HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මැක්කන් හා මදුරුවන්ගේ ලෝකයේ විස්මිත දසුන්! නොපෙනෙන යළිත් වරක් එබී බලන්න!

පියවි ඇසට නොපෙනෙන ලෝකයේ විස්මිත දේ නොයෙක් විට ‘මල් කැකුළු’ ගෙනාවා ඔබට මතක ඇති. මෙවැනි රූප බැලීමෙන් ම පමණක් ඔබට ලිපි ගණනාවකින් ලද හැකි දැනුම එසැණින් මනසින් උකහා ගන්න පුළුවන්. මේ තවත් එවැනි අමුතු ලෝකයක්.

මේවා බැලූ බැල්මට පෙනෙන්නේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක දසුන් වගෙයි. ඒත් මේවා ඇත්තෙන්ම අන්වීක්ෂයක් තුළින් විශාලනය කළ සමීප රූප සිය මැක්කන්ගේ, මදුරුවන්ගේ හා වෙනත් කුඩා සතුන්ගේ.

 
මේ දිය මැක්කා හැඳින්වෙන්නේ පොලිෆෙමස් (Polyphemus) කියායි. උගේ අඬු විහිදී ඇති ආකාරය විස්මයජනක ලෙස ඩැනියෙල් ස්ටුපින් විසින් ඡායාරූපයට හසු කර ගෙන තියෙනවා.

 
මදුරුවකුගේ හිසක සමීප රූපයක්.

ඡායාරූප ශිල්පියකු හා සාගර ජීව විද්‍යාඥයකු වූ ඩැනියෙල් ස්ටුපින් (Daniel Stoupin) තමයි, කුඩා සාගර ජීවීන්ගේ රූප කැමරාවට නගා ඇත්තේ. සම්පූර්ණයෙන් ම වාගේ විනිවිද පෙනෙන සිරුරැති මේ සතුන් ඔහුගේ කැමරාවට හසු වෙද්දී විවිධ වර්ණ පරාවර්තනය කළා.

මුහුදු පැළෑටිවල සිට දිය මැක්කන් හා මදුරුවන් දක්වා ඔහුගේ මේ ඡායාරූප කෙතරම් සමීපව රූගත කර තිබෙනවාද කීවොත් ඔබට එක්වරම ඒ සතුන් අඳුනා ගන්නවත් බැරි තරම්.

මේ ඡායාරූප ගත් ඩැනියෙල් ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙක්. ඔහු කියන්නේ, තමා ඡායාරූපයට නගන ඉතා කුඩා වස්තූන් කැමරාවට හසු කර ගැනීමට, එනම් දැන් ඔහුගේ ඒ අවශ්‍යතා සඳහා සාම්ප‍්‍රදායික ඡායාරූප ශිල්ප ක‍්‍රමය ප‍්‍රමාණවත් නැති බවයි.

”අන්වීක්ෂයෙන් මා දකින කුඩා ජීවීන්ගේ සිරුරු කොටස් ඉසියුම් ලෙස සිහින්වයි, තැනී ඇත්තේ. ඒවාගේම ඒ සිරුරු බොහෝ විට විනිවිද පෙනෙනසුලූයි. සියලූ ම ආලෝකයන් ඔවුන්ගේ සිරුරුවලට උරා ගන්නට බැහැ.” ඔහු පවසනවා.

මේ හේතුව නිසා ඔහු අපට සපයා ඇති සතුන් බොහොමයක් ම අපට පෙනෙන්නේ වීදුරුවලින් නිමවා ඇති ආකාරයටයි.

 
මදුරුවකුගේ සමීප දසුනක්. කෙඳි සහිත සිරුර හා උරස ඔබට දැක ගත හැකියි.

 
කොපෙපොඩාවා (Copepod) නම් කුඩා සාගර ජීවියාගේ සමීප දසුනක්.

”මා හුඟක් සතුන්ට පි‍්‍රය කරනවා. විශේෂයෙන් ම අපෘෂ්ඨවංශිකයන්, ඒ කියන්නේ කොඳු ඇටය රහිත සතුන් මගේ අවධානයට ලක් වෙනවා.”

”මට ඉතා කලාතුරකින් තමයි, හමු වන්නේ ඉතා හොඳ පින්තූර අන්වීක්ෂය ඔස්සේ බලන විට මේ කුඩා සතුන්ගේ. ඒ නිසා ඔවුන් දෙස නව ඇසකින් බලන්න කල්පනා කළා.” ඔහු කියනවා.

”දැන් මගේ විනෝදාංශය කර ගෙන තියෙනවා, අන්වීක්ෂය තුළින් පියවි ඇසට නොපෙනෙන ඡායාරූප ගැනීම හා වීඩියෝ ගත කිරීම. මා ඉගෙන ගන්නා විද්‍යාත්මක පරිසරයෙන් මට ලොකු සහයක් ලැබුණා, මේ අතින් මගේ හැකියාවන් වැඩි දියුණු කර ගන්න.” ඔහු වැඩිදුරටත් කියනවා.

ඔහු දැන් ආචාර්ය උපාධිය සඳහා සාගර ජීව විද්‍යාව හදාරනවා.

 
හයිඩ‍්‍රාගේ (Hydra) ග‍්‍රාහිකාවන් විහිදි ඇති අන්දම. මේ මිරිදිය වාසී සතෙක්. බොහෝ විට යමකට ඇලී සිටියත් මේ අවස්ථාවේ ඌ ජලයේ පාවෙනවා.

 
දිය මැක්කකුගේ සමීප රූපයක්. මෙයත් අනෙක් රූප මෙන් ම අන්වීක්ෂයක ආධාරයෙන් තමයි, ස්ටුපින් මෙයාව කැමරා ගත ඇත්තේ.

 
මේත් මදුරුවකුගේ සමීප රූපයක්. සිරුර විනිවිද පෙනෙනසුලූයි.

 
බ‍්‍රයෝසෝවා (Bryozoa) හෙවත් පොලිසෝවා නම් සමූහවාසී වූ ජලජ සත්ව විශේෂයක කොටසක සමීප රූප.


Post a Comment

1 Comments