Skip to main content

පළමු වතාවට ගස් වතුර ඉල්ලා කෑ ගසන හඬට විද්‍යාඥයන් සවන් දෙති!

ප‍්‍රංශ විද්‍යාඥයන් පිරිසක් විශ්වාස කරනවා, ඔවුන්ට ප‍්‍රථම වතාවට ගස් ජලය ඉල්ලා නඟන හඬ පටි ගත කරන්නට හැකි වූ බව.

මිනිසුන් අමාරුවෙන් හුස්ම ගන්නවා මෙන් ශබ්දයක් ගස්වලින් නිකුත් වෙන බව දැන් තේරුම් ගෙන තියෙනවා. සජීවී ගස් නියං කාලයේ දී දිවි රැක ගැනීමට වාතයේ ඇති තෙතමනය හැකි තරම් උරා ගැනීම සඳහා කරන උත්සාහයේ දී මිනිස් ඇසට නෑසෙන අධිධ්වනි ශබ්ද මාලාවක් නිකුත් කර බව දැන් සොයා ගෙන තියෙනවා.

මේ ශබ්ද මිනිස් කනට ඇසෙන ශබ්ද මෙන් සිය ගුණයක් වේගවත්. එහෙත් ප‍්‍රංශ විද්‍යාඥයන් පිරිසක් මෑත දී කළ පරීක්ෂණයකින් ඒ කි‍්‍රයාවලියේ වේගය ඒවාට සවන් දිය හැකි මට්ටමට අඩු කර ගෙන තියෙනවා. ප‍්‍රංශයේ ග්‍රෙනෝබල් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥ පිලිප් මාමොටන්ට් ප‍්‍රමුඛ පිරිසක් තමයි, මේ හපන්කම කර ඇත්තේ.

 
පර්යේෂකයන් මියගිය පයින්වුඞ් දැව පතුරුවල හයිඩ්‍රොජෙල් තැවරුවා මෙවැනි සජීවී ගහක තත්වය නැවත මවා පාන්න.

මියගිය පයින්වුඞ් හෙවත් දේවදාර දැව පතුරු ජලය සංඝටකයක් ලෙස ඇති ජෙල් විශේෂයක් වන හයිඩ්‍රොජෙල්වලින් නහවා ඔවුන් සජීවී ගහක තත්වය නැවත මවා පාන්නට සැලැස්සුවා.

ඊළඟට ඒ ජෙල් නිරාවරණය කළා, කෘති‍්‍රමව ඇති කළ වියළි පරිසරයකට. ඊට පස්සෙ පර්යේෂකයන්ට අසා ගත හැකි වුණා, ඒ දැවවලින් ශබ්ද නිකුත් කරන්නට පටන් ගත් හැටි.

මේ ශබ්දය නිකුත් වෙන්නේ මතු වී එන වා බුබුළුවලින්. ඒවා ඊළඟ මොහොතේ නැති වී යනවා. මේ කි‍්‍රයාවලිය හැඳින්වෙන්නේ බුබුළනය (cavitation) කියායි.

ගසේ ඇති පත‍්‍ර කාබන් ඩයොක්සයිඞ් උරා ගන්නා විට පත‍්‍රවල සිදුරු විවෘත වෙනවා. එයින් එහි ඇති ජලය ඉවත් වීමේ අවදානමක් ඇති වෙනවා.

මෙයට පිළියමක් වශයෙන් ගස් ඒවායේ මුල්වලින් පොළොවේ ඇති ජලය උරා ගන්න පටන් ගන්නවා. මෙසේ පොළොවේ ඇති තෙතමනය උරා ගන්නට තැත් කරන විට වා බුබුළු නැගෙන්න පටන් ගන්නවා.

”අපට මේ බුබුළු ඇති වන හැටි පැහැදිලි ලෙස දැක ගන්න පුළුවන්. මෙහි දී අපට පෙනී ගිය දෙයක් තමා අපට ඇසුණු ශබ්ද වැඩි හරියක් බුබුළු නිසා ඇති වන බව.” යයි මාමොටන්ට් කියනවා.

