HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ කුඩා ම ටෙලිෆෝනය දැන් ජපානයේ!

ඒක කුඩා දරුවන්ගෙ සෙල්ලම් බඩුවක් වගෙයි. පසුගියදා ජපානයේදී හඳුන්වා දෙනු ලැබූ මේ ටෙලිෆෝනය ලෝකයේ ඇති කුඩා ම ෆෝනය ලෙසයි, එය වෙළඳ පොළට හඳුන්වා දෙන විල්කොම් සමාගම කියන්නේ.

දිග පළල කියන්න වෙන්නේ මිලිමීටර්වලින්. මිලිමීටර් 32×70×10.7 යි. බර ග‍්‍රෑම් 32යි. අයිෆෝනයේ බරෙන් කාලකටත් අඩුයි. මෙහි ඇති වර්ණවත් තිරය සාදා ඇත්තේ ඕඑල්ඊඞී (OLED) ක‍්‍රමයටයි. සාමාන්‍යයෙන් අත් ඔරලෝසුවල මේ ප‍්‍රමාණයේ තිර තියෙනවා. හඬ වඩා පැහැදිලි කර ගන්න ඇකිළිය හැකි ඇන්ටෙනාවක් තියෙනවා.

දැනට මෙය ජපානයේ විතරයි අලෙවි කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒකත් සිදු වෙන්නේ මේ වසරේ අන්තිමටයි. ඒක මිලට ගන්නට වෙළඳ පොළට දමන්නේ දෙසැම්බර් මාසයේදියි.

 
ලෝකයේ කුඩා ම ෆෝනය නිපදවූ ඊබිට්ටෝ සමාගමේ සභාපති ටාකෝ හියාමා එය හඳුන්වා දෙමින්. ඔහුගේ අත අනුව ඔබට එහි ප‍්‍රමාණය හිතා ගත්තෑකි නේද?

 
විවිධ වර්ණවලින් ඉදිරිපත් කෙරෙන ලෝකයේ කුඩා ම ෆෝනය (Strap 2 WX06A) බරින් ග්රෑම් 32යි. එය ප‍්‍රමාණයෙන් මිලිමීටර් 32×70×10.7ක් වෙනවා.

මේ ෆෝනය ඉතා කුඩා නිසා මෙයට කැමරාවක් සවි කරන්න බැහැ. කැමරාවකට සුදුසු කුඩා බැටරියක් නැති නිසා. ඒත් ඔබට ඊමේල් යවන්න අවශ්‍ය නම් ඒක කරන්න මේ ෆෝනයෙන් පුළුවන්.

මෙය නිපදවන සමාගම වූ ඊබිට්ටෝ සභාපති ටාකෝ හියාමා කියන්නේ මෙහි හඬ වඩා හොඳින් ඇසෙන්න දිගු කළ හැකි ඇන්ටෙනාවක් ද මේ සමග වෙනම සපයන බවයි.

ලබන දෙසැම්බර් මාසයේදී මෙය ජපාන වෙළඳ පොළට ඒවි. තාම මිල නියම කරලා නෑ. ෆෝන් එක පුංචි නිසා මිලත් පුංචි වේවි.

මේ පුංචි ෆෝනයට දමන බැටරිය පුංචි එකක් නෙමෙයි. වරක් චාර්ජ් කළාම පැය දෙකක් කතා කළෑකි. ඊට අමතරව ෆෝනය සකි‍්‍රයව රඳවා තබා ගන්න පැය 300ක කාලයකුත් තියෙනවා.

දැනට මෙම ෆෝනය සකි‍්‍රය කළ හැක්කේ ජපානයේ භාවිත වන පීඑච්එස් දුරකතන පද්ධතිය මගින් පමණයි. ඒ නිසා ජපානයෙදි හැර මෙය ලෝකයේ කොහේවත් දැනට වැඩ කරන්නේ නැහැ. අනිත් රටවලට මේ ෆෝනය ලබා දෙන්න ක‍්‍රමයක් පසුව භාවිත කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

 
ලෝකයේ කුඩා ම ෆෝනය ජපානයේ වෙළඳපොළට එන්නේ මේ වසරේ දෙසැම්බරයේයි. මෙය හඳුන්වා දීමට පැවති මාධ්‍ය සාකාච්ඡාවේ දී එය වෙළඳපොළට බෙදා හරින විල්කොම් සමාගමේ යමාඩා මහතා ඒ පිළිබඳ විස්තර කළේ මෙහෙමයි.

Post a Comment

1 Comments

  1. දැං ලංකාවෙත් ඔය තරම් පොඩි චයිනා ෆෝන් තියෙනවා......

    ReplyDelete