පොළොවේ විස්මිත සේයා රුවක්! සූර්යයා සමකයට මුදුන් වෙන මොහොත මෙයයි!

පෘථිවියේ නව ආකර්ෂණීය රූපයක් හසුකර ගැනීමට ඇමරිකානු කාලගුණ චන්ද්‍රිකාවක් සමත් වී තියෙනවා. ඒ පෘථිවියේ ඍතු වෙනස් වීම ආරම්භ වන මොහොතේ එය දර්ශනය වෙන ආකාරයයි.

විෂුවය එළඹී මිනිත්තු තුනකින් ගෙන ඇති මේ ඡායාරූපය අපට ලබා දුන්නේ ඇමරිකාවේ ‘ගෝස් -13’ (GOES-13) චන්ද්‍රිකාවයි. ඇමරිකාවේ ජාතික සාගරවිද්‍යා හා වායුගෝලීය පාලනාධිකාරිය විසින් මෙහෙයවන ඒ චන්ද්‍රිකාව මගින් වායුගෝලයේ හා පෘථිවියේ තොරතුරු නිරන්තරයෙන් අපට ලබා දෙනවා. මේ ඡායාරූපය සටහන් වී තිබෙන්නේ විෂුවය උදා වී මිනිත්තු තුනකට පසු එනම්, මාර්තු 20 දා 7:45 ET වේලාවටයි.

විෂුවය (equinox) යනුවෙන් හැඳින්වෙන්නේ සූර්යයා සමකයට මුදුන් වන මොහොතයි. එවැනි අවස්ථා දෙකක් අවුරුද්දක දී උදා වෙනවා. එකක් මාර්තු 20 වැනිදා, අනික සැප්තැම්බර් 22 වැනිදා. එහි දී අවුරුද්ද මුළුල්ලේම පෘථිවිය පුරා ම රැයත් දහවලත් (දළ වශයෙන්) එක හා සමාන වෙනවා.

ඔබට මෙහි ඇති ඡායාරූපයෙන් පෙනෙනවා, ඇති සූර්යයා ගෙන් එන ආලෝකයෙන් අර්ධගෝලයන් දෙක ම එක හා සමානව ආලෝකවත් වී තිබෙන අයුරු.

 
වසන්ත විෂුවය උදා වූ මොහොත, 2013 මාර්තු 20 වැනිදා 7:02 GEOS -13 චන්ද්‍රිකාව පෘථිවිය කැමරාවට හසු කර ගත්තේ 7:45 ET වෙලාවටයි.

”මේ සමග පළ වන ඡායාරූපයෙන් ඔබට දැක ගන්න පුළුවන්, අර්ධගෝල දෙකටම සමානව ආලෝකය වැටී ඇති අයුරු.” යැයි ජාතික සාගරවිද්‍යා හා වායුගෝලීය පාලනාධිකාරිය කියනවා.

”උතුරු අර්ධගෝලයේ වසන්තය ගෙවීයත්ම එයට හිරු එළිය දක්ෂිණ අර්ධගෝලයට වඩා වැඩියෙන් ලැබෙනවා. එවිට අපට හුරුපුරුදු ඍතු භේදය ඒ කලාපවල දකින්නට පුළුවන්. උතුරට ගිම්හානයත් දකුණට ශීත කාලයත් උදා වෙනවා.

මේ ඡායාරූපයේ හිරු ඇත්තට ම එහෙම පිහිටලා නැහැ. විෂුවය උදාවන විට ආලෝකය පොළොවට වැටෙන හැටි විතරයි, සත්‍ය වශයෙන් ම ඡායාරූපයේ ඇත්තේ. හිරු ඒ ආලෝකයට ගැළපෙන විදියට රූප රාමුවට ඇතුළු කරලා තියෙන්නේ කෘති‍්‍රමවයි.

