සත්වලෝකයේ ‘ඒ විස්මිත හැකියාව’ බස්සන්ට බකමූණන්ට ලැබුණේ කොහොමද?

බස්සන් හා බකමූණන්ට හිස වටේට කරකවා බලන්න හැකියාව ලැබුණේ කොහොමද? හිසට ලේ ගමන් කිරීමට බාධාවක් නො වන විධියට උන් සිරුරු නොසොල්වා විස්මිත අයුරින් හිස පමණක් කරකවා බලන අයුරු ගැන සමහර විට ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ.

දැන් විද්‍යාඥයන් ඒ රහස අනාවරණය කර ගන්න සමත් වෙලා තියෙනවා. ඔවුන් සොයා ගෙන තියෙනවා, මේ කුරුල්ලන්ට ඔවුන්ගේ හිස් අංශක 270ක් දක්වා කරකවන්නට හැකියාව ඇති බව.

 
ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා, මේ කුරුල්ලන්ගේ කශේරු ධමනිය වෙනත් කුරුල්ලන්ට වඩා ගෙලෙහි මඳක් ඉහළට වෙන්න පිහිටා ඇති බව. එයින් මේ ධමනිය ලිහිල් නම්‍යශීලී එකක් වෙලා තියෙනවා. ඉහළ දිගු කන් ඇති බස්සා.

සාමාන්‍යයෙන් බස්සන් හා බකමූණන්ගේ හිස් ඔවුන්ගේ සිරුරුවලට වඩා ප‍්‍රමාණයෙන් ලොකුයි. එහෙම තිබිය දී පවා මොළයේ ලේ සැපයුමට බාධාවක් නො වන පරිදි අනුවර්තනය වීමට ඔවුන් සමත් වෙලා තියෙනවා. මේ අනුවර්තනය වීම ප‍්‍රධාන වශයෙන් සිවු ආකාරයකට ඔවුන් තුළ සිදු වී ඇති බවයි, විද්‍යාඥයන් පවසන්නේ.

මේ පිළිබඳව කළ අලූත්ම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මේ කුරුල්ලන්ගේ අස්ථි ව්‍යුහයත් රුධිර නාළ පද්ධතියත් වෙනත් කුරුල්ලනට වඩා සුවිශේෂ ආකාරයකට පිහිටා තිබීම නිසා මෙසේ කළ හැකි තිබෙන බවයි.

 
අනෙක් කුරුල්ලන්ට වඩා මේ කුරුල්ලන්ගේ අනුවර්තනය නිසා ඔවුන්ට සිරුර නොසෙල්වී හිඳිමින් අවට පරිසරයේ වැඩි පරාසයක් දකින්නට හැකියාව ලැබී තියෙනවා. ඉහළ පිංගල බස්සා.

ඔවුන්ගේ මේ අධ්‍යයනයට ස්වාභාවික හේතූන් මත මිය ගිය හිම බස්සකු, බැරඞ් හා අං බකමූණකු වැනි කුරුල්ලන් කීප දෙනකු අයත් වුණා.

ඔවුන්ගේ ගෙල පිරික්සා බලද්දී අනික් කුරුල්ලන්ට වඩා මේ කුරුල්ලන්ගේ ශීර්ෂපෝෂී ධමනිය (carotid) හා කශේරු (vertebral) ධමනිය අතර සම්බන්ධයක් ඇතැයි ඔවුන් හඳුනා ගත්තා. මිනිසුන්ගේ මෙන් නොව ඔවුන්ගේ මේ ධමනි අතර කුඩා නාළිකා ගණනාවක් විහිදී තියෙනවා. ඒවායින් මේ ප‍්‍රධාන රුධිර නාළ දෙක අතර රුධිරය හුවමාරු වීමක් සිදු වෙනවා.

මේ නිසා මොළයට කිසිදු බාධාවකින් තොරව රුධිරය සැපයීම සිදු කෙරෙනවා. හිස වටේට කරකවා බැලීමේ දී එක් නහරයක් අවහිර වුණොත් අනිත් නහරයෙන් ඒ අඩුව පිරිමැහෙනවා.

මේ අනුවර්තනය වීම නිසා මේ කුරුල්ලන්ට සිරුර නොසෙල්වී තියා ගෙන ගොදුරට නොදැනෙන්න ඇස් දෙක පමණක් ඒ දෙස හෙමිහිට යොමු කරන්න හැකියාව ලැබී තිබෙනවා.

විශේෂඥයන් කියන්නේ, මිනිසාට මෙසේ අනුවර්තනය වීමේ හැකියාව නැති නිසා බවයි, මිනිසා පහසුවෙන් ගෙල ආශ‍්‍රිත පීඩාවලට බහුල ලක්වන්නේ.

මෙම අධ්‍යයනයට එක් වූ ප‍්‍රධාන පරීක්ෂක විශේෂඥයා වූ ආචාර්ය පිලිප් ගේල්ලවුඞ් පළ කරන්නේ මෙවන් අදහසක්; ”මොළය ආශි‍්‍රතව මිනිසුන්ගේ ධමනිවලට සිදු වන අනතුරුවල දී මා නොයෙක් විට මොළයේ පිළිබිඹු ගන්නවා. මිනිසුන්ට ඒ තුවාල සිදු වූ ආකාරයන් ගැන විමසද්දී ඒ පිළිබඳ විශේෂඥයකු වශයෙන් මේ වන තෙක් මා මවිතයට පත් කළ දෙයක් තමයි, ක්ෂණිකව හා ගෙල අඹරවා කරන බැලීම්වල දී මොළයට රුධිරය ගමන් කිරීම නැවතී දහස් ගණන් බස්සන්, බකමූණන් කැළෑවල මැරී නොවැටෙන්නේ ඇයිද යන කාරණය. ඒත් මේ අධ්‍යයනයෙන් පස්සෙ මට ඊට හේතු පැහැදිලි වුණා.”

