Skip to main content

Posts

Showing posts from May, 2013

දතකින් හෙළි කර ගත් වසර ලක්ෂයක් පැරණි රහසක්! විස්මයජනක පර්යේෂණයක්!

නියැන්ඩර්තාල් මවුවරුන් වර්තමාන මානවයන් මෙන් ළදරුවන්ට වසරකට වැඩි කාලයක් දරුවන්ට මවු කිරි දුන් බව අලූත් ම පර්යේෂණයකින් හෙළි වී තියෙනවා.

ළදරු දතක් ඇසුරෙන් කළ රසායනික විශ්ලේෂණයකින් විද්‍යාඥයන්ට හැකි වී තියෙනවා හෙළි කර ගන්න ඒ දතේ හිමිකරුගේ මව ඔහුට මාස හතක් පමණ මවුකිරි පමණක් දී ඇති දැඩි කළ බව. ඒ විතරක් නෙවෙයි, ඝන ආහාර ගන්නා ගමන් තවත් එවැනිම කාලයක් කිරි උරා බිව් බවත් හෙළි වී තියෙනවා.

මවුකිරි දීම ශාක හා ධාන්‍ය ආහාරවලට මාරු කිරීම දත්වල එනමලයෙහි බේරියම් පැතිරී ඇති ප‍්‍රමාණයේ වෙනස්කම් දෙස බැලීමෙන් හඳුනා ගන්න පුළුවන්.

මේ ක‍්‍රමයට තමයි, ඇමෙරිකාවේ නිව්යෝක්හී මවුන්ට් සිනායි වෛද්‍ය විද්‍යාලයේ සහය මහාචාර්ය ආචාර්ය මානිෂ් අරෝරා (Dr Manish Arora) හා පර්යේෂණ කණ්ඩායම මේ තොරතුරු හෙළි කර ගත්තේ. ඔවුන්ගේ විමර්ශනය ලක් වූයේ මීට වසර ලක්ෂයකට පමණ පෙර බෙල්ජියමේ ලෙනක විසූ වසර 10ත් 12ත් අතර වයසේ ළමයකුගේ මුල් කාලයේ ජීවිතය පිළිබඳවයි.

වර්ධන හා ප‍්‍රජනන අනුපාතයන් ගැන විමසන විට කිරි වැරීම ඉතා වැදගත් වෙනවා.

ති‍්‍රමාන හැඩයකට සැකසූ දතක්: දතෙහි වර්ධන රේඛාවල බේරියම් හා කැල්සියම්වල සාපේක්ෂ ප‍්‍රමාණයන් මැන බැලීමෙන් (වර්ණයෙන් දක්ව…

පා පැදිවලට පාරේ වළවල් සොයා දෙන අපූරු ලාම්පුවක්! චීන විශ්ව විද්‍යාලයකින් එන නව නිපැයුමක්!

පාරවල්වල ඇති වළවල් රථවාහනවල යන අයට විතරක් නොවෙයි පා පැදි කරුවන්ටත් ලොකු හිරිහැරයක්! විශේෂෙයෙන් ම රාති‍්‍ර කාලවලදී මේ වළවල් නොපෙනෙන නිසා පා පැදි කරුවන් අනතුරුට පත්වෙන වාර අනන්තයි.

දැන් ඒ අයට සිතට සහනයක් ගෙන දෙන නව නිපැයුමක් ගැනයි, මේ පුවත. චීන විශ්ව විද්‍යාලයක ඉංජිනේරුවන් පිරිසක් තමයි, මේ නව නිර්මාණය කරලා තියෙන්නෙ.

බයිසිකලයේ විදුලි ලාම්පුව වෙනුවට ඔවුන් නිපදවා තියෙන්නේ එල්ඊඞී (LED) ප‍්‍රක්ෂේපණ ලාම්පුවක්. චීනයේ සිචුවාන් (Sichuan) විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන් පිරිසක් තමයි, මේ අපූරු නිර්මාණය කළේ.

මේ බයිසිකලයට සවි කළා ම පාරේ ඉදිරියෙන් ඇති වළවල්වල නොවැටී පැද ගෙන යන්න පුළුවන් කිසිම අපහසුවක් නැතුව.

මේ විශේෂ ලාම්පුව හඳුන්වා ඇත්තේ ලූමිග‍්‍රිඞ් (Lumigrids) කියලයි. මේ ලාම්පුව බයිසිකලයට සවි කළා ම ඔබ ඉදිරියෙන් ඇති මගෙහි හතරැස් කොටු රටාවක ආලෝකයක් පතිත වෙනවා. ඒවායින් තමයි, පාරේ ඉදිරියෙන් ඇති වළවල් පෙන්වා දෙන්නේ.

ලූමිග‍්‍රිඞ් ලාම්පුව ඉදිරියට විහිදුවන මේ ආලෝක රටාවෙන් ඔබට මහ මග හොඳට පෙන්වා දෙනවා. පාරේ වළවල්, ගැටි ඇත්නම් ඒවා මේ ආලෝක කොටුවලින් ඔබට පෙන්වා දෙනවා. මෙහි දකුණේ කොටු රටාව ඇද වී තිබෙනවා ඔබට පෙනෙ…

ති‍්‍රමාන ක‍්‍රමයට තැනූ උපාංගයක් ලබා පුංචි බබා දිවි බේරා ගනියි! නවීන වෛද්‍ය විද්‍යාවේ හාස්කමක්!

ඒ පුංචි ළමයට කවදාවත් ඉස්පිරිතාලෙන් ගෙදර යන්න ලැබෙන එකක් නැහැ කියලයි, දොස්තරල කිව්වෙ. ඒත් නවීන ති‍්‍රමාන (3D) මුද්‍රණ ක‍්‍රමයට පින්සිදුවෙන්නට සැත්කමට අවශ්‍ය උපාංගය තනා ගෙන සැත්කමකින් ඒක බද්ධ කළා. දැන් ගෙදර ගිහින් විස්මයජනක ලෙස ජීවත් වෙනවා.