 
ගස් තමන්ට අවශ්‍ය ජලය මුල් පද්ධතිය ඔස්සේ උරා ගැනීමට තැත් කරද්දී තමයි, වා බුබුළු ඇති වීමට පටන් ගන්නේ.

”මා එසේ වැඩි හරියක් යැයි කීවේ ගසකින් ශබ්ද ඇති විය හැකි වෙනත් හේතු ඇති නිසයි. දැව අතර ඇති පැලීමකින් හෝ කෘමීන් කා දැමීම නිසා හෝ ඇති වන ශබ්දත් තියෙනවා. නමුත් ශබ්ද වැඩි හරියක් නිකුත් කෙරෙන්නේ බුබුළනය පවතින විටයි. එහි දී ජලයෙහි ඇති ඉතා කුඩා වා බුබුළු මතු වෙන්න පටන් ගන්නවා. ශබ්ද ඇති වන්නේ මේ බුබුළුවලින් තමා.” යයි මාමොටන්ට් කියනවා.

දැන් විද්‍යාඥයන් තරගයට උත්සාහ කරන්නේ සොබා දහමෙන් නිකුත් වෙන ශබ්දවලට සවන් දිය හැකි උපකරණ හා මෙවලම් තනන්නයි.

මේ වා බුබුළු ගැන සෙවීම වැදගත් වන්නේ මේ වා බුබුළු ඇති වීම නිසා පණ ඇති ගස්වල ජලය ගෙන යාම අවහිර වීමෙන් ගස්වලට ඇති විය හැකි මාරක තත්වයක් වළක්වා ගත හැකි වන නිසයි.

මාමොටන්ට් කියන්නේ ඔහු මේවා හඳුනා ගත හැකි සංවේදක උපකරණයක් තැනීම පිළිබඳව ජීව විද්‍යාඥයන් සමග කල් ඇතිව සාකච්ඡා කළ බවයි.

”අපේ ජීව විද්‍යාඥයන්ට හොඳ අත්දැකීමක් තියෙනවා මේ ගැන. ඒ නිසා අප බලාපොරොත්තු වෙනවා, අපේ මේ අධ්‍යයනය මගින් ගස්වලින් නැෙඟන ශබ්දවලට අදාළ අලූත් තොරතුරු රැසක් ඉක්මනින් ම දැන ගැනීමට අපට හැකි වේවිය කියා.” ඔහු අවසාන වශයෙන් කියනවා.

Comments

  1. බොහොම ස්තුතියි මේ දැනුම බෙදුවට

    ReplyDelete
  2. වටිනා බොලොග් අඩවියක් , ගොඩක් ස්තූතියි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ලෝකයේ වටිනාම මුද්දරය වෙන්දේසියට! දැනට ඇත්තේ ලෝකෙටම එකයි!

මුද්දර එකතු කිරීම (Philately) විනෝදාංශයක් වගේම හොඳ ආදායම් මාර්ගයක්. පුංචි වුණාට තැපැල් මුද්දරයක් කියන්නේ රටක ඉතිහාසය කියාපාන කැඩපතක්. රටකින් රටකට හොඳ හිත පතුරුවමින් යන සංස්කෘතික තානාපතිවරයෙක්!

ඒ වගේ පැරණි තැපැල් මුද්දරයක් එහි මුහුණත සඳහන් වටිනාකමට හුඟක් වැඩිවෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙන්නේ ඒවායේ ඇති දුලබකම නිසයි.

ඒ වගේ 1873 දී ලිපිගොනු ගොඩක් අස්සේ තිබී හමුවුණු පාවිච්චි කළ ශත එකේ තැපැල් මුද්දරයක් පසුව වෙළෙඳ පොළේ දී සිලිං හයකට විකුණුණා. බි‍්‍රතාන්‍ය ගයානාව (British Guiana) විසින් නිකුත් කළ ශත එකේ දම්පාට තැපැල් මුද්දරය (1c Magenta stamp) දැන් යළිත් වෙන්දේසිය සඳහා වෙළෙඳපොළට ඇවිත්. අද, වසර 141කට පසු, එයට මුද්දර වෙන්දේසියේ දී ඇමරිකන් ඩොලර් මිලියන 20ක මුදලක් ලැබේවි යැයි විශ්වාස කරනවා.

