මෙම විස්මිත වීඩියෝ පටිය තනා ඇත්තේ ඇමරිකාවේ මිචිගන්වල ග්රෑන්ඞ් රැපිඞ්ස්හී කාල් සැන්ෆෝඞ් විසින්. ඔහුත් මෙවැන්නක් නිපද වූ පළමු වැනි වතාව මෙයයි.
ඔහු කියුරියෝසිටි වෙබ් අඩවියෙන් තමයි, මේ සඳහා අවශ්‍ය මූලික රූප රාමු ලබා ගෙන ඇත්තේ. කියුරියෝසිටි රෝවරයේ ඉදිරිපස වම් පැත්තේ ඇති හැස්කැම් කැමරාවෙන් ලබා ගත් ඒ රූප එම්පීඊජී (MPEG) සංරූපයක් බවට හරවා ගත්තා. ඒක තමා විනාඩියක (තත්පර 60ක) වීඩියෝවක් ලෙස ගිය සතියේ යූටියුබ් එකට මුදා හැරියේ.
ඒ වීඩියෝව ඇරඹෙන්නේ කියුරියෝසිටි රෝවරයේ මේ දැවැන්ත සෙවණැල්ලෙන්.
මේ අපූරු වීඩියෝ පටය දැනටමත් අන්තර්ජාලය හරහා ලක්ෂ ගණනක් බලලා තියෙනවා. කියුරියෝසිටි අඟහරු මතට ගියේ 2012 අගෝස්තු මාසයේ 6 වැනිදායි.
එදා සිට මේ දක්වාත් ඒ රතු ග‍්‍රහයාගේ පෘෂ්ඨය රූ ගත කරමින්, විවිධ විමර්ශනවල යෙදෙමින් හා පස් පරීක්ෂා කරමින් එහි ඇති විශේෂ රසායානාගාරය තුළ විශ්ලේෂණය කරමින් පෘථිවියට වාර්තා එවනවා.
පසුගිය සතියේ රෝවරය ‘කම්බර්ලෑන්ඞ්’ යනුවෙන් නම් කර ඇති පාෂාණයක යටින් ඇති පස් අංශූ එයාගේ රොබෝ අතෙන් ඉවත් කර එම යානයේ ම ඇති රසායානගාරයේ දී පරීක්ෂණයට ලක් කළා.
මාර්තු මාසයේ දී ගේල් ආවාටයේ ඇති පස් පරීක්ෂා කර ක්ෂුද්‍ර ජීවීන්ට ජීවත් විය හැකි පරිසරයක්, එනම් ඒ සඳහා අවශ්‍ය මූලික රසායනික ද්‍රව්‍ය එහි අඩංගුව ඇති බව සනාථ කළා. වසර දෙකක් කාලයක් තිස්සේ පර්යේෂණ කිරීමට මෙම රෝවරය අඟහරු මතට යැවීමට හේතු වූ එක් කරුණක් තමයි, ජීවීන්ට පැවතීමට සුදුසු පරිසරයක් තිබේදැයි පිරික්සීම.
විද්‍යාඥයන් දැන් මහත් ඕනෑකමින් බලාපොරොත්තු වන්නේ දැනට රෝවරයේ ඇති රසායානගාරය තුළ පිරික්සුමට ලක් වන අඟහරු පෘෂ්ඨය විද ලබා ගත් පස් සාම්පලවල වැඩි විස්තර දැන ගැනීමටයි. ඒ පස් ලබා ගත්තේ ‘යෙලෝනයිෆ් බේ’ කියන ස්ථානයෙන්.
සිඳී ගිය පැරණි දිය පාරක් බඳු තැනක තිබී විද ලබා ගත් පස්වල ජීවය පැවතීමට අවශ්‍ය මූලිකම රසායනික ද්‍රව්‍ය ඇති බව සොයා ගනු ලැබුවා. ඒ රසායනික මූල ද්‍රව්‍ය වන්නේ සල්ෆර් හෙවත් ගෙන්දගම්, නයිට්රජන්, හයිඩ‍්‍රජන්, ඔක්සිජන්, පොස්පරස් හා කාබන්ය.
ඇමරිකාව මේ අඟහරු ලොවට යැවූ කියුරියෝසිටි රෝවර යානයට වැය වූ මුලූ මුදල ඩොලර් බිලියන 2.5ක්.
විද්‍යාඥයන් මීළඟට බලාපොරොත්තු වෙනවා රෝවරය ලවා ගේල් ආවාටය අසල පිහිටි කි.මී. 5ක් (සැ. 3ක්) උස කන්දක් කරණය කරවන්න.
