HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තවත් යෝධ ග‍්‍රහකයක් පෘථිවිය දෙසට එනවා! පෘථිවිය පසු කර ගෙන යන්නේ මැයි 31 වැනිදා!

‘කිව්ඊ 2’ හෙවත් ක්වීන් එලිසැබත් නෞකාව මෙන් නව ගුණයක් දිගින් වැඩි මේ යෝධ ග‍්‍රහකය පෘථිවිය පසු කර යන්නේ මැයි 31 වැනිදාය. වාසනාවකට මෙය පෘථිවිය පසු කර ගන්නේ පෘථිවියේ සිට සැතැපුම් මිලියන 3.6ක් ඈතිනි. එනම් පෘථිවියත් හඳත් අතර දුර මෙන් 15 ගුණයක දුරකිනි.

විද්‍යාඥයන් මේ ග‍්‍රහකය නම් කළේ ‘1998කිව්ඊ2’ කියායි. ක්වීන් එලිසැබත් නෞකාවට මෙහි ඇති සම්බන්ධයක් නැත. මෙසේ නම් තබා ඇත්තේ ඇමරිකාවේ මැසචුසෙට්ස්හී කේම්බි‍්‍රජ්වල පිහිටි එක්සත් ජනපද සුලූ ග‍්‍රහලෝක මධ්‍යස්ථානය විසින් අලූතින් සොයා ගන්නා ග‍්‍රහකවලට නම් තබන්නට ඔවුන් යොදා ගත් කේත ක‍්‍රමයකට අනුවයි.

 
‘1998කිව්ඊ2’ යෝධ ග‍්‍රහකය සෞරග‍්‍රහ මණ්ඩලය හරහා යද්දී එහි ගමන් මාර්ගය පෘථිවිය ළං ව වැටී ඇති අයුරු. එසේ පෙනුනද එය ගමන් කරන්නේ පෘථිවියට සැතැපුම් මිලියන 3.6ක් ඈතිනි.

මේ ග‍්‍රහකය සැතැපුම් 1.7ක් දිගයි. ලෝකයේ විශාලතම මගී නැව ලෙස සැලකෙන එලිසැබත් රැජන නැව මෙන් 9 ගුණයක් විතර දිගයි කියා කියන්නේ එහි විශාලත්වය ගැන ඔබට හිතා ගන්න පහසු වෙන්නයි.

මේ ග‍්‍රාහකය මුලින් ම හඳුනා ගත්තේ 1998 අගෝස්තු 19 වැනිදා, මැසච්සෙට්ස් තාක්ෂණික ආයතනයේ පවත්වා ගෙන යන ලින්කන් පෘථිවි ආසන්න ග‍්‍රහක පර්යේෂණ වැඩසටහන (Lincoln Near Earth Asteroid Research programme) මගින්. ‘ලීනියර්’ (Linear) යන කෙටි නමින් හැඳින්වෙන එය ස්ථාපිත කර ඇත්තේ ඇමරිකාවේ නව මැක්සිකෝවේ සොකොරෝවලයි.

මේ ග‍්‍රහ වස්තුව පෘථිවියට වඩාත් සමීප වන්නේ මැයි 31 වැනිදා ගි‍්‍රනීච් මධ්‍යාහ්න වේලාවෙන් 9.59ටයි.

කැලිෆෝනියාවේ මෞහාවී (Mojave) කාන්තාරයේ පිහිටුවා ඇති ගෝල්ඩන් නිරීක්ෂණාගාරයේ අඩි 230ක් පළල තැටි දුරේක්ෂය මගින් රේඩාර් භාවිත පරිලෝකනය කිරීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.

මේ ග‍්‍රහකය සැතැපුම් මිලියන හතරක් දුරින් තිබිය දී පවා එහි අඩි 12ක් පමණ දිග කුඩා කොටසක වුවත් ස්විස්තාරාත්මක විමසුමක් කරන්නට ඒ ක‍්‍රමයට විද්‍යාඥයන්ට හැකියාව තියෙනවා.

ඇමෙරිකාවේ පසදෙනාහී පිහිටි ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වූ නාසා ආයතනයේ ජෙට් ප‍්‍රචාලන රසායනාගාරයේ ප‍්‍රධාන පරීක්ෂක වූ ආචාර්ය ලාන්ස් බෙනර් කියන්නේ, "ඇත්තෙන්ම අපට ඉතාමත් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ ග‍්‍රහකය ගැන ප‍්‍රථම වතාවට පැහැදිලි රූප ලබා ගෙන නිරීක්ෂණය කරන්න." කියායි.

 
මේ ග‍්‍රහකය දිගින් සැතැපුම් 1.7ක්. (කි.මී. 2.72ක්)

"රේඩාර් මගින් අපට හැකියාව ලැබෙනවා මේ ඉතාමත් සියුම් ලෙස පිරික්සන්න. එහි ගති ලක්ෂණ විමසා බලන්න."

මේ ග‍්‍රහකය තවත් අවුරුදු දෙසීයකින් මෙපිට නැවත අප වෙත එන්නේ නැහැ.

2016 දී නාසා ආයතනය රොබෝ කෙනකු යවන්න බලාපොරොත්තු වෙනවා අපට හානිකර විය හැකි පෘථිවි ආසන්න තවත් ග‍්‍රහකයක් වන බෙනූ (Bennu) වෙත. එය හැතැප්ම තුනෙන් එකක් දිග ග‍්‍රහකයක්. අංක 101955 දරණ ඒ ග‍්‍රහකය සෑම වසර හයකට වරක් අපට කිලෝමීටර් 500,000කින් සමීප වෙනවා.

විද්‍යාඥයන් විසින් ගණන් බලා ඇති ආකාරය අනුව වර්ෂ 2182 දී එය පෘථිවිය හා ගැටෙන්න ඉඩ තියෙනවා. ඒකටත් තියෙන්නේ 1,800ක සම්භාවිතාවක්.

පෘථිවි ආසන්න ග‍්‍රහ වස්තූන් අපට කොයිතරම් තර්ජනයක් වේවිද කියා මෙයින් හිතා ගන්න පුළුවන්.




Post a Comment

1 Comments

  1. ගොඩක් වැදගත් විස්තර ටිකක්..බොහොම ස්තූතියි..

    ReplyDelete