ඔබත් කවදා හෝ හඳට යන්න සිහින මැව්වද? දැන් මෙන්න ඒ සිහිනය හැබෑ කර ගන්න අවස්ථාවක් ළඟඳීම!

නව ව්‍යාපෘතියක් ඇරඹෙනවා, ඔබට ම සැලසුම් කර ගෙන, ඔබ විසින් ම තනා ගෙන, උඩු ගුවනට යැවිය හැකි, හඳ බලා යැවිය හැකි, අභ්‍යවකාශ යානා තැනීමට ඔබට පහසුකම් සපයන විධියේ වැඩ සටහනක්. මේක අදහන්නත් බැරි තරම් හීනයක් වගේ දෙයක්.

ඒත් මේ සාක්කු අභ්‍යවකාශ යානා ව්‍යාපෘතිය යන අරුත් ඇති අලූත් ම අභ්‍යවකාශ වැඩසටහන වූ ‘පොකට් ස්පේස්ක‍්‍රාෆ්ට්’ (Pocket Spacecraft) ව්‍යාපෘතිය ඇරඹුවාම මෙය තවදුරටත් හීනයක් වෙන්නේ නැහැ.

‘පොකට් ස්පේස්ක‍්‍රාෆ්ට්’ ව්‍යාපෘතිය සැබෑ කර ගන්නට දැනටමත් අරමුදල් සොයන්න ‘කික්ස්ටාටර්’ වෙබ් අඩවිය යොදා ගෙන තියෙනවා. ඒ අනුව දහස් ගණනක් දෙනාට තමන්ගේම සීඞී තැටියක ප‍්‍රමාණයේ අභ්‍යවකාශ යානයක් කක්ෂ ගත කරන්න පුළුවන්.

නම්‍යශීලී ඉලෙක්ට්‍රොනික යෙදූ පොලිමයිඞ් තැටියක් තමා අභ්‍යවකාශ යානය හැටියට භාවිත කරන්න සැලසුම් කරල තියෙන්නෙ. එය ප‍්‍රමාණයෙන් සීඞී තැටියකටත් කුඩායි. කඩදාසියක් තරම් තුනියි.

 
‘පොකට් ස්පේස්ක‍්‍රාෆ්ට්’ ව්‍යාපෘතිය මගින් දහස් ගණනකට මේ සීඞී තැටියක ප‍්‍රමාණයේ තමන්ගේ අභ්‍යවකාශ යානයක් උඩුගුවනට යවන්න අනාගතයේ දී පුළුවන්. මෙය මිමී 80 ක විශ්කම්භයක් ඇති මිමී විස්සෙන් පංගුවක් තරම් තුනී තැටියක්. සුර්ය කෝෂ, පරිගණකයක්, රේඩියෝ පණිවුඩ හුවමාරු යන්ත‍්‍රයක් සහ තවත් උපකරණ මේ තැටියට කවලයි තියෙන්නෙ.

අභ්‍යවකාශ ගවේෂණයට කැමති අයට පවුම් 99ක් ගෙවා මේ කටයුත්තට හවුල් වෙන්න පුළුවන්. තමන්ගෙම අභ්‍යවකාශ යානයක් මෙම ‘පොකට් ස්පේස්ක‍්‍රාෆ්ට්’ ව්‍යාපෘතිය යටතේ හිමි කර ගන්නත් පුළුවන්.

මේ පුංචි අභ්‍යවකාශ යානා සියල්ල ‘ඉන්ටර්ප්ලැනටරි කියුබ්සැට්’ නම් මව් යානය මගින් රොකටයක ආධාරයෙන් උඩුගුවනට විදින්නයි සැලසුම් කරල තියෙන්නෙ.

එතැන් සිට මවු යානය හඳ බලා යනවා. මාස කීපයකට පසු මවු යානය හඳට ළඟා වෙනවා. එහි සමීප වූ පසු ‘පොකට් ස්පේස්ක‍්‍රාෆ්ට්’ ව්‍යාපෘතිය යටතේ ගෙන යන කුඩා යානා හඳ මතට ගොඩ බැසීම සඳහා මුදා හරිනවා. මේ සිදු වීම එහිදී ඡුායාරූප ගත කෙරෙනවා.