කායිබා ජියොන්ෆ්රිඩෝට මුලදි හැමදාම වගේ හුස්ම ගන්න බැරිව ගිහින් සිහි නැති වෙනවා. ඒක එදා මාරක තත්වයක්. ඒත් දැන් එයාට සාමාන්‍ය විධියට හුස්ම ගන්න පුළුවන්. වෛද්‍යවරුන් කළේ ශ්වසන නාල බද්ධයක් සිදු කරමින් කෘති‍්‍රමව ශ්වසන මාර්ගයක් ඇති කිරීමයි.

අලූතින් නැඟ එන ක්ෂේත‍්‍රයක් වූ රසායනාගාරය තුළ සිරුරු කොටස් වැවීමේ ක‍්‍රම වේදයක් වූ ප‍්‍රතිජනන වෛද්‍ය විද්‍යාවේ (regenerative medicine) හාස්කමක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

නිරෝගී අනාගතයක්: කායිබා ජියොන්ෆ්රිඩෝ පුංචි බබා පවුලේ බලූ සුරතලා සමග ඔහියෝවල යන්ස්ටවුන්හිදී වාර්තාකරුවකුගේ කැමරාවට මුහුණ දුන් අයුරු.

‘ස්ටාර් ටෙ‍්‍රක්’ සිහිනය සැබෑ වෙයි! ඔබේ සිරුරේ ලෙඩ හොයන්න විස්මිත මෙවලමක් එයි!

‘ස්ටාර් ටෙ‍්‍රක්’ ටෙලිවිෂන් චිත‍්‍රපට මාලාව ඔබට මතකද? ඒ චිත‍්‍රපටයේ කපිතාන් ස්කොට්ගේ අතේ අමුතු ගැජට් එකක් තිබුණා, ‘ට‍්‍රයිකෝඩර්’ (tricorder) කියලා. ඒක වෛද්‍ය උපකරණයක්. තත්පර ගානක් ඇතුළත ඔබේ සිරුරේ තත්වය කියා දෙන උපකරණයක්. දැන් ඒ උපකරණය ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයේ පිහිටි සමාගමක් විසින් සැබෑවට ම තනා තියෙනවා.

ස්කෑනඩු ස්කවුට් (Scanadu Scout) කියා නම් කර ඇති අතේ ගෙන යා හැකි මේ උපකරණයට ඔබේ හෘද ස්පන්දනය, උෂ්ණත්වය, රුධිරයේ ඔක්සිජන් මට්ටම, ශ්වසන වේගය, රුධිර පීඩනය, ඊසීජී හා මානසික ආතතිය ආදී සිරුරේ නොයෙකුත් පරීක්ෂාවන් එක මොහොතක් ඇතුළත ලබා දෙන්න පුළුවන්.

ඒ උපකරණය ඔබේ නළල මත තැබුවාම එහි ඇති ‘බ්ලූටූත්’ එක මගින් තත්පර දහයක් ඇතුළත ඔබේ සිරුරේ තත්වය ගැන අවශ්‍ය වෛද්‍ය තොරතුරු ඔබේ ස්මාට් ෆෝන් එකට එවන්න එයට පුළුවන්. එහි ඇති ඉසියුම් සංවේදක පෙළක් හා ස්කෑන් කළ හැකි කැමරාවක් තමයි, කටයුත්ත කරන්නේ.

ස්කෑනඩු ස්කවුට් නම් මේ වෛද්‍ය ති‍්‍රකෝඩරය මගින් ඔබේ හද ගැස්ම, උෂ්ණත්වය, රුධිරයේ ඔක්සිජන් මට්ටම, ශ්වසන වේගය, රුධිර පීඩනය, ඊසීජී හා මානසික ආතතිය ආදී සියල්ල තත්පර දහයක් ඇතුළත ලබා ගන්න පුළුවන්.

සිකුරු, බ‍්‍රහස්පතී හා බුද යන ග‍්‍රහයන් තුන්දෙනා තුන් කොන්ව පිහිටන අවස්ථාවක්!

හිරු බැසීම ඉතාමත් සිත්කළු දසුනක් මවන්නක්. රත් හා රඹ පැහැති වලාකුළු මවන සිත්තම මෙම දසුන වඩාත් විචිත‍්‍රවත් කරනවා. කෙමෙන් අඳුර වැටෙද්දී තරු එකින් එක මතු වෙන්නට පටන් ගන්නවා. රාති‍්‍ර අහස දෙස බලා සිටින්නට කැමති අය මේ දසුනෙන් උද්දාමයට පත් වෙනවා.

ඒ අයට සුවිශේෂ හැන්දෑවක් මැයි 26 වැනිදා උදා වෙනවා කියා නාසා ආයතනය කියනවා. රාති‍්‍ර අඳුර වැටෙන්න ඔන්න මෙන්න කියා තිබියදී මේ දසුන ඔබට නරඹන්න පුළුවන්. සිකුරු, බ‍්‍රහස්පතී හා බුද යන ග‍්‍රහයන් තුන්දෙනා තුන් කොන්ව පිහිටන අවස්ථාවක් ඔබට මෙහිදී දැක ගන්න පුළුවන්. පියවි ඇසට වුනත් මේ ති‍්‍රකෝණාකාර පිහිටීම දැක ගන්න පුළුවන්.

ඒ පිළිබඳව විස්තර කෙරෙන පහත සඳහන් වීඩියෝවෙන් ඔබට වැඩිමනත් විස්තර දැනගත හැකියි.

තවත් යෝධ ග‍්‍රහකයක් පෘථිවිය දෙසට එනවා! පෘථිවිය පසු කර ගෙන යන්නේ මැයි 31 වැනිදා!

‘කිව්ඊ 2’ හෙවත් ක්වීන් එලිසැබත් නෞකාව මෙන් නව ගුණයක් දිගින් වැඩි මේ යෝධ ග‍්‍රහකය පෘථිවිය පසු කර යන්නේ මැයි 31 වැනිදාය. වාසනාවකට මෙය පෘථිවිය පසු කර ගන්නේ පෘථිවියේ සිට සැතැපුම් මිලියන 3.6ක් ඈතිනි. එනම් පෘථිවියත් හඳත් අතර දුර මෙන් 15 ගුණයක දුරකිනි.

විද්‍යාඥයන් මේ ග‍්‍රහකය නම් කළේ ‘1998කිව්ඊ2’ කියායි. ක්වීන් එලිසැබත් නෞකාවට මෙහි ඇති සම්බන්ධයක් නැත. මෙසේ නම් තබා ඇත්තේ ඇමරිකාවේ මැසචුසෙට්ස්හී කේම්බි‍්‍රජ්වල පිහිටි එක්සත් ජනපද සුලූ ග‍්‍රහලෝක මධ්‍යස්ථානය විසින් අලූතින් සොයා ගන්නා ග‍්‍රහකවලට නම් තබන්නට ඔවුන් යොදා ගත් කේත ක‍්‍රමයකට අනුවයි.

‘1998කිව්ඊ2’ යෝධ ග‍්‍රහකය සෞරග‍්‍රහ මණ්ඩලය හරහා යද්දී එහි ගමන් මාර්ගය පෘථිවිය ළං ව වැටී ඇති අයුරු. එසේ පෙනුනද එය ගමන් කරන්නේ පෘථිවියට සැතැපුම් මිලියන 3.6ක් ඈතිනි.

රසායනාගාරයක් තුළ විස්මිත මල් ගොමුවක් මවයි! විද්‍යාඥයන් පිරිසකගේ ආශ්චර්යයක්!

ලෝකයේ ඇති සියලූම මල් එක වර පිපුණා වගෙයි පෙනෙන්නේ! ඇත්තෙන් ම මේ මල් උයන තියෙන්නේ ඇමරිකාවේ හවාඞ් විශ්ව විද්‍යාලයේයි. එහි රසායනාගාරයේ තමයි, මේ පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර මල් ගොමුව මවා ඇත්තේ.

මේ මලක ප‍්‍රමාණය මැනිය හැක්කේ මයික්‍රෝනවලින්. ඒ කියන්නේ මීටරයකින් මිලියනයකින් පංගුවකින්. ඒවා වරකට එක අංශුව බැගින් අර ගෙනයි, නිමා කර ඇත්තේ.

පර්යේෂකයන් විවිධ මල් වර්ග අනුකරණය කරන ආකාරයට විවිධ ආකෘතීන් නිර්මාණය කළා.

මාර්තු 17 වැනිදා ලොකු උල්කාවක් හඳට කඩා වැටුණා! එය පොළොවේ සිටි අපටත් පෙනුණා!

මාර්තු 17 වැනිදා කිලෝග්‍රෑම් 40ක් පමණ බර උල්කාපාතයක් සඳ මතට කඩා වැදුණා. ඒ උල්කාවේ ඝට්ටනයෙන් නිකුත් වූ ආලෝකය පොළොවටත් පෙනුණා. මෙය මෙතෙක් දැක ගන්නට ලැබුණු ලොකුම උල්කා ගැටුමයි.

මේ බව මුලින් ම හඳුනා ගත්තේ සඳ වෙතට යොමුවූ දුරදක්නයක්. ඒ උල්කාභය සඳ මතට වැදුණු කෙණෙහි ම එම ස්ථානයෙන් දීප්තිමත් ආලෝක ධාරාවක් විහිදුණා. එය පියවි ඇසට පවා දැක ගත හැකි එකක් කියලයි නාසා ආයතනය කියන්නේ.

නාසා ආයතනය සඳට සිදුවන මේ උල්කාපතනයන් ගැන දැන් වසර අටක් තිස්සේ සෝදිසියෙන් ඉන්නවා. ඔවුන් දැනටමත් මෙසේ උල්කාපතනයන් 300කට වැඩි ප‍්‍රමාණයක් වාර්තා ගත කරගෙන තියෙනවා. ඒ අතරින් සිදු වූ විශාලතම උල්කා ඝට්ටනය මෙයයි.

"සඳ මත වැදුණු සැණෙන් එය පුපුරා ගියේ අප මෙතෙක් දැක ඇති දීප්තිමත් ම ආලෝක ධාරව මෙන් දස ගුණයක දීප්තියක් සහිතවයි." කියා නාසා ආයතනයේ බිල් කුක් කියනවා. ඔහු ඇමරිකාවේ ඇලබාමා ප‍්‍රාන්තයේ හන්ට්ස්විල් හී පිහිටුවා ඇති මාෂල් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ උල්කාංශු පරිසර කාර්යාලයේ නිලධරයෙක්.

ඊතලයෙන් දැක්වෙන්නේ හඳ මතුපිට හැපුණු උල්කාවෙන් නිකුත් වූ ආලෝකය දුරදක්නයට පෙනුන ආකාරයයි.

පරමාණු රඟපාන ලෝකයේ කුඩා ම චිත‍්‍රපටය දැන් ඔබටත් නරඹන්න පුළුවන්!

විද්‍යාඥයන් පිරිසක් චිත‍්‍රපටය අපූරු තලයකට ගෙන ගිහින්. ලෝකයේ කුඩාම චිත‍්‍රපටය නිපදවලා. ඒක කොයිතරම් කුඩා ද කීවොත් මනින්නෙ අණුවල දිග පළල අනුවයි. ඒ කියන්නෙ නැනෝ මීටරවලින්.

