HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කි‍්‍රකට් කී‍්‍රඩාවේ පෙරළියක් කළ ‘උකුසු ඇස’ (Hawk-eye) දැන් පාපන්දු පිටියටත්!

කි‍්‍රකට් හා ටෙනිස් කී‍්‍රඩාවල පෙරළියක් කළ ‘හෝක් අයි’ තාක්ෂණය පාපන්දු කී‍්‍රඩාවටත් යොදා ගැනීමට යන බව පසුගිය දා එංගලන්තයෙන් වාර්තා වුණා. මෙය පාපන්දු ලෝලයන්ගේ සතුටට කරුණක් වේවි.

‘හෝක් අයි’ යන්නෙහි අරුත ‘උකුසු ඇස’ යන්නයි. කි‍්‍රකට් හා ටෙනිස් කී‍්‍රඩා ලෝලීන්ට නම් ‘හෝක්.අයි’ තාක්ෂණය නුහුරු දෙයක් නොවෙයි. ටෙලිවිෂනයෙන් ඒ කී‍්‍රඩා නරඹන ඔබට ලැසිචලන ප‍්‍රතිවාදනවලදී පන්දුව ගිය මාවත දැක ගත හැකි වන්නේ මේ ‘හෝක්xඅයි’ තාක්ෂණය නිසයි. පන්දුව හයේ පහරක් නම් එය ගිය මාවත පමණක් නොව, එය කෙතරම් දුරක් ගියාද කියා දැන ගන්නේ ද මේ තාක්ෂණය නිසයි. පන්දුව නිසි තැන පතිත වී පසුව ඉපිලී විත් කී‍්‍රඩකයාගේ පාදයේ වැදී ඔහු දැවී ගියාද, කී‍්‍රඩකයා පාදය හරස් නො කළා නම් විකට්ටුවේ වදින්නේ ද ආදී වශයෙන් කී‍්‍රඩා විනිශ්චයේ දී හා කී‍්‍රඩා විස්තර විචාරයේ දී මේ තාක්ෂණය උපයෝගී කර ගන්නා ආකාරය ඔබ කොතෙකුත් දැක ඇති.


‘හෝක් අයි’ යනු අති නවීන මෙන්ම ඉතාමත් සංකීර්ණ පරිගණක පද්ධතියකි. එමගින් සිදු වන්නේ පන්දුව ගමන් කරන ආකාරය ටෙලිවිෂන් කැමරා මගින් ලබා ගෙන එහි ගමන් මග ඩිජිටල් ක‍්‍රමයට නිරූපණය කිරීමයි. පන්දුවක් එතෙක් ආ මග කැමරාවෙන් පෙන්වා පන්දුවේ පරාචක‍්‍රයේ ඉතිරි කොටස ගණිතමය ආකාරයෙන් විශ්ලේෂණය කොට ප‍්‍රතිවාදනයේ දී රූප රාමුව තුළ එසැණෙන් දැක්වීමට හැකි වීම මේ හෝක් අයි තාක්ෂණයේ විශේෂත්වයයි. මෙය දැනට කි‍්‍රකට් කී‍්‍රඩාවේදී විනිශ්චය සඳහා සහය වෙනවා පමණක් නොව කී‍්‍රඩා විස්තර විචාරයේ දී ද විශාල මෙහෙවරක් ඉටු කරනවා. නරඹන්නාට කී‍්‍රඩාව නැරඹීමේ දී නවමු අත්දැකීමක් ද ලබා දෙනවා.