ඒ ගැන විස්තර ඉදිරි ලිපියකින් බලාපෙරොත්තු වන්න.
දැන් අන්තර්ජාලයේ යූටියුබ් ඔස්සේ දැක ගත හැකි මෙතෙක් කියුරියෝසිටි යානය ගෙවූ ගමන ගැන තැනූ වීඩියෝ පටය නරඹන්න.
කියුරියෝසිටි රෝවරය අඟහරු මත යද්දී ගන්නා ලද ඡායාරූපයක්.
මේ විස්මිත වීඩියෝ පටිය තනා ඇත්තේ මිචිගන්වල ග්රෑන්ඞ් රැපිඞ්ස්හී කාල් සැන්ෆෝඞ් විසින්. ඔහු මෙවැන්නක් කළ පළමු වතාවයි, මේ.
මේ දැක්වෙන්නේ අඟහරු මතුපිට සටහන්ව ඇති කියුරියෝසිටි රෝවරයේ ටයර් සලකුණුයි.
කැණීම් කිරීම හා පස් එකතු කිරීම සඳහා කියුරියෝසිටි රෝවරයේ ඇති විශේෂ අත්.
අන්තර්ජාලය තුළ මේ වීඩියෝ පටියට තිබූ ඉල්ලූම කෙතරම්ද යත් කියුරියෝසිටි නිල ට්වීටර් වෙබ් අඩවියේ පවා එම වීඩියෝ පටිය සඳහා සබැඳියක් යොදා තියෙනවා.
කියුරියෝසිටි යානය - මේ මෙහෙයුම අතර මගදී පරිගණක ගැටලූ රැසක් එක පිට එක ආවත් කෙසේ හෝ ඒවා විසඳා ගෙන තවමත් මෙහෙයුම පැවැත් වෙනවා. විද්‍යා පරීක්ෂණ කිසිවක් අඩාල වුණේ නැහැ.
රෝවරයේ එක් දිගු අතක සවි කළ කැමරාවකින් ගත් පසෙහි ඡායාරූපයක්. යානය මේ පාෂාණය උඩින් එය බිඳී ගියා. එයින් පාෂණයෙහි ඇතුළත වෙනස් පැහැයක් ඇති බව හෙළි වුණා.
--සම්බන්ධිත පුවත් --
- පෘතුවියෙන් ගිය ‘කුතුහලය’ රතු ග්‍රහයාට බසින්න සූදානම්!
- නාසා ආයතනයේ ‘කුතුහලය’ අඟහරුට ගොඩ බසියි. අඟහරු හා සම්බන්ධව මෙතෙක් තබා ඇති ලෝක වාර්තා මෙන්න!
- අනාගතයේ අඟහරු වෙත යන රෝවර් යානාවලට ‘බලූ පුරුද්දක්’ එක් වේවි!
- අඟහරු ගිය නාසා යානයට පෙනුණු ‘අබිරහස් ආලෝකය’ සහ ‘සපත්තුව’!
- අඟහරු යානය දැන් බරට වැඩ! පස් පුළුස්සා තොරතුරු එවයි!
- අඟහරු වෙත ගිය කියුරියෝසිටි යානය අඟහරු මත වායුව ආඝ්‍රාණය කර බලයි!
- ‘කුතුහලයා’ රතු ග්‍රහයා මත සිට චන්ද්‍ර ග්‍රහණයක් දකියි! එහි පැහැදිලි පින්තූර පොළොවට එවයි!
- අඟහරු ග‍්‍රහයාගේ පස් පොළොවට ගෙනෙන හැටි! කියුරියෝසිටි යානා පොකුරක් යවා පස් ගේන යෝජනාවක්!
- කුතුහලය යානය පළමුවරට අඟහරු සිදුරු කරයි! තවත් තැනකින් ‘ඇඟිල්ලක්’ මතු වෙයි! අඟහරු ලොවෙන් අපූරු තොරතුරු!
- කැසිනි යානය එවූ දුලබ රුවක්! ශනි ග‍්‍රහයාගේ වළලූ අතරින් පෙනෙන මේ ග්‍රහයා හඳුනා ගන්න
- අඟහරු ලොවේ පානීය ජලය තිබෙනවා! නාසා ආයතනයට ඔත්තුව ආවේ ‘කුතුහලයා’ගෙන්!
2 Comments
ලිපිය නම් නියමයි. youtube link ඒකත් දාන්න පුළුවන්ද?
ReplyDeleteOh friend, Why are you so silent for days.
ReplyDeleteThis is the best blog I've ever read.
Please continue when you free..
Good luck.