මේ චිත‍්‍රපටයේ රූප රාමු පියවි ඇහැට පෙනෙන්නෙ නැහැ. චිත‍්‍රපටයේ එක රූප රාමුවක් නැනෝමීටර් 45x25ක් වෙනවා. එක් අඟලකට නැනෝමීටර් මිලියන 25ක් තියෙනවා.

අයිබීඑම් පසුගියදා මේ චිත‍්‍රපටය යූටියුබ් එකට මුදා හැරියා. මේ චිත‍්‍රපටයේ රඟපාන්නේ අණු සහ පරමාණුයි. විනාඩියක කාලයක් දිග මේ චිත‍්‍රපටය නම් කර ඇත්තේ ‘ළමයෙක් සහ ඔහුගේ පරමාණුව’ යන අරුත් දෙන ඉංගී‍්‍රසි වදනකින්.

මෙය තනා ඇත්තේ කාබන් මොනොක්සයිඞ් අණු එකින් එක නැවත සකස් කිරීමෙන් ළමයකු බෝලයක් සමග සෙල්ලම් කරන ආකාරයක් දක්වමින්.

මේ අපූරු දස්කම කරලා තියෙන්නේ අයිබීඑම් ආයතනයේ විද්‍යාඥයන් පිරිසක්.

‘අ බෝයි ඇන්ඞ් හිස් ඇටම්’ චිත‍්‍රපටයේ රූප රාමුවක්.

පරිගණකයේ ආශ්චර්යය හැමතැන ම පැතිරෙයි! ගූගල් කන්නාඩි පරිගණකයේ නව මාදිලිය මෙන්න!

ඇස් කන්නාඩියක් සේ පැලඳිය හැකි ගූගල් උපැස් පරිගණකය ගැන විස්තර ‘මල්කැකුළු’ තුළින් ඔබට ගෙනාවා මතක ඇති. අද මේ කියන්නේ ලොව සැම තැනක දීම පාවිච්චි කළ හැකි එහි නව මාදිලිය එන්නට කලින් මාදිලි රැසක් නිපදවමින් ඔවුන් කළ අත්හදා බැලීම ගැනයි.

වසර 131 පැරණි චිත‍්‍රපට කැමරාවක්! අතේ ගෙන යා හැකි ලොව පළමු සිනමා කැමරාව මේකද?

බැලූ බැල්මට එය රයිෆලයක් වගෙයි. ඒත් ඇත්තමට නම් ඒක අතේ ගෙන යන කැමරාවක්. නිකම්ම කැමරාවක් නෙමෙයි, චිත‍්‍රපට කැමරාවක්! මේ තමයි, සිනමා කර්මාන්තය පෙරළියකට ලක් කළ ලොව පළමු චලනචිත‍්‍ර කැමරාව.

මෙය සැලසුම් කිරීමේ ගෞරවය හිමි වන්නේ ඉටෙන් යූල්ස් මරේ (Étienne-Jules Marey) නම් ප‍්‍රංශ විද්‍යාඥයාටයි. (මේ නම ප‍්‍රංශ එකක් නිසා එය උච්චාරණය කළ යුත්තේ ‘ඉටෙන් යූල්ස් මායි’ කියායි.) ඔහු මේ අපූරු කැමරාව හැඳින්වූයේ ‘ෆුසිල් ෆොටෝග්රැෆික්’ (Fusil Photographique) හෙවත් ‘ඡායාරූප රයිෆලය’ කියායි.

ඒ මගින් මුලින් ම කැමරාවට නැගුවේ කුරුල්ලන් හා කුඩා සතුන්ගේ චලනයන් ආදියයි. ඒ 1882 දියි.

ප‍්‍රංශ විද්‍යාඥ ඉටෙන් යූල්ස් මරේගේ ‘ෆුසිල් ෆොටෝග්රැෆික්’ හෙවත් ‘ඡායාරූප රයිෆලය’ මෙය අතේ ගෙන යා හැකි ලොව පළමු චිත‍්‍රපට කැමරාව ලෙස සැලකිය හැකියි. මෙයින් මුලින් ම කැමරාවට නැගුවේ කුරුල්ලන් හා කුඩා සතුන් චලනයන්.

සැත්කම්වල දී කරන මැහීම් වෙනුවට විස්මයජනක නව පෑස්සීමේ ක‍්‍රමයක් සොයා ගනිති!

ශල්‍ය වෛද්‍යවරුන් මෙතෙක් මැසීමට භාවිත කළ ක‍්‍රමවලට ආයුබෝවන් කියන්න කාලය ඇවිත්! මහන්නෙ නැතුව ‘වෑල්ඩින්’ කරන්න ක‍්‍රමයක් දැන් විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා.

රත්තරන් අංශු යොදා ගෙන ලෙසර් මගින් කැපුම් පාස්සන්න මේ නව ක‍්‍රමයෙන් පුළුවන්. කැපුම පෑස්සීමට යොදා ගත් විට එය සිරුරේ චලනයත් සමග එකට චලනය වෙනවා.

ඇමරිකන් රසායනික සංගමයේ විද්‍යාඥයන් ඒ පෑස්සුම් ද්‍රව්‍ය ඌරන්ගේ අන්ත‍්‍ර සමග යොදා දැන් පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා. ඔවුන් විශ්වාස කරන විධියට මෙය මෙතෙක් පැවති සාම්ප‍්‍රදායික මැසීමත් සීචන (suture) තාක්ෂණයත් වෙනුවට පාවිච්චි කළ හැකියි.

විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා දියර කාන්දු වළක්වන, ප‍්‍රත්‍යාස්ථ මුද්‍රා තැබීමක් බඳු මේ නව ක‍්‍රමයෙන් සැත්කම්වලට ගත වෙන කාලයත් අඩු වෙන බව.

