උසස් තාක්ෂණය යොදා ගෙන කර ඇති මේ නව නිර්මාණයට අනුව සිරස් ලාම්පූවලට ක‍්‍රම වේදයක් සකස් කර තියෙනවා, වැටෙන වැහි බිඳු නො පෙන්වන්නත්, ඒවා බිමට වැටෙන විට සිරස් ලාම්පුවල ආලෝකය ඒවාට නො වැටීමටත් හැකි වන විදියේ.
මේ විස්මිත සිරස් ලාම්පු තැනූ අය කියන්නේ මේවා දැල් වූ විට වැස්ස කෙතරම් තද වුනත් වැහි බිංදු නො පෙනී මහ මග හොඳින් පෙනෙන්නට පටන් ගන්නා බවයි.
මෙයින් අදහස් කෙරෙන්නේ රියැදුරාට බාධාවකින් තොරව පාර දිහා හොඳින් බලා ගෙන රිය පැදවිය හැකි බවයි.
වැස්ස විනිවිද පෙනීමේ තාක්ෂණය කි‍්‍රයා කරන්නේ අද කාර්වල ඔබ බොහෝ විට ඔබ දකින තනි බල්බයක් වෙනුවට ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක මෙන් ආලෝක ක‍්‍රමයක් යොදා ගෙනයි.
දැන් තියෙන විධියට ආලෝක ධාරාවක් මහ වැසි ඇති විටෙක ඉදිරියට විහිදුණු විට වැහි බින්දුවලට ආලෝකය වැටීමෙන් ඒවා දිළිසෙන්න පටන් ගන්නවා. එවිට රියැදුරාට පාරේ ඉදිරිය හොඳට පෙනෙන්නේ නැතුව යනවා.
මේ සඳහා නව තාක්ෂණයේ පිහිට ලබා ගෙන තියෙනව ඩිජිටල් කැමරාවක් යොදා ගෙන. ඒකෙන් තමයි, වැහි බින්දු වැටෙන තැන් බලා ගන්නෙ.
මෘදුකාංගයක් සකසා තියෙනවා, රියැදුරාගේ දෘෂ්‍ය පථය හරහා වැටෙන වැහි බින්දුවලට සිරස් ලාම්පුවලින් වැටෙන ආලෝකය නිමේෂයකට පමණක් මඟ හරවන විධියට.
ඉන්ටෙල් ඉංජිනේරුවන් කියන්නේ මේ ක‍්‍රමයෙන් ඕනෑම තද වැස්සක දී වුවත් රියැදුරා ඉදිරියෙන් පෙනෙන වැහි බින්දුවලින් සියයට 80ක් නොපෙනී යන්නට සැලැස්විය හැකි බවයි.
මේ නව නිපැයුමට කැමරාවක්, ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක් හා ආලෝකධාරා භේදකයක් (beamsplitter) ඇතුළත් වෙනවා.
මෙමගින් වැහි බින්දුවල වැදී පරාවර්තනය වන ආලෝකය අඩු කර දෙනවා. වැහි බින්දු අතරතුර පාරේ ඉදිරි දසුනට වැටෙන ආලෝක ධාරාව නොකඩවා ලබා දෙනවා.
ඉන්ටෙල් ආයතනයේ ඉංජිනේරු ජෝන් ටොම්කින්ස් මේ නව නිපයුම ගැන කියන්නේ මෙහෙමයි: ”මෙහි දී සිරස් ලාම්පුවල ආලෝකයේ අඩුවීමක් සිදු වෙනවා, සමහර ආලෝක ධාරාවන් නිවා දැමෙන නිසා. ඒත් රියැදුරාට ඉදිරිය ඉතා හොඳින් පෙනෙනවා.”
”වැස්ස නිසා ඇති වන ආලෝකය පරාවර්තනය වීම නතර වන නිසා වැහි බින්දු විනිවිද ඉදිරිය දකින්නට ඔබට හැකි වෙනවා. මේ නිසා වැස්ස තදින් ඇති විට සිදු විය හැකි අනතුරු වළක්වා ගන්න ඔබට පුළුවන්.” ඔහු වැඩිදුරටත් කියනවා.
ඇමරිකාවේ පිට්ස්බර්ග්හී කානගී මෙලන් විශ්ව විද්‍යාලය හා ඉන්ටෙල් ආයතනය එක් වීමෙනුයි, මේ නව උපකරණය තනා තියෙන්නෙ.
මෙම නව ක‍්‍රමය අධික වේගයෙන් රිය පදවන විට දී මඳක් අසාර්ථක යැයි මෙහි නිමැවුම් කරුවන් කීවත් වැහි ඇති විට පිරික්සුම්වල දී එය එසේ නො වන බව පෙනී ගොස් තියෙනවා.
මෙහි නිමැවුම්කරුවන් කියන්නේ මෙය ඊළඟ දසකය තුළ වෙළෙඳ පොළේ දී ගන්නට ඔබට පුළුවන් බවයි.
වැහි ඇති විට කාරයේ සිරස් ලාම්පු කි‍්‍රයාත්මක වන්නේ මෙහෙමයි.
2 Comments
godak honda wistharayak ...:)
ReplyDeleteහැප්පිච්ච වෙලාවට රිප්ලේස් කරන්න හෙන ගානක් ගෙවන්න වෙයි.. :)
ReplyDelete