මෑතදී ‘ලොව වඩාත් වටිනාම මුද්දරය’ ලෙස හඳුන්වනු ලැබූ මේ පැති අටේ හැඩැති තැපැල් මුද්දරය 2014 ජූනි මාසයේ 17 වැනිදා ඇමරිකාවේ නිව්යෝක්හිදී ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිතයි.

මෙය දැනට ලෝකයේ සුරක්ෂිතව ඉතිරි වී ඇති මේ වර්ගයේ එකම මුද්දරය ලෙස සැලකෙනවා. මෙය නිකුත් කරන ලද්දේ 1856දියි. බි‍්‍රතාන්‍ය ගයානාවේ තැපැල් මහතා…

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස! ලෝකයේ අබිරහස් ලෙස අතුරුදන් වුණු ගුවන්යානා 10 මෙන්න!

පසුගිය සතියේ (මාර්තු 8 වැනිදා) අතුරුදන් වූ පිසැරි අංක එම්එච්370 මැලේසියානු මගී ගුවන්යානයට වූ දේ තවමත් අබිරහසක්. රටවල් 10 ගුවන්යානා, නැව්, චන්ද්‍රිකා රැසක් මේ අබිරහස විසඳන්න තවමත් වෙහෙසෙනවා.

ඒත් මෙය දැනටමත් නොවිසඳෙන අබිරහසක් පත් වෙන ලකුණු පහළ වෙලා!

ලොව පළමු සෙල් ෆෝනය මේකද? වසර 75ක් පැරණි පින්තූරයේ රහස හෙළි වෙයිද?

බලන්න මේ තරුණිය ජංගම දුරකතනයක් කනේ තියා ගෙන පාර දිගේ කතා කර කර යනවා! අද නම් මේ වගේ දසුනක් ගමක පාරක වුනත් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. ඒත් මේ දර්ශනය කැමරාවට නඟා ඇත්තේ මීට අවුරුදු 75කට පෙරයි!

1938 දී ඇමෙරිකාවේ වීදියක ගමන් කළ මේ යුවතියගේ අතට වර්තමානයේ අප පාවිච්චි කරනා තාලේ සෙල් ෆෝනයක් (ජංගම දුරකතනයක්) ආවෙ කොහොමද?

ඒ කාලයේ මේ වගේ දෙයක් නිපදවීම තියා මෙවැන්නක් ගැන හිතලවත් නොතිබුණා නම් මෙම දර්ශනය චිත‍්‍රපටයකට ගත් නිර්මාණයක්ද? සමහර අය කීවේ චිත‍්‍රපටය තුළින් අනාගතය දැකීමක් ලෙස මෙම දසුන සලකන්න පුළුවන් කියලයි. අනාගතය පරිකල්පනය කළ අවස්ථා චිත‍්‍රපටවල ඕනෑ තරම් තිබුණා. මේ වගේ

මේ රූප පෙළ මේ වන විට යූටියුබ් (YouTube) එක හරහා ලක්ෂ තුනකට වැඩි වාර ගණනක් සංසරණය වෙලා තියෙනවා. වර්ණ චිත‍්‍රපට එන්නට පෙරාතුව කළු සුදු ක‍්‍රමයට කැමරාවට නගන ලද මෙහි රහස පසුගිය දා හෙළි වුණා. මෙම තරුණිය තමාගේ මීමිත්තණිය යැයි යුටියුබ් ග‍්‍රාහකයෙක් හෙළි කළා.

අනාගතයට යාමක් ද? මෙහි දැක්වෙන්නේ ඇමරිකාවේ ඩුපොන්ට් ආයතනයෙන් පිට වී යන තරුණ සේවිකාවන් පිරිසක්. එයින් එක් තරුණියක් අතේ ඇති ජංගම දුරකතනයකින් කතා කරමින් යනවා ඔබට පෙනෙනවා ඇති. වසර 75කට ප…

නස්රුදින්ගේ වේළීමේ රහස! අලුත්ම නස්රුදින් කතාවක්!

නස්රුදින්ගේ පොහොසත් මිතුරෙක් ඔහුට කතා කළා, ඒ මිතුරාත් ඔහුගේ පිරිසත් එක්ක දින කීපයක් තිස්සේ දඩයමේ යන්න. මුල් ම දවසේ ඔවුන් නස්රුදින්ට දුන්නෙ බොහොම හෙමින් යන අස්සයෙක්. දඩයමට යන්න පටන් අරන් වැඩි වේලාවක් ගියේ නෑ, හෙමින් ගිය අස්සයා නිසා නස්රුදින් හුඟක් පහුවුණා. නස්රුදින්ව පහු කරලා දාලා අනෙක් පිරිස ඈතට දඩයමේ ගියා.

දියණිය උපන් මොහොතේ පියා ගත් පින්තූරය අන්තර් ජාලය කළඹයි! වෛද්‍යවරයාගේ අතේ එල්ලී එළියට ආ ළදැරිය මෙන්න!

ජීවිතයේ විස්මිත මොහොතවල් ඡායාරූපයට නැඟීම වාසනාවත් එක්ක සිදු වන දෙයක්. එහෙම වාසනාවක් ලද මාපිය යුවලක් තමන් ගත් ජීවිතයේ අමතක නොවන පින්තූරය ‘මුහුණු පොතේ’ පළ කළා. මොහොතකින් එය අන්තර්ජාලය පුරා ‘කුණාටුවක්’ මෙන් හඹා ගියා.

මෙලොව එළිය දකින්න මොහොතකට පෙර පුංචි නෙවායි මව් කුස හිඳිමින් තම උදව්වට ආ වෛද්‍යවරයාගේ ඇඟිල්ලේ එල්ලූන හැටි!

මුල්ම ඇපල් 1 පරිගණකය ලෝක වාර්තාවක් තියයිද? ඇපල් සමාගමේ ආරම්භය හෙළිකරන මෙතෙක් පළ නොවූ ඡායාරූපයක්!

ඇපල් පරිගණකය පටන් ගත් හැටි දැන් දකින කොටත් පුදුම හිතෙනවා. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගිය දා ප‍්‍රථමවරට හෙළිදරවු වුණා.

මේ ඡායාරූපයට නගා තියෙන්නේ 1976 දියි. එතකොට ස්ටීව් ජොබ්ස්ට (Steve Jobs) වයස 21යි. ඔහුගේ මිතුරු ස්ටීව් වොස්නියැක් (Steve Wozniak) සමග එක්ව ඔවුන් දෙදෙනා මේ මුල්ම ඇපල් පරිගණක තැනුවේ ස්ටීව් ජොබ්ස්ගේ මාපියන්ගේ ගෙදර ගරාජයකයි. ඔවුන් ඒ තැනූ මූල් පරිගණක 50 තැන්පත් කරල තිබුණු ආකාරය දැක්වෙන මේ විරල ඡායාරූපය නිකුත් කරනු ලැබුවේ ලබන නොවැම්බර් 16 වැනිදා වෙන්දේසියට තැබෙන දැනට හොඳම තත්වයේ ඇති පැරණි ම ඇපල් පරිගණකය එළි දැක්වීම වෙනුවෙන්.

මෙය දැනට ලෝකයේ ඇති වටිනාම සන්නම ලෙස සැලකෙන ඇපල් පරිගණකයේ ආරම්භක තත්වය තේරුම ගන්නත් හොඳ අවස්ථාවක්. මේ සන්නමෙහි අද වටිනාකම පවුම් බිලියන 60ක්.

ඇපල් පරිගණකයේ ආරම්භය දැක්වෙන මේ කිසිදා එළියට නො පැමිණි ඡායාරූපයක්. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර 1976 දී පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුග…

හොල්මන් පින්තූර කතන්දර පෙළක්! මේවා දැකල බය වෙන්න එපා!

රාති‍්‍ර කාලයට අඳුරේ දී ඔබව බියපත් කරන හැම රටකටම, හැම සමාජයකම තියෙනවා. ඇත්තටම හොල්මන් තියෙනවා කියල ඔප්පු කරන්න හොල්මන්වල පින්තූර ගන්න අයත් ඉන්නවා. මේ ඒ විදියට ගත්තු පින්තූර පෙළක්!


