රසායනාගාරයක් තුළ විස්මිත මල් ගොමුවක් මවයි! විද්‍යාඥයන් පිරිසකගේ ආශ්චර්යයක්!

ලෝකයේ ඇති සියලූම මල් එක වර පිපුණා වගෙයි පෙනෙන්නේ! ඇත්තෙන් ම මේ මල් උයන තියෙන්නේ ඇමරිකාවේ හවාඞ් විශ්ව විද්‍යාලයේයි. එහි රසායනාගාරයේ තමයි, මේ පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර මල් ගොමුව මවා ඇත්තේ.

මේ මලක ප‍්‍රමාණය මැනිය හැක්කේ මයික්‍රෝනවලින්. ඒ කියන්නේ මීටරයකින් මිලියනයකින් පංගුවකින්. ඒවා වරකට එක අංශුව බැගින් අර ගෙනයි, නිමා කර ඇත්තේ.

 
පර්යේෂකයන් විවිධ මල් වර්ග අනුකරණය කරන ආකාරයට විවිධ ආකෘතීන් නිර්මාණය කළා.

එය කළේ කෙසේ ද?

මේ මල් අකෘතීන් නිර්මාණය කිරීමට නූර්දීන් ප‍්‍රමුඛ පිරිස බේරියම් ක්ලෝරයිඞ් හෙවත් බේරියම් ලවණ හා සෝඩියම් සිලිකේට් (මේවා වෝටර්ග්ලාස් කියාත් හැඳින්වෙනවා.) ජලය සහිත බීකරයකට දමා දිය කළා.

එහි දී වාතයේ ඇති කාබන් ඩයොක්සයිඞ් ස්වාභාවිකව ම ජලයේ දිය වන නිසා එහි දී ඇති වන ප‍්‍රතිකි‍්‍රයාවක් නිසා බේරියම් කාබනේට් ස්ඵටික සෑදෙනවා.

එහි අතුරු ඵලයක් ලෙස ස්ඵටික වටා ඇති දියරයේ පීඑච් අගය වහාම පහත වැටෙනවා. එහි දිය වූ සෝඩියම් සිලිකේට් ප‍්‍රතිකි‍්‍රයා කරන්න පටන් ගන්නේ එයින් පසුවයි.

වැඩෙන ව්‍යුහයට දෙවන ප‍්‍රතිකි‍්‍රයාව නිසා සිලිකා ස්තරයක් එක් කෙරෙනවා. ඒ සඳහා දියරයේ ඇති ඇසිඞ් උපයෝගී කර ගන්නවා. එයින් ඉඩ ලැබෙනවා, බේරියම් කාබනේට් ස්ඵටිකවලට දිගට ම වැඩෙන්න.

මේ පර්යේෂකයන් පිරිස කියන්නේ, ඔවුන් මේ වගාව කළේ වීදුරු විනිවිදක මත බවයි. ඒ මත වැඩෙන ස්ඵටික තමන්ට අවශ්‍ය හැඩයන් හා නැමි ඇති වන ආකාරයට එහි කි‍්‍රයාවලිය පාලනය කරන්න ඔවුන් සමත් වුණා. සාමාන්‍යයෙන් ස්ඵටික සෑදීමේ දී ඇති වන ඝනක හා උල් හැඩයන් ඇති නොවන සේ ඒ කි‍්‍රයාවලිය පාලනය කරන්න ඔවුන්ට හැකි වුණා.

”කානේෂන් හා මෙරිගෝල්ඞ් මල් හැඩැති ඒවා වගා කළේ දියර යට ගිල්වා තිබූ විනිවිදකවලයි. ඒවා අංශුවෙන් අංශුව එක්කාසු කරන්නට අපට සිදු වුණා.” ඔවුන් කියනවා.

”වසර 200ක් වැනි කාලයක් තිස්සේ ම මේ ස්ඵටිකවල සංකීර්ණ හැඩයන් සොබාදහම තුළ ඇති වුණේ කෙසේද යන්න මිනිසාගේ කුතුහලයට හේතු වුණා.”

 
පර්යේෂක කණ්ඩායම වීදුරු විනිවිදකයක් මත හරිත සර්පිලයක් මත රතු කොරල් මලක් නිම කර තිබූ අයුරු.

"මේ කාර්යය උපකාර වුණා, පැහැදිලිව පෙන්වා දෙන්නට පාරිසරික රසායනික වෙනස්කම්වලින් කළ හැකි දේ කුමක්ද යන්න" මේ පර්යේෂණය පිළිබඳව නිබන්ධය ‘සයන්ස්’ ජර්නලයට ඉදිරිපත් කළ නූර්දින් කියනවා. ඔහු තමා ප‍්‍රධාන පර්යේෂකයා වුණේ හාවඞ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු හා ව්‍යවහාරික විද්‍යා අංශයේ අත්හදා බැලීම් කළ මේ පර්යේෂණ කණ්ඩායමේ.

බීකරයක ඇති දියරවල රසායනික අනුක‍්‍රමණයන් පාලනය කිරීමෙන් පමණක් මේ කණ්ඩායමට හැකි වුණා, විවිධ ‘මල්’ වර්ග වවන්න.

ස්ඵටිකවල හැඩය නිර්මාණය වීම රඳා පවතින්නේ දියර මිශ‍්‍රණය තුළ රසායනික සංයෝග විසිරී ඇති ආකාරය අනුවයි.

ස්ඵටික වර්ධනය වන්නේ කිසියම් රසායනික අනුක‍්‍රමණයන් මත වූ ප‍්‍රතිකි‍්‍රයාවල පීඑච් අගය අඩු වැඩි වෙන ආකාරයට අනුවයි.

