැටරි චාජරයකින් මෙය චාජ් කරන්න යන්නේ පැය තුනක් විතරයි.

මෙම යානය පැද ගෙන යන්නා වරින් වර පාදයෙන් පහරක් (කික් එකක්) බිමට එල්ල කිරීමෙන් යානයට තල්ලූවක් දෙන්න ඕනෑ. එතකොට එහි විදුලි බල සැපයුමට උත්තේජනයක් ලැබෙන විධියටයි, එය සකසා තියෙන්නෙ. පැයට හැතැප්ම 2කක හෝ ඊට වේගයක් ලැබුණු පසු පාද පහරෙන් සිදු වන උත්තේජනය ඉබේ ම ලැබෙනවා.

මෙහි ඇන්ජිම කෙළින් ම පසුපස රෝදය කරකැවීමට එහි රිම් එකට සවි කළ මෝටරයක් විතරයි. එහි ගියර් පටි නෑ. වෙනත් කිසිම විධියක ඈඳියක් නෑ.

මෙහි බර කිලෝග්රෑම් 28ක්. දරා ගෙන යා හැකි බර කිලෝග්රෑම් 128ක්. ඇංජිම වොට් 250/1000 මෝටරයක්. කි‍්‍රයා කරන්නේ බැටරියකින්. එය වරක් සම්පූර්ණයෙන් ආරෝපණය කිරීමට පැය 1ත් 3ත් අතර කාලයක් ගත වෙනවා. උපරිම වේගය පැ.කි.මී 25යි. වරක් ආරෝපණය කළා ම දවස් 25ක් ගමන් බිමන්වල යෙදන්න පුළුවන්.

මේ ස්කෲසරය තනන සමාගම හැඳින්වෙන්නේත් ඒ නමින්මයි.

මෙහි නිර්මාතෘ ජෙන්ස් තීම් (Jens Thieme) කියන්නේ, ‘මේක අමුතු ම වාහනයක්. ඔබට පහසුවෙන් ම පදිකයන් බහුල මගක කිසිම අපහසුවක් නැතිව මේ යානය පැද ගෙන පැයට හැතැප්ම 6ක වේගයකින් යන්න පුළුවන්. සයිකල් සඳහා වෙන් කළ මගක නම් පැයට හැතැප්ම 15ක වේගයකින් වුනත් යන්න පුළුවන්.’ කියායි.

 
පැද යන්නා පාදයෙන් පහරක් එල්ල කරන සෑම විට ම එහි විදුලි බල සැපයුමට තල්ලූවක් ලැබෙනවා. යානයට ආරම්භයක් ලබා දෙන්නේත් ඒ ‘කික්’ එකයි.

 
මෙහි නිර්මාතෘ ජෙන්ස් තීම් කියන්නේ ඔහුගේ මේ නව නිපැයුම සම්පූර්ණයෙන් ම අලූත් වාහන වර්ගයකට අයත් එකක් බවයි. මේ ස්කෲසරය තැනීමේ දී ඔහුට එල්ල වූ ලොකුම අභියෝගය වුණේ මෙය නොපෙරළී තිබීමට අවශ්‍ය ජ්‍යාමිතික රාමුව සැකැසීමයි.

 
මේ නව යානයේ සැලසුම, තනා ගෙන ඇත්තේ ළමා ස්කූටරයත්, තනිරෝදයේ සෙග්වේ යානයත්, බයිසිකලයත්, යන තුන් ආකාරයම එක් කිරීමෙනුයි. කරදරයක් නැතිව පහසුවෙන් ගාල් කරන්නත් පුළුවන්.

වීඩියෝව පහතින් නරඹන්න.




Post a Comment

2 Comments

  1. හොඳ ලිපියක්! හැබැයි ඉතින් මේක ලංකාවට එන්නනම් තව අවුරුදු 5කටත් වඩා යයිද දන්නෙනෑ...හැබැයි දැන් ලංකාවේත් පාපැදි මං තීරු තියෙන නිසා, මේක ලංකාවටත් හොඳයි...රිය අනතුරු අඩු කරගන්නත් පුළුවන්... විශිෂ්ට නිර්මාණයක්!...ලිපිය පළකරපු ඔබලාටත් ස්තුතියි!

    ReplyDelete
  2. ටිකක් බරින් වැඩි වගේ ......ලංකා ව වගේ නිවර්තන කලාපිය රටවලට මේ වගේ වාහන වල ගැලපීම ගැටලුවක්

    ReplyDelete