HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ වේගවත් ම විදුලි කාරය දැන් ඇවිල්ලා! වේගය පැයට කි.මී. 249යි!

ලෝකයේ වේගවත්ම කාරය නම් කර තියෙන්නෙ, ඩෙට්රොයිට් ඉලෙක්ටි‍්‍රක් එස්.පී:01 කියලයි. එය නවීන යුගයට හඳුන්වා දුන් මුල් ම විදුලි කාරය වූ ටෙල්සා රෝඞ්ස්ටර් ස්පෝට්ස් කාරයට අභියෝගයක් වෙතැයි විශ්වාස කරනවා. ටෙල්සා කාරය හඳුන්වා දුන්නේ ස්පීඞ් එක්ස්, පේපැල් යන ආයතන ආරම්භ කළ බිලියනපති ව්‍යාපාරික එලන් මස්ක් විසින්. දැනට වෙළඳ පොළේ ඇති ආකර්ෂණීය විදුලි කාරය එයයි.

ඩෙට්රොයිට් ඉලෙක්ටි‍්‍රක් එස්.පී:01 විදුලි කාර් මාදිලියෙන් කාර් 999ක් විතරයි, ඩෙට්රොයිට් ඉලෙක්ටි‍්‍රක් ආයතනය නිපදවන්න බලාපොරොත්තු වෙන්නෙ. එය නිපදවන්නේ ලෝටස් සමාගමේ විධායක පිරිසකගේ සැලැසුමකට අනුවයි. වසර 100ක් පැරණි සන්නමක් යළිත් පණ ගස්වා ගැනීමට ඔවුන් එක් වී අලූත් සමාගමක් පිහිටෙව්වා, මීට වසර පහකට විතර ඉස්සරින්.

 
ලෝකයේ වේගවත්ම විදුලි කාරය, ඩෙට්රොයිට් එස්.පී.:01 - උපරිම වේගය පැයට හැතැප්ම 155ක් (කි.මී. 249ක්).

ඔවුන් දැනට නිපදවීමට අත ගසා සිටින ඩෙට්රොයිට් ඉලෙක්ටි‍්‍රක් එස්පී :01 රියක් ඩොලර් 135,000කට විතර අළෙවි කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි උපරිම වේගය පැයට කි.මී. 249ක්. පළමු කිලෝමීටර් 100ක වේගයට ළඟ වෙන්න ඒ කාරයට ගත වන්නේ එන්ජිම පණ ගන්වා තත්පර 3.7ක් විතරයි. වරක දී එක දිගට යා හැකි දුර කි.මී 304ක්. බැටරිය වරක් ආරෝපණය කරන්න ගත වන කාලය පැය 4.3යි.

ඩෙට්රොයිට් ඉලෙක්ටි‍්‍රක් ආයතනය සූදානම් වන්නේ, ලබන අගෝස්තුවේ දී නිෂ්පාදන ආරම්භ කර මීට වසර 100කට කලින් ඔවුන් නිපදවූ සන්නමකට යළි පණ දෙන්නයි.

 
පැයට හැතැප්ම 115ක් (පැයට කිලෝමීටර 249ක්) වේගයට ගිය හැකි මේ විදුලි කාරයට වේගය 0-62 නැංවීමට ගත වෙන්නේ තත්පර 3.7ක් පමණයි. වරක් බැටරි ආරෝපණය කළ පසු සැතැපුම් 190ක් එක දිගට යා හැකියි.

වසර පහකට කලින් නිෂ්පාදන සමාගම ආරම්භ කළ ද තවමත් ඔවුන්ගේ නිෂ්පාදනය වෙළඳ පොළට නාවේ ගැනුම්කරුවන් ඇති පමණ නො ලැබුණු නිසයි.

ඔවුන්ට අභියෝගයක් විය හැකි එක් මෝටර්රථ නිෂ්පාදකයකු වන ෆි‍්‍රස්කර් ඔටොමේටිව් නම් හයිබි‍්‍රඞ් විදුලි ස්පෝට්ස් කාරය නිපදවන ආයතනය පසුගිය ගිම්හානයෙන් පසු එකම කාරයක්වත් නිපදවා නැහැ. ඔවුන් දැන් නිෂ්පාදනයෙන් ඈත් වෙන්නයි යන්නේ.

දෙදෙනකුට පමණක් යා හැකි ඩෙට්රොයිට් ඉලෙක්ටි‍්‍රක් කාරය නිපදවන කම්හලේ වසරකට කාර් 2500ක් නිපදවන්න පුළුවන්. මුලින් නිපදවන එස්පී :01 මාදිලියෙන් පසු වඩා ඉඩපහසුකම් ඇති පවුලේ කාරයක් නිපදවීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මේ නව කාරයේ නිමාවට වැඩි ම දායකත්වයක් ලැබිලා තියෙන්නෙ බි‍්‍රතාන්‍යයේ ලෝටස් කාර් නිපදවන සමාගමෙන්. ඩෙට්රොයිට් ඉලෙක්ටි‍්‍රක් ආයතනයේ විධායකයන්ගෙන් වැඩි කොටසක් කලින් එම සමාගමෙහි වැඩ කරපු අයයි.