”මිනිසා පමණක් නොව බස්සන් ඇතුළු බොහොමයක් සතුන්ගේ ගෙලෙහි ඇති ශීර්ෂපෝෂී හා කශේරු ධමනි ඉතා සුළු දෙයකින් වුවත් තුවාල වීමට, ඉරී යාමට ඉඩ තියෙනවා. එසේ වූ විට මොළයේ ආබාධ ඇති විය හැකියි. ඒත් බස්සන්ගේ බකමූණන්ගේ පමණක් එවැනි අපදා තත්වයක් ඇති නොවන්නේ මන්ද යන්න අපට ප‍්‍රශ්නයක් වුණා.”

මේ ගැටලූව නිරාකරණය කර ගන්නයි පර්යේෂකයන් කුරුල්ලන්ගේ ගෙලෙහි හා හිසෙහි අස්ථි හා රුධිර නාළවල ව්‍යුහයන් අධ්‍යයනය කරන්නට තීරණය කළේ.

කුරුල්ලන්ගේ සිරුරුවල ඇති රුධිර නාළවලට වර්ණයක් නික්ෂේපණය කර ඒවා විවච්ෙඡ්දනය කොට සටහන් ගත කර ගන්නවා. ඒ සමගම සවිස්තරාත්මක විශ්ලේෂණයක් සඳහා ස්කෑන් කරනවා.

පර්යේෂකයන්ට හමු වූ වඩාත් ආක්ර්ෂණීය සොයා ගැනීමට මග පැදුණේ බස්සන්ගේ ධමනිවලට වර්ණයක් නික්ෂේපණය කළ පසුවයි. අතින් ඔවුන්ගේ හිස් කැරකැවූ විට මොළයට රුධිර ගලා යාම ඒ ආකාරයෙන් ම සිදු වන බව ඒ වර්ණකවලින් පැහැදිලිව පෙනුණා.

හිස පාමුල හකු ඇටය යට ඇති රුධිරවාහිනී ටිකෙන් ටික ඉදිමෙන්න පටන් ගත්තා ආශයට රුධිරය පිරෙන්නට පෙර. ඒ බව එහි ඇතුළු වූ වර්ණවලින් පැහැදිලි වුණා.

මිනිසාට මෙවැනි කායික හැකියාවක් නැහැ. එහි දී මිනිසාගේ ධමනිවල සිදු වන්නේ එන්න එන්නම කුඩා වීමක්. ඒවා බෙදී යන විට පිම්බීමක් සිදු වන්නේ නැහැ.

පර්යේෂකයන් කියන්නේ සංකෝචනය කළ හැකි රුධිරය රැස් කළ හැකි ආශයක් බස්සන්ගේ ගෙල අසල පිහිටා ඇති බවයි. ඒ නිසා හිස කරකවා බලන විට ඔවුන්ගේ විශාල මොළයට හා ඇස්වලට අවශ්‍ය රුධිරය ප‍්‍රමාණය සැපයීමට එමගින් හැකියාව ඇති වෙනවා.

 
මෙම අධ්‍යයනයේ දී සොයා ගනු ලැබුවා, බස්සන්ගේ ශීර්ෂපෝෂී හා කශේරු ධමනි අතර රුධිරය හුවමාරු කිරීම සඳහා විශේෂ වූ කුඩා නාළිකා පද්ධතියක් තියෙන බව.

 
බස්සන් හා බකමූණන්ගේ සිරුරුවල ඇති මේ විශේෂ අනුවර්තනය වීමේ හැකියාව මිනිසාට නැති නිසා මිනිසාගේ ගෙල පෙදෙසට නිතරම අනතුරු සිදු වීමේ අවදානමක් තියෙනවා.

 
පර්යේෂකයන් කියන්නේ සංකෝචනය කළ හැකි රුධිරය රැස් කළ හැකි ආශයක් බස්සන්ගේ ගෙල අසල පිහිටා ඇති බවයි. එයින් හිස කරකවා බලන විට ඔවුන්ගේ විශාල මොළයට හා ඇස්වලට අවශ්‍ය ප‍්‍රමාණයට රුධිරය සැපයීමට එමගින් හැකියාව ඇති වෙනවා.

ආචාර්ය ගේල්ලවුඞ් තවදුරටත් කියන්නේ, ”අපේ නව අධ්‍යයනයේ ප‍්‍රතිඵලයට අනුව මෙවැනි හිස් හැරවීමක් සඳහා විශේෂ ජීව විද්‍යාත්මකව අනුවර්තනයක් අවශ්‍ය වෙනවා. එවැනි අනුවර්තනයක් සිදු වී නැති නිසා තමයි මිනිසා කුරුල්ලන්ට වඩා වැඩියෙන් ගෙල පෙදෙසේ අනතුරුවලට වැඩියෙන් ලක් වන්නේ.” කියායි.

‘බස්සන්ගේ වැනි විශේෂ අනුවර්තනය වීමක් නොමැති නිසා මිනිසා මෙසේ හිස හැරවීම ගැටලූ රාශියක් කරන්නක් විය හැකියි.’ මෙසේ කියන්නේ වෛද්‍ය රූප සටහන් ශිල්පියකු වූ ෆේබියන් ඩි කොක් මර්කාඩෝයි.

මේ අධ්‍යයනයෙන් ඔවුන් කළ සොයා ගැනීම් ගැන සඳහන් විශේෂ ලේඛනයක් අන්තර් ජාලයේ ‘සයන්ස් සඟරාවට ඇතුළත් කිරීමට ඔවුන් බලාපාරොත්තු වෙනවා.




Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments