HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කැසිනි යානය එවූ දුලබ රුවක්! ශනි ග‍්‍රහයාගේ වළලූ අතරින් පෙනෙන මේ ග‍්‍රහයා හඳුනා ගන්න!

සෙනසුරු(ශනි) ග‍්‍රහයාගේ වළලූ අතරින් මේ ග‍්‍රහයා හඳුනා ගන්න ඔබට පුළුවන්. අපේ පෘථිවි ග‍්‍රහයාගේ ‘නිවුන් සොහොවුරා ලෙස සැලකෙන මේ ග‍්‍රහයාගේ අති දුර්ලභ දසුනක් ලෙස සැලකිය හැකි මෙය, පසුගියදා රූ ගත පොළොවට එව්වේ නාසා ආයතනය යැවූ කැසිනි අභ්‍යවකාශ ගවේෂණ යානයයි. මේ අන් කිසිවක් නොව අහසේ දීප්තිමත්වම පෙනෙන සිකුරු ග‍්‍රහයායි.

සෙනසුරුට කොතරම් ඈතින් සිකුරු ග‍්‍රහයා පිහිටා ඇද්ද යන්න මේ ඡායාරූපයෙන් ඔබට හිතා ගන්න පුළුවන්. සිකුරු සොයා ගන්න ඔබට ටිකක් අමාරුවෙන්න ඇති. පුංචි සුදු තිතක් හැටියටයි, එය මෙහිදී අපට දැක ගත හැක්කේ.


සෙනසුරු ග‍්‍රහයාගේ මේ විස්මිත රූපය කැසිනි අභ්‍යවකාශ ගවේෂණ යානයෙන් ගත් එකක්. එහි වළලූ අතරින් සිකුරු ග‍්‍රහයාත් පෙනෙනවා. ඒ සුදු තිතක් හැටියටයි. ඔබට හඳුනා ගන්න පුළුවන්ද?

පොළොව වගේ යැයි සිතුවත් සිකුරු ග‍්‍රහයාගේ පරිසරය හරිම වෙනස්. එහි වායුගෝලය පිරී තියෙන්නේ කාබන් ඩයොක්සයිඞ්වලින්. වායුගෝලයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 900ක් (සෙල්සියස් අංශක 500ක්) විතර වෙනවා. එහි මතුපිට වායුගෝලීය පීඩනය පෘථිවියේ මෙන් සිය ගුණයකින් වැඩියි. එය පොළොවට සමාන යයි හිතන්නේ ඒ ග‍්‍රහයා පෘථිවිය මෙන් කුඩා ප‍්‍රමාණයේ ග‍්‍රහයෙක් වීම නිසයි. එහි ස්කන්ධයත්, අඩුයි. පාෂාණ සංයුතියක් තියෙන්නෙ.

සිකුරු(ශුක‍්‍ර) ග‍්‍රහයා සමග හිරුට සමීප අනෙක් ග‍්‍රහයන් වන්නේ බුද, පෘථිවිය හා අඟහරු (කුජ) යි. එය සුර්යයා වටා යන්නේ වඩාත් සමීප කක්ෂයකයි.

එහි වායුගෝලය සල්ෆියුරික් අම්ලයෙන් යුතු ඝන වලා වලින් යුක්තයි. වඩාත් දීප්තිමත්ව අපට පෙනෙන්නේ ඒ නිසයි.

මෙම දසුන කැසිනි යානය රූපයට නඟා ගත්තේ වළලූ තලයට අංශක 17ක ආනතියක් ඇති කක්ෂයක සිටයි.

දෘශ්‍යා ලෝකය භාවිත කරමින් ගත් මේ පින්තුරය කැසිනි අභ්‍යවකාශ යානය පෘථිවියට එව්වේ පසුගිය නොවැම්බර් 17දායි.

හිරු එළියට විරුද්ධ පැත්තේ සිට ගත් නිසයි, ඒ ආලෝකය යාන්තමට විසුරුණු සෙනසුරු වළලූ මෙතරම් අලංකාරයට පෙනෙන්නේ.

 
මේ අදහන්න බැරි තරම් ලස්සන රූපය පසුගියදා පෘථිවියට එව්වේ කැසිනි අභ්‍යවකාශ ගවේෂණ යානයයි. කැසිනි මේ රූපය කැමරාවට හසු කර ගත්තේ සෙනසුරු (ශනි) ග‍්‍රහයාගේ සෙවණැල්ල යට සිටයි.

--සම්බන්ධිත පුවත් --

Post a Comment

2 Comments

  1. බොහොම ස්තූතියි අපිට මේවා ගැන කියාදෙනවට!!

    ReplyDelete