HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පසුගිය දා රුසියාවට කඩා වැටුණු උල්කාපාතයට පිට සක්වළ යානයක් හරස් වුණාද?

පෙබරවාරි 15 වැනිදා පොළොවට කඩා වැදුණු ඒ දැවැන්ත උල්කාපාතයෙන් අප ගළවා ගන්නට පිට සක්වළින් පැමිණි හඳුනා නොගත් යානයක් උදවු වුණාද? ඒ උල්කාපාතය ගුවනේ දී පුපුරා ගියේ ඒ නිසාද? අති විශාල පිපිරුම් හඬක් නංවමින් එහි කැබලි රුසියාවේ යූරල් ප‍්‍රදේශය පුරා විසිරී ගියේය. ඒ මහා පිපිරුමේ හඬ මිනිස් කනට නෑසුනද එය ලොව පුරා නින්නාද වූ බව සටහන්ව තිබේ.

මේ අරුම පුදුම මතය ඉදිරිපත් කර ඇත්තේ එදා උදේ රුසියාවේ චෙල්යාබින්ක්ස් නගරයට ඉහළින් අහසේ ඒ උල්කාව වේගයෙන් ගමන් කරනු දැක්වෙන රූප පෙළ අධ්‍යයනය කළ සක්වළ යානා ගැන උනන්දුවක් දක්වන රුසියානුවන් පිරිසක් විසිනි.

ඒ සක්වළ යානා ගැන උනන්දුවන්නන් අවධාරණය කරන්නේ වායුගෝලයේ ඉතා ඉහළ දී උල්කාව පහළට ආ පාරාචක‍්‍රය තුළ දී කිසියම් කුඩා වස්තුවක් හා ගැටුණු අයුරු තමන් දුටු බවයි. රුසියානු ආරක්ෂක හමුදාව විසින් උල්කාව ඉලක්ක කර මිසයිල ප‍්‍රහාරයක් එල්ල කරන්නට ඇතැයි මුලින් කතාවක් ප‍්‍රචාරය වුවද රුසියානු හමුදාව එය තහවුරු නොකිරීමෙන් පෙනී යන්නේ එසේ උල්කාව හා ගැටෙන්නට ඇත්තේ වෙනත් පාර්ශ්වයක් විසින් එවන ලද ප‍්‍රහාරක අවියක් බවයි.

ඔවුන් විශ්වාස කරන්නේ සක්වළ ජීවීන් මේ උල්කාව පෘථිවිය දෙසට එනු දැක හඹාවිත් එය පෘථිවියට කඩා වදින්නට ප‍්‍රථම අහසේදීම විනාශ කළ බවයි.

 
රුසියාවට කඩා වැටුණු උල්කාපාතයෙන් පෘථිවිය බේරා ගන්න පිට සක්වළ යානයක් හරස් වුණාද? මෙහි කවයකින් ලකූණු කර ඇත්තේ ඒ සක්වළ යානයද?

සුපරීක්ෂාකාරීව බැලූ විට ඔවුන්ට ඒ ඡායාරූපවල තිබී අමුතු රූප වගයක් හමු වී ඇත. එහිදී පළ වූ මත අද රුසියාව පුරා විවාදයකට ලක් වී තිබේ. ඒ අනුව සයිබීරියානු ටයිම්ස් පුවත්පත ‘අපට ගලවා ගත්තේ සක්වළ යානයකින් ආ පිරිසක් ද?’ කියා පුවතක් ද පළ කර ඇත.

පසුගිය පෙබරවාරි 15 වැනිදා රුසියාවේ අහසේ දී පුපුරා ගිය උල්කාව හිරෝෂිමාවට දැමූ පරමාණු බෝම්බය මෙන් 30 ගුණයකින් බලවත් එකකි. එයින් චෙල්යාබින්ස්ක් නගරයට සෑහෙන අලාබ හානි සිදු විය. ගොඩනැගිලිවල පුපුරා ගිය ජනේල වීදුරුවලින් 1,200ක් දෙනා තුවාල ලැබූහ.

 
සක්වළ ජීවීන් ගැන උනන්දුවන්නන් කියන්නේ ඔවුන් දුටු අබිරහස් ඡුායාරූපවලින් පෙනෙන්නේ මෙවැනි සක්වළ යානයක් මේ වතාවේ ඔවුන්ව ගලවා ගත් බවයි.

