HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රථවාහන තදබදයට විස්මිත විසඳුමක්! ප‍්‍රථම පියාඹන කාරය 2015 දී වෙළඳ පොළට?

ටෙරාෆූජියා (Terrafugia) ඒ ට‍්‍රාන්ස්සිශන් කාරයේ සැලැස්ම දැන් එළි දැක්වලා තියෙනවා. ඒක අඩක් මෝටර් රථයක් වගෙයි, අඩක් පුංචි ජෙට් අහස් යානයක් වගෙයි. රෝද හතර දිග හැර පියාපත් හකුළා ගත් පසු මෝටර් රථයක් වගේ මහ මග පදවන්න පුළුවන්. තව අවුරුද් දෙකකින් මෙය ඔබටත් මිල දී ගන්න පුළුවන්.

මේ කාරය නිපදවන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස්හී පිහිටි ටෙරාෆූජියා සමාගමයි. මෙහි අලූත්ම මාදිලිය හැඳින්වෙන්නේ ‘ටීඑෆ්-එක්ස්’ (TF-X) කියායි. මෙය සාමාන්‍ය කාරයක් දමනවා වාගේ ගරාජයක ගාල් කරන්නත් ධාවන පථයක් නැතිව හිටි තැනම ඉහළ නගින්නත් පුළුවන්.

මේ කාරය ගැනත් තවත් ලොව පුරා නිපදවෙන පියාඹන මොටෝරිය කීපයක් ගැන ‘මල් කැකුළු’ තුළින් ඔබට විස්තර ගෙන ආවා ඔබට මතක ඇති.

 
‘ටීඑෆ්-එක්ස්’ (TF-X) රථය අහස් යානයක් වී පියාසර කරන අයුරු සිත්තරකු දුටු හැටි!

ට‍්‍රාන්ස්සිශන් ‘ටීඑෆ්-එක්ස්’ (TF-X) කාරයේ විස්තර මෙසේයි.

ඒ කාරයට මහ මගදී පැයට හැතැප්ම 70ක වේගයකිනුත් අහසේ දී පැයට හැතැප්ම 115ක වේගයකිනුත් යන්න පුළුවන්.

එහි මොටෝරථ ඉන්ධන ගැලූම් 23ක ටැංකියක් තියෙනවා. අහසේ දී පැයකට ගැලූම් 5ක් දැවෙනවා. බිම දී ගැලූමකට සැතැපුම් 35ක් යන්න පුළුවන්.

බිම දී රිය ධාවනය කෙරෙන්නේ පසුපස රෝදවලින්.


හතර දෙනකුට යා හැකි මේ රථය තුළ මගීන් දෙදෙනකුට වා මළු තියෙනවා. ආපදාවක දී අහසේ සිට බිමට එන්න මුළු රියට ම යොදා ගත හැකි පැරචූට් එකක් තියෙනවා.

පසුගිය වසරේ පරීක්ෂණ ගමන්වලදී මේ යානය අඩි 1,400ක් ඉහළ අහසේ මිනිත්තු 8ක් පමණ වේලාවක් පියාසර කරන්නට සමත් වුණා.

වානිජ ජෙට් යානා පියාසර කරන්නේ අඩි 35,000ක් ඉහළ අහසේයි.

ඒත් මේ කාරය ඔබට ලාබෙට නම් ලැබෙන්නෙ නැහැ. ‘ටීඑෆ්-එක්ස්’ (TF-X) මාදිලියේ ට‍්‍රාන්ස්සිශන් රියක මිල ඩොලර් ලක්ෂ තුනක් විතර වේවි.

මේ රිය පදවන්න නම් ගුවන් නියමු බලපත‍්‍රයක් අවශ්‍යයි. ඒ වගේ ම ලිඛිත පරීක්ෂණයකින් සමත් වෙන්න ඕනෑ. ගුවන් යානා පැදවීම පිළිබඳ පැය 10ක පියසැරි කාලයක් සපුරා තියෙන්නේ ඕනෑ.