‘පොකට් ස්පේස්ක‍්‍රාෆ්ට්’ ව්‍යාපෘතිය සඳහා කික්ස්ටාටර් වෙබ් අඩවිය හරහා අරමුදල් රැස් කිරීම දැන් ආරම්භ කර තියෙනවා. දින 60ක් ඇතුළත පවුම් 290,000ක් එක් රැස් කර ගන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ඇස්තමේන්තුවලට අනුව මෙය සාර්ථක කර ගැනීමට නම් අවම තරමින් 2,000ක් දෙනා මෙයට එක්කර ගත යුතු වෙනවා.

 
මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන අයට තමන් යවන පුංචි අභ්‍යවකාශ නිරීක්ෂණ යානය උඩුගුවනට ගොස් ආපසු එන විට හෝ හඳ වෙතට යන ලූනා නිරීක්ෂණ යානය හඳ මතට බසිද්දී එය මෙහෙයවීමට තමන්ට ලැබෙන සාක්කු මෙහෙයුම් උපකරණය මගින් කළ හැකි වනු ඇති.

මෙම මෙහෙයුම අදියර පහකින් යුක්තයි. එය සම්පූර්ණ කිරීම සඳහා වසර තුනක කාලයක් ගත වෙනවා.

1. මෙහෙයුමට එක් වන්නන්ට තමන්ගේ යානය තමන්ට අවශ්‍ය ආකාරයට සැලසුම් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඔවුන්ට අවශ්‍ය විධියට ඒවා තනා, පරීක්ෂාවට ලක් කර, ‘ඉන්ටර්ප්ලැනටරි කියුබ්සැට්’ නම් මවු යානයට පටවනු ලැබෙයි.

2. මවු යානය උඩුගුවනට යැවූ පසු එහිදී ආපසු පොළොවට එන පෘථිවි නිරීක්ෂණ යානා මුදා හරිනු ලබනවා. ඒවා යළි පොළොවට පතිත වූ පසු විශේෂ උපකරණ භාවිතා කොට ඒවා සොයා ගැනීම සඳහා ස්වේච්ඡුා සේවාවක් යොදවනවා.

3. ‘පොකට් ස්පේස්ක‍්‍රාෆ්ට්’ ව්‍යාපෘතියේ ඊළඟ පියවර වන්නේ ලූනා නිරීක්ෂණ යානා සමග එම යානය හඳ වෙත පියාසර කරවීමයි.

4. හඳට වඩාත් සමීප කක්ෂයකදී යානයේ ඇති ලූනා නිරීක්ෂණ යානා සියල්ල එකින් එක කැමරා ගත කොට මුදා හරිනු ලබනවා. එසේ කරන්නේ ඒවාට තනි තනිව හඳ මතට ගොඩ බසින්නට හැකි වන පරිදියි.

5. එහිදී ඒ පුංචි යානා අධි වේගයෙන් හඳ මතුපිට කරා යනු ඇති. ඒ යානා හිමිකරුවන්ට තමන්ගේ යානය හා සම්බන්ධ වීමට තමන්ට ලැබෙන සාක්කු මෙහෙයුම් උපකරණය මගින් හැකි වනු ඇති.

මේ යානා අතිශයින් ම තුනියි. සැහැල්ලූයි. කුඩා සූර්ය රුවලක් ආකාරයෙන් අහසේ පා වී යනවා.

මේ මෙහෙයුම සැලසුම් කළ තැන් පටන් හඳ මතට යාමට වසර තුනක් ගත වෙනවා. ඉතා කුඩා යානා දෙවර්ගයක් මේ ව්‍යාපෘතියට ඇතුළත් වෙනවා.

මුලින් ම පෘථිවි නිරීක්ෂණ යානා. ඒවා සඳහා පවුම් 99 සිට ඉහළට දායකත්වය සපයන්න ඕනෑ. ඒවා උඩුගුවනට යැවූ පසු යළි පොළොවට එනු පිණිස මුදා හැරෙනවා.

ඒ අතර දෙවැනි වර්ගය වූ ලූනා නිරීක්ෂණ යානා මවු යානය මගින් හඳේ මතුපිටට ආසන්න කක්ෂයක් වෙත ගෙන ගොස් මුදා හරිනවා. ඒ යානයක් සඳහා දායකත්වය සපයන අයට ඒ සඳහා අවම වශයෙන් පවුම් 199ක් ගෙවන්න සිදු වෙනවා.

මෙයට අමතරව වඩාත් සංකීර්ණ කි‍්‍රයාකාරකම්වලට එක්වී අභ්‍යවකාශ අත්දැකීම් පුළුල් කර ගන්න කැමති අයට මීට සම්බන්ධ වී කටයුතු කරන්න මෙම ආයතනය ඉඩ සලසන්න බලාපොරොත්තු වෙනවා.

