HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

තවත් නස්රුදින්ගේ කතා දෙකක්!

මිනිසෙකුට මෝඩ විය හැකි සීමාව?
නස්රුදින් හිටිය ගම්වල මිනිස්සු තම තමන්ගේ වී වුනත් ගබඩා කළේ ගමටම පොදු එකම ගොඩනැගිල්ලකයි.

එක දවසක් එහි දී නස්රුදින් අසල්වැසියන්ගේ වී එයාගෙ මලූවලට පුරවද්දී අහුවෙලා නඩුකාරයා ළඟට අරන් ගියා.

”මං මෝඩයෙක්, මං ඒ ගොල්ලන්ගෙ වි අඳුනන්නෙ නෑ.” නස්රුදින් එහි දී කිව්වා.

”එහෙනම් ඇයි ? තමාගේ වී අනිත් අයගෙ මලූවලට දැම්මෙ නැත්තේ ?”

”ආ! මං මගෙ වී අඳුනනවා. මං එච්චර මෝඩයෙක් නෙමෙයි.” නස්රුදින් කිව්වා.


යන්නෙ කොහාටද ? එන්නෙ කොහෙන් ද?
”අපි කොහෙන්ද එන්නේ ? කොහාටද යන්නේ ?” තැනින් තැන යන එක් ආගමික දේශකයෙක් රැස්ව සිටි පිරිසකගෙන් ඇහුවා.

”ඒක නම් මං දන්නේ නෑ. ඒත් ඒක කොහේ වුනත් මහා භයානක කටුක තැනක් වෙන්න  ඕනෑ.” ඒ පිරිස අතර උන් නස්රුදින් කිව්වා.

ඒ පිරිසේ ම තවත් කෙනෙක් නස්රුදින්ගෙන් ඇහුවා, ”එහෙම කියන්නේ ඇයි?” කියලා.

”මං දැකල තියෙන විදියට අපි ළදරුවන් හැටියට මේ ලෝකෙට එන්නෙ එහේ ඉඳලා අඬා ගෙන. යන කොට යන්නෙත් අඬා ගෙන.”

මේ කතා දෙක උපුටා ගත්තේ පර්සි ජයමාන්න ලියූ ‘නස්රුදින් - 1’ කෘතියේ 11 වැනි මුද්‍රණයෙන් (ඇම්. ඞී. ගුණසේන).

අදහසක් පළ කරන්න

1 Comments

  1. වෙලාවක මේ පැත්තේ ඇවිත් යන්න. http://kurutugegeepotha.blogspot.com/

    ReplyDelete