නස්රුදින්ට මඟුල් ගෙදරකට යන්න ඇරයුමක් ලැබුණා. ඒ රටේ සිරිතක් තමයි, ගෙදරකට ගොඩ වෙන කොට සෙරෙප්පු දෙක දොරකඩ තියල ඇතුළු වෙන එක.
ඒත් කලින් වතාවෙ ඒ ගෙදරදි ඔහුගෙ සෙරෙප්පු දෙක හොරු ගත්තා නස්රුදින්ට හොඳට මතක තිබුණා. ඒ හින්දා ඔහු කල්පනා කළා සෙරෙප්පු දෙක ඒ ගෙදර දොරකඩ නොතියා යන්න.
එහෙම කල්පනා කරලා ඔහු ඒවා ඔහුගේ කබායේ ඇතුළු පැත්තේ තිබුණු සාක්කුවේ දමා ගත්තා.
”මොකක්ද ඔහෙගෙ ඔය සාක්කුවෙ තියෙන්නෙ? පොතක්ද?” ගෙහිමියා ඇහුවෙ නස්රුදින්ගෙ කබාය ටිකක් ඉස්සිලා තිබුණු හින්දයි.
”ඔව්” කියූ නස්රුදින්, ‘මේ මිනිහ හදන්නේ මගේ මේ සපත්තුවලටත් අනින්න වගෙයි’ කියල හිතලා, ”දන්නේ නැද්ද? මං ඉතින් හුඟක් කියවන මිනිහෙක් නෙ” කියල හඬ නඟලා කිව්වා.
”මොකක්ද ඔය පොත?” ගෙහිමියා ඇහුවා.
”මේක අපූරු පොතක්. ලියලා තියෙන්නෙ ‘ස්ථානෝචිත ප‍්‍රඥාව’ ගැන.”
”කොයි තරම් අපූරු ද?” කියා ඒ ගැන සතුට පළ කළ ගෙහිමියා ඊළඟට ඇහුවේ, ”කොහෙන්ද ඔය පොත ලබා ගත්තෙ?” කියලයි.
”මං ඔහෙට ඇත්තම කියන්නම් කො, මේක මං ගත්තේ සපත්තු හදන්නකුගෙන්.”
2 Comments
නස්රුදීන් කතා මාලා එදා පොඩි කාලේ වගේම අදත් රසයක් ගෙනෙනවා.
ReplyDeleteනස්රුදින් ගේ කතා ගොඩක් අහලා තිබුනට මේ කතාව ඇහුවේ අද.
ReplyDelete