ඔහු නමින් රේ කුර්ශ්වීල්. (Ray Kurzweil) ඔහු තමයි, ගූගල් ආයතනයේ ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ වරයා. රේ කියන විධියට අපේ සිරුරේ හැම කොටසක් වෙනුවට යාන්ති‍්‍රකව තනන කොටස් අනාගතයේදී එක් කළ හැකි වේවි. හැබැයි ඒ හීනය හැබෑ කර ගන්න නම් තවත් අවුරුදු 90ක් විතර යාවි.
රේ කුර්ශ්වීල් මේ අනාවැකි පළ කළේ පසුගිය දා ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති අන්තර්ජාතික සම්මන්ත‍්‍රණයකදීයි. ඒ සම්මන්ත‍්‍රණය හඳුන්වා තිබුණේ අනාගතය ලෝකය 2045 අන්තර්ජාතික සමුළුව (Global Futures 2045 International Congress) කියායි.
ගූගල් ආයතනයේ ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ රේ කුර්ශ්වීල් කියන්නේ 2045 වන විට මිනිස් මොළය මුළුමනින් ම පරිගණකයකට ඇතුළත් කළ හැකි බවයි. එය හැඳින්වෙන්නේ තාක්ෂණිකව අපූර්වතාව(singularity)කට පත්වීමක් ලෙසයි. මේ බව ඔහු පළමුවරට හෙළි කළේ නිව්යෝක් නුවර පැවති අනාගත දැක්මක් ලෙස හැඳින්වූ සම්මන්ත‍්‍රණයකදියි.
අපූර්වතාව (SINGULARITY) යනු කුමක් ද?
තාක්ෂණිකව අපූර්වතාව කියා හැඳින්වෙන්නේ තාක්ෂණය යොදා ගෙන ‘සුපිරි බුද්ධියක්’ නිර්මාණය කිරීමක්.
මේ අපූර්වතාව යන්න දක්වන ඉංගී‍්‍රසි යෙදුම වූ සින්ගියුලරිටි’ (singularity) යන්න තාක්ෂණික මොළය සඳහා මුලින් ම යොදා ගත්තේ ජෝන් වොන් නියුමාන් යන ගණිතඥයායි. ඒ පනහේ දශකයේ මැද භාගයේදියි.
ඔහු එදා ඒ ගැන කීවේ මෙහෙමයි: ‘මානවයාගේ ජීවිතයේ ස්වරූපය තුළ සිදු වෙමින් යන වෙනස් වීම් හා තාක්ෂණික විද්‍යාවේ ප‍්‍රගතිය අනුව වර්තමානයේ අප දන්නා මානව කටයුතුවලට ඔබ්බෙන් ඇති තරගකාරී ස්වභාවය කෙතරම් ද යත් එහි කෙළවර තවදුරටත් ඉදිරියට යා නොහැකි ඒකලත්වයකට හෝ අපූර්වතාවකට පත් වෙන බව පෙනේ.’
මේ අදහස අනුව යෙදු අපූර්වතාව යන වදන ‘පරිගණක මොළයේ උපරිම බුද්ධිමය ස්වභාවය’ හැඳින්වීමට විද්‍යා ප‍්‍රබන්ධ කරුවකු වූ වර්නර් වින්ජ් (Vernor Vinge) සිය ප‍්‍රබන්ධ කතාවකින් උත්සාහ කළා.
මේ ආකාරයෙන් භාෂාවට එකතු වූ ‘සින්ගියුලරිටි’ (අපූර්වතාව) යන වදන නිව්මාන්ගේ ‘පරිගණකය හා මොළය’ යන කෘතියට ලියූ පෙරවදනෙහි තිබිලයි රේ කුර්ශ්වීල් මේ වදන ඔහුගේ දෙසුමේ දී උපුටා දක්වන්නේ.
වින්ජ්ගේ විද්‍යා ප‍්‍රබන්ධයේ දක්වා ඇත්තේ පරිගණකය උපරිම බුද්ධිය ළඟා කර ගන්නේ 2030 දීයි කියායි. එහෙත් රේ කුර්ශ්වීල් කියන්නේ එය සිදුවන්නේ 2045 දී පමණ වන බවයි.
2045 වන විට අනාගත ලෝකය කෙබඳු වේදැයි හෙළිදරවු කිරීම සඳහා වූ මේ සම්මන්ත‍්‍රණය පැවැත් වූයේ රුසියානු කෝටිපතියකු වූ දිමිති‍්‍ර ඉට්ස්කොව් (Dmitry Itskov) විසිනුයි.
‘දැනට පරිගණකය දියුණු කර ගෙන යන වේගය අනුව මිනිස් මොළයකට සමාන තත්වයකට එය පත් කරන්න නම් බිලියන ගුණයක් වැඩි දියුණු කරන්න ඕනෑ. ඒ අවස්ථාවේදී මිනිස් මොළයක ඇති සියලූ දෑ ගබඩා කර ගන්න හැකියාවක් පරිගණකයට ලැබෙනවා.’ යැයි රේ කුර්ශ්වීල් එහි දී කීවා. ඔහු මෙසේ සඳහන් කළේ වසර දෙකකට වරක් පරිගණකයේ බලය දෙගුණ වීමේ ප‍්‍රවණතාවක් ඇතැයි දැක්වෙන මූවර්ගේ න්‍යාය උපුටා දක්වමිනුයි. දැනට සිදු වන ජාන පර්යේෂණවල ප‍්‍රගතිය හා ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමයේ වර්ධනය සැලකිල්ලට ගෙන අනාගතයේ මෙසේ විය හැකි යැයි රේ කුර්ශ්වීල් පෙන්වා දෙනවා.
අනාගතයේ ඇති විය හැකි මේ වෙනස්කම් පිළිබඳව රේ කුර්ශ්වීල් පොත් දෙකක් ලියා තියෙනවා. එවා නම් ‘අපූර්වතාව ළඟ එයි’ යන අරුත් ඇතිව ‘ද සින්ගියුලරිටි ඉස් නියර්’ (The Singularity Is Near) හා ‘විස්මිත දිගු ගමන’ යන අරුත් දෙන ‘ෆැන්ටෑස්ටික් වොයේජ්’(Fantastic Voyage) යන කෘතීන් දෙකයි. රේ කුර්ශ්වීල්ට මේ සමුළුවට දේශනයක් සඳහා ආරාධනය කළේ ඒ පොත් දෙක නිසයි.
රේ කුර්ශ්වීල් ඔහුගේ ‘ද සින්ගියුලරිටි ඉස් නියර්’ කෘතියේ ‘අපූර්වතාව’ උදා වන තෙක් අනාගතයේ විය හැකි වර්ධනය වගු සටහනක් ලෙස දක්වා තියෙනවා.
මෙහිදී පරිගණකය ‘අපූර්වතාව’ට පත් වෙනවා යන්නෙන් ඩිජිටල් අමරණීයත්වයත් දැක්වෙනවා. ඒ අවස්ථාවේ දී අපට යමකුගේ බුද්ධිය ඩිජිටල් ක‍්‍රමයට ගබඩා කර සදහටම තබා ගන්න පුළුවන් වෙනවා, ඒ පුද්ගලයාගේ මරණයෙන් පසුවත්.
මෑතදී මොළය පිළිබඳ සොයා ගත් දේ ඒ සඳහා වැඩි දියුණු කර ගත් දේ මෙන්ම ජෛව කී‍්‍රයාකාරිත්වයන් වෙනුවට තාක්ෂණය යොදා ගෙන කරන ආදේශකයන් සාර්ථක වීම නිසා අනාගතයේදී ස්නායු ඉංජිනේරු විද්‍යාව අතින් මෙහි සාර්ථකත්වයක් ලැබිය හැකි වෙතැයි ඔහු විශ්වාසය පළ කරනවා.
මේ අතින් තාක්ෂණය අතින් ලබා ඇති ජයග‍්‍රහණ ගණනාවක් ගැන ‘ලයිව් සයන්ස්’ (LiveScience) වෙබ් අඩවියේ දක්වා තියෙනවා. කර්ණසංඛ බද්ධය එවැනි එකක්. එම බද්ධ කිරීම කර ඇත්තේ මොළයේ කර්ණසංඛ ස්නායුවටයි. එය ඉලෙක්ට්‍රොනිකව ඒ සනායුව උත්තේජනය කිරීම මගින් බිහිරි අයකුට නැවත ඇසීම ලබා දිය හැකියි.
අනෙක් නිදසුන් අතර ස්නායු පද්ධතියට හානි පැමිණි විට තාක්ෂණ විද්‍යාත්මකව චාලක ශක්තිය ලබා දීම ප‍්‍රධාන තැනක් ගන්නවා.
ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති අනාගතය පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ දී විශේෂ දේශනයක් පැවැත් වූ ගූගල් ආයතනයේ ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ රේ කුර්ශ්වීල් කීවේ ඉදිරි අනාගතයේ දී ජෛව කොටස් හැම එකකටම ජෛව නොවන කොටස් සවි කළ හැකිවන බවයි.
මේ වසරේ මුලදී කෝනෙල් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන් ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමය යොදා ගෙන කාටිලේජ ෙසෙල යොදා ගෙන බද්ධ කළ හැකි කනක් සාර්ථකව නිර්මාණය කළ බව ‘මල් කැකුළු’ තුළින් පවා කීවා ඔබට මතක ඇති.
ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමයෙන් ප්ලාස්ටික් අච්චුවක් නිර්මාණය කළ එයට පර්යේෂකයන් ඊළඟට කළේ ඒ කොලැජන් අච්චුවට අධි සාන්ද්‍රණයෙන් යුත් කොලැජන් ජෙල් පුරවා ඊට කාටිලේජ ෙසෙල එක් කිරීමයි. බද්ධ කිරීම සඳහා නව කන නිර්මාණය එහෙමයි.
මේ අන්තර්ජාතික සමුළුවේ දී කතා කළ යුනයිටඞ් තෙරපියුටික්ස් නම් ජෛව තාක්ෂණික ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරිනී මාටිනේ රොත්බ්ලැට් අනාගතයේ බිහි විය හැකි ‘මනස්ක්ලෝන’ (mindclones) ගැන සඳහන් කළා. ඒ මිනිස් මොළයේම ඩිජිටල් අනුරූ සැකසීමයි. ඒවා නොනැසී සාදාකල් පවත්වා ගෙන යා හැකියි. ඒ වාගේම ‘මනස්ගොනු’ (mindfiles) මගින් අපේ පෞද්ගලිකත්වයත් ගබඩා කර තබා ගත හැකියි.
රොත්බ්ලැට් තවදුරටත් කීවේ ඇගේ ආයතනය මනස් උපාංග (mindware) තැනීම පිළිබඳ පර්යේෂණ අරඹා ඇති බවයි, ඒ අනුව නුදුරු අනාගතයේ ම ජෛවී නොවන සිරුරු කොටස් තැනී ආරම්භ කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
මේ සංකල්පය රේ කුර්ශ්වීල්ගේ ‘ෆැන්ටෑස්ටික් වොයේජ්’ නම් කෘතියේත් සාකච්ඡා කෙරෙනවා. අමරණීයත්වයට පත් වීම හා ඒ සඳහා මිනිස් සිරුර වර්ධනය වන ආකාරය ගැන ඔහුගේ අදහස් කියනවා.
රේ කුර්ශ්වීල්ගේ ‘ද සින්ගියුලරිටි ඉස් නියර්’ කෘතියේ ඔහු පරිගණක විද්‍යා නියමයක් වූ මුවර්ගේ නියමය ගැන සඳහන් කරනවා. ගණනය කිරීමේ හැකියාව සාමාන්‍යයෙන් වසරකට වරක් දෙගුණ වන බවයි, ඒ නියමයෙන් කියවෙන්නේ. ඒ අනුව ‘අපූර්වතාව’ නම් පරිගණකයේ උපරිම තැනට ළං වීමට හැකි වන්නේ 2045දියි.
කුර්ශ්වීල් කියන්නේ, ‘අපි දැන් සිරුරේ වැදගත් කොටස් විශාල ප‍්‍රමාණයක් ජෛවී නොවන ඒවා යොදන තත්වයට පත් වෙලා. ඒ අනුව ළඟදීම ජෛවී කොටස්වල වැදගත් කම අඩු වේවි. ජෛවී නොවන කොටස් කෙතරම් බලවත් වේවි කීවොත් ඒවා ජෛවී කොටස් පාලන කරන තැනට පත් වේවි. ඒ වගේ ම ඒවා නැති වුනත් අපට එතරම් වෙනසක් නොදැනේවි.’ කියායි.
‘අවසානයේ දී අපට ජෛවී නොවන සිරුරු ඇති වේවි. නැනෝ (නිනිති) තාක්ෂණය යොදා ගෙන අපේ සිරුරු ගොඩ නැඟිය හැකි වේවි. ඒවා අභාසී සිරුරු (virtual bodies) ලෙසයි හැඳින්වෙන්නේ. ඒවා සැබෑ සිරුරුවල බොහෝ සේ සමාන වේවි.
‘අපට සිරුරක් අවශ්‍ය වන්නේ අපේ බුද්ධිය ඒ හරහා මෙහෙයවීමටයි. මේ අකාරයට අභාසී යථාර්ථය අනුව අපේ ජෛවී සිරුරේ, එනම්, මුල් සිරුරේ අඩ පණ වන කොටස් අලූත් කළ හැකි වූ විට සිරුර සම්පූර්ණයෙන් වෙනස් වීමට ඉඩ ඇති නිසයි, වෙනස් සිරුරක දෙවැනි ජීවිතයක් ගත කිරීමට අනාගතයේ දී හැකියාව ලැබේවි යැයි අප පවසන්නේ.’ ඔහු වැඩිදුරටත් කියනවා.
5 Comments
ඕක නොවෙන තරමට හොදයි කියලයි මටනම් හිතෙන්නේ.එකට ගොඩාක් හේතු තියනවා.
ReplyDeleteමම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්
වැදගත් ලිපියක් ඇත්තටම අපි අපෙ වටිනාකම හරියට දන්නවද
ReplyDeleteokanam oya kattiya hadanna kalin mama hadanawa
ReplyDeleteඅමරණීය වීම නම් හොඳ දෙයක්. හැබැයි ඩිජිටල් ක්‍රමේට.
ReplyDeleteලස්සනයි. කතාව ඒක දිගට කියවෙගන ගියා.
ReplyDelete