සිරුරේ කැපීම් හා මැසීම්වල දී සාම්ප‍්‍රදායිකව සිදු කෙරෙන්නේ ජීවාණුහරණය කළ විශේෂ නූල් යොදා ගෙන මැහුම් යෙදීමෙන් හා සීචනයෙන්. මේ පැරණි තාක්ෂණ යොදා ගෙන කරන ශල්‍ය වෛද්‍ය මැසීම්වල දී ඇතැම් විට ශරීරාංග පටක බිඳී යාම නිසා අභ්‍යන්තර දියර ස‍්‍රාවය වීම් ඇති වෙන්න පුළුවන්. එහෙත් නව ක‍්‍රමයට පෑස්සීමේ දී ඒ කිසිවක් සිදු වන්නේ නෑ.

රථවාහන තදබදයට විස්මිත විසඳුමක්! ප‍්‍රථම පියාඹන කාරය 2015 දී වෙළඳ පොළට?

ටෙරාෆූජියා (Terrafugia) ඒ ට‍්‍රාන්ස්සිශන් කාරයේ සැලැස්ම දැන් එළි දැක්වලා තියෙනවා. ඒක අඩක් මෝටර් රථයක් වගෙයි, අඩක් පුංචි ජෙට් අහස් යානයක් වගෙයි. රෝද හතර දිග හැර පියාපත් හකුළා ගත් පසු මෝටර් රථයක් වගේ මහ මග පදවන්න පුළුවන්. තව අවුරුද් දෙකකින් මෙය ඔබටත් මිල දී ගන්න පුළුවන්.

මේ කාරය නිපදවන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස්හී පිහිටි ටෙරාෆූජියා සමාගමයි. මෙහි අලූත්ම මාදිලිය හැඳින්වෙන්නේ ‘ටීඑෆ්-එක්ස්’ (TF-X) කියායි. මෙය සාමාන්‍ය කාරයක් දමනවා වාගේ ගරාජයක ගාල් කරන්නත් ධාවන පථයක් නැතිව හිටි තැනම ඉහළ නගින්නත් පුළුවන්.

මේ කාරය ගැනත් තවත් ලොව පුරා නිපදවෙන පියාඹන මොටෝරිය කීපයක් ගැන ‘මල් කැකුළු’ තුළින් ඔබට විස්තර ගෙන ආවා ඔබට මතක ඇති.

‘ටීඑෆ්-එක්ස්’ (TF-X) රථය අහස් යානයක් වී පියාසර කරන අයුරු සිත්තරකු දුටු හැටි!

බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවකුගේ විස්මිත නිපැයුමක්! ඕනැම රළු පාරක් විල්ලූ ද මගක් සේ දැනෙන පාපැදියක!

බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවෙක් මෙතෙක් කිසිදා නොවූවිරූ ලෙසින් බයිසිකලයට නවමුහුණුවරක් දීලා. එය පදවන ඔබට ඕනෑම බොරලූ පාරක් විල්ලූද ඇල්ලූ එකක් සේ දනේවි.

ඇත්තෙන් ම මේක හරිම අපූරු නිපැයුමක්. මේ බයිසිකලයේ රෝදවල ස්පෝක් කම්බි නැහැ. ඒවා වෙනුවට තියෙන්නේ දුනු වළලූ විශේෂයක්. එය ඔහු විසින් හඳුන්වා ඇත්තේ ලූප්වීල් (Loopwheel) ක‍්‍රමය කියලයි.

මේ නව නිපැයුම වෙළඳ පොළට එවන්න නම් මහා පරිමාණයෙන් ඒවා නිපදවන්න ඕනෑ. ඒ නිසා ඔහු අන්තර්ජාලයේ පිහිට පැතුවා. ඔහුගේ මේ නව ලූප්වීල්ස් ව්‍යාපෘතියට අරමුදල් රැස් කරන්න කික්ස්ටාටර් (Kickstarter) ඔස්සේ ඉල්ලීමක් කළා.

ලූප්වීල්ස් බයිසිකලයේ රෝදවලට ස්පෝක්ස් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ අවලම්බිතයක් සේ කි‍්‍රයා කරන වළලූ ආකාරයට නැමූ දුනු විශේෂයක්.

පළමු වතාවට ගස් වතුර ඉල්ලා කෑ ගසන හඬට විද්‍යාඥයන් සවන් දෙති!

ප‍්‍රංශ විද්‍යාඥයන් පිරිසක් විශ්වාස කරනවා, ඔවුන්ට ප‍්‍රථම වතාවට ගස් ජලය ඉල්ලා නඟන හඬ පටි ගත කරන්නට හැකි වූ බව.

මිනිසුන් අමාරුවෙන් හුස්ම ගන්නවා මෙන් ශබ්දයක් ගස්වලින් නිකුත් වෙන බව දැන් තේරුම් ගෙන තියෙනවා. සජීවී ගස් නියං කාලයේ දී දිවි රැක ගැනීමට වාතයේ ඇති තෙතමනය හැකි තරම් උරා ගැනීම සඳහා කරන උත්සාහයේ දී මිනිස් ඇසට නෑසෙන අධිධ්වනි ශබ්ද මාලාවක් නිකුත් කර බව දැන් සොයා ගෙන තියෙනවා.

මේ ශබ්ද මිනිස් කනට ඇසෙන ශබ්ද මෙන් සිය ගුණයක් වේගවත්. එහෙත් ප‍්‍රංශ විද්‍යාඥයන් පිරිසක් මෑත දී කළ පරීක්ෂණයකින් ඒ කි‍්‍රයාවලියේ වේගය ඒවාට සවන් දිය හැකි මට්ටමට අඩු කර ගෙන තියෙනවා. ප‍්‍රංශයේ ග්‍රෙනෝබල් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥ පිලිප් මාමොටන්ට් ප‍්‍රමුඛ පිරිසක් තමයි, මේ හපන්කම කර ඇත්තේ.

