HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මීට පෙර දම්පාට තක්කාලි ආවා! දැන් දොඩම් පාට රාස්ප්බෙරි (රටකැටැඹිල්ල) ඇවිත්!

උද්භිද විද්‍යාඥයන් විසින් නව රටකැටැඹිල්ල ප‍්‍රභේදයක් හෙවත් රාස්ප්බෙරි (raspberry) විශේෂයක් ලොවට හඳුන්වා දී තියෙනවා. අනාගතයේ දී පෘට් සැලඞ් රසවත් කරන්න වගේ ම වර්ණවත් කරන්නත් මේ නව පලතුරු විශේෂය නිසා හැකියාව ලැබෙනව.

මේ නව පලතුර පෙනුමෙනුත්, රසයෙනුත්, ප‍්‍රමාණයෙනුත් එහි රතු ප‍්‍රභේදයට සම්පූර්ණයෙන් ම සමානයි. නමුත් මෙහි දොඩම් පැහැති වර්ණය ඉතාමත් සිත් ගන්නාසුලූයි.

මේ නව පලතුරු ප‍්‍රභේදය නම් කර ඇත්තේ ‘ ඕටම් ඇම්බර්’ (Autumn Amber) කියලයි. ‘සරත් සමයෙහි හමුවන රඹ පැහැය’ අරුත් දෙන ඒ නමින් හැඳින්වෙන මේ නව ශාකයෙහි ඵල හටගන්නේ සෑම වසරකම සරත් සමයෙහියි.

 
උද්භිද විද්‍යාඥයන් විසින් නිර්මාණය කරන ලද නව රාස්ප්බෙරි (රටකැටැඹිල්ල) ප‍්‍රභේදයයි, මේ.

මේ නව ප‍්‍රභේදයේ සිත් ගන්නසුලූ වර්ණය නිසා පෘට් සැලඞ්වලට විතරක් නෙවෙයි, ජෑම් සෑදීමටත් ගත හැකියි.

එංගලන්තයේ කෙන්ට්හි ඊස්ට් මෝලින් ශාක පර්යේෂණ මධ්‍යස්ථානයේ උද්‍යානපාලකයන් වසර 10ක් තිස්සේ පර්යේෂණ කළා ඕටම් ඇම්බර නම් වූ මේ නව ප‍්‍රභේදය බිහි කර ගන්නට. ඔවුන් මෙය සාර්ථක කර ගත්තේ ස්වාභාවික පරපරාගණ තාක්ෂණය යොදා ගෙනයි.

ඒ පර්යේෂණායතනයේ ශාක විශේෂඥයන් රතු සහ කහ රාස්ප්බෙරි ශාක දෙවර්ගය කීප වතාවක් ම පරපරාගණයට ලක් කළා, මේ දොඩම් පැහැය ලැබෙන තුරු.

දැන් මේ නව ශාකය එක්සත් රාජධානියේ අලෙවි කෙරෙනවා. ළඟදීම අනෙක් රටවලටත් සැපයීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

‘අභිජනකයා මේ දොඩම් පැහැති රාස්ප්බෙරී ප‍්‍රභේදය බිහි කිරීම සඳහා යොදා ගෙන ඇත්තේ පරපරාගණ ක‍්‍රම වේදයයි. සරත් සමයේ ඵල දරන රතු රාස්ප්බෙරි සමග කහ පැහැති රාස්ප්බෙරි විශේෂය මුසු කිරීමයි, ඔහු මෙහිදී කර ඇත්තේ. දොඩම් පැහැය ආවේ දෙවර්ගය මුහුන් වීමෙන්.’ යැයි සට්න් සීඞ්ස් ආයතනයේ ටොම් ෂාප්ලස් කියනවා. මේවා අලෙවියට තබා ඇත්තේ ඒ ආයතනයයි.

 
මේ නව පලතුර, ප‍්‍රමාණයෙන්, හැඩයෙන්, රසයෙන් රතු රාස්ප්බෙරිවල හැම අතින් ම සමානයි. එහෙත් මෙය අන් සියලූ වර්ගවලට වඩා ඇසට පි‍්‍රයයි.

‘සාමාන්‍යයෙන් රාස්ප්බෙරි ශාකය අඩි 6.5කට වඩා උස යන්නේ නැහැ. වසන්ත කාලයේ දී පැළ හිටෙව්වා ම සෑම සරත් සමයක ම මෙහි ගෙඩි කඩා ගන්න පුළුවන්.’ ෂාප්ලස් කියනවා.

‘දැන් කාටත් පළමු වතාවට රඹ (දොඩම්) පැහැති රාස්ප්බෙරි වර්ගය ගෙවත්තේ වගා කර ගන්න පුළුවන්. කැමති නම් බිම හෝ ලොකු මල් පෝච්චියක හෝ ඔබ කැමති ආකාරයට සිටුවා ගන්න පුළුවන්.

‘මේවා රතු ඒවා සමග කලවම් කර ගත් විට ඔබේ පෘට්සැලඞ් එක හුඟක් ලස්සන වෙනවා නිසැකයි.’ ඔහු තවදුරටත් කියනවා.

 
මේ නව පලතුර නම් කර ඇත්තේ ‘ ඕටම් ඇම්බර’ කියලයි.

 
කෙන්ට්හී උද්‍යානපාලක පිරිසකට මේ නව ප‍්‍රභේදය බිහි කර ගන්න වසර 10 ක් පමණ ගත කරන්න සිදු වුණා.

 
ඊස්ට් මෝලිං පර්යේෂණායතනයේ විශේෂඥයන් රතු රටකැටැඹිල්ල ශාකය සමග කහ ප‍්‍රභේදය වාර ගණනාවක් මිශ‍්‍ර කිරීමෙනුයි, මේ නව රඹ (දොඩම්) පැහැති ප‍්‍රභේදය බිහි කර ගත්තේ.



Post a Comment

1 Comments

  1. බොහොම හොඳ ලිපියක්...මේ වගේ විශිෂ්ට ගණයේ ලිපි බොහොමයක් ඔබතුමාලගේ මේ වෙබ් අඩවියෙන්, මම ගොඩක් කාලයක් ඉඳල කියවනව...ඉතාමත්ම හොඳ වැඩක්...ඒ වගේම මම යෝජනා කරනව, මේ වෙබ් අඩවියෙන් , ලංකාවේ දැනට ක්‍රියාත්මක නොවෙන(මම හිතන හැටියට) අධ්‍යාපනික දැනුම තවත් විශාල ප්‍රමාණයෙන් එකවර එකතු කරන හැටියට...විශේෂයෙන්ම , අපි දැනගතයුතුම විශේෂ සාමාන්‍ය දැනීම කරුණු, සත්ව, ශාක ලෝකය, රටරටවල විශේෂ තොරතුරු වගේ දේවල් වෙන වෙනම මාතෘකා ඔස්සේ මේ වෙබ් අඩවියෙන් ප්‍රකාශ කරල මේ වෙබ් අඩවිය ලංකාවේ විශිෂ්ටම අඩවියක් විදිහට දියුණු කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි...ඔබතුමාලට, මේ කරන යහපත් ක්‍රියාන්විතය තවතවත් ඉදිරියට අති සාර්ථකව කරගෙන යන්න ශක්තිය , ධෛර්යය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරමි !!!

    ReplyDelete