HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දතකින් හෙළි කර ගත් වසර ලක්ෂයක් පැරණි රහසක්! විස්මයජනක පර්යේෂණයක්!

නියැන්ඩර්තාල් මවුවරුන් වර්තමාන මානවයන් මෙන් ළදරුවන්ට වසරකට වැඩි කාලයක් දරුවන්ට මවු කිරි දුන් බව අලූත් ම පර්යේෂණයකින් හෙළි වී තියෙනවා.

ළදරු දතක් ඇසුරෙන් කළ රසායනික විශ්ලේෂණයකින් විද්‍යාඥයන්ට හැකි වී තියෙනවා හෙළි කර ගන්න ඒ දතේ හිමිකරුගේ මව ඔහුට මාස හතක් පමණ මවුකිරි පමණක් දී ඇති දැඩි කළ බව. ඒ විතරක් නෙවෙයි, ඝන ආහාර ගන්නා ගමන් තවත් එවැනිම කාලයක් කිරි උරා බිව් බවත් හෙළි වී තියෙනවා.

මවුකිරි දීම ශාක හා ධාන්‍ය ආහාරවලට මාරු කිරීම දත්වල එනමලයෙහි බේරියම් පැතිරී ඇති ප‍්‍රමාණයේ වෙනස්කම් දෙස බැලීමෙන් හඳුනා ගන්න පුළුවන්.

මේ ක‍්‍රමයට තමයි, ඇමෙරිකාවේ නිව්යෝක්හී මවුන්ට් සිනායි වෛද්‍ය විද්‍යාලයේ සහය මහාචාර්ය ආචාර්ය මානිෂ් අරෝරා (Dr Manish Arora) හා පර්යේෂණ කණ්ඩායම මේ තොරතුරු හෙළි කර ගත්තේ. ඔවුන්ගේ විමර්ශනය ලක් වූයේ මීට වසර ලක්ෂයකට පමණ පෙර බෙල්ජියමේ ලෙනක විසූ වසර 10ත් 12ත් අතර වයසේ ළමයකුගේ මුල් කාලයේ ජීවිතය පිළිබඳවයි.

වර්ධන හා ප‍්‍රජනන අනුපාතයන් ගැන විමසන විට කිරි වැරීම ඉතා වැදගත් වෙනවා.

 
ති‍්‍රමාන හැඩයකට සැකසූ දතක්: දතෙහි වර්ධන රේඛාවල බේරියම් හා කැල්සියම්වල සාපේක්ෂ ප‍්‍රමාණයන් මැන බැලීමෙන් (වර්ණයෙන් දක්වා ඇති) විද්‍යාඥයන් පෙන්වා දුන්නා නියැන්ඩර්තාල් ළදරුවා ඝන ආහාර ගැනීමට පටන් ගත්තේ ඉපදී මාස 14කට පසුව විය හැකි බව.

පමා වී කිරි වැරීම සෞඛ්‍යය අතින් වාසි ගෙන දෙන්නක් විය හැකියි. එය කලින් සිදු වූ විට ළඟ ළඟ උපත් බිහි විය හැකියි. එය ජනගහනයේ වර්ධනයට පමණක් නොව වර්ගයාගේ පරිණාමයට හා සාර්ථකත්වයට බලපෑ හැකියි.

මවුකිරි දීම නවතා ශාක හා ධාන්‍ය ආහාරවලට හුරුකර වීම දත්වල එනමලයෙහි බේරියම් ව්‍යාප්ති වී ඇති ආකාරයේ වෙනස්කම්වලින් හඳුනා ගත හැකියි.

පර්යේෂකයන් කියන්නේ මානවයන්ගේ කිරී වැරීම පරිණාමය වූ ආකාරය අවබෝධ කර ගැනීම සීමා වී ඇත්තේ ආහාර මාරු කිරීමේ ස්වභාවය හා කාලය දැක්වීමට විශ්වාසය තැබිය හැකි සලකුණු ක‍්‍රමයක් නැති නිසයි.