ඇමරිකාවේ නාසා ආයතනයේ ගණනය කිරීම්වලට අනුව පොළොව කරා ආ ඒ උල්කාව අඩි 55ක් පළල ටොන් 10,000ක් බර එකකි. එය යූරල් කඳුකරයට ඉහළින් කිලෝටොන් 500කට සමාන බලයක් ජනිත කරමින් පුපුරා ගිය බව නාසා ආයතනයද පිළිගෙන ඇත.

ඒ කැබලි වැටීමෙන් යූරල් කඳුකරයේ ඇති න්‍යෂ්ටික බලාගාරවලට හානියක් වී නැත.

”අපි මුලින් හිතුවේ චෙල්යාබින්ස්ක් උල්කාව සාමාන්‍ය අභ්‍යවකාශ වස්තුවක් කියලයි.” ඇලෙක්සැන්ඩර් කොමනේව් පැවසුවේය. යොකටරින්බර්ග්හි වෙසෙන ඔහු රුසියාවේ හඳුනා නොගත් පියාඹන වස්තු ගැන උනන්දුවන්නන්ගේ සම්බන්ධීකාරකවරයා ය.

”උල්කාව පොළොව කරා එනු වීඩියෝ ගත කළ රූප රාමු සහිත කොටස් තුනක ම අප දුටුවා කිසියම් වස්තුවක් අහසේදී උල්කාවේ හැපෙනවා. එය දිගටි හැඩයක් ඇති එකක්. එය අහසේ පාවී ගොස් උල්කාව සමග ගැටුණා.” ඔහු කියයි.

”අප දුටුවා එක එක කෝණවලින් එක එක අය වීඩියෝ ගත කළ රූප රාමු ගණනාවක්. ඒවා දකින විට අපට පැහැදිලිව පෙනී යනවා, කිසියම් දෙයක් හැපීමෙන් ඒ උල්කාව පුපුරා ගිය බව.” ඔහු අවධාරණය කරයි.

ඊට අමතරව, උල්කාව වැටෙන්න සති කිපයකට පෙර ඒ යූරල් ප‍්‍රදේශයේ අහසේ ‘හඳුනා නොගත් පියාඹන වස්තු’ දර්ශනය වූ අවස්ථා ගණනාවක් වාර්තා වූ බවද ඔහු සිහිපත් කළේය.

මෙම උල්කාව පහත් වෙන්නට කලින් දීප්තිමත්ව බැබලෙන ගෝලාකාර වස්තූන් දෙකක් රාතී‍්‍ර අහසේ සැරිසරනු චාබ්රි (Chabry) ගම්මානයේ වැසියන් විසින් දැක තිබේ.

පසුව වෙනත් අවස්ථාවක දහවල් කාලයේ දී එවැනිම වස්තූන් දෙකක් චෙල්යාබින්ස්ක් නගරයට ඉහළින් ද පියාසර කරනු එහි වැසියන් විසින් දැක ඇත.

ඒ අවස්ථා දෙකෙහිදීම ඒවා අහසේ ඈතට නොපෙනී ගොස් යළිත් අවුත් තිබේ.

 
මේ එක රුපයක හඳුනා නොගත් පියාඹන වස්තුවක් (UFA) උල්කාවේ වල්ගය අසලින් පියාසර කළ අයුරු කවයෙන් දිස්වේ.

අවකාශයෙන් එන වස්තූන් ගැන අවධාරණය කොට එවැන්නක අවදානමක් ඇති වුවහොත් ඊට මුහුණ දීමට අවශ්‍ය තාක්ෂණය දියුණු කිරීමේ ප‍්‍රධාන මට්ටමේ අන්තර්ජාතික ප‍්‍රයත්නයක් ගත යුතු යැයි රුසියාව විසින් මීට කලින් ප‍්‍රකාශ කොට තිබේ.

එහෙත් මේ පෙබරවාරි 15 වැනිදා කඩා වැටුණු උල්කාවට රුසියානු හමුදාවේ පහරදීමක් සිදු නොවූයේ එවැන්නක්් එන කල්තියා හඳුනා ගැනීමට කිසිවකුත් අසමත් වීම නිසාය.

ටොන් 100,000ක් බර ඒ උල්කා කැබැල්ලෙහි විෂ්කම්භය අඩි 55ක් විය. එය කඩා වැටීමෙන් එම විලෙහි විශාල ආවාටයක් සෑදී තිබේ.