 
ගිය සතියේ එළි දැක්වූ ‘ටීඑෆ්-එක්ස්’ (TF-X) අලූත් ම මාදිලියේ රියට මේ ආකාරයට කෙළින් ම ඉහළ නඟින්න පුළුවන්. ධාවන පථයක් ඕනෑ නෑ. රථවාහන තදබදයක් මගදී ඇති වුවහොත් මේ කාරයට කෙළින් අහසට නැග්ගෑකි. ඒත් මෙහි පියාපත් විදහන්න අඩි 100ක ඉඩක් අවශ්‍ය වෙනවා.

සිරස් අතට උඩට නඟින කාර් සංකල්පය



 
ටෙරාෆූයුජියා විසින් තැනූ ට‍්‍රාන්ස්සිශන් පියසැරි කාරයක් මැසචුසෙට්ස් අහසෙහි ඉහළ හැරවුමක් ගන්නා අයුරු.

 
මේ රූපයෙන් පෙනෙන්නේ මේ ට‍්‍රාන්ස්සිශන් එක් මාදිලියක් බිම ගමනින් අහස් ගමනට මාරු වෙන අවස්ථාවක්. අහසේ දී යා හැකි උපරිම වේගය පැ.හැ. 115ක්.

 
ටෙරාෆූජියා පරීක්ෂණ නියමුවකු මේ රියකට පෙට්රල් ලබා ගන්න අන්දම.

ට්රාන්සිශන් එක් මාදිලියකට ධාවන පථයක් අවශ්‍ය වුවත් ‘ටීඑෆ්-එක්ස්’ (TF-X) අලූත් ම මාදිලියේ රියට සිරස් අතට කෙළින් ම ඉහළ නඟින්න පුළුවන්. එහි හෙලිකොප්ටර බමන තල වාගේ තල ඇති නිසා.

මේ නිසා මේ රියක යන්නන්ට රථවාහන තදබදයක දී රථ ගාල හිර වූ විටක දී කෙළින් ම අහසට නැඟ පියාසර කරමින් තම ගමන යන්න පුළුවන්.

මේ යානයකට වරක් ඉන්ධන ලබා ගත් පසු නොනවත්වා සැතැපුම් 500ක් යන්න පුළුවන්.

 
‘ටීඑෆ්-එක්ස්’ (TF-X) අලූත් ම මාදිලියේ රිය පියාපත් හකුළා ගෙන මහ මග ගමන් කරන අයුරු.




Post a Comment

5 Comments

  1. ලක්ෂ 38 ලොකු ගාණක් නෙමෙයිනේ....! මොන්ටෙරෝම වැහි වැහැලා අපේ පාරවල් වල.....

    කොහොම වුනත් මේ වාහන පදවන්න හොඳ විනයක් නම් ඕනේ වෙයි. නැත්තම් හැමෝම කරදරේ!

    කොයිම විදිහකින්වත් කලින් නොදැනගෙන හිටිය තොරතුරක්. ස්තුතියි මල් කැකුලු!

    ReplyDelete
  2. ලක්ෂ 380 කියලා නිවැරදි වෙන්න ඕනේ....

    ගොඩක් ස්තූතියි මේ විස්තර ලබා දීම ගැන ....

    ReplyDelete
  3. වැදගත් මෙන්ම ලස්සන විස්තරයක්. මම බැලුවේ පැටික්කි (මිනිබිරි)එක්ක. එයාගේ හිතේ මේක දැනටම අපේ රටේ තියෙනවා කියල ප්‍රශ්න කෝටියයි.

    ReplyDelete
  4. මම මේ ගැන දැනගෙන හිටියට ප්‍රයෝගිකව පාවිච්චි වෙනවා කියලා දැනගෙන හිටියේ නැ. හොඳ දැනුවත් කිරීමක්

    ReplyDelete
  5. @ SilentSahan : නිවැරදි කිරීමට ස්තුතියි. ශ්‍රී ලංකා රුපියල් වලින් මිල නිස්චිත ලෙස කිව නොහැකි නිසා අප එය ඉවත් කලා.
    - Malkakulu Team

    ReplyDelete