 
මේ නියැන්ඩර්තාල් දරුවාගේ දත්වල ඇති බේරියම් මට්ටම් පෙන්වා දෙන්නේ උපතින් පසු දින 227කට පසු මවුකිරි දීම අඩකින් අඩු වූ අතර දින 435කට පසුව එය මුළුමනින් ම නවතා දමා ඇති බවයි.

මවුකිරි හඳුන්වා දීමේ පටන් වෙනත් අතිරේක ආහාර හඳුන්වා දීම දක්වා සිදු වන ආහාර වෙනස් කිරීම් දන්ත එනමලයෙහි බේරියම් ව්‍යාප්ත වී ඇති ආකාරය මගින් නිවැරදිව පිළිබිඹු වන බව දැන් හොඳින්ම පැහැදිලි යයි මේ පර්යේෂකයන් පෙන්වා දෙනවා.

මානවයන් හා මකැක් වානරයන් යොදා කළ අත්හදා බැලීම්වලින් හෙළි වුණා, මවුකිරි දෙන කාලයේ දී බේරියම් මට්ටම වැඩි වී පසුව කිරි වැරීම සිදු වූ පසු එක්වරම බේරියම් මට්ටම පහත වැටුණු බව.

නියැන්ඩර්තාල් දරුවාගේ චාර්වක හෙවත් ඇඹරුම් දත අධ්‍යයනය කිරීමේ දී පෙනී ගියා ඔහු සත් මසක් ඍජුවම මවුකිරි ලබා ඇති බව. එපමණක් නොව එතැන් සිට තවත් සත් මසක් මවුකිරි සමග අතිරේක ආහාර ලබා ඇති බවත් මවුකිරි සම්පූර්ණයෙන් නතර කර ඇත්තේ එයින් පසුව බවත් එමගින් සොයා ගත්තා.

නිව්යෝක් මවුන්ට් සිනායි වෛද්‍ය විද්‍යාලයේ දන්ත වෛද්‍ය අංශයේ සහය මහාචාර්ය ආචාර්ය අරෝරා කියන්නේ, ”මුල් වියේ දී විශාල වශයෙන් ආහාර රටාවන් වෙනස් වීම නිසා දන්ත පටකවල සංයුතියේ ඇති වුණු වෙනස් කම් රැසක් අපට දැක ගන්න ලැබුණා” කියායි.

”මිනිස් දරුවන්ගේ හා අල්ලා ඇති දැඩි කරන මකැක් වානර පැටවුන්ගේ දත්වල වෙනස් වීම් හා ඒවාට බලපෑ ආහාර රටාවල වෙනස් වීම් ගැන වාර්තා සසඳන්න අපට අවස්ථාව ලැබුණා. එහි දී බේරියම් ව්‍යාප්ත වී තිබූ අන්දම පැහැදිලිව ම පෙන්නුම් කළා, මවුකිරි පැටවුන්ට හඳුන්වා දුන් අවස්ථාව හා කිරී වැරීමේ කි‍්‍රයාවලිය ඇතුළත් කාල වකවානු ගැන.

”ඒ වගේ ම අප වාර්තා තබා ගත්තා, මධ්‍ය පේලියෝලිතික යුගයේ නියැන්ඩර්තාල් ගැටවරයන්ගේ ආහාර රටාවල වෙනස්කම් ගැනත්. එයින් අපට, ඒ අය මුල් මා හත තුළ මවුකිරි පමණක් දුන් බවත්, ඊළඟ මාස හත තුළ මවුකිරි දෙන අතර අතිරේක ආහාර දුන් බවත් පැහැදිවම පෙනී ගියා.

”මේ අවස්ථාව වන විට එනැමලයේ බේරියම් මට්ටම සමාන්‍යයෙන් මාපියන් තුළ තිබිය යුතු මට්ටමට වැටෙනවා. වසර 1.2කකට පස් එක්වරම මවුකිරි දීම අත්හිටවූ බව පැහැදිලි වෙනවා.”