පර්යේෂකයන් මියගිය පයින්වුඞ් දැව පතුරුවල හයිඩ්‍රොජෙල් තැවරුවා මෙවැනි සජීවී ගහක තත්වය නැවත මවා පාන්න.

දැවැන්ත මුහුදු රකුසෙක් නවසීලන්ත වෙරළට එයි! ඒ මිනීමරු තල්මස් යෝධයෙක්ද?

අද්භූත පෙනුමක් ඇති ‘යෝධ මුහුදු රකුසෙක්’ පසුගියදා නවසීලන්තයේ මුහුදු වෙරළට ගසා ගෙන ආවා. එහි ප්ලෙන්ටි බොක්කේ වෙරළට ගසා ගෙන ආ ඒ සත්වයා කවරෙක්ද? තවමත් ඒ අබිරහස විසඳී නැහැ.

නවසීලන්තයේ එලිසැබත් ඈන් විසින් මේ සත්වයාගේ මළ සිරුර වීඩියෝ කර යූ ටියුබ් එකට එකතු තියෙනවා. ඒ අනුව අපට දැක ගත හැක්කේ මුව අයා දත් විලිස්සා ගත් උගේ විශාල හිසෙහි කොටසක් විතරයි. සිරුරේ ඉතිරි කොටස් අතුරුදන් වෙලා! හිස ඇතුළු සිරුරේ උඩ කොටස වෙරළේ වැලි අතරින් මතුවෙලා තියෙනවා.

මේ අත්භූත සත්වයා අඩි 30ක් විතර දිගයි. නවසීලන්තයේ ප්ලෙන්ටි බොක්ක ආශි‍්‍රත වෙරළේ තිබූ හමු වූ උගේ සිරුරෙහි හිස සහ වරල් පත් වැනි කොටසක් පමණයි දක්නට ඇත්තේ.

තම නිර්මාණය ලෝකය වෙනස් කරන හැටි දැක ගන්නට වාසනාවන්ත වූ විද්‍යාඥයා!

ගත වූ සියවස තුළ විද්‍යාඥයන් බොහෝ දෙනකුට තමන් ඉදිරිපත් කළ නව සංකල්ප ඵල දරනු බලන්නට වාසනාවක් තිබුණේ නෑ. ඒ නිසා ම ඔවුන් මානව වංශයට කළ මෙහෙය ගැන සතුටු වන්නට ඔවුන්ට ඉඩක් ලැබුණේ නැහැ. එයට හේතුව ඔවුන්ගේ සිහින සැබෑ වන්නට ඔවුන්ගේ ජීවිත කාලයට වඩා වැඩි කාලයක් ගත වීමයි.

මට මතකයි, ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක් පවා වරක් කියා තිබුණා, එතුමා ලද ලොකු ම වාසනාව එතුමා ඉදිරිපත් කළ විශ්ව සන්නිවේදන සංකල්පය ඵල දරනු දකින්නට ජීවත් වෙන්නට ලැබීමයි කියා.

ඒ වාසානාව ලත් තවත් සුවිශේෂ විද්‍යාඥයෙක් ඉන්නවා. මීට වසර 20කට විතර ඉස්සර ඔහු ගෙනා නව අදහසක් හා ඒ ඔස්සේ කළ නිර්මාණය අද මුළු ලොව ම විප්ලවීය වෙනසකට ලක් කරමින්, දේශ සීමා ඉක්මවමින් හැම මිනිස් ජීවිතයකට ම බලපාන මහා පෙරළියක් සිදු කර තියෙනවා.

ඒ සියල්ල ඔහුට දැක ගත හැකි වුණා පමණක් නොව ඔහු අදත් ඒ හා සම්බන්ධ වෙමින් එහි උපරිම ප‍්‍රතිඵල ලොව සෑම මනුෂ්‍යයකුට ම ලැබෙන පරිදි සිය සේවය සලසමින් ඉන්නවා. ඔහුගේ ඒ නිර්මාණය තමා ඉංගී‍්‍රසි ‘ඩබ්ලිව්’ අකුරු තුනකින් හැඳින්වෙන ‘වර්ල්ඞ් වයිඞ් වෙබ්’.

ශී‍්‍රමත් ටිම් බර්නර්ස්-ලී, වර්ල්ඞ් වයිඞ් වෙබ් (World Wide Web) නිර්මාතෘ වෙබ් අඩවි සංවර්ධනය ගැන එදා පැ…

මැක්කන් හා මදුරුවන්ගේ ලෝකයේ විස්මිත දසුන්! නොපෙනෙන යළිත් වරක් එබී බලන්න!

පියවි ඇසට නොපෙනෙන ලෝකයේ විස්මිත දේ නොයෙක් විට ‘මල් කැකුළු’ ගෙනාවා ඔබට මතක ඇති. මෙවැනි රූප බැලීමෙන් ම පමණක් ඔබට ලිපි ගණනාවකින් ලද හැකි දැනුම එසැණින් මනසින් උකහා ගන්න පුළුවන්. මේ තවත් එවැනි අමුතු ලෝකයක්.

මේවා බැලූ බැල්මට පෙනෙන්නේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක දසුන් වගෙයි. ඒත් මේවා ඇත්තෙන්ම අන්වීක්ෂයක් තුළින් විශාලනය කළ සමීප රූප සිය මැක්කන්ගේ, මදුරුවන්ගේ හා වෙනත් කුඩා සතුන්ගේ.

මේ දිය මැක්කා හැඳින්වෙන්නේ පොලිෆෙමස් (Polyphemus) කියායි. උගේ අඬු විහිදී ඇති ආකාරය විස්මයජනක ලෙස ඩැනියෙල් ස්ටුපින් විසින් ඡායාරූපයට හසු කර ගෙන තියෙනවා.

මෙන්න කොන්කෝඞ් පැටියා! බෝයිං සුපර්සොනික් යානය නාසා ආයතනයේ පරීක්ෂාවට!

ඇමරිකාවේ නාසා ආයතනය මේ දිනවල ‘කොන්කෝඞ් පැටියා’ නමින් හැඳින්වෙන ශබ්දයේ වේගය ඉක්මවා යන සුපර්සොනික් යානයක් පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා.

මෙම සුපර්සොනික් යානය සැලසුම් කර ඇත්තේ ඇමරිකාවේ සුප‍්‍රකට බෝයිං සමාගමයි. මෙය නිර්මාණය කෙරුණේ 2003 නොවැම්බර්යේ දී පියසැරියෙන් ඉවත් වූ කොන්කෝඞ් (Concorde) යානයෙන් ඇති වූ අඩුව පුරවන්නයි.

දැනට වානිජ සුපර්සොනික් ගුවන් යානාවලට ගුවනේ සැරිසරන්නට අවසර නැත. ඒ, එම යානා පියාසර කරද්දී ජනිත වන සුපර්සොනික් හෙවත් අතිධ්වනික ශබ්දය නිසයි.
බොයිං සමාගම විසින් සුපර්සොනික් ගුවන්යානා සංකල්පයට අනුව තනන ලද, එහි සියයට 1.79 ප‍්‍රමාණයේ අනුරුව හෙවත් ‘කොන්කෝඞ් පැටියා’ ඔහියෝහි පිහිටි නාසා ආයතනයේ ග්ලෙන් පර්යේෂණ මධ්‍යස්ථානයට අයත් සුපර්සොනික් සුළං උමඟ තුළ පරීක්ෂාවට ලක් කෙරුණු අයුරු එහි කවුළුවකින් පෙනුනු හැටි.

කි‍්‍රකට් කී‍්‍රඩාවේ පෙරළියක් කළ ‘උකුසු ඇස’ (Hawk-eye) දැන් පාපන්දු පිටියටත්!

කි‍්‍රකට් හා ටෙනිස් කී‍්‍රඩාවල පෙරළියක් කළ ‘හෝක් අයි’ තාක්ෂණය පාපන්දු කී‍්‍රඩාවටත් යොදා ගැනීමට යන බව පසුගිය දා එංගලන්තයෙන් වාර්තා වුණා. මෙය පාපන්දු ලෝලයන්ගේ සතුටට කරුණක් වේවි.

‘හෝක් අයි’ යන්නෙහි අරුත ‘උකුසු ඇස’ යන්නයි. කි‍්‍රකට් හා ටෙනිස් කී‍්‍රඩා ලෝලීන්ට නම් ‘හෝක්.අයි’ තාක්ෂණය නුහුරු දෙයක් නොවෙයි. ටෙලිවිෂනයෙන් ඒ කී‍්‍රඩා නරඹන ඔබට ලැසිචලන ප‍්‍රතිවාදනවලදී පන්දුව ගිය මාවත දැක ගත හැකි වන්නේ මේ ‘හෝක්xඅයි’ තාක්ෂණය නිසයි. පන්දුව හයේ පහරක් නම් එය ගිය මාවත පමණක් නොව, එය කෙතරම් දුරක් ගියාද කියා දැන ගන්නේ ද මේ තාක්ෂණය නිසයි. පන්දුව නිසි තැන පතිත වී පසුව ඉපිලී විත් කී‍්‍රඩකයාගේ පාදයේ වැදී ඔහු දැවී ගියාද, කී‍්‍රඩකයා පාදය හරස් නො කළා නම් විකට්ටුවේ වදින්නේ ද ආදී වශයෙන් කී‍්‍රඩා විනිශ්චයේ දී හා කී‍්‍රඩා විස්තර විචාරයේ දී මේ තාක්ෂණය උපයෝගී කර ගන්නා ආකාරය ඔබ කොතෙකුත් දැක ඇති.

වසර 122කට පසු පළමු වරට බෙල් ඔහුගේ හඬින් ම ලොව අමතයි! ”මේ මගේ කටහඬයි! මම ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්!”

ප‍්‍රථම වතාවට ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්ගේ කටහඬ පර්යේෂකයන් පිරිසක් විසින් සොයා ගෙන තියෙනවා. ඒ පැරණිම ශබ්ද පටි ගත කිරීම් අතරින් කළ සොයා ගැනීමක්.

ඇමරිකානු ජාතික ඉතිහාස කෞතුකාගාරයේ (ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ) පර්යේෂකයන් පිරිසක් තමයි, මේ අපූරු සොයා ගැනීම කර ඇත්තේ. 1885 දී ඉටි තැටියකට නඟනු ලැබූ මේ කටහඬ මතුකර ගෙන ඇත්තේ ඒ ස්මිත්සෝනියන් කෞතුකාගාරයට කිසිවකු විසින් පරිත්‍යාග කර ගබඩා කර තිබූ පැරණි තැටි අතර තිබිලයි.

මෑතදී ලබා ඇති තාක්ෂණික දියුණුව නිසා තමයි, වසර 100කට පසු පළමු වතාවට මේ පටිගත කිරීම් අසන්නට හැකි වී තියෙන්නේ.

ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්ගේ කටහඬ ඇතුළත් ව තිබූ ඉටි තැටියයි, මේ. ඇමරිකානු ජාතික ඉතිහාස කෞතුකාගාරය විසින් මේ කටහඬ මතු කර ගෙන ඇත්තේ කොංග‍්‍රස් පුස්තකාලයේ හා කැලිෆෝනියාවේ ලෝරන්ස් බර්ක්ලි ජාතික රසායනාගරයේ තාක්ෂණ ශිල්පීන්ගේ සහය ඇතිව මෙය හඳුනා ගනු ලැබුවා.

ආශ්චර්යවත් කමිසයක්! සෝදන්නෙ, මදින්නෙ නැතුව දින 100ක් අඳින්න පුළුවන්!