මේ හෝක් අයි ක‍්‍රමය මුලින් ම ආවේ 2001දියි. මෙය ඉදිරිපත් කළේ ලෝක ප‍්‍රකට සීමන්ස් ඉංජිනේරු ආයතනයට අනුබද්ධ රෝක් මැනර් රිසර්ච් ආයතනයේ ඉන්ජිනේරුවන්ගේ දෙදෙනෙක්. ඒ ආචාර්ය පොල් හෝකින්ස් හා ඬේවිඞ් ෂෙරී යන දෙදෙනායි. (මෙයට ‘හෝක් අයි’ කියා නම් කර ඇත්තේ හෝකින්ස්ගේ නම අනුවයි.) ඔවුන් දෙදෙනා මේ සඳහා එක්සත් රාජධානිය තුළ හිමිකම් බලපත‍්‍රයක් ඉල්ලූම් කළ ද පසුව එය ඉවත් කර ගෙන මෙම තාක්ෂණය හෝක් අයි ඉනොවේෂන්ස් නමින් අලූත් සමාගමක් යටතේ ලියාපදිංචි කර තියෙනවා. ඒ සමාගමට සන්සෙට් හා වයින් නම් ටෙලිවිෂන් නිෂ්පාදන සමාගමක් ද හවුල් වී තියෙනවා. 2011 දී සිට මෙහි පූර්ණ අයිතිය ඇත්තේ සෝනි ආයතනය සතුවයි.

දැන් හෝක් අයි තාක්ෂණය පාපන්දු කී‍්‍රඩාවටත් යොදා ගැනීම පිණිස සලකා බලා ගෙන යන බවද අත්හදා බැලීමක් වශයෙන් මෙය ඉදිරියේ දී පැවැත්වෙන එංගලන්තයේ පි‍්‍රමියර් ලීග් තරගාවලියට යොදා ගන්නා බවද මෙහි නිර්මාතෘ ආචාර්ය පෝල් හෝකින්ස් කියයි.

මෙය පි‍්‍රමියර් ලීග් පාපන්දු කී‍්‍රඩා තරගවලදී යොදා ගැනීමට යන්නේ හෝක් අයි ගෝල් ලයින් තාක්ෂණය නම් නව පද්ධතියක් සමග ඒකාබද්ධ කොට ගෙනයි. මේ සඳහා එක් කී‍්‍රඩා පිටියකට පවුම් ලක්ෂ දෙහමාරක් වැය වෙතැයි ගණන් බලා තියෙනවා.


ගෝල් ලයින් තාක්ෂණය යටතේ පරිගණක රූප සටහන් පෙන්වා තීන්දුව තත්පරයකින් අඩක කාලයක් ඇතුළත ලබා දීම අවශ්‍ය බව පාපනුද් සම්මේලනයේ විශේෂඥයන් දන්වා තිබෙනවා. එයට නිෂ්පාදකයන් දැනටමත් එකඟ වෙලා ඉවරයි. ඒ අනුව ඉදිරියේ එන පි‍්‍රමියර් ලීග් තරගවලට එය යොදා ගනීවි.

එෆ්අයිඑෆ්ඒ මහ ලේකම් ජෙරොමි වැල්ක් කියන්නේ ඒ පද්ධතියේ නිෂ්පාදකයන් එහි සාර්ථකත්වය ගැන සියයට සියයක් වග කියන්නේ නම් අනාගතයේ සියලූම තරඟවලට මේක‍්‍රමය යොදා ගැනීමට අනුමැතිය දෙන බවයි.

මේ හෝක් අයි තාක්ෂණයට තවත් පද්ධති කීපයක් දැන් බිහිවෙලා තියෙනවා. එයින් ගොල් රෙෆ් කියන ක‍්‍රමයටත් මේ සමග ම අත්හදා බැලීම සඳහා අවස්ථාව දීලා තියෙනවා.

මේ ‘හෝක් අයි’ තාක්ෂණය මුලින් ම භාවිත කළේ චැනල් 4 රූපවාහිනියෙන්. ඒ 2001 මැයි 21 වැනිදා එංගලන්තයත් පාකිස්තානයත් අතර එංගලන්තයේ ලෝඞ්ස් පිටියේ දී පැවති ටෙස්ට් තරගයේදියි. එදා එය යොදා ගත්තේ පන්දුව ගලා යන ආකාරය ලැසිචලන ප‍්‍රතිරූපණයෙන් දක්වමින් රූපවාහිනී විස්තර විචාරය ඔපවත් කරන්නයි.


