HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අතින් ලියන විට හරි වැරදි කියා දෙන විස්මිත පෑනක්! අකුරක් වැරදුනොත් පෑන වෙවුලනවා!

ජර්මන් නව නිපැයුම් කරුවන් දෙදෙනකු විස්මිත පෑනක් නිපදවා තියෙනවා, අතින් ලියන විට නිවැරදි අත්ෂර වින්‍යාසය කියා දිය හැකි.

මේ අකුරු හරියට ඉගෙන ගන්න උදවු කරන පෑන නම් කරල තියෙන්නේ ‘ලර්න්ස්ටිෆ්ට්’ (Lernstift) කියලයි. ජර්මන් බසින් එහි අරුත ‘ඉගෙන ගන්නා පෑන’ යන්නයි.

ඒ පැන ඇතුළේ ක්ෂුද්‍ර පරිගණකයක් හා විශේෂ සංවේදකයක් සවි කරල තියෙනවා, ලියන විට කරන චලනය හඳුනා ගෙන අකුරේ හැඩය තේරුම් හැකි විධියට. වැරදි අකුරක් ලිව්වොත් පෑන වෙවුලන්න පටන් ගන්නවා.

මේ පෑන ඇතුළේ ‘වයි-ෆයි’ (Wi-Fi) උපාංගයත් තියෙනවා, ඒ නිසා මේ මගින් ලියන දේ ස්මාට් ෆෝන් එකකට හෝ පුද්ගලික පරිගණකයකට රැහැන් රහිතව එසැණ යවන්න පුළුවන්. එනම් මෙයින් ලියන ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා උත්පතනය (upload) කරන්නත් මේ මගින් දුරස්ථව සිටින අයකුට අකුරු ලියන හැටි කියා දෙන්නත් මෙයට හැකියාව තියෙනව.

 
ජර්මන් නව නිපැයුම් කරුවන් දෙදෙනකු විසින් තනා ඇති විස්මිත පෑන. ‘ලර්න්ස්ටිෆ්ට්’ ලෙස නම් කර ඇති මෙයට අකුරුවල හරි වැරදි ලියන විට කියා දෙන්න පුළුවන්.

 
මේ ‘ලර්න්ස්ටිෆ්ට්’ පෑන ඇතුළේ බැටරියෙන් කි‍්‍රයා කරන, ලිනක්ස් (Linux) ක‍්‍රමයේ ක්ෂුද්‍ර පරිගණකයක් තියෙනවා. චලනය හඳුනා ගත හැකි සංවේදකයක්, ‘වයි-ෆයි’ උපාංගයක්, කම්පන මොඩියුලයක්, අක්ෂර වින්‍යාසයත්, අක්ෂර ලේඛනයත් කි‍්‍රයාත්මක කරන්න යතුරක් ද මෙහි යොදා තියෙනවා.

අනාගතයේ දී මේ පෑන වැඩි දියුණු කොට ව්‍යාකරණ වැරදි පෙන්වා දිය හැකි තත්වයට ගෙනෙන බව මෙය සැලසුම් කළ ෆෝක් වොල්ස්කි (Falk Wolsky) හා ඩැනියෙල් කේස්මාකර් (Daniel Kaesmacher) යන දෙදෙනා කියනවා.

මෙම පෑන පිළිබඳ අදහස මුලින්ම ආවේ වොල්ස්කිගේ බිරිඳටයි. ඇය සිය පුතුට ගෙදර වැඩ කියා දෙද්දී අකුරු පිළිබඳ යම් යම් ගැටලූ මතු වුණා. ඇය ඒ ගැන සැමියාගෙන් ඒ පිළිබඳ විමසද්දී ඔහුගෙන් ඇසුවා ඒ සඳහා මෙවලමක් තනන්න බැරිද කියා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් තමා මේ ඩිජිටල් පෑන නිපදවනු ලැබුවේ.

ඒ වන විට භාවිතයට ඇවිත් තවමත් පවතින ඩිජිටල් පෑන්වලින් කෙරෙන්නේ අඳින හෝ ලියන හෝ කිසිවක් ඒ චලනයන් උපයෝගී කර ගෙන හඳුනා ගෙන ඒවා පරිගණක තිරයක් මතට පතිත කරවීම හෝ පරිගණකයේ වෙනත් කාර්යයකට යොදා ගැනීමයි.

මේ ඇතැම් පෑන්වලට ඒ කාරිය සඳහා අතිරේක උපාංග හෝ විශේෂ කඩදාසි වැනි වෙනත් දෑ අවශ්‍ය වෙනවා.

ලර්න්ස්ටිෆ්ට් ඒ සියල්ලටම වඩා වෙනස්. එහි ඇත්තේ වෙනත් තාක්ෂණයක්. ඒ තුළ පරිගණක මෘදුකාංගයක් රඳවා තියෙනවා. ඒ තුළ ඇත්තේ ලිනක්ස් ක‍්‍රමය යෙදූ පරිගණකයක්. පීසීවල හා ලැප්ටොප්වල භාවිතයට යොදා ගන්නා මාදිලියේ ම ඉතා කුඩා එකක්.

මේ පෑන තුළ රුවා ඇති පුවරුවේ චලන ග‍්‍රාහක සංවේදකයක්, ප්‍රොසෙසරයක්, මතකයක්, වයි-ෆයි උපාංගයක් හා කම්පන මොඩියුලයක් සවි කර තියෙනවා.

ලර්න්ස්ටිෆ්ට් පෑන තුළ රඳවා ඇත්තේ පීසීවල හා ලැප්ටොප්වල භාවිතයට යොදා ගන්නා ලිනක්ස් මාදිලිය භාවිත කරන ඉතා කුඩා පරිමාණයේ පරිගණකයක්.

