HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගල් අත් පොරව නිසා මානවයාගේ අත දැන් තියෙන තත්වයට දියුණු බව කියන අලූත් සොයා ගැනීමක්!


අලූතින් ම සොයා ගත් පොසිලයකින් මිනිස් අත අද පවත්නා විධියට පරිණාමය වූ අන්දම හෙළිදරවු කර ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත් වෙලා.

මෑතක් වන තෙක් මෙය රහසක්ව පැවතුනා. අපේ මුතුන්මිත්තන්ගේ අත වර්තමානයේ පවත්නා ආකාරයට ආයුධ අල්ලා ගෙන හසුරුවන්නට හැකි වන අයුරින් කෙසේ දැයි පැහැදිලි කර ගන්න බැරිවයි විද්‍යාඥයන් සිටියේ.

කෙසේවෙතත්, අලූතින් සොයා ගත් හස්ති ඇටයකින් පරිණාමයේ මෙතෙක් අපට අබිරහසක්ව පැවති කොටස සම්පූර්ණ කර ගන්නට ඔවුන් සමත් වී තියෙනවා.

 
මිනිසා අවි ආයුධ හොඳින් හසුරුවන්නට හැකි වන පරිදි පරිණාමය මගින් අත දියුණු කර ගත් අන්දම අලූතින් ම සොයා ගත් පොසිලයකින් හැකි වී තියෙනවා.

වසර මිලියන 1.7කට පමණ පෙර ආදි මනුෂ්‍යයන් අත් පොරෝ භාවිත කළා. (ඒවා අතර මුල් ම අත් පොරෝ වූ ගලින් කළ ඒවාය.* ඒත් ඒවා කාර්යක්ෂමව හසුරුවන්නට අත් දියුණු කර ගත් අන්දම මෑතක් වන තෙක් ම රහසක්ව පැවතුණා.

ගලින් කළ අත් පොරෝ තනා ගන්නට පෙර අපේ මුතුන්මිත්තන්ගේ මැණික් කටුව ප‍්‍රදේශය ඉතා දුර්වලවයි. ඒ නිසා ඔවුන්ට අත් පොරවක් වැනි කුඩා වස්තුවක් අතින් අල්ලා ගැනීම පහසු වුණේ නැහැ.

‘නිව් සයන්ටිස්ට්’ නම් විද්‍යා සඟරාව වාර්තා කරන විදියට මීට වසර මිලියන 1.7ත් 800,000ත් අතර කාලයට අයත් යැයි සැලකිය හැකි මෙතෙක් නොවූ විරූ විධියේ අතේ ඇටයක් විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා.

මේ අතේ ඇටය සොයා ගෙන තියෙන්නේ කෙන්යාවේ ජාතික කෞතුකාගාරයේ කණ්ඩායමක් විසිනුයි.

මිසෝරි විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් මේ අස්ථිය හඳුනා ගෙන තියෙනවා, අතක තෙ වන අතුල් ඇටයක් ලෙස. එය අත්ල හරහා විහිදී මැදඟිල්ලත් මැණික් කටුවත් සම්බන්ධ කරන්නක්.

දැන් සිතන ආකාරයට මේ ඇටය වසර මිලියන 1.4ක් පැරණි එකක්. මෙය තමයි, යමකු මහපටැඟිල්ලත් අනෙක් ඇඟිලිත් යොදා ගෙන කුඩා වස්තුවක් අල්ලා ගන්නා විට මැණික් කටුව නොසැලී තබා ගන්නට උදවු වෙන්නේ.

 
දැන් විශ්වාස කරනවා පරිණාමයට අනුව මානවයාට අනුක‍්‍රමයෙන් තුන්වන අතුල් ඇටයක් ලැබී එය වැඩිදුරටත් දියුණු වීමෙන් මෙවැනි අවි හොඳින් ග‍්‍රහණය කර ගැනීමේ හැකියාව ලැබුණු බව.

"ආදි හෝමෝ ඉරෙක්ටස් මානවයන්ගේ අතේ ඇට ගැන මේ වන තෙක් අප කිසිත් දැන සිටියේ නැහැ." වොෂින්ටනයේ ස්මිත්සෝනියන් ආයතනයේ රිචඞ් පොට්ස් ‘නිව් සයන්ටිස්ට්’ සඟරාවට ප‍්‍රකාශ කර තියෙනවා.

"දැන් හමු වූ ඇති ඉතා හොඳින් සුරැකුණු අස්ථි නිදර්ශකයකින් මිනිස් අතේ පරිණාමය ගැන මෙතෙක් පිළිතුරු දිය නොහැකි වූ ප‍්‍රශ්න ගණනාවකට උත්තර සපයා ගන්න පුළුවන්." ඔහු වැඩිදුරටත් පවසනවා.

ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ආචාර්ය මේරි මාස්කේ ‘නිව් සයන්ටිස්ට්’ සඟරාවට කියා ඇත්තේ, අපේ මුතුන්මිත්තන්ගේ අත්වල ඇට වර්තමාන තත්වයට පත් වන්නට පරිණාමය වෙන්නට පටන් ගත්තේ මීට වසර මිලියන 1.4ක් තරම් ඈත කාලයක දී සිටයි, කියා මේ අස්ථිවලින් ඔප්පු වෙන බවයි.

කල්යාමේ දී සියලූම මානවයන් මේ අස්ථිය වර්ධනය කර ගත් බව දැන් සිතිය හැකියි. එය පසුව තවදුරටත් පරිණාමය වෙමින් දැන් පවත්නා තත්වයට පත් වෙන්නට ඇති.

Post a Comment

2 Comments

  1. ගල් ආයුධය හදල ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන විදියට අත පරිනාමය උනා යැයි කීම පිළිගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. තමන්ට පාවිච්චි කරගන්න බැරි ආයුධයක් හදාගත්තෙ ඇයි? අනෙක අත පරිනාමනය වෙන්න අවුරුදු ලක්ෂ ගානක් යන්න ඇති. තමන්ට පහසුවෙන් පරිහරණය කරගන්න බැරි කිසිම දෙයකින් ඒ කාලෙ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් තිබුනා වෙන්න බෑ,මොකද ඒ සියලුම ආයුධ ඔවුන් භාවිතා කලේ ආහාර හොයාගන්න නිසා.

    ReplyDelete
  2. ඒක අතක ඇටයකට වඩා පාෂාණ කෑල්ලක් වගේ,හරියට පොරෝ තල කෑල්ලක් වගේ.

    ReplyDelete