උච්ච සමාධානය සහිත අතිධ්වනික පරිලෝකනයන් යොදා ගෙන ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විමසීමක් කළා, ඇස් නොපෙනෙන, ලෝම රහිත කලලයන් මවගේ පැස තුළ යන ආකාරය පුහුණු වූ හැටි ගැන.
අනෙක් සියලූ ම මාසුපිලාවන් හෙවත් පැසිපොව්වන් වගේ ම වොලබියන්ටත් (කුඩා කැංගරුවන්ටත්) කලල අවස්ථාවේ සිට ම මවගේ පැස වෙතට බඩ ගා යාමේ හැකියාව තියෙනවා. පැස තුළ ඇති තන පුඩුවලින් කිරි උරා බී මාස කීපයක් ඔවුන් ඒ තුළ වැඩෙනවා.
මෙල්බෝන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජ්‍යොෆ් ෂෝ කියන්නේ, ”මේ ඉතා කුඩා පැටවුන් ‘කුස’ තුළින් ලොම් අල්ලා ගෙන පැස තුළට යන ගමන හරිම විස්මිතයි.” කියායි.
කුඩා කැන්ගරු මවගේ පැස තුළ කැන්ගරු බබාලා! උපන් හැටියේ මේ පැටවා හැඳින්වෙන්නේ ජොයියා කියලයි. උපදින විට මීමැස්සෙක් විතර ඇති. තේ හැන්දකට කීප දෙනෙක් දමන්න පුළුවන්. හොඳින් වැඞී නැති ඒ කුඩා පැටවු මවගේ ‘කුස’ තුළින් එළියට ඇවිත් පැස තුළට යන ගමන විස්මයජනක එකක්.
”ඔවුන් ගාත් හතර පිහිටා තියෙන්නෙ පහසුවෙන් ඒ ගමන යා හැකි වෙන විදියටයි. උපදින්න දින තුනකට පෙර පටන් ම ඒ චලනයන් මවගේ ගැබ තුළ දී ම පුහුණු වෙන්න පටන් ගන්නවා. ඇත්තෙන්ම ඒ වන විට මුල් ම කලල අවස්ථාවකයි පැටියා සිටින්නෙ.” ආචාර්ය ෂෝ කියනවා.
”මේ මාසුපියලාවන් ඔවුන්ගේ මවගේ කුස තුළ පිළිසිඳ ගෙන යම්තම් දින 23ක් ඇතුළත මේ සංකීර්ණ චලනයන් මෙහෙයවන්න ඒ පැටියා තුළ ඇති වන හැකියාව ඇත්තෙන් ම අදහන්න බැරි තරම්.
”මිනිස් භ‍්‍රෑණයකුට මේ අත්පා චලනය එකිනෙක සම්බන්ධ කර ගෙන මෙහෙයවන්න හැකියාව ලැබෙන්නේ ගැබ තුළ සති 12ක් විතර ගියාට පසුවයි. නමුත් මේ කැන්ගරු පැටවකු මෙය කරන්න පටන් ගන්නේ තුනෙන් එකක් වැනි කාලයකදියි.” ආචාර්ය ෂෝ කියනවා.
ටාමාර් වොලබියන්ගේ ගර්භණී සමයේ දින 26ක් තුළ මේ නිරීක්ෂණය ඔවුන් විසින් සිදු කරනු ලැබුවා. එයින් පසු ඒ මව ග්රෑම් එකක් බර ජෝයියකු (පැටියකු) බිහි කළා. ඒ වන විට මවගේ කිසිම උදවුවක් නැතුව ඒ පැටියාට ලොම්වල එල්ලී පැස තුළට බඩගා ගෙන යන්න පුළුවන්.
මේ කලලයේ වර්ධන අවස්ථා අධ්‍යයනය කරන්න ආචාර්ය ෂෝගේ කණ්ඩායම ගැබ්ගත් වලබියන් 20 දෙනකු යොදා ගත්තා. දිනපතා ඔවුන්ගේ අතිධ්වනි සුවීක්ෂණ රූප ලබා ගත්තා. පැටවුන් බිහි වන තෙක් පැය 24 පුරා ම ඔවුන්ව නිරීක්ෂණය කළා.
මේ අතිධ්වනික ක‍්‍රමයට ගන්නා රූපවලින් කලලය ගැබ තුළ චලනය වෙනවා පමණක් නොව ගැබෙහි ආස්තරයෙහි පෙරළෙන චලනයන් ද දක්වනවා.
ආචාර්ය ෂෝ කියන්නේ ඒ චලනයන් ගැබ තුළ දී භ‍්‍රෑණයාට අවශ්‍ය පෝෂණය සැපයීමට ආධාර වන බවයි.
මෙම සුවීක්ෂණ රූපවලින් පෙනෙන්නේ කලලය වර්ධනය වන අයුරුයි.
ඔහු විශ්වාස කරනවා මේ රූප අනුව පොදුවේ අනෙක් මාසුපියලාවන්ගේ ස්වභාවයන් ද මේ ආකරයෙන් ම විය යුතුය කියා. ඒත් ඔහු පිළි ගන්නවා, මෙවැනි උච්ච සමාධානය සහිත අතිධ්වනික පරිලෝකනයන් යොදා ගෙන මෙවැනි අධ්‍යයනයක් කිරීම ඉතාමත් අසීරු බව.
ඒ තරම්ම මේ සතුන්ගේ කලල නිරීක්ෂණයට කුඩා වැඩියි. නිදසුනක් වශයෙන් බටහිර ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන හනි පොසම් නම් පැසිපොව්වා ගෙන හැර පාන ඔහු කියන්නේ, ‘උපදින කොට ඒ සතකුගේ බර ග්රෑම් එකකින් සියයෙන් පංගුවක් විතර වෙනවා. ප‍්‍රමාණයෙන් හරියට ධාන්‍ය ඇටයක් විතර වෙනවා.’ කියලයි.
මේ අධ්‍යයන වාර්තාව ‘නේචර් සයන්ටිෆික් රිපොට්ස්’ (Nature Scientific Reports) නම් ජර්නලයේ පළ වී තියෙනවා.
දැන් නරඹන්න, වොලිබි බබෙකු ගැබ තුළ බඩගාන අයුරු.
0 Comments