බෝතල් වගාවක් සාර්ථකව වැඩෙන්නේ කෙසේද?

බෝතල් වගාවක් සාර්ථකව කළ හැකි වන්නේ ඒවා තුළ ඇති මුද්‍රා තැබූ පරිසරය මුළුමනින් ම ස්වයංපුර්ණ පරිසර පද්ධතියක් වුණොත් පමණයි. එවිට බෝතලය තුළ ඒ ශාකයේ වැඞීමට අවශ්‍ය ප‍්‍රභා සංශ්ලේෂණ කි‍්‍රයාවලිය මගින් ඒ තුළ ඇති පෝෂක ප‍්‍රතිචක‍්‍රීකරණය කර ගත හැකියි.

පැළෑටියට වැඩෙන්නට බාහිරව අවශ්‍ය වන්නේ ආලෝකය පමණයි. එයින් පැළෑටියට තම ආහාරය නිපදවා ගෙන ජීවත් වීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා.

පැළෑටියේ පත‍්‍ර මතට වැටී දිළිසෙන ආලෝකය හරිතප‍්‍රද (ක්ලෝරෝෆිල්) ඇතුළත් ප්‍රෝටීන් මගින් උරා ගන්නවා.


මේ ආලෝක ශක්තියෙන් කොටසක් ශක්තිය ගබඩා කරන අණු විශේෂයක් වූ ඇඩිනෝසයින් ට‍්‍රයිපොස්පේට් (adenosine triphosphate) මගින් ගබඩා කර ගන්නවා. ඉතිරිය ශාකයේ මුල් ඔස්සේ පසෙන් උරා ගන්නා ජලයෙන් ඉලෙක්ට්‍රෝන වෙන්කර ගැනීමට යොදා ගන්නවා.

මේ ඉලෙක්ට්‍රෝන ඉන් නිදහස්ව රසායනික ප‍්‍රතිකි‍්‍රයාවක් මගින් කාබන්ඩයොක්සයිඞ් කාබොහයිඩ්‍රේට් බවට පත් කිරීමට උදවු වෙනවා. ඒ කි‍්‍රයාවලියේ දී ඔක්සිජන් මුදා හැරෙනවා.

මේ ප‍්‍රභාසංස්ලේෂණ කි‍්‍රයාවලියේදී සිදු වන්නේ මිනිසා ඇතුළු වෙනත් ජීවීන්ගේ සෛලීය ශ්වසනයේ දී සිදු වන දෙයට ප‍්‍රතිවිරුද්ධ දෙයක්. එහි දී සිදුවන්නේ ශක්තිය ඇතුළත් කාබොහයිඩ්‍රේට්වල ඇති ශක්තිය ඔක්සිජන් සමග ප‍්‍රතිකි‍්‍රයා කර කාබන් ඩයොක්සයිඞ් හා ජලය නිකුත් කිරීමයි. එහිදී රසායනික ශක්තියක් මුදා හැරෙනවා.

එහෙත් පරිසර පද්ධතියත් සෛල ශ්වසනය යොදා ගන්නවා. ඒ පැළැටියෙන් ගිලිහී වැටෙන දිරා ගිය පත‍්‍ර ඛණ්ඩනය කිරීමටයි. එම කි‍්‍රයාවලියේ මේ කොටසේ දී බෝතල් වගාවේ ඇති පසෙහි තිබෙන බැක්ටීරියා පැළෑටියෙන් නිකුත්වන ඔක්සිජන් අවශෝෂණය කර කාබන් ඩයොක්සයිඞ් මුදා හරිනවා. පැළෑටිය එය නැවත සිය වර්ධනයට යොදා ගන්නවා.

ඇත්තෙන් ම, රාති‍්‍ර කාලයේ දී ප‍්‍රභාසංස්ලේෂණ කි‍්‍රයාවලිය සඳහා හිරු එළිය නැති නිසා ශාකය ‘පණ’ රැක ගන්නට සෛල ශ්වසනය යොදා ගන්නවා. එමගින් ගබඩා කර ගත් පෝෂක ඛණ්ඩනය කර සිය අවශ්‍යතා සපුරා ගන්නවා.


බෝතල් වගාවක ඇත්තේ සංවෘත පරිසරයක්. එයින් අදහස් කෙරෙන්නේ එහි ජලචක‍්‍රයත් ඒ තුළම සිදු වන ස්වයංපූර්ණ කි‍්‍රයාවලියක් බවයි.