සූර්ය කි‍්‍රයාකාරිත්වය විමසුම් කිරීමට අවශ්‍ය උපකරණ ඒ කාලගුණ චන්ද්‍රිකාවේ තිබුණත්, හිරු බොහෝ ඈත පිහිටා ඇති නිසා එකවර එකම රූප රාමුවකට ඡායාරූපයට නගන්න පුළුවන්කමක් නැහැ. මේ විදියට ඡායාරූපයට හිරු ඇතුළු කරලා තියෙන්නේ ඔබට ඒ සංසිද්ධිය තේරුම් ගන්න පහසු වෙන්නයි.

උතුරු අර්ධගෝලයේ ඉහළ අක්ෂාංශකවලට දවල් හා රාති‍්‍ර සමාන දිනය එළඹෙන්නේ වසන්ත විෂුවය එළඹෙන්න දින කීපයකට කලින්. එසේ ම දකුණු අර්ධගෝලයට මෙම දිනය එළඹෙන්නේ මාර්තු විෂුවය උදාවී දින කීපයකට පසුවයි.

වසන්තය උදා වීමත් සිදු වන්නේ සෑම වසරකදීම මඳක් වෙනස් වූ දිනවල (මාර්තු 19-21) යි. ඒ පෘථිවියට සූර්යයා වටා වරක් යාමට අවුරුද්දක් නොව දින 365කුත් දින කාලක් ගත වන නිසයි. අපට අවුරුදු හතරකට වරක් අධික අවුරුද්දක් එන්නේත් ඒ නිසයි.

එසේ ම පෘථිවිය හිරු වටා යන්නේ මඳක් ඉලිප්සාකාර නොවන කක්ෂයක වන නිසා පෘථිවියේ දිශානතිය හිරුට සාපේක්ෂව වසරින් වසර වෙනස් වෙනවා.

 
පොළොවේ මේ චිත්තාකර්ෂණීය ඡායාරූපයෙහි එන ඍතු විපර්යාසය ඒ සංසිද්ධිය තේරුම් කරන්නට කළ නිර්මාණයක්.

විෂුවය කියන්නේ කුමක් ද?

පෘථිවිය ඇලව පිහිටා ඇති නිසා එය තමා වටේ කැරකෙමින් සූර්යයා වටා යද්දී අපට එය පෙනෙන්නේ සූර්යයා පෘථිවිය වටා යන්නාක් මෙනි. එසේ ම මේ පිහිටීම නිසා වසරක් තුළ දී සූර්යයා කර්කටක නිවර්තනය හා මකර නිවර්තනය අතර දෝලනය වන්නාක් මෙන් පෙනෙයි. මෙහි දී සූර්යයා සමකයට මුදුන් වෙන අවස්ථාව විෂුවය ලෙසත් සමකයෙන් වටාත් දුරස්ව පිහිටින ස්ථාන සූර්ය නිවෘත්තිය ලෙසත් හැඳින්වෙයි.

මේ අනුව විෂුවය දෙවරක් උදා වෙයි. ඒ පෘථිවියේ ආනතියට සාපේක්ෂව සූර්යයාට ලම්බකව පිහිටි විටයි. එවිට සූර්ය ශක්තිය උතුරු අර්ධගෝලයටත්, දකුණු අර්ධගෝලයටත් එක හා සමානව ලැබෙනවා. දවල් හා රැය එක සමාන වෙනවා.

විෂුවය උදා වීමෙන් පසු උතුරු අර්ධගෝලයට වැඩි ආලෝකයක් ලැබෙනවා, දකුණු අර්ධගෝලයට වඩා. ඒ නිසයි ඍතු ඇති වෙන්නේ.




Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. විෂුවය කියන වචනේ තේරුම දැන ගත්තේ අද.. ෂර්ලොක් හොම්ස් පොතකද කොහෙද ඔය වචනේ තිබිලා තේරුම හිතාගන්න බැරුව හෙන කාලයක් කල්පනා කලා පොඩි දවස් වල.. :)

    ReplyDelete