HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

උඩුගුවනේදී ඔබේ තනියට දැන් යාළුවෙකුත් ඉන්නවා! හඳුනා ගන්න! ඒ සුරතලා - කිබෝ!

මේ වසරේ දී අභ්‍යවකාශයට යන රෝබෝ සුරතලා තමයි, කිබෝ. මේ වතාවේ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් පොළට යවන ජපන් ජාතික අභ්‍යවකාශගාමියා වූ කොයිචි වකාටා සමගයි, කිබෝ යන්නේ. උඩු ගුවනේ දී එයාට වකාටා සමග ජපන් බසින් කතා කරමින් ඔහුගේ පාළුව දුරු කරන්නට හැකි වේවි.

දැනට ජපන් බස මේ රොබෝට යොදා තිබුණත් අනාගතයේදී ඒ ඒ අභ්‍යවකාශගාමියාට සරිලන විදියට ඔහුගේ බස මෙවැනි රොබෝලාට යොදන්න පුළුවන්.

 
අභ්‍යවකාශගාමී රොබෝ, කිබෝ ශූන්‍ය ගුරුත්වය යටතේ කි‍්‍රයා කරන්නට හැකි විදියටයි තනා තියෙන්නෙ. මේ වසර අගදී අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් පොළට යවන්නයි බලාපොරොත්තුව.

ජපන් අභ්‍යවකාශගාමියා සමග කෙළින් ම ජපන් බසින් කතා කළත් කිබෝට අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළේ අනිත් අභ්‍යවකාශගාමීනුත් විනෝදමත් කරන්න හැකියාව තියෙනවා. ඔහුගේ හිසේ ඇති කැමරාව හසුරුවමින් පින්තූර ගන්නත්, පොළොවේ සිටින ඔහුගේ සොයුරු රොබෝ සමග ට්වීටර් ගිණුම ඔස්සේ ලිපි හුවමාරු කර ගන්නත් ඔහුට පුළුවන්. ඒකත් ඔහුගේ මෙහෙයුමේ කොටසක්.

මේ කිබෝගේ වීඩියෝවක් දැනටමත් යූටියුබ් එකට මුදා හැරලා තියෙනවා. එයින් දැක්වෙනවා, කිබෝ ශූන්‍ය ගුරුත්ව පරීක්ෂණයට භාජනය වන හැටි. අත්පා විහිදුවමින් කිබෝ අහසේ පා වෙන හැටි එයින් දැක ගන්න පුළුවන්.

එහි එක් තැනක දී ඔහු අත් වනා පුංචි නැටුමකුත් නටනවා.

තවත් වීඩියෝවක දී කිබෝ පාසල් ළමුන් පිරිසක් සමග විනෝද වෙනවා. ළමයින් ඔහුව අනුකරණය කරන්න හඳන හැටි දැක්වෙනවා.

 
කිබෝ පාසල්වලටත් ගොස් අභ්‍යවකාශය ගැන ළමුන් දැනුවත් කරාවි. මේ පාසල් ළමුන් පිරිසක් සමග කිබෝ විනෝද වූ අවස්ථාවක්.

කිබෝ තනා ඇත්තේ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ ඉල්ලීමකට අනුවයි. මේ සඳහා අලූත් ම ව්‍යාපෘතියක් ඇරඹුවා, කිබෝ රොබෝ ව්‍යාපෘතිය කියලා. කිබෝ රොබෝ ව්‍යාපෘතියේ ප‍්‍රධානියා ජපන් ජාතික ඩෙන්ට්සු.

කිබෝ තනා ඇත්තේ දැනටමත් පවතින රෝබි කියන රොබෝ කට්ටලයෙන්. ඔහු අඟල් 13.4ක් උසයි. රාත්තල් 2.2ක් බරයි.

කිබෝගේ බස හැසිරවීමේ තාක්ෂණය ලබාගෙන ඇත්තේ ටොයොටා සමාගමෙන්. කිබෝ කතා කරන්නේ කෘති‍්‍රම හඬකින්.

ඔහුගේ හිසේ සවි කර ඇති කැමරාවෙන් ම තමයි ඔහු මුහුණු හඳුනා ගන්නේ. ඒ සඳහා කැමරාව මුහුණු හා ද්‍රව්‍ය හඳුනා ගැනීමට හැකියාව ඇති මෘදුකාංගයකට සවි කර තියෙනවා.

කිබෝ සැලසුම් කළේ සුප‍්‍රකට රෝබෝ සැලසුම්කරුවකු වූ ටොමොටාකා තකහෂි නම් ජපන් ජාතිකයායි. ඔහුගේ කලින් නිර්මාණය වූ ඉවෝල්ටා රොබෝ ඇමෙරිකාවේ ග්රෑන්ඞ් කැනියොන් අගාධය කඹයකින් තරණය කරන්න සමත් වුණා.

කිබෝට මේ නම තැබුණේ විශේෂ තරගයක් පවත්වා ඉන් ලැබුණු 2,400ක් පමණ වූ නම් අතුරින්. එහි දී තෝරා ගනු ලැබුවේ කිබෝ හා මිරාටා යන නම් දෙකයි. කිබෝගේ සගයා ලෙස පොළොවේ සිට ඔහු සමග ගනුදෙනු කරන, ඔහු කරන කියන දෑ ලෝකයට කියා දෙන රොබෝ හඳුන්වා ඇත්තේ මිරාටා කියලයි.

මේ රොබෝ ලෝකයට හඳුන්වා දුන්නේ, ලෝක ප‍්‍රකට බිලියනපති ව්‍යාපාරික ඩෙනිස් ටිටෝ තමාගේ වියදමින් අඟහරුට යැවෙන අභ්‍යවකාශ යානයක යවන්නට මනාල යුවළකට ඇරයුම් කළ අවස්ථාවෙදියි. ටිටෝ ගේ ඇරයුම පිළිගන්නා මනාල යුවළට මාස 17ක කාලයක් ඒ ගමනට ගත කරන්න සිදු වෙනවා.

ඒ දීර්ඝ ගමනේ දී ඒ දෙදෙනා ගේ තනියට මේ කිබෝ රොබෝත් යවන්න පුළුවන් වේවි.

 
මේ වසර අගදී අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් පොළ වෙත යවන්නට පෙර ජපන් ඉංජිනේරුවන් විසින් මේ කිබෝ රොබෝ අවශ්‍ය සියලූ පරීක්ෂණවලට භාජනය කරාවි.

 
කිබෝට මිනිසකු වාගේ හැසිරෙන්න පුළුවන්. මේ කිබෝ නිර්මාණය කළ පිරිසේ අයකුට අතට අත දුන් අවස්ථාව. ඔහු එහි දී ඇස්වලින් පවා ප‍්‍රතිචාර දැක් වුවා.

 
අභ්‍යවකාශ නැවතුම් පොළට කිබෝ එක් වී සිටින ආකාරය චිත‍්‍රශිල්පියකුගේ ඇසින්.

Post a Comment

0 Comments