රෙදි සෝදන්න ලොන්ඩරි ගිය කාලෙ ඉවරයි! රෙදි සෝදන යන්ත‍්‍රවලින් පවා පලක් නැහැ. ඇමරිකානු රෙදිපිළි නිෂ්පාදන සමාගමක් විප්ලවකාරී කමිසයක් නිපදවලා තියෙනවා.

නිෂ්පාදකයන් කියන විධියට මේ කමිසය දින 100ක් එක දිගට පිරිසිදුව තියෙනවා විතරක් නොවෙයි, කොච්චර දාඩිය දැම්මත් දුගඳක් හමන්නෙත් නැහැ. හරිම පුදුමයි නේද? ඒ විතරක් නෙවෙයි, පොඩි වෙන්නෙත් නැහැ. ඒ නිසා මදින්න අවශ්‍ය වෙන්නෙත් නැහැ.

වූල් ඇන්ඞ් පි‍්‍රන්ස් ආයතනය කියනවා, මේ කමිසය නො සෝදා නො මැද දින 100ක් ඇඳිය හැකියි කියා.

විද්‍යාඥයන්ගේ විස්මිත හපන්කමක්! සකි‍්‍රය කුඩා අක්මාවක් ති‍්‍රමාන ක‍්‍රමයට මුද්‍රණය කරති!

විද්‍යාඥයන් දැන් සූදානම් වන්නේ රසායනාගාර තුළ නිම වූ අක්මා බද්ධයටයි. දැනටමත් ඔවුන් ති‍්‍රමාන (3D) මුද්‍රණ යන්ත‍්‍රය යොදා ගෙන කුඩා ප‍්‍රමාණයේ අක්මා තැනීමට සමත් වී තියෙනවා.

මිලිමීටර් බාගයක් ඝනකම ඇති, මිලිමිටර් හතරක් පළල කුඩා අක්මා කොටසක් යොදා ගෙන ඔවුන් කළ අත්හදා බැලීම්වලින් පෙනී ගියා, සැබෑ අක්මාවක් ඉටු කරන වැදගත් කාර්යයන් ගණනාවක් ම එයට කළ හැකි බව. සිරුර පුරා හෝමෝන, ලූණු හා ඖෂධ ගෙන යාමට අවශ්‍ය ප්‍රෝටීන් නිපදවීමටත් එයට හැකියාව ඇති බවත් පෙනී ගියා.

ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි ඕගනෝවෝ (Organovo) කියන ආයතනයේ විද්‍යාඥයන් තමයි, මේ ජෛව මුද්‍රණ ක‍්‍රමයේ පුරෝගාමීන් වී සිටින්නේ. ඔවුන් මුල්වරට සමත් වී තියෙනවා, මේ ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රය යොදා ගෙන ස්තර 20ක් ඇති අක්මා සෛල විස්මිත ලෙස මුද්‍රණය කරන්න. මුද්‍රණයේ දී ඒවා නිර්මාණය වන්නේ ඒවා තුළ ඔක්සිජන් හා විවිධ අංශුපෝෂක ආදිය සංසරණය වන රුධිර වාහිනී ද සහිතවයි.

කැලිෆෝනියාවේ සැන් දියේගෝවල ඕගනෝවෝහි විද්‍යාඥයන් ඔවුන්ගේ රසායනාගාරය තුළ ති‍්‍රමාන ක‍්‍රමයට මුද්‍රණය කළ බහුසෛලීය අක්මා කොටසක්.

දැන් ක්‍රෙඩිට් කාඞ් පත වෙනුවට ඇඟිලි සලකුණුවලින් ගෙවන්න පුළුවන්!

දැන් මුදල් ගෙවීමට පසුම්බිය ගෙන යාමට අමතක වී සිතට වදයක් වූ කාලය ඉවරයි. හිස් අතින් ගියත් ඔබට බැංකුවේ මුදල් ඇත්නම් ඒ බිල් ඇඟිල්ලෙන් ගෙවන්න පුළුවන්.

දැන් අලූත් ක‍්‍රමයට ඔබට ඔබේ ඇඟිලි සලකුණු තබා මුදල් ගෙවීම අනුමත කරන්න පුළුවන්. ඔබ ඇඟිලි සලකුණු ජෛවමිතික අන්තය පසුපස ඇති පරිගණක මොළය නිසා සාප්පුකරුට ඔබ අනුමැතිය දුන් විගස ඒ සඳහා නියමිත අය ලැබෙනවා. ඒ නිසා ම ලොව පුරා සාප්පුකරුවන් මෙම සේවාව ලබා ගන්නට දැනටමත් කැමැත්ත පළ කරලා තියෙනවා.

පේටච් ක‍්‍රමය භාවිත කරන්නන්ට ඒ පහසුකම ලැබීම සඳහා ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඞ්වල ඇතුළත් කරන තොරතුරු ඔවුන්ගේම ඇඟිලි සලකුණුවලට යොදන්න ඕනෑ. එවිට පින් අංකයක් ගෙන යාමට හෝ අත්සන් යෙදීමට හෝ අවශ්‍ය වන්නේ නැහැ. වෙනනෙකක් තබා ක්‍රෙඩිට් කාඞ් පත ගෙන යාමටවත් අවශ්‍ය වන්නේ නැහැ.

මුදල් රහිත තාක්ෂණය - ඇඟිලි තුඩුවලින් තමාගේ බීම බිල ගෙවන කාන්තාවක්. ඇයට මේ පේටච් (Paytouch) ඇඟිලි සලකුණු තාක්ෂණය යොදා ගෙන බිල් ගෙවන ක‍්‍රමය හමු වී ඇත්තේ ස්පාඤ්ඤයට ආසන්නව මධ්‍යධරණී මුහුදේ පියිටි ඉබිසා දූපතේ විවේක නිකේතනයක දීයි.