HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දැන් ක්‍රෙඩිට් කාඞ් පත වෙනුවට ඇඟිලි සලකුණුවලින් ගෙවන්න පුළුවන්!

දැන් මුදල් ගෙවීමට පසුම්බිය ගෙන යාමට අමතක වී සිතට වදයක් වූ කාලය ඉවරයි. හිස් අතින් ගියත් ඔබට බැංකුවේ මුදල් ඇත්නම් ඒ බිල් ඇඟිල්ලෙන් ගෙවන්න පුළුවන්.

දැන් අලූත් ක‍්‍රමයට ඔබට ඔබේ ඇඟිලි සලකුණු තබා මුදල් ගෙවීම අනුමත කරන්න පුළුවන්. ඔබ ඇඟිලි සලකුණු ජෛවමිතික අන්තය පසුපස ඇති පරිගණක මොළය නිසා සාප්පුකරුට ඔබ අනුමැතිය දුන් විගස ඒ සඳහා නියමිත අය ලැබෙනවා. ඒ නිසා ම ලොව පුරා සාප්පුකරුවන් මෙම සේවාව ලබා ගන්නට දැනටමත් කැමැත්ත පළ කරලා තියෙනවා.

පේටච් ක‍්‍රමය භාවිත කරන්නන්ට ඒ පහසුකම ලැබීම සඳහා ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඞ්වල ඇතුළත් කරන තොරතුරු ඔවුන්ගේම ඇඟිලි සලකුණුවලට යොදන්න ඕනෑ. එවිට පින් අංකයක් ගෙන යාමට හෝ අත්සන් යෙදීමට හෝ අවශ්‍ය වන්නේ නැහැ. වෙනනෙකක් තබා ක්‍රෙඩිට් කාඞ් පත ගෙන යාමටවත් අවශ්‍ය වන්නේ නැහැ.

 
මුදල් රහිත තාක්ෂණය - ඇඟිලි තුඩුවලින් තමාගේ බීම බිල ගෙවන කාන්තාවක්. ඇයට මේ පේටච් (Paytouch) ඇඟිලි සලකුණු තාක්ෂණය යොදා ගෙන බිල් ගෙවන ක‍්‍රමය හමු වී ඇත්තේ ස්පාඤ්ඤයට ආසන්නව මධ්‍යධරණී මුහුදේ පියිටි ඉබිසා දූපතේ විවේක නිකේතනයක දීයි.

සේවාව ලබා ගත් තැනැත්තා කළ යුතු වන්නේ යන්ත‍්‍රයේ සටහන් වන මුදල ගෙවීම සඳහා ඇඟිලි දෙකක් ඒ යන්ත‍්‍රයේ නියමිත ස්ථානය මත තබා සිය ඇඟිලි සලකුණු ලබා දීම පමණයි. ඔබේ ක්‍රෙඩිට් කාඞ් පත හොරු අරන් තිබුණත්, අස්ථාන ගත වුනත් කමක් නැහැ. ඔබේ ගෙවීම ඔබට එසැණ කළ හැකියි.

”මේ ඇඟිලි සලකුණුවලින් හඳුනා ගැනීම ලොව ඇති ඉතාමත් නිවැරදි හඳුනා ගැනීමේ ක‍්‍රමයක්.” යැයි මේ ක‍්‍රමය හඳුන්වා දුන් පේටච් ආයතනය කියනවා.

පේටච් ක‍්‍රමයේ දී වැරදි ඇඟිලි යොදා වංචා කරන්න බැරි වෙන්න ජෛවමිතික ස්වේදක ඉතාමත් සූක්ෂම විධියට සකස් කර තියෙන නිසා වංචාකරුවන්ට බොරු ඇඟිලි යෙදීමට මෙහි දී කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ.

පේටච් ආයතනය විසින් මෙම උපකරණය දැනට හඳුන්වා දී ඇත්තේ උෂුයියා ඉබිසා බීච් හෝටල දාමයයි. මේ තාක්ෂණය දැනටමත් අන්තර්ජාතික අවධානයට යොමු වී ඉවරයි.

ඇමරිකාව ඇතුළු යුරෝපීය රටවලට හඳුන්වා දීමට පෙර පේටච් ගෙවීම් යන්ත‍්‍ර ළඟදීම ස්පාඤ්ඤය පුරා සුපිරි වෙළඳසැල්වලට හා ඉන්ධන හල්වලට හඳුන්වා දීමට පේටච් ආයතනය බලාපොරොත්තු වන බව එහි ප‍්‍රධාන විධායක නිලධාරි ජාවියර් පාසෝ (Javier Paso) කියනවා.

 
පේටච් ක‍්‍රමයෙන් මුදල් ගෙවීමේදී ඔබ විසින් කළ යුත්තේ එහි ඇති කුඩා යන්ත‍්‍රයක ස්පර්ශක තිර මත ඇඟිලි සලකනු තැබීම පමණයි.

 
මේ ස්පර්ශක තිර පින් අංකයක් (පුද්ගල හඳුනා ගැනීමේ අංකයක්) හෝ ක්‍රෙඩිට් කාඞ් එකක් භාවිත කළ හැකි තැන්වලට ළඟදීම ඒවි.

ජෛවමිතික ක‍්‍රමය (BIOMETRICS) යනු කුමක්ද?

ජෛවමිතික ක‍්‍රමය යනු කායික නියත සාධකයන් හෝ චර්යා ගති ලක්ෂණ ඇසුරෙන් මිනිසුන් හඳුනා ගැනීමේ ක‍්‍රමවේදයක්.

තොරතුරු තාක්ෂණවේදයේ දී එය යොදා ගන්නේ කළමනාකරණයේ දී හා පරිපාලන කටයුතුවල දී අනන්‍යතා හඳුනා ගැනීමටයි.

මානවයාගේ ජෛවමිතික ගති ලක්ෂණ ප‍්‍රධාන කොටස් දෙකෙකට බෙදෙයි.

කායික, ඇඟිලි සලකුණු, ඞීඑන්ඒ, මුහුණ හඳුනා ගැනීම, අත්ලෙහි රේඛා පිහිටීම් හා ඇස්වල කළු ඉංගිරියාව හඳුනා ගැනීම ආදිය දැක්විය හැකියි.

චර්යාමය, රිද්මය, ගමන් ලීලාව, කට හඬ ආදිය දැක්විය හැකියි.

පේටච් තාක්ෂණය ඔබට ඔබේ ඇඟිලි සලකුණුවලින් ගෙවීම් කරන්නට සහය වෙන හැටි පහත වීඩියෝවෙන් දැක ගන්න!





Post a Comment

4 Comments

  1. ඒක හොදයි කාඩ් එක මතක නැතිවෙලා ගියාම අපිට පුලුවන් මේ ආකාරයට ගෙවන්න...තව තාක්ෂණ්‍ය දියුනු වුනාම අපට ඇගිල්ල තියාගෙන ගොඩ වෙලා ඉන්න වෙන එකක් නැහැ..

    ReplyDelete
  2. වැදගත් ලිපියක්.

    ReplyDelete
  3. වැදගත් ලිපියක්.

    ReplyDelete
  4. මේ ක්‍රම ලංකාවට හඳුන්වාදෙන්න ටිකක් කල් යාවි. හේතුව ආරම්භක වියදාම ඉතා ඉහල වීම. නමුත් හොඳ ක්‍රමයක්.

    ReplyDelete