HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පැහැර ගෙන යාම් වළක්වන වළල්ලක්! ස්වේච්ඡා සේවකයන්ට තාක්ෂණික ආරක්ෂාවක්!

ලෝකයේ අලූත් ම සන්නිවේදන නිපැයුම මෙයයි. සන්නිවේදන තාක්ෂණයේ විශිෂ්ට නිපැයුමක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

මේ නව නිපැයුම, අනතුරක දී ලොවට ම ඒ බව හඬ ගා කිව හැකි බ්‍රේස්ලට් එකක් එහෙමත් නැත්නම් අතේ පලඳින වළල්ලක්! චන්ද්‍රිකා මඟ සෙවුම් තාක්ෂණයේ පිහිටෙන් කි‍්‍රයා කරන මේ නව මෙවලමෙන් ස්වේච්ඡා සේවකයකු හදිසි ප‍්‍රහාරයකට ලක් වුවහොත් ඒ බව එසැණෙන් ලොවට ම හඬ ගා කියන්න පුළුවන්.

මෙසේ දැනුවත් වීම කරන්නේ ෆේස් බුක් හා ට්විටර් මගින් අන්තර් ජාලය හරහායි. ලෝකයේ මිලියන ගණනක් දෙනාට එසැණෙන් දැන්විය හැකියි. ඒ එක්කම තත්පර කීපයක් ඇතුළත ලොව පුරා මාධ්‍ය දැනුවත් කිරීමක් ද කළ හැකියි. මේ සියල්ල කරන්නේ ඒ නව බ්‍රේස්ලට් එක මගින් ස්වයංකී‍්‍රයවයි.

 
නතාලියා ව්‍යාපෘතියේ බ්‍රේස්ලට් චන්ද්‍රිකා මඟ සෙවුම් තාක්ෂණයට සම්බන්ධ කරලයි තියෙන්නෙ. ඒ මගින් ස්වේච්ඡා සේවක පැහැර ගැනීමක දී එසැණෙන් ලොවට ම දැනුම් දිය හැකියි.

මේ නව සන්නිවේදන මෙවලම හැඳින්වෙන්නේ නතාලියා බ්‍රේස්ලට් කියායි. නතාලියා බ්‍රේස්ලට් ව්‍යාපෘතිය මගින් පසුගියදා මේ සුවිශේෂ බ්‍රේස්ලට් කීපයක් සංකේත වශයෙන් ලොව ස්වේච්ඡා සේවක පැහැර යාම් බහුල යුද කලාපවල මානුෂීය සහන සලසන සේවකයන් අතර බෙදා දුන්නා.

කොහොමද මේ මෙවලම වැඩ කරන්නේ?

මේ මෙවලම ජංගම දුරකතන තාක්ෂණය හා සම්බන්ධ කරලයි තියෙන්නෙ. ඒ මගින් තමයි, ඒ හදිසි පණිවිඩය ඒ ස්වේච්ඡා සේවකයා සම්බන්ධ කාර්යාලයට හෝ වෙනත් නම් කළ අයකුට නැත්නම් මානව හිමිකම් ආරක්ෂක මූලස්ථානයට එසැණෙන් යවන්නට හැකියාව ලැබෙන්නෙ.

සහන සේවකයකුට හෝ මානව හිමිකම් ආරක්ෂකයකුට හෝ කිසියම් සතුරු පාර්ශ්වයකින් තර්ජනයක් එල්ල වුවහොත්, නැතිනම් මේ බ්‍රේස්ලට් එක බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබුවොත් එය කි‍්‍රයාකාරී වෙමින් අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නවා.

එය පැලඳ සිටින්නාගේ වේලාව, ඔහු ඉන්නා තැන ආදි හැම තොරතුරක් ම ඔහුට පහර දුන් මොහොතේ ම අදාළ අයට දැනුම් දෙනවා.

මානව හිමකම් ආරක්ෂක මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ රොබට් හාඞ් කියන්නේ, ”අනිත් අය අනතුරේ වැටිලා ඉන්න කොට ඒ අයට උදවුවට යන අයට පිහිට වෙන්නයි, මේ මෙවලම නිපදෙව්වෙ.” කියලයි.

”සහන සේවකයන් ලොව පුරා ස්වේච්ඡාවෙන් කරන සේවයට මේක උපහාරයක් ලෙස සැලකිය හැකියි. ඔවුන්ට කෙතරම් අවදානම් ඇති තැනක වුවත් හිතේ සහනයෙන් සහන කටයුතුවල යෙදෙන්න මේක නිසා පුළුවන් වේවි.”
බොහොම වෙලාවකට මේ සහන සේවකයන් හෝ සිවිල් අයිතිවාසිකම් සුරකින්නන් වෙහෙසෙන්නෙ. ඔවුන්ට හිතේ බයක් නැතුව ඒ කටයුතුවල යෙදෙන්න මේ බ්‍රේස්ලට් එක ආරක්ෂාව දෙනවා.

මේ ආරක්ෂක වළල්ලට නතාලියා කියල නම දාල තියෙන්නෙ රුසියානු මානවහිමිකම් සුරැකීමේ කටයුතුවල යෙදුණු නතාලියා එස්ටමිරෝවා සිහි වෙන්නයි. ඇය 2009 දී ස්වේච්ඡා සේවයේ යෙදෙද්දී උතුරු කෝකේසියානු කලාපයේ දී ඝාතනය කරනු ලැබුවා.

මේ බ්‍රේස්ලට් ගිය සතියේ ස්වීඩනයේ ස්ටොක්හෝම්හී සහන සේවකයන් පස් දෙනකුටත් බෙදා දුන්නා.

 
මේ බ්‍රේස්ලට් එක විවෘත කළොත් ඉබේ ම පණිවිඩයක් යැවෙනවා අදාළ තැන්වලට සැණෙකින්. ඒ හැරෙන්න අනතුරක දී පැළඳ සිටින්නාටත් අතින් මෙය කි‍්‍රයාත්මක කළ හැකියි.

ප‍්‍රහාර එල්ල කරන්නාට එසේ කරන්නට පෙර දෙ වරක් සිතන්නට මේ ක‍්‍රමයෙන් පෙලඹවීමක් කරන්නත් පුළුවන් කියලයි මෙහි නිෂ්පාදකයන් සිතන්නෙ.

ඉදිරියේ දී තවත් සහන සේවකයන්ට මේ බ්‍රේස්ලට් බෙදා දීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.





Post a Comment

2 Comments

  1. මරුනෙ...................මටත් තිබ්බනම්......

    ReplyDelete
  2. Good Info..
    Thanks for sharing.

    ReplyDelete