නියැන්ඩර්තාල් සොහොන් බිම් ඔවුන් ජීවත් වූ ලෙන් පිරික්සීමේ දී පර්යේෂකයන්ට පැහැදිලි වුණා, ඔවුන් වනාචාරී ජාතියක් නොව කුඩා පවුල් ඒකක වශයෙන් ජීවත් වූ පිරිසක් බවත් ඒ කණඩායම් අතර අන්‍යොන්‍ය සම්බන්ධතා පැවති බවත් පර්යේෂකයන්ට පැහැදිලි වුණා.

එපමණක් නොව ඔවුන් දරුවන්, මහලූ වියට පත් වැඩිහිටියන් හා රෝගී වුවන් ආදිය රැක බලා ගත් බවත් එහි දී කරුණු හෙළි වුණා.

නියැන්ඩර්තාල්වරුන් ළදරුවන් හා වැඩිහිටියන් මියගිය විට ශෝක වූවා පමණක් නොව ඔවුන් මිහිදන් කිරීම ද කළ බව පුරාවිද්‍යා ගවේශකයන්ගේ විශ්වාසයයි.

එසේ ම කථා කිරීමේ ආරම්හය ද ඔවුන්ගෙන් සිදු වූවක් ලෙස සැලකෙනවා. ඒ විතරක් නොවෙයි පැරණිතම ලෙන් චිත‍්‍ර ද ඔවුන්ගේ නිර්මාණ සේ විශ්වාස කරනවා.

ආචාර්ය අරෝරා කියන්නේ, ”නියැන්ඩර්තාල්වරුන් පි‍්‍රමාටේසයන් අතර වැඩිම කාලයක් මවුකිරි දුන් අයයි. ඒත් හදිසියේ ම පැටවුන් කිරි උරා බීම අත්හළේ කුමක් නිසාදැයි යන්න අබිරහසක්.” කියායි.

පර්යේෂණයට භාජනය වූ මේ නියැන්ඩර්තාල්වරුන්ට සමානව අනිත් මානව වර්ග ද, විශේෂයෙන් හොමිනොයිඩයන්, එනම්, දඩයමේ ගිය මානවයන්, වනගත චිම්පන්සින් වැනි සතුන් ද මාස හයක් පමණ කාලයක් මවුකිරි පමණක් දී ඉන්පසු මවුකිරි සමග අතිරේක ආහාරවලට පැටවුන් හුරු කළ බව දැන් පැහැදිලි වී තිබේ. එහෙත් ඒ අතර නියැන්ඩර්තාල්වරුන් වඩා ඉදිරියෙන් සිටි බවයි මේ පර්යේෂකයන්ගේ පිළිගැනීම වන්නේ.

 
මවුකිරි ලබා දුන් කාලය අනුව මේ දරුවාගේ දත්වල බේරියම් රටාවන් වෙනස් වී ඇති අයුරු. මෙහි ඉහළ වර්ණ තීරුවෙන් දක්වෙන්නේ ඒ ඒ අවධි අනුව බේරියම් අඩු හා වැඩි වී ඇති ආකාරයයි.


ඔවුන් එය කළේ කොහොමද?

බේරියම් කැල්සියම් පවුලේ ඤාති සොහොයුරා නිසා සිරුර තුළ කැල්සියම් යන යන තැන බේරියම් යනවා.

අවුරුදු ගානක් තිස්සේ ඒවා අපේ අස්ථිවල එක් රැස් වෙනවා.

මවක් කිරි දීම පටන් ගත් ගමන් ඒ බේරියම්වලින් කොටසක් මවුකිරිවලට එක් වී දරුවාගේ දත් වැඞීමට උදවු වෙනවා.

මේ නිසා තමයි කිරි දීම නැවැත්වූ කාලය නිර්ණය කරන්නට පර්යේෂකයන් පිරිසට මග පෑදුණේ.


Post a Comment

0 Comments