අවුරුදු ගානක් තිස්සෙ විවිධ අවස්ථාවලදි ගත්තු පින්තූර තමයි, මේ තියෙන්නේ. මෙහි ඉන්නවා, ඝාතනය කළ වහල් සේවකයන්, රෝහල්වල වධබන්ධනවලට ලක්ව මියගිය රෝගීන්, අතීතයට එක් වූ මුහුදු නැවියන් ආදී නොයෙක් අය. මොවුන්ගේ හොල්මන් කතා අහපු බොහොම දෙනෙක් බියට පත් වුණා. තාමත් අහන අයගේ ඇඟ හිරි වැටෙනවා.

දුර්ලභ ගණයේ සේයා රුවක්! නවසීලන්තයේ ධීවරයකුගේ නවතම ගොදුරක්!

මෙය ලියැවෙන්නේ කලාතුරකින් හමු වන ඡායාරූපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි. අන්තර් ජාලය පුරා මේ වන විටත් වැඩි දෙනකුගේ අවධානය දිනා ගෙන තියෙනවා.

මේ ඡායාරූපයෙන් කියැවෙන්නේ මිනීමරු සුදු මෝරකුගේ ඉරණම දැක්වෙන කතාවක්. පසුගිය සතියෙදි නවසීලන්තයේ මුහුදේදි ගත්තු එකක්.

මහා භූමිකම්පාවකින් පසු පාකිස්ථාන මුහුදෙන් මතු වූ ලෝකයේ අලූත් ම දූපත!

පසුගියදා පාකිස්ථානයේ ප‍්‍රබල භූමිකම්පාවක් ඇති වුණා. 7.8ක් වූ ඒ භූමිකම්පාවෙන් බලූකිස්ථානය අසල මුහුදේ අලූත් දූපතක් මතු වුණා. ලෝකයේ අලූත් ම දූපත එයයි.

සල්සාලා කෝහ් (Zalzala Koh) යනුවෙන් ඒ දූපත නම් කරලා තියෙනවා. දාල්බන්දින්වලට සැතැපම් 145ක් ගිනිකොන දෙසින් හටගත් මේ භූම්කම්පාව නිසා දැන් එය බලන්න සංචාරකයන් වගේම පාකිස්ථාන වැසියන් වැල නොකැඩි එනවා. ඒ දූපතටත් ගොඩ වෙනවා. ගිනිගන්නාසුලූ වායුව, විස දුම් ආදිය ඇති බව අනතුරු හැෙඟව්වත් ඒවා ගනන් නොගෙනයි, ඔවුන් එහි එන්නෙ.

ඒ දූපතේ පිපිරුණු මඩ, වැලි, ගල් මුසු බිම මත මුහුදු සතුන්ගේ මළ සිරුරු, විශේෂයෙන් ම මාළුන් මළකුණු පිරිලා තියෙනවා.

මෙන්න ලෝකයේ අලූත් ම දූපත අහසට පෙනෙන හැටි. මේ මඩ කන්ද මීටර් 15ක් 20ක් විතර උස ඇති. මිනිසුන්ට ඒ මත ඇවිද ගෙන යා හැකි තරමට එහි බිම ඝනකම් කියලයි, කියන්නෙ.

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස : නියමුවාම යානය බලෙන් ගෙන ගියාද?

2014 මාර්තු 16 වැනිදා

අනතුරට පත් යානයේ නියමුවා වූ සහාරි අහමඞ් ෂා දේශපාලන උමතුවකින් පෙළෙන්නකු ලෙස දැන් සැක කරනවා. එම්එච්370 යානය නියමුවා ලෙස සේවයට වාර්තා කරන්නට පෙර ඔහු මැලේසියාවේ විරුද්ධ පක්ෂ නායකයා වූ අන්වර් ඒබ‍්‍රහම්ට එරෙහිව පැවති නඩු විභාගයට බලන්නට ගිය බවක් ෆෙඩරල් පරීක්ෂක නිලධාරින් කියනවා.