 
මුලින් ම මෙය අත්හදා බැලීම් කරද්දී ඒ සඳහා යොදා ගත්තේ පැන්සලක්.

එහි ඇති චලන සංවේදකය ලියන විට කරන සියලූ චලනයන් හඳුනා ගන්නවා. ඔබ එයින් අහසේ ලියූවත් ඒ චලනයෙන් අකුරු හඳුනා ගන්න එයට පුළුවන්. ඒ නිසා මේ පෑනට අනෙක් ඩිජිටල් පෑන්වලට වගේ වෙනත් සහායක මෙවලම් අවශ්‍ය වන්නේ නැහැ.

ඒ ඇතුළේ වයි-ෆයි ඇති නිසා එයින් ලියන දෑ රැහැන් නොමැතිව ස්මාට්ෆෝන්වලට හෝ පරිගණකවලට හෝ ඉගෙන ගන්නා වෙබ් අඩවිවලට යවන්න පුළුවන්.

පෑනෙහි දෙවිධියක කි‍්‍රයාකාරිත්වයක් තියෙනවා. අක්ෂර වින්‍යාසය හා අක්ෂර ලේඛනය යනුවෙන් ඒවා හැඳින්විය හැකියි. අක්ෂර වින්‍යාසය (Ortohgraphy) කි‍්‍රයාත්මක කළ විට අකුරුවල වැරදි පෙන්වා දෙනවා. අක්ෂර ලේඛනය (Calligraphy) හෙවත් අකුරු ලිවීම කි‍්‍රයාත්මක කළ විට ලිවීමේ වැරදි හැඩතල ඇත්නම් තවත් කෙනකුට එය කියවිය නොහැකි නම් ඒවා පෙන්වා දෙනවා.

සැසඳීම සඳහා නිවැරදි අක්ෂර භාවිතය ඇතුළත් වදන් කෝෂයක් පෑන තුළ ඇති පරිගණකයට ඇතුළත් කර තියෙනවා.

අනාගතයේ දී ව්‍යාකරණ වැරදි, වැරදි වදන් ගැළපීම් පවා පෙන්විය හැකි පරිදි මෙය සැකසීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මෙයට දමන රීෆිලය ඔබට කැමති විදියට, පෝල්පොයින්ට් හෝ තීන්ත පෑනක් ලෙස තෝරා ගන්න පුළුවන්. මුලින් ම ඔවුන් තැනූ ආකෘතින් පැන්සලටයි සවි කළේ.

විභ‍්‍රමේක්ෂයක් හෙවත් ගයිරස් කෝපයක් (gyroscope) සමග ත්වරණමානයක් හෙවත් ඇක්සෙලරෝමීටරයක් (accelerometer) සවි කර තියෙනවා. චලන හඳුනා ගැනීම වේගවත්ව නිවැරදිව කරන්න යොදා ගන්නේ එයයි. ඊට අමතරව චුම්බකමානයක් හෙවත් මැග්නටෝමීටරයක් (magnetometer) ද තියෙනවා.

මේ දෙදෙනා කික්ස්ටාටර් (Kickstarter) වෙබ් අඩවිය ඔස්සේ තමයි, මේ ව්‍යාපෘතියට මුදල් සොයා ගත්තේ. ඒ මුදල පවුම් 120,000ක්. මේ පෑන මුලින්ම සපයන්නේ ඒ සඳහා දායකත්වය සැපයූ අයටයි.

දැනට මෙයට ඉංගී‍්‍රසි හා ජර්මන් ඇතුළු භාෂා 40ක් යොදා ගෙන තියෙනවා.

මේ පෑනෙන් ලැබෙන ලොකුම ප‍්‍රයෝජනයක් ලෙස දැක්වෙන්නේ අලූත් භාෂාවක් ඉගෙන ගැනීමේ ඉන් ලැබෙන සහයයි.

අකුරක් වැරදුනොත් පෑන වෙවුලන්න පටන් ගන්නවා. එතකොට වරද ගැන ඇසුවා පෑන වැරැද්ද පෙන්වා දෙනවා.


මේ ලර්න්ස්ටිෆ්ට් පෑන සැලසුම් කළේ ෆෝක් වොල්ස්කි (Falk Wolsky) හා ඩැනියෙල් කේස්මාකර් Daniel Kaesmacher) යන දෙදෙනායි. ඔවුන්ගේ අපේක්ෂාව මෙයින් වඩාත් නිවැරදිව හා හොඳින් අකුරු ලියන්න ළමයින්ට හැකිවනු ඇති කියායි.

 
මෙයට දමන රීෆිලය ඔබට කැමති විදියට, පෝල්පොයින්ට් හෝ තීන්ත පෑනක් ලෙස තෝරා ගන්න පුළුවන්.

Post a Comment

3 Comments

  1. නියමයි!.:)...ඉතාමත් ම වැදගත් නව නිපැයුමක්!...මේ පෑනෙ සිංහල භාෂාවත් තියෙනවද දන්නෑ?...කොහොම වුණත්, අනාගතය වෙනස් කරන නිපැයුමක් මේක...විශිෂ්ට ලිපියක්!...බොහොම ස්තුතියි!

    ReplyDelete
  2. විභාගෙට ලියන්ඩ බැරි වෙයිද මේකෙන් ....

    ReplyDelete
  3. මට නම් ඕකෙන් ලියන්න වෙන්නෙ නෑ... ලියන්න පටන් ගනිපු වෙලාවෙ ඉඳන්ම වෙව්ල වෙව්ල ඉන්න තමයි වෙන්නෙ

    ReplyDelete