එලිස් මාදිලිය තවත් කුඩා පරිමාණ කාර් නිෂ්පාදකයන් ගණනාවක් සිය කාර් සඳහා යොදා ගන්නවා. එයින් ටෙල්සා මෝටර් රථ සමාගම කැපී පෙනෙනවා. ලෝටස් චැසිය යොදා ගෙන තනන රෝඞ්ස්ටර් විදුලි කාරයක මිල් ඩොලර් ලක්ෂයක් විතර වෙනවා.

එස්පී :01 කාරයට කලින් වේගවත් ම විදුලි කාරය වූයේ ටෙල්සා රෝඞ්ස්ටර්. එය පැයට කිලෝමීටර් 201ක (පැයට හැතැප්ම 125ක) අපරිම වේගයක් ලබා ගත හැකියි.

 
ඩෙට්රොයිට් විදුලි කාරය මීට වසර 100කට පෙර පැවති ඒ මාදිලියේ විදුලි කාරයේ නව නිපැයුමක්.

 
එයට පැය 4.3ක් කාලයක් තිස්සේ බැටරි ආරෝපණය කළ පසු එක දිගට සැතැපුම් 190ක් දුර අඛණ්ඩව යා හැකියි.

ඩෙට්රොයිට් විදුලි කාරයක් මුලින් ම ආවේ 1907 යි. ඒ සන්නම යටතේ මාදිලි පෙළක් ආවා. 1939 වන තෙක් ඒවා පැවතුනත් අන්තර් සහන එන්ජිම සහිතව පැට්රල් කාර් වෙළඳ පොළට ආවාම විදුලි කාර්වලට ඇති ඉල්ලූම නැතිව ගියා. ඒ නිසා ඒවා අභාවයට ගියා. දැන් ඒවා යළිත් කරළියට එන්න පටන් අරන්.

යළිත් ඒ මාදිලියේ විදුලි කාරයක් ආවේ 2007 දියි. එවර චීනයේ යංමන් ඔටොමෝටිව් ගෲප් සමග එක් වෙලයි, මේ කටයුත්ත ආරම්භ කළේ. ඔවුන් උත්සාහ ගත්තා බංකොලෙත් වුණු ස්වීඩන් මෝටර් රථ නිපදවන සමාගමක් වූ සාබ්වලත් කැලිෆෝනියාවේ විදුලි කාර් නිපදවන සැප් සමාගමේත් අයිතිය ලබා ගන්න. ඒත් ඒක හරි ගියේ නෑ.

ඔවුන් 2007 ලෝටස් ඉංජිනියරින් සමාගමේ සහය ලබා ගත්තා, මේ මොටෝරිය සැලසුම් කරන්න. ඒ වගේ ම ඔවුන්ගේ තාක්ෂණික සහය ලබා ගන්න ගිවිසුම් අත්සන් කළා. 2007 අග භාගයේ දී ලෝටස් ඉංජිනියරින් සමාගමේ ප‍්‍රධාන විධායක ඇල්බට් ලෑම් ඩෙට්රොයිට් ඉලෙක්ටි‍්‍රක් ආයතනයේ හවුල් ව්‍යාපෘතියට එක් වුණා, එහි සභාපති හැටියට. 2008 දී ඩෙට්රොයිට් ඉලෙක්ටි‍්‍රක් ප‍්‍රධාන විධායක පදවියටත් ඔහු නම් කෙරුණා.

 
විදුලි රිය අතර ඩෙට්රොයිට් විදුලි රියට ඇති ලොකුම අභියෝගය මේ ෆිෂර් කර්ම කාරයයි.

 
ඩෙට්රොයිට් විදුලි කාරයට ඇති තවත් අලූත් අභියෝගයක් වන ටෙල්සා රෝඞ්ස්ටාර්, එහි උපරිම වේගය පැයට හැතැප්ම 125ක්.

Post a Comment

2 Comments

  1. හොද සොයා ගැනිමක් අනාගත ලොකයට අවශය මෙ වගෙ සොයා ගැනිම් බැටරිය චාර්ජ් වන කාලය අඩුවෙනවානම් තව හොදයි මෙකෙ ෆොන් බැටරි වගෙ බාගයක් චාර්ජ් වෙලා තියෙන කොට අයෙ චාර්ජ් කරන්න පූලුවන්ද

    ReplyDelete
  2. මේක ගැන නං මට විශාල සැකයක් තියනවා.. මොකද රයිමැක් කන්සෙප්ට් 1 කාර් එක පැයට කි.මි 305k වේගයෙන් යනවා.. voler e කාර් එක පැයට කිලෝමීටර 300යි ඒක චාජ් වෙන්න යන්නෙ විනාඩි 15යි එහෙම එකේ පී 1 කොහොම ලෝකෙ වේගවත්ම ඉලෙක්ට්‍රික් කාර් එක වුනාද මන්දා

    ReplyDelete