ඒ හැරෙන්නට අවට වැටුණු ඉතා කුඩා උල්කා කැබලි 50ක් පමණ විද්‍යාඥයන් විසින් එකතු කර ගෙන තිබේ. එහි සංයුතිය සොයන්නට එය ප‍්‍රමාණවත් යැයි ඔවුහූ පවසති. මේ උල්කාපාත කැබලි අතරින් විශාල කැබලි බොහොමයක් ලබා ගත්තේ චෙල්යාබින්ස්ක් පළාතේ චෙබාකුල් විල් පත්ලෙනි. ඒවා එක් රැස් කර දුන්නේ කිමිදුම්කරුවන් විසිනි.

 
මේ ඒ උල්කාවේ තවත් රූප රාමුවක්. කවයෙන් දැක්වෙන්නේ හඳුනා නොගත් පියාඹන වස්තුවක් යැයි සැක කරන දෙයයි.

 
මේ ආකාරයට උල්කාවට අහසේ දී පහර දුන්නේ සක්වළ ජීවීන්ගේ යානයක් මගින් යැයි ඒ ගැන උනන්දුවන්නෝ කියති. මේ යූරල් ප‍්‍රදේශයේ අහසේ එවැනි යානා සැරිසරනු සති කීපයකට කලින් ඔවුන් විසින් ද දැක තිබේ.

 
පෘථිවිය දෙසට පැ.කි.මී. 46,000ක වේගයෙන් ආ උල්කාව එක්වරම රුසියාව ඉහළ අහසේ දී හදිසියේ පුපුරා යාමෙන් 1,200කුට තුවාල සිදු විය. ඒ පාසල්, රෝහල් හා නිවෙස් ආදියේ දොර ජනෙල් ආදියේ වීදුරු කැබලි වැදීමෙනි. නිවාස ලක්ෂයකට අලාබ සිදු විය.

 
චෙල්යාබින්ස්ක් නගරයෙන් පිටත යූරල් කඳු පාමුල හිම මිදුණු විලකට ලොකුම අල්කා කැබැල්ල කඩා වැටුණේය. එහි පළල අඩි 55කි. බර ටොන් ලක්ෂයක් විය. අඩි 55ක් ආවාටයක් ඒ විලෙහි සැදුණේය.

--සම්බන්ධිත පුවත් --
පෘථිවිය බලා එන ග‍්‍රහකය ගැන ලෝකයම බලා සිටිද්දී හදිසියේ උල්කාපාතයක් රුසියාව හොල්ලයි!

බෝතල් වගාවක් කරන්නේ කෙසේද? හෙට මල් කැකුළු බලන්න...

 

Post a Comment

10 Comments

  1. එහෙම පිටසක්වල යානයක් වැටුන නම් ඒ යානයේ එක කොටසක් හරි ලැබෙන්න ඕනනේ. මේ අඩවියේ ලිපි ගොඩක් වටිනව.ස්තුතියි.

    ReplyDelete
  2. ඒක එහෙමනම් පිටසක්වලයෝ කියන්නේ අපේ හොද මිතුරෝ සෙට් එකක්

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
  3. මමක් කැමතියි මේ ප්‍රවෘත්තිය ඇත්ත එකක් වෙනවානම්!

    ReplyDelete
  4. කව්ද දන්නෙ ඕක රුසියාවෙ හමුදාවෙන්ම යවපු එකක්. උන් උන්ගෙ යුද තාක්ෂණේ හංගන්න මොකුත් නොකිය ඉන්නවද කියල.

    ReplyDelete
  5. ඇත්තටම මෙහෙම දෙයක්සිදුවුනාද?නැතිනම් තවත්මතයක් පමනක්ද?

    ReplyDelete
  6. මේක මාරයිනෙ... එහෙම පිටසක්වල යානයකින් පහර දුන්නනම්, ඒ කියන්නෙ අපිට හිතවත් පිටසක්වළ ජීවීන් වගයක් අප ගැන සෙවිල්ලෙන් ඉන්නවා කියන එකයි. අනික ඔවුන් කෙතරම් දියුණුද, වෙන ලෝකෙකට ගිහින් ඒකට වැටෙන උල්කාවක් පහර දීලා විනාශ කරන්න තරම්.

    ReplyDelete
  7. මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට
    උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?

    http://goo.gl/5iKWy


    නිරවුල් දහම් දැනුමක් ලබාගැනීම සඳහා පිවිසෙන්න..

    http://srisadaham.wordpress.com/

    ReplyDelete