බෝතලය ඇතුළේ ඇති ජලය ශාකයේ මුල්වලින් ඉහළට ගෙන යනවා. ඊළඟට එය උත්ස්වේදනය මගින් වාතයට මුදා හැරෙනවා. ඒවා බෝතලය ඇතුළ් පැත්තේ වැදී ඝනීභවනය වී පහත පසට වැටෙනවා. එහි දී යළිත් එහි චක‍්‍රය ඇරඹෙනවා.

ඔබේ ම බෝතල් වගාවක් කරන්නේ කෙසේද?

බෝතල් වගාවක් යනු සූක්ෂම ලෝකයක් (microcosm) බිහි කිරීමක්. ඒකට වෙනම ම විශේෂ වාසභූමියක් තියෙනවා. අවශ්‍ය වන්නේ සුළු නඩත්තු කිරීමක් පමණයි.

මුලින්ම ඒ සඳහා වීදුරු බඳුනක් තෝරා ගන්න. මූඩියක් තියෙන කට ලොකු එකක් වුණොත් වඩාත් පහසුයි.

දැන් අවශ්‍ය වන්නේ පොච්චිවල පාවිච්චියට ගන්නා හොඳ කොම්පෝස්ට් පෝර හා ගල්කැට මුසු සරුපස ටිකක් විතරයි. ඒ වගේ ම සිට වීමට පැළ වර්ගයක් සොයා ගන්නත් ඕනෑ.

වීදුරු බඳුන අඩියේ පස හා පෝර තැන්පත් කිරීමට දිග මිටක් සහිත හැන්දක් අවශ්‍ය වෙනවා. ඒ පස් තට්ටුව සිටුවන පැළයේ මුල් වැසෙන තරම් ගනකම් වෙන්න ඕනෑ.

දැන් එහි පැළ සිටුවීම තමයි, ඊළඟට කරන්න තියෙන්නේ. මේ සංවෘත පරිසරයක පහසුවෙන් ම හැදෙන්නේ වැඩි ආලෝකයක් අවශ්‍ය නැති ශාක වර්ගයි. විශේෂයෙන් ගෘහස්ත ශාක මේ ගණයට වැටෙනවා.

ඔබ දැක ඇති ළිං ඇතුළේ මීවන වර්ගයේ පැළෑටි වැවෙනවා. අලංකාර රටාවක පත‍්‍ර ඇති පැළයක් තෝරා ගත්තොත් එය ගෘහ අලංකරණයටත් යොදා ගන්න පුළුවන්. මීවන (Fern) පවුලේ වගේ ම බිගෝනියා (Begonia) පවුලේ ශාකත් මේ සඳහා සුදුසුයි. මීවන පවුලට අයත් ඇඩියැන්ටම් (Adiantum) තවත් සුදුසු වර්ගයක්. සපුෂ්ප ශාකයක් වූ සොලිරොලියා (Soleirolia) නම් ප‍්‍රහේදයත් හොඳයි.

මීට කලින් ‘මල් කැකුළු’ තුළින් වසර 53ක් තිස්සේ ලොකු වීදුරු බඳුනක වැවෙන පැළෑටිය ස්පයිඩර්වර්ට් හෙවත් ට‍්‍රැඩිස්කැන්ටියා (Tradescantia) වර්ගයේ ශාකයක්.

පැළය සිටුවා තවත් අතිරේකව පස් ටිකක් දමා අලංකාරය වැඩි කර ගන්න. මෙයට ජලය යෙදීම ඉතා පරෙස්සමින් කළ යුතුයි. දැන් මෙය ඔබට විසිත්ත කාමරය හෝ ඔබේ නිදන කාමරය අලංකාර කරන්නත් යොදා ගන්න පුළුවන්. ගෙතුළට හිරු එළිය ගලා එන තැතක තිබ්බොත් ඔබට වඩා සාර්ථකව දිගු කලක් තබා ගත්තෑකි.



--සම්බන්ධිත පුවත් --
ජලය වාතය කිසිවක් නැතිව විස්මිත ලෙස බෝතලයක වවන අපූරු ගෙවත්තක්! මේ බෝතලයේ වගාවට දැන් වසර 53ක්!




Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments