HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔන්න පෘථිවිය ආසන්නයටම ග‍්‍රහකයක් එනවා! අපට හොඳටම ළංවෙන්නේ ලබන සිකුරාදා!

ඇමරිකාවේ නාසා ආයතනය බය හිතෙන වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා. දැවන්ත ග‍්‍රහකයක් අපේ දිහාට එන බව දක්වමින්.

තව දවස් කීපයයි, තියෙන්නෙ. අඩි 150ක් පළල ටොන් 130,000ක් බර මේ ග‍්‍රහකය අපේ හැපෙන්නෙ නෑ කියලයි ඔවුන් කියන්නෙ. ඒත් ඒක අපේ සන්නිවේදන හා කාලගුණ චන්ද්‍රිකා රැඳී තියෙන කලාපය හරහා යන එක ස්ථිරයි.

මේ තමයි පළමු වන වතාව මේ ප‍්‍රමාණයේ ග‍්‍රහකයක් අපට ළං වුණු. ඒත් විද්‍යාඥයන් ස්ථිර කර කියනවා, එය පොළොවට සැතැපුම් 17,100කට වඩා ළං වෙන්නෙ නැති බව.


නාසා ආයතනයේ වීඩියෝවෙන් පෙන්වා දුන්නා 2012 ඞීඒ14 ග‍්‍රහකය කොයිතරම් පෘථිවියට සමීප වෙනවාද කියා.



‘එය කොහොමටවත් පොළොව හා ගැටෙන්නේ නැහැ.’ යැයි නාසා ආයතනයේ පෘථිවි ආසන්න වස්තූන් පිළිබඳ වැඩ සටහනෙහි කළමනාකාර ඩොනල්ඞ් යෝමන්ස් කියනවා. ඔහු මේ ප‍්‍රකාශය කළේ කැලිෆෝනියාවේ පසදේනාහී පිහිටි ජෙට් ප‍්‍රචාලන රසායනාගාරයේ සිටයි.

කෙසේ වෙතත්, ඔහු කියන්නේ ඒ ග‍්‍රහකය සිය ගමනේ දී අපේ ග‍්‍රහයාට කෙතරම් සමීප වෙනවාද කීවොත් නැගෙනහිර යුරෝපයේ සිට ඕස්ටේ‍්‍රලියාව තෙක් තරු ගවේෂණය කරන අයට දෙනෙතියකින් පවා මෙය දැකගත හැකි බවයි.

මේ වන විට අපේ චන්ද්‍රිකා සිය ගණනක් සැතැපුම් 22,300ක් පමණ ඉහළින් කක්ෂවල ?ඳෙමින් පෘථිවිය වටා යනවා. ඒවා ඇත්තේ ග‍්‍රහකය අප පසු කර යන මාර්ගයට ඉහළිනුයි. ආචාර්ය යෝමන්ස් ඇතුළු අනෙක් විද්‍යාඥයන් කියන්නේ එය අපේ චන්ද්‍රිකා පිහිටි වළල්ලේ දී චන්ද්‍රිකාවක ගැටෙයි කියල හිතන්න කොහෙත්ම බැරි බවයි.

එහෙමවුනත් චන්ද්‍රිකා මෙහෙයවන්නට දැනටමත් දන්වා තියෙනවා ඒ ගැන පරීක්ෂාවෙන් සිටින ලෙස.

‘කවුරුත් මෙතෙක් අනතුරු අඟවලා නෑ. එහෙම අනතුරු අඟවන්න තරම් දෙයක් නෑ.’ ආචාර්ය යෝමන්ස් පසුගිය සිකුරාදා කීවා. ‘මට නම් එයින් කිසිම අනතුරක් සිදු වෙතැයි හිතන්න බැහැ’

මේ ග‍්‍රහක අපට පියවි ඇහැට දැක ගන්න අමාරුයි, ඉතා කුඩා වස්තූන් නිසා. ඒත් මෙයට වඩා විශාල එකක් වූ සැතැපුම් 6ක් පළල වූ ග‍්‍රහකය මීට වසර මිලියන 65කට ඉහත පොළොවේ හැපී මෙහි විසූ මුළු ඩයිනොසෝරයන් වඳකර දමන්න සමත් වුණා.

මේ ග‍්‍රහකයට නම යොදා ඇත්තේ එය සොයා ගත් දිනය අනුව යමිනි. මෙසේ පෘථිවියේ ආකර්ෂණය නිසා පෘථිවිය දෙසට ඇදී එන ග‍්‍රහකය ඒ එක්කම සූර්යයා දෙසට ඇදී යන්නේ එහි ආකර්ෂණය නිසයි.

 
මේ වගුවෙන් පෙන්වා දෙන්නේ 2113 පෙබරවාරි 15 වැනිදා ඒ ග‍්‍රහකය යන වලයාකාර ගමන් මාර්ගයයි. අපේ චන්ද්‍රිකා යන කක්ෂ ඇතුළත් වන වළල්ලට පහළින් පෘථිවියට ආසන්නවයි, ඒ මග වැටී ඇත්තේ.

 
පෘථිවියේ සමක තලයට අනුරූපව ග‍්‍රහකයේ ගමන් මග විහිදී ඇති අන්දම. එය චන්ද්‍රිකා වළල්ලට ඇතුළෙන් ගමන් කරන බව මෙයින් පෙනෙයි.

යම් හෙයකින් පෘථිවියේ ආකර්ෂණය වැඩි වී එය පෘථිවිය දෙස වේගයෙන් ඇදී අවුත් පෘථිවියේ හැපුණොත් විද්‍යාඥයන් කියන්නේ ටීඑන්ටී පුපුරන ද්‍රව්‍ය ටොන් මිලියන 2.4ක් පිපිරවූ විට ඇති වන ශක්තියට සමාන ශක්තියක් ජනිත කොට මුදා හැරෙන බවයි. එවිට එය වදින තැන අවට වර්ග සැතැපුම් 750ක පමණ ප‍්‍රදේශයක ඇති සියල්ල සුන්නත් දූලි වෙලා යනවා.

1908 දී සයිබිරියාවේදී එවැන්නක් සිදු වුණා. ඒක මීට වඩා කුඩා ග‍්‍රහකයක්. පොළොවේ හැපුණේ නෑ. ඒත් තුන්ගුස්කා ගඟ අවට වනාන්තරයක් සම්පූර්ණයෙන් ම විනාශ වුණා. ඒ ග‍්‍රහකය පොළොවේ වදින්න සැතැපුම් පහක් තිබියදී පුපුරා ගියා.

මේ ප‍්‍රමාණයේ ග‍්‍රහකයක් පෘථිවියේ හැපෙන්න ඇති ඉඩකඩ හරිම අඩුයි. ඒක වසර 1200කට වරක් සිදු විය හැකි දෙයක්. මේ වගේ කන ළඟින් යන අවස්ථාවක් වුනත් උදාවෙන්නේ සෑම අවුරුදු 40කට වරක්.

සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇති ග‍්‍රහකවලින් වැඩි ප‍්‍රමාණයක් තියෙන්නේ අඟහරු හා බ‍්‍රහස්පතී යන ග‍්‍රහයන් දෙදෙනා අතර ග‍්‍රහක වළල්ලේයි. ඒවා වසර බිලියන ගණනක් තිස්සේ එහි තිබෙනවා. ඉඳහිට මේ එකක් ඒ වළල්ලෙන් පිට පැන මෙසේ පෘථිවිය අසලින් යනවා.

එය පෘථිවියට වඩාත් ළං වන්නේ ඉන්දුනීසියාවට ඉහළින්. ඒ ලබන සිකුරාදා (15 දා) ගි‍්‍රනීච් වේලාවෙන් රාති‍්‍ර 7.30ටයි.

අපට බලන්න තරම් අසිරිමත් දසුනක් ලෙස එය සැලකෙන්නේ නෑ. එය මේ ගමන යන්නේ පැයට සැතැපුම් 17,400ක වේගයකින්. එය අධිවේගී රයිපලයකින් නිකුත් වෙන උණ්ඩයක වේගය මෙන් අට ගුණයකටත් වඩා වේගවත්.



මේ ග‍්‍රහකය පියවි ඇසින් දැක ගන්න බැහැ. දෙනෙතියකින් හෝ දුර දක්නයකින් වුනත් මෙය පෙනෙන්නේ කුඩා ආලෝක තිතක් හැටියටයි. මෙය පෙනෙන්නේ ආසියාවේ අයටක්, ඕස්ටේ‍්‍රලියාවේ හා නැගෙනහිර යුරෝපයේ අයටත් විතරයි.

ඇමරිකාවේ හා එක්සත් රාජධානියේ නිරීක්ෂකයන්ටත් මෙය දැක ගැනීමේ හැකියාව ලැබෙනවා. කැලිෆෝනියාවේ මොහාවි කාන්තාරයේ ස්ථාපිත කර ඇති නාසා ආයතනයේ ඈත අභ්‍යවකාශ ඇන්ටෙනාව යොදා ගෙන නරඹන්න පුළුවන්. ඒත් ඒ සඳහා රේඩාර් පිළිබිඹු ලබා ගැනීමට හැකි වන තෙක් ළං වනතුරු පැය අටක් බලා ඉන්න ඕනෑ.

විද්‍යාඥයන් මේ ගැන ලැබෙන ඕනෑම පින්තූරයක් බාර ගන්න සුදානමින් ඉන්නෙ. මේ ප‍්‍රමාණයේ ලොකු ග‍්‍රහකයක් මේ තරම් ළං වෙන අවස්ථා විරල නිසා මෙයින් ලබන දැනුම අනාගතයේ එන මාරක ග‍්‍රාහක තේරුම් ගන්න උදවු වෙන නිසා. එයින් අපට පෘථිවිය ආරක්ෂා කර ගන්න පිහිටක් විය හැකියි.

මේ වන විට නාසා ආයතනය විසින් ගණන් ගනු ලැබ තියෙනවා, පොළොවට ආසන්න වස්තූන් 10,000කට වැඩියෙන් පසුගිය 15 වසර තිස්සේ කළ ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් හැටියට. ඇත්තටම නම් මේ ගණන පෘථිවියෙන් ඔබ්බෙහි ඇති මුළු ග‍්‍රහක සංඛ්‍යාවෙන් සියයට 10ක් විතරයි.

මෙවැනි ග‍්‍රහකයක් කවදාවත් පෘථිවