HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මහ මඟ වාහන තදබදයට පිළියමක්. තනි රෝදේ වාහනයක්!

තනි රෝදේ වාහනේ හැටියට අප මෙතෙක් දැන සිටියේ විල්බරෝවයි. ඒත් නවීන ලෝකයට තවත් තනි රෝදයේ වාහනයක් ලබන මාසේ එනවා. එය නම් කර ඇත්තේ රීනෝ (RYNO) කියලයි.

මේක දැකපු ගමන් ඔබට මතක් වේවි, ‘සෙග්වේ’ (Segway) කියන වාහනය. ඒ ගැනත් අපි ඔබට ‘මල් කැකුළු’ තුළින් තොරතුරු ගෙනාවා මීට කලින්.

තනි රෝදයක් ඇති මේ අලූත් ම වාහනය විදුලි බැටරියකින් තමයි, කි‍්‍රයා කරන්නේ. ධාවන වේගය පැය සැතැපුම් 25ක්. ඒකට පුංචි ඉඩකින් වුනත් රිංගලා යන්න පුළුවන්. ඒ වගේම පුංචි ඉඩක ගාල් කරන්නත් පුළුවන්. ඒ සඳහා මුදල් අය කරන්නෙත් නැහැ.

 
මේ තමා රිනෝ තනි රෝදේ ස්කූටරය. බැටරියෙන් දුවන්නෙ. පැ.කී.මී 40ක (පැ.හැ. 25ක) උපරිම වේගයකින් ගියෑකි.

මේ සැලසුම් කර තියෙන්නෙ පෝට්ලන්ඞ්වල පිහිටුවා ඇති රීනෝ මෝටර්ස් සමාගමයි. ඔවුන් මෙය ඉදිරිපත් කරන්නෙ මාර්ග වාහන තදබදයට හා අධික රථගාල් ගාස්තුවලට පිළියමක් හැටියටයි.

රීනෝ වාහනය පදවද්දී ඔබට එහි වේගය වැඩි කරන්න ඕනෑ නම් ඔබට තියෙන්නෙ එහි ඉදිරියට බර වෙන එකයි. එතකොට වාහනේ වේගය ඉබේ ම වැඩි වෙනවා. ඒ වගේම මෙහි වේගය අඩු කරන්න අවශ්‍ය නම් සිරුර පසුපසට බර කරන්න ඕනෑ.

 
මේ වාහනය පදවද්දී වේගය වැඩි කරන්න නම් රියැදුරා ඉදිරියට බර වෙන්න ඕනෑ. වේගය අඩු කරන්න නම් පසුපසට බර වෙන්න ඕනෑ. ඒ වගේම මේක පෙරළෙන්නෙ නෑ, රියැදුරා වැඩිපුර කොයි පැත්තට හරි ඇල වුණොත් මේ වාහනය ඉබේම රියැදුරාව කෙළින් කරනවා.

සිරුර ඇළ කළාට මේක කොහොමවත් පෙරළෙන්නෙ නෑ, රියැදුරා වැඩිපුර කොයි පැත්තකට හරි ඇල වුණොත් මේ වාහනය ඉබේම රියැදුරාව කෙළින් කරනවා. ඒ විදියටයි මේක සැලසුම් කරල තියෙන්නෙ.

මේ වාහනේ වේගය පැ.කී.මී. 40ක් වුනත් නගර සීමාවල දී මේ වේගය ඉබේම 20කට අඩු කරනවා, වාහනයෙන් ම.

මේකෙ බර කිලෝ ග්?ම් 57ක්. සියයට 30ක බෑවුමක් ඇති කඳු පල්ලම් නඟින්න මෙයට පුළුවන්.

මේ අදහස ඔවුනට ඉදිරිපත් කළේ 2009දි. ඒ පාසල් දැරියක් විසින්. රීනෝ මෝටර්ස් ආයතනයේ ප‍්‍රධාන විධාක නිලධාරි කි‍්‍රස් හොෆ්මාන්ගේ දියණිය තමයි, මේ අදහස දුන්නේ.

ඇය පරිගණක කී‍්‍රඩාවක් කරමින් සිටියදී දුටු වාහනයක් ගැන විස්තර කොට ඇයට පාසල් යාමට එවැන්න තනා දෙන පියාගෙන් ඉල්ලීමක් කළා. එහි ප‍්‍රතිඵලයක් නිසයි මේ වාහනය නිපදවූයේ.

 
මේ රීනෝ සයිකලයක් බරින් කිලෝ 57ක්. මිනිත්තු 90කින් මෙහි බැටරියට විදුලිය ආරෝපණය කළ හැකියි.

 
මේ වාහනය ඇතුළත් කර ඇත්තේ ‘මොබිලිටි ස්කූටර්’ ගණයටයි. ඒ නිසා ඒවා පදිකයන් ගමන් කරන තැන්වල හා ගොඩනැගිලි ඇතුළේ පැදවිය හැකියි. මේක දුම්රියක් තුළට හෝ නිවසක් තුළට හෝ ගෙන යා හැකියි. ඕනෑම පුංචි ඉඩක ගාල් කර තැබිය හැකියි.

ඒ සමාගම කියන විදියට මිනිත්තු 90කින් බැටරියට විදුලිය ආරෝපණය කළ හැකියි.

හොෆ්මාන් කියන විදියට මේකෙ නැගිලා යන කොට බලන අයට හිතේවි තමන් වීඩියෝ කී‍්‍රඩාවක් නරඹනව කියලා.

මේක පදවන්න පුහුණු වෙන්න ගත වෙන්නේ පැයකටත් අඩු කාලයක්. ඒත් බලා ඉන්න අය හිතන්නේ ඔබ සර්කස්කාරයෙක් කියලයි.

මේ රීනෝ සයිකලය පළමුවරට ලෝකයේ අලෙවියට නිකුත් කෙරෙන්නේ ලබන මාසයේදියි.
මේ සයිකලයක් රුපියල්වලින් නම් හාර ලක්ෂ පනස් දාහක් විතර වේවි.

 
මේ රීනෝ සයිලකය සමග ඉන්නේ එහි නිර්මාතෘ රීනෝ මෝටර්ස්හී විධායක නිලධාරි කි‍්‍රස් හොෆ්මාන්. ඔහු මෙය නිපදවන්නට අදහස් කළේ දියණියගේ ඉල්ලීමක් නිසයි.






Post a Comment

2 Comments

  1. ලක්ෂ හතරකට පාඩු නැහැ... ආසාවෙන් බලනවා හැමදාම මේ බ්ලොග් එක...

    ReplyDelete
  2. ඔය වගේ ඒව බලන්න හැමදාම එන්නම් මමත්

    ReplyDelete