පර්යේෂණ කණ්ඩායම කියන්නේ ප‍්‍රතිකි‍්‍රයා තත්වයන් අනුව ඒවායේ විවිධ හැඩතල, කඳ සිහින් වීම, පත‍්‍ර දික්වීම, පෙති පොකුර ඇති වීම ආදිය සිදු වෙන බවයි.

 
පර්යේෂකයන්ට හැකි වුණා, ස්ඵටික පාලනය කරන්න පත‍්‍ර හා කඳ හැඩයන් බිහි වෙන ආකාරයට.

"රසායනික අනුක‍්‍රමණයන්ගේ බලපෑම මත සොබාදහම තුළ මෙවැනි වර්ධනයක් සිදු වීම අසාමාන්‍ය දෙයක් නොවේ. නිදසුනක් වශයෙන් සියුම් ලෙස වැටුණු වක‍්‍ර ඇති මුහුදු බෙල්ලන්ගේ කටුව කැල්සියම් කාබනේට්වලින් සෑදෙන්නේ ජලය යටදී ඇති වන රසායනික අනුක‍්‍රමණයන්ගේ ප‍්‍රතිකි‍්‍රයාව නිසයි. මිනිස් කලලයට සිරුරේ හැඩය ඇති කර ගැනීමට උපකාර වන්නේ ද රසායනික අනුක‍්‍රමණවලින් ලැබෙන සංඥා නිසයි." පර්යේෂකයන් කියනවා.

"ඔබට පුළුවන්කම තියෙනවා, මෙහි ස්වයංකී‍්‍රයව සිදු වන ගොඩනැගීමට සහය වෙන්න." නූර්දින් කියනවා.

"අවක්ෂේපණය එක දිගට ම සිදු වෙනවා. ඒත් ඔබට වෙනසක් අවශ්‍ය නම් ප‍්‍රතිකි‍්‍රයාවේ තත්වයන් අතර මග දී වෙනස් කර ඒවා වැඩෙද්දී ම ඔබට අවශ්‍ය හැඩතල ලැබෙන ආකාරයට එය මෙහෙය විය හැකියි."

නිදසුනක් ලෙස කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය වැඩි කිරීමෙන් ‘පළල් පත‍්‍ර’ හැඩයේ ව්‍යුහයන් නිර්මාණය කළ හැකියි.

නියමිත වෙලාවට පීඑච් අගයන් ප‍්‍රතිවර්තනය කිරීමෙන්, එනම් අනික් අතට හැරවීමෙන්, වක‍්‍ර හා රැුලි ඇති කර ගත හැකියි.

 
කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය වැඩි කළ විට ‘පුළුල්-පත‍්‍ර’ සහිත ව්‍යුහයන් නිම විය හැකි වුණා.

 
නූර්දීන් හා ඔහුගේ පර්යේෂක කණ්ඩායම මේ ස්ඵටික වගා කර ඇත්තේ වීදුරු ස්ලයිඞ්ස් හා ලෝහ බ්ලේඞ් මතයි.

නූර්දින් හා ඔහුගේ සගයන් මේ ස්ඵටික වගා කළේ වීදුරු විනිවිදක හෝ ලෝහ ඵලක මතයි. ඒ විතරක් නෙවෙයි, ඇමරිකානු ශතයේ කාසියේ ඇති ජනාධිපති ලින්කන්ගේ අනුරුවෙහි අසුන ඉදිරියෙනුත් ඔවුන් මල් වගාවක් කළා.

"ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් තුළින බලන විට ඔබට දැනෙන්නේ සාගරයේ කොරල් පර හා ස්පන්ජි අතරින් කිමිදෙනවා වගෙයි." නූර්දීන් ඒ අත්දැකීම විස්තර කරනවා.

"ඒ ගවේෂණය කෙතරම් ආකර්ෂණීයද යත් මට ඒවායේ ඡායාරූප ගැනීමත් අමතක වුණා."

"හාවඞ් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥයකු වූ හොවාඞ් බර්ග් පෙන්වා දී තියෙනවා, ජනපද වශයෙන් ජීවත්වන විට බැක්ටීරියාවලට ඔවුන් එකිනෙකාගෙන් විහිදෙන රසායනික අනුව කි‍්‍රයා කරමින් සංකීර්ණ ජ්‍යාමිතික රටාවන් සහිත ජනපද ලෙස එකට වර්ධනය වීමට හැකියාව ඇති බව.

මෙවැනි කි‍්‍රයාදාමයක් රසායනාගාරයක් තුළ අනුකරණය කිරීමේ දී ඒ සඳහා වඩාත් සුදුසු රසායනික ප‍්‍රතිකි‍්‍රයා මොනවාදැයි හඳුනා ගැනීමට නැවත නැවතත් අත්හදා බැලීම් කළ යුතු වෙනවා. එහි දී තිබිය යුතු පීඑච් අගය, උෂ්ණත්වය, වාතයට නිරාවරණය වීම ආදිය නැනෝ ප‍්‍රමාණයේ ව්‍යුහයන් සඳහා ඒවා බලපාන ආකාරයන් ගැන විමසීම් කරන්න සිදු වෙනවා.

පර්යේෂක කණ්ඩායමට හැකි වුණා, මේ කි‍්‍රයාවලියේ හැම පැත්තක් ම පාලනය කරන්න පුංචි මලක් සෑදෙන ආකාරයට.

 
පර්යේෂකයන් මේ මල් ගොමු මවා ඇත්තේ විස්මයජනක ලෙසයි.



Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

2 Comments

  1. හරිම ලස්සනයි.
    බේරියම් ස්ඵටික මෙහෙම හැදෙනව කියල දැනගෙන හිටියට, මෙතරම් ලස්සන දෙයක් ඒවායින් කරන්න පුළුවන් කියල හීනෙකින්වත් හිතුවෙ නෑ.

    ReplyDelete