HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවකුගේ විස්මිත නිපැයුමක්! ඕනැම රළු පාරක් විල්ලූ ද මගක් සේ දැනෙන පාපැදියක!

බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවෙක් මෙතෙක් කිසිදා නොවූවිරූ ලෙසින් බයිසිකලයට නවමුහුණුවරක් දීලා. එය පදවන ඔබට ඕනෑම බොරලූ පාරක් විල්ලූද ඇල්ලූ එකක් සේ දනේවි.

ඇත්තෙන් ම මේක හරිම අපූරු නිපැයුමක්. මේ බයිසිකලයේ රෝදවල ස්පෝක් කම්බි නැහැ. ඒවා වෙනුවට තියෙන්නේ දුනු වළලූ විශේෂයක්. එය ඔහු විසින් හඳුන්වා ඇත්තේ ලූප්වීල් (Loopwheel) ක‍්‍රමය කියලයි.

මේ නව නිපැයුම වෙළඳ පොළට එවන්න නම් මහා පරිමාණයෙන් ඒවා නිපදවන්න ඕනෑ. ඒ නිසා ඔහු අන්තර්ජාලයේ පිහිට පැතුවා. ඔහුගේ මේ නව ලූප්වීල්ස් ව්‍යාපෘතියට අරමුදල් රැස් කරන්න කික්ස්ටාටර් (Kickstarter) ඔස්සේ ඉල්ලීමක් කළා.

 
ලූප්වීල්ස් බයිසිකලයේ රෝදවලට ස්පෝක්ස් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ අවලම්බිතයක් සේ කි‍්‍රයා කරන වළලූ ආකාරයට නැමූ දුනු විශේෂයක්.

 
මේ නව ලූප්වීල්ස් බයිසිකලය ලබන සැප්තැම්බරයේ වෙළඳ පොළට ඒවී

එංගලන්තයේ නොටින්හැම්හී ජීවත්වන 44 හැවිරිදි යාන්ත‍්‍රික ඉංජිනේරුවකු වන සෑම් පියර්ස් තමයි, මේ නව නිපැයුම ඉදිරිපත් කරන්නේ. ඔහුගේ සිතට මේ නව අදහස ආවේ මවක කුඩා දරුවකු රැගත් බගියක් පාරේ ගැට්ටක් උඩින් තල්ලූ කරන්න ගත් උත්සාහයක් දැකීමෙනුයි.

”2007 දවසක මම ඕලන්දයේ ගුවන්තොටුපොළක වාඩි වී සිටිද්දී මා දුටුවා අම්මා කෙනකු ළදරුවකු රෝද පුටුවක තබා ගෙන ගැටියක උඩින් තල්ලූ කරන්න හදනවා. දරුවා ඉදිරියට තල්ලූ වුණා.

”මට එහි දී කල්පනා වුණා, ඇයි රෝදයටම ‘සස්පෙන්ෂන්’ (අවලම්බිතයක්) යොදන්න බැරි කියා. මම එවේලේ ම ඒ අදහස රූප සටහනක් ලෙස කොළයක ඇන්දා. ඒ ගැන නැවත වසර දෙකක් යන තෙක් කල්පනා කළේ නැහැ.

”ඊට පස්සෙ මට විවේකයක් ලැබුණු සවස් ජාමයක මම සරල ආදර්ශකයක් හැදුවා. රිම්, ටයර් හා හබ් ආදිය මිල දී ගත්තා. දුනු මම හදා ගත්තා. ඒක ඉතා හොඳින් වැඩ කළා.” ඔහු කියනවා.

පියර්ස් සාමාන්‍යයෙන් රෝද පුටුවලට හා වෙනත් එවැනි තල්ලූ කරන වාහනවලට සැලසුම් කිරීම කළත් මෙය ඔහුට අලූත් අත්දැකීමක් වුණා. ඔහු මේ නව නිපැයුම සාර්ථකව සැලැසුම් කොට නිපදවන්නට වසර හතරක් ගත කළා.

දැන් නිම කර ඇති පාපැදියට සවි කර ඇත්තේ විදින්නට ගන්නා දුනු දිය තනන කම්හලකින් තනවා ගත් කාබන් සංයෝගයකින් තැනූ පටියකින් තැනූ දුනු වළල්ලක්.