මෙයට එක් වෙන අයට ඔවුන්ගේ අභ්‍යවකාශ යානයේ ගමන පිළිබඳ ප‍්‍රගතිය බ්ලොග්වලින්, මාසික වීඩියෝ දිනපොත මගින්, තෙමසකට වරක් වෙබ් සමුළු මගින් දැනුම් දෙනවා. ඒවා තමන් ඉන්නා තැනක සිට දැක ගන්න විශේෂ කැමරා සවි කර තියෙනවා.

‘පොකට් ස්පේස්ක‍්‍රාෆ්ට්’ ව්‍යාපෘතියේ පසුපස සිටින ජගත් විද්‍යාඥයන්, ඉංජිනේරුවන් හා සැලසුම් කරුවන් ගේ ප‍්‍රථම අභ්‍යවකාශ මෙහෙයුම මෙය නොවෙයි.

 
කික්ස්ටාටර් හරහා මේ ව්‍යාපෘතියට දායකත්වය සපයන අයට ඔවුන්ගේ දායකත්වය අනුව ආකාර කීපයකින් ඊට සම්බන්ධ විය හැකියි. මේ සඳහා 2000ක පමණ පිරිසක් අන්තර්ජාලය හරහා එක් කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ඔවුන් 2009 සිට මේ වන තෙක් විවෘත අභ්‍යවකාශ ව්‍යාපෘති 24ක් නිර්මාණය කර තියෙනවා. ඒ සඳහා රටවල් 20කින් 100ක් දෙනා ස්වේච්ඡුාවෙන් සහභාගි වී තියෙනවා. ඔවුන් මේ කටයුතු මෙහෙයවන්නේ එක්සත් රාජධානියේ බි‍්‍රස්ටල්වල හා ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි සේවා ස්ථාන මගිනුයි.

මයිකල් ජොන්සන් තමයි, ‘පොකට් ස්පේස්ක‍්‍රාෆ්ට්’ ව්‍යාපෘතියේ නිර්මාතෘ. කික්ස්ටාටර් සමග එක්ව කළ පළමු අභ්‍යවකාශ ව්‍යාපෘතියේ සම ආරම්භකයාද ඔහුයි.

කික්සැට් නම් ඒ ව්‍යාපෘතියෙන් ඕනෑම කෙනකුට තමන්ගේම චන්ද්‍රිකාවක් දියත් කර එහි සිට සංඥා පණිවිඩ නිකුත් කළ හැකියි. වැය වන්නේ ඩොලර් 300ක් වැනි මුදලක් පමණයි. ඒ චන්ද්‍රිකාව නාසා ආයතනය මගින් මේ වසර අගදී දියත් කිරීමට නියමිතයි.

මයිකල් ජොන්සන් කියන්නේ, ‘මේ වගේ මෙහෙයුමකට ජනතාව හවුල් කර ගැනීමෙන් අභ්‍යවකාශ ගවේෂණයෙහි හා අභ්‍යවකාශ විද්‍යාවෙහි විශාල පෙරළියක් ඇති වෙනවා. අන්තර්ග‍්‍රහලෝක අභ්‍යවකාශ ගවේෂණය ජනතාව අතරට ගෙන යාමෙන් අපට දැරිය හැකි වියදමකින් අඟහරු, සිකුරු හා ඉන් ඔබ්බට කෙරෙන ගවේෂණවලට එක් විය හැකි තරුණ පරපුරක් ගොඩ නගා ගැනීමට අපට හැකි වෙනවා. අප මේ තනන නව මෙවලම් නිසා අනාගත ලෝකයේ සෑම දරුවකුටම ඔවුන්ගේ ම අභ්‍යවකාශ යානයක් ගවේෂණය සඳහා උඩුගුවනට යැවීමට අවස්ථාව උදා වනු ඇති.’ කියායි.

මේ සංවිධායකයන් බලාපොරොත්තු වෙන්නේ අනාගතයේදී සෞරග‍්‍රහ මණ්ඩලයේ අඟහරු, සිකුරු හා ග‍්‍රහක ආදිය ගවේෂණයට මේ වගේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමටයි.




Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. ලංකාවත් එකක් යැව්ව කියලා කතාව තිබුනා. දැන් නම් යානාව කොහෙද කියලා නැහැ.

    ReplyDelete