HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙන්න ඉතිහාසය අලූතින් ම ලියන මෝටර් රථය! - ‘ඇස්ටන් මාටින් හයිඩ‍්‍රජන් හයිබි‍්‍රඞ්’ හරිත රිය!

ඔබ ජේම්ස් බොන්ඞ් චිත‍්‍රපට දැක ඇත්නම් ඇස්ටන් මාටින් (Aston Martin) මෝටර් රථයත් දැක ඇතුවාට සැකයක් නැහැ. ඒ ඇස්ටන් මාටින් වර්ගයේ අලූත් ම රථය දැන් කලඑළි බසින්න සූදානම්. මෙය මෝටර් රථ ඉතිහාසය අලූතින් ලියවෙන අවස්ථාවක් වෙනවාට සැකයක් නැහැ.

මේ නවතම මෝටර් රථය එන්නේ හරිත රථයක් හෙවත් පරිසර මිතුරු රියක් ලෙසටයි. මෙය අන්තර් ජාතික මෝටර් රථ ධාවන තරග පථයක දී එක් වටයක් සම්පූර්ණ කිරීමට යන ලොව ප‍්‍රථම හයිඩ‍්‍රජන් බලයෙන් ධාවනය වන රිය ද වෙනවා.

හයිබි‍්‍රඞ් හයිඩ‍්‍රජන් රැපිඞ් එස් (Hybrid Hydrogen Rapide S) කියා නම් කොට ඇති ඇස්ටන් මාටින් වර්ගයේ අලූත් ම මෝටර් රථය මේ වසරේ දී ජර්මනියේ නූර්බර්ග්රින්හි දී පැවැත්වෙන 24 පැයේ මෝටර් රථ තරගාවලියට එක් වීමට නියමිතයි.

ජර්මනියේ නූර්බර්ග්රින් නගරය ෆෝමිලා වන් ග්‍රොන්ද් පී‍්‍ර මෝටර් තරගවලට ප‍්‍රසිද්ධයි. මෙවර එම තරගාවලියට එක් වීමට නියමිත මෙම රථය නිපදවූ බි‍්‍රතාන්‍ය මෝටර් රථ සමාගමේ සියවස් උළෙල ද යෙදී ඇත්තේ මේ වසරටයි.

 
ඉතිහාසය අලූතින් ලියන ‘හයිබි‍්‍රඞ් හයිඩ‍්‍රජන් රැපිඞ් එස්’ හරිත රිය - ජර්මනියේ නූර්බර්ග්රින් හිදී තරග බිමට බසින්න සූදානම්.

ඇස්ටන් මාටින් මෝටර් රථ නිෂ්පාදන සමාගම මෙය ජර්මනියේ නූර්බර්ග්රින් තරග බිමෙහි දී කලඑළියට ගෙන ඒමට අදහස් කළේ අනාගතයේ එන හරිත රියේ හැකියාව වඩාත් හොඳින් ලොවට කියා දීමේ අදහසින්.

ඇස්ටන් මාටින් සමාගම මෙම හරිත රිය නිපදවන්නට ඇල්සෙට් ග්ලෝබල් නම් සමාගමේ සහය ලබා ගෙන තියෙනවා. ඒ අනුව මේ රිය කාබන්ඩයොක්සයිඞ් වායුව කිසිවක් විමෝචනය කරන්නේ නැහැ.

මේ කාරයෙහි කපාට 12හේ ලීටර් හයේ එන්ජිමක් තියෙනවා. මෙය හයිබි‍්‍රඞ් වාහනයක් වෙනවා පමණක් නොව මෙයට තනිකරම හයිඩ‍්‍රජන් වායුවෙන් හෝ තනිකරම පැට්රල් (ගැසොලීන්) වලින් හෝ ඒ දෙකෙන් ම වුවත් ධාවනය කරන්න පුළුවන්.

 
ජර්මනියේ නූර්බර්ග්රින් තරග බිම - ඇස්ටන් මාටින් හයිබි‍්‍රඞ් හයිඩ‍්‍රජන් රැපිඞ් එස් හරිත රිය ඉදිරියේ ඇති ලොකුම අභියෝගය වනු ඇති.

මේ හයිබි‍්‍රඞ් හයිඩ‍්‍රජන් රැපිඞ් එස් රියේ උපරිම වේගය පැයට හැතැප්ම 190ක් (පැයට කිලෝමීටර් 305ක්). එයට හැතැප්ම 0-60 දක්වා වේගය වැඩි කිරීමට ගත වන්නේ තත්පර 4.7ක කාලයක් පමණයි. මෙය හයිබි‍්‍රඞ් කාරයක් වුනත් ජර්මන් තරග බිමේ දී භාවිත කරන්නට බලාපොරොත්තු වන්නේ ඉන්ධනයක් ලෙස හයිඩ‍්‍රජන් පමණයි.

කෙසේ වුවත් මෙහි ඇති හයිඩ‍්‍රජන් අසුරා ඇති කැනිස්ටර හතරෙහි බරත් සමග හයිඩ‍්‍රජන්වලින් පමණක් ධාවනයෙන් ඉහත කී දස්කම් දක්වන්නට හැකි වෙතැයි සිතිය නොහැකියි.

එසේ ම කලඑළි බසින අවස්ථාවේ දී මුල් වටය හයිඩ‍්‍රජන්වලින් පමණක් ධාවනය කොට අනතුරුව හයිඩ‍්‍රජන්/ගැසොලීන දෙකම යොදා ගෙන වැඩි බලයක් සහිතව තරගයේ ඉතිරි වට සම්පූර්ණ කරන්නේ ද යන්න තවමත් පැහැදිලිව ප‍්‍රකාශ කර නැහැ.

තරගයේ අවසාන ස්ථානයට පත් වුනත් සමාගම ඒ ගැන අසතුටු වන්නේ නැහැ. මෙසේ හයිඩ‍්‍රජන් පමණක් යොදා ගෙන වටයක් සම්පූර්ණ කිරීමට හැකි වීම ඔවුන්ගේ සතුටට ප‍්‍රමාණවත්.

තරගයට සහභාගිවීමෙන් ලැබෙන ප‍්‍රසිද්ධියත්, අනාගතයේ එන හයිබි‍්‍රඞ් මෝටර් රථ අතර මුල් තැනක් ගන්නට හැකි වීමත් තමයි, ඔවුන් මෙහිදි ලබන ලොකුම ජයග‍්‍රහණය.



Post a Comment

1 Comments

  1. ගොඩක් මහන්සිවෙලා තියෙනවා.
    Thanks a lot යාළුවා.

    ඔයාලා කැමතිනම් ලෝකේ වැදගත් විස්තර ඔක්කොම සාරාංශ ලෙස දැනගන්න. මේ සයිට් 1 ට එන්න.

    www.dasathanews.com
    දැනුමට අමතරව ඔයාලගේ කඩ්ඩ හදාගන්නත් ලොකු පිටුවහලක් වෙයි හැමදාම බැලුවොත්

    ReplyDelete