 
ලූප්වීල් බයිසිකලය කි‍්‍රයා කරන්නේ සාමාන්‍ය ස්පෝක්ස් වෙනුවට එහි රෝදවලට සවිකර ඇති මේ දුනුවලින්. ගමන සුවපහසු කරන්නේ ඒවායි.

”මුලින් ම මම හැදුවෙ මවුන්ටන් බයික් රෝදයක්. ඒක හිතා ගන්න බැරි තරම් ශබ්දයි. හැරවීම කළ නොහැකි වුනත් ඒ රළු පොළොවෙ ඒක හොඳට වැඩ කළා.

”මෙය නව නිෂ්පාදනයක් ලෙස එළිදැක්වීමට හැකි මට්ටමට ගෙන ඒමට මට අවුරුදු හතරක් ගත වුණා. මම රෝද 40 ක් හා දුනු 200ක් විතර හැදුවා හරියටම හරියන එක හැදෙනකම්.” ඔහු සිය උත්සාහය ගැන කීවා.

මුලින්ම තැනුවේ අඟල් 20 රෝදවලට ගැළපෙන විධියටයි. ඒවා තමයි ලොව බහුලව භාවිතා වන්නේ. දැන් රෝද විතරක් නෙවෙයි මුළු බයිසිකලයම තනා විකුණන්නයි හදන්නේ.

 
රෝදවල ඇති දුනු නිසා පැද යන්නාට රළු බිමක දී ලොකු පහසුවක් දැනෙනවා.

 
සෑම් පියර්ස් 2007 දී ඇන්ද මුල් චිත‍්‍ර සටහන.

දැන් ඒ බයිසිකලය මහා පරිමාණයෙන් තනන්නට ඔහුට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා කම්හලක් තනන්න ඊට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිල දී ගැනීමට විශාල මුදලක් ආයෝජනය කරන්න සිදු වෙනවා. ඔහු සතුව ඒ සඳහා අරමුදල් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු ඒ සඳහා ආයෝජනය කරන්න මුදල් සොයා ගැනීමට කික්ස්ටාටර් වෙබ් අඩවියේ පිහිට පැතුවා.

කික්ස්ටාටර් කියන්නේ නව නිපැයුම්, නව අදහස් කි‍්‍රයාවට නැංවීමට අරමුදල් සපයා ගන්නට ආධාර කරන වෙබ් අඩවියක්. එහි ව්‍යාපෘතිය ගැන විස්තර පළ කළා. ඔහුට නිෂ්පාදන අරඹන්න අවශ්‍ය වුණේ පවුම් 40,000ක් මුදලක්. ඒත් කික්ස්ටාටර් මගින් ඔහුට පවුම් 48,000ක් ලැබුණා.

ඔහුගේ නව සංකල්පය ගැන මිනිස්සු දක්වපු ප‍්‍රතිචාර ගැන ඔහුටත් ඔහු සමග මේ නව රෝදය නිම කිරීමට හවුල් වුණු බිරිඳ වූ ගෙමාටත් හරිම පුදුමයි.

”මුලදිම මේ බයිසිකලයට නැග්ගාම දැනෙන්නෙ සාමාන්‍ය එකක් වගෙයි. රළු බොරළු පාරකට ආවාම තමයි වෙනස දැනෙන්නේ. හරියට විල්ලූද එලූ පාරක යනවා වාගෙයි දැනෙන්නෙ. මෙය පදික එක ඔබට ම පුදුම හිතෙන අත්දැකීමක් වේවි.” සෑම් පියර්ස් කියනවා.

ආරම්භයේ දී ස්ටෑන්ඩර්ඞ් ප‍්‍රමාණයේ රෝදවලින් හැදුවත් පසුව විවිධ ප‍්‍රමාණයේ රෝදවලින් මේ පාපැදි හදන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

බලන්න මේ ලූප්වීල්ස් බයිසිකලය පදවන අයුරු.


Post a Comment

3 Comments

  1. හරි අපූරු නිර්මාණයක් නොවැ.
    තොරතුරු බෙදාගත්තාට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  2. මේක නං නියම වැඩක්!

    ReplyDelete