ඉන්පසු 2008/2009 වකවානුවේ දී අයිසීසී ආයතනය මේ ක‍්‍රමය විනිශ්චය සඳහා තෙවැනි විනිසුරුවකුට යොමු කිරීමට යොදා ගත්තා. ඒ, පිතිකරු පන්දුව මුවා කළ වරදට හසුකර ගැනීමේ දී දෙපිල අතර එකඟත්වයක් නැති විටයි. එහි දී තෙවැනි විනිසුරුට අවස්ථාව ලැබුණා, පන්දුව පිතිකරුගේ පාදයේ වැදෙන මොහොත තෙක් ගලා ආ අන්දම ලැසිචලන ප‍්‍රතිවාදනය මගින් දැක ගන්න.

ඒත් පාදය වැදුණු තැන් සිට ‘පාදය ඉවත් කොට’ පන්දුව විකට්ටුවට යන්නේ ද යන්න එදා ඔහුට බලන්නට හැකියාව තිබුණේ නැහැ. ඒ නිසා ඔහු තීරණය දුන්නේ පන්දුව පාදයේ වැදුණු ආකාරය දෙස බලලයි.

දැන් එය කි‍්‍රකට් විස්තර විචාරයට හා විශ්ලේෂණයේ දී ප‍්‍රධාන වශයෙන් ප‍්‍රයෝජනයට ගන්නවා. එහි දී පන්දුව පිතිකරුගේ පාදය ඉක්මවා යන ආකාරය හා එය විකට්ටුවේ වදිනවාද යන්න නරඹන්නාට ඒ මොහොතේම ප‍්‍රතිවාදනයෙන් දැක ගත හැකියි. මෙහි නිවැරදි බව සියයට සීයක්ම නැතැයි විවාදයක් ඇතත් අද මෙය කි‍්‍රකට් නැරඹීම ආස්වාදජනක එකක් කිරීමට උදවු වෙනවා.

දැන් පාදය මුවා කිරීමේ වරද ගැන තීරණයක් දීමට විනිසුරු හෝක් අයි තාක්ෂණය යොදා ගන්නේ කරුණු තුනක් පදනම් කර ගෙනයි.
  • පන්දුව පතිත වන එල්ලය
  • පිතිකරුගේ පාදයෙහි පන්දුව වදින තැන
  • පිතිකරු පසුකර පන්දුව ගලා යතැයි දැක්වෙන මාර්ගය
මේ කරුණු විමසා බලා පිටියේ දී දෙන තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරෙනවා.

මේ හැරෙන්නට පන්දුව යන සැබෑ වේගයෙන් ඒ අවස්ථාව තිරයෙන් පෙන් වූ පසුව පන්දු යවන්නාගේ පන්දු යැවීමේ රටාව දැක්වීමටත් මේ හෝක් අයි උදවු කර ගන්නවා. කී‍්‍රඩාව අතරතුර පන්දු යවන්නා ගැන පූර්ණ වාර්තාවක් මේ ක‍්‍රමයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්.

පිතිකරුටත් මේ ක‍්‍රමයෙන් වාසි සැලසෙනවා. පිතිකරු පන්දු පහර පිටිය තුළ එල්ල කළ ආකාරය එක රූප රාමුවකට ගොනු කර වර්ණ රේඛාවලින් දක්වන්න පුළුවන්. පිතිකරුට එල්ල වුණු පන්දු ඔහු ඉදිරියේ පතිත වූ ආකාරයත් ඒ පන්දුවේ ප‍්‍රතිඵලයත් විවිධ වර්ණවලින් දක්වන්න පුළුවන්. පන්දු යවන්නා ඒ පන්දු යැවූ වේගයත් එවේලේම දක්වන්න පුළුවන්.



Post a Comment

0 Comments