HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නව ගුවන් තැපැල් ක‍්‍රමයක්! නියමුවන් රහිත යානා මගින් ස්වයංකී‍්‍රයව කළ හැකියි!

තැපැල් කටයුතුවලට නියමුවන් රහිත ‘ඩ්‍රෝන යානා’ යොදා ගන්න දැන් සූදානම්! තැපැලෙන් ලියුම් විතරක් නෙවෙයි හදිසි ඖෂධ වර්ග හා අමතර කොටස් ආදිය කඩිනමින් ගෙන යාමත් කරන්න පුළුවන්.

සිලිකන් වැලි හී පිහිටි මැටර්නෙට් ආයතනය දැනටමත් ඩ්‍රෝන ජාලයක් ආරම්භ කර තියෙනවා හයිටි රාජ්‍යය හා ඩොමිනිකන් ජනරජය අතර.

ඒ දෙරට අතර සැතැපුම් හයක දුර කිලෝග‍්‍රෑම් 2ක බරක් ගෙන යාමට එයට පුළුවන්.

දැන් ඒ ආයතනය සැලසුම් කරන්නේ මේ බෙදා හැරීමේ ක‍්‍රමය ලෝක ව්‍යාප්ත කරන්නයි. ඩ්‍රෝන යානා ජාලයක් ඇති කර ලොව පුරා ලියුම්, ඖෂධ හා ඩ්‍රෝන යානා පියාසර කරවීමට පියසැරි මාර්ග පද්ධතියක් ඇති කරන්නයි. පියාසර කරන ඒවා ස්වයංකී‍්‍රයව බිම සිට දුරස්ථව මෙහෙය වන්නයි.

 
ඩ්‍රෝන තැපැල් සේවය කි‍්‍රයාත්මක වන්නේ මෙහෙමයි. මෙහි ඇත්තේ ඒ ඩ්‍රෝන යානාවක් ඒ සඳහා තනා ඇති විශේෂ කනුවකට පාර්සලයක් බාර දෙන ආකාරයයි. මෙම සේවාව ඖෂධ හා වෙනත් සැපැයුම් බෙදා හරින්නට අනාගතයේ යොදා ගන්නට ඒ ඇමරිකානු සමාගම බලාපොරොත්තු වෙනවා.

ඒවා කි‍්‍රයාත්මක වන්නේ මෙහෙමයි.

මැටර්නෙට් ඩ්‍රෝන යානාවලට සම්පූර්ණයෙන් ම ස්වයංකී‍්‍රයව කි‍්‍රයා කළ හැකියි. ඒවාට බෙදා හැරීම් කිරීම සඳහා විශේෂ තැපැල් කන්තෝරුවලට සමාන කුලූනු තනා තියෙනවා. ඒවා අහසින් ඇවිත් ඒ තැන්වල නැවතී ලියුම් හෝ පාර්සල් ලබා දී කලින් සැලසුම් කර ඇති පරිදි ඊළඟ ස්ථානය කරා යනවා. අවශ්‍ය නම් සිය බැටරි ආරෝපණය කර ගන්නත් මේ තැන්වලින් පුළුවන්.

මේ ඩ්‍රෝන යානා පාලනය හා බෙදා හැරීම සඳහා පැකේජ බාර දීමත් ස්වයංකී‍්‍රය පද්ධතියක් මගින් පාලනය කරන බව කියන මැටර්නෙට් සමාගම ඒ සඳහා ගුවන්ගමන් ගාස්තු ගෙවීම ඇණවුම් බාර දීම ආදියත් ජංගම දුරකථන මගින් කරන්න පුළුවන් බවයි.

මැටර්නෙට් සමාගම මේ යානාවල බැටරි ආරෝපණය සඳහා ළඟදීම ලොව පුරා විශේෂ සේවා සැපයුම් ස්ථාන පිහිටුවන්නත් සැලසුම් කරලා තියෙනවා.

දැනට මේ සමාගම සතුව ඇති ඩ්‍රෝන යානාවලට එක් වරක් බැටරි ආරෝපණය කළ විට යා හැක්කේ කිලෝමීටර් 10ක පමණ දුරක් විතරයි. ගෙන යා හැකි මුළු බර ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් දෙකක් පමණයි. මෙය වැඩි දියුණු කොට වැඩි බරක් වැඩි දුරක් යා හැකි යානා දැන් ඔවුන් විසින් තනා ගෙන යනවා.

ආයතනය බලාපොරොත්තු වන්නේ මෙම පද්ධතිය මුලින් ම පිටිසර ප‍්‍රදේශවලට හා රටවලට යොදා ගන්නයි. මෙහිදී විධිමත් මාර්ග පද්ධතියක් පවා නොමැති අයට මේ සේවය සැලසීම ප‍්‍රධානයි.

‘අපේ මෙම කාර්යයේ ඇති වැදගත්කම පෙන්වන්න හොඳම නිදසුන සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව ජංගම දුරකතනය පිළිගත් ආකාරය දෙස බැලීමයි.’ මැටර්නෙට් නිර්මාතෘ හා එහි විධායක ඇන්ඩි‍්‍රයස් රුප්ටෝපෝලස් පසුගිය දා කීවා.

‘අපට අවශ්‍යව ඇත්තේ සාම්ප‍්‍රදායික ප‍්‍රවාහන ක‍්‍රම පවා නැති ප‍්‍රදේශවල ජනතාව මේ නියමුවන් රහිත අහස් වාහන පද්ධතිය මගින් ඔවුනොවුන් අතර හා සෙසු ලෝකය සමග සම්බන්ධ කිරීමටයි. ඔවුන් ලෝකයෙන් හුදෙකලා වීම වළක්වන්නයි. මෙය ඔවුන්ගේ පැත්තෙන් බැලූවොත් දියුණුව පිණිස පනින ලොකු පිම්මක්.’

මේ වන විට මැටර්නෙට් සමාගම ඩ්‍රෝන යානා යොදා ගෙන හයිටි හා ඩොමිනිකන් ජනරජය අතර මේ අමුතු ගුවන් තැපැල් ක‍්‍රමය සාර්ථක පවත්වා ගෙන යනවා.

මේ තත්වය වැඩි දියුණු කොට ඉදිරියට ගෙන යාමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

අනාගතයේ දී හදිසි ආපදා අවස්ථාවල දී ලෝකයේ දුර බැහැර පළාත්වලට ඖෂධ වැනි දේ මේ මගින් යැවිය හැකි වී සුවිශේෂ වාසියක් වනවා නොඅනුමානයි.

 
මැටර්නෙට් ඩ්‍රෝන යානා යොදා ගෙන අනාගතයේ ලොව පුරා නගරවල ස්වයංකී‍්‍රයව ලිපි හා අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් බෙදා හරින ක‍්‍රමයක් ඇති කරන්නයි, ඔවුන් සැලසුම් කරන්නේ.

 
අපි‍්‍රකානු මහාද්වීපය හරහා මැටර්නෙට් ජාලය ඇති කිරීමට බලාපොරොත්තු වන ආකාරය හා දුර බැහැර පළාත්වල නියෝජිත ස්ථාන පිහිටුවන ආකාරය දැක්වෙන සිත්තරකුගේ සටහනක්.

 
මැටර්නෙට් ඩ්‍රෝන යානයක සැලැස්ම. ප‍්‍රවාහනය කරන ද්‍රව්‍ය රතු පැහයෙන් දැක්වෙනවා. එයට ගුවනින් යාමට ආධාර වන බමන තල සහිත ඩ්‍රෝන යානය ඉහළ.

නියමුවන් රහිත මේ අහස් යානා පද්ධතියක් ලොව පුරා කි‍්‍රයාවට නැංවිය හැකි වුවහොත් විශාල පෙරළියක් ලෝකය තුළ සිදු වනු ඇතැයි මැටර්නෙට් ආයතනය විශ්වාස කරනවා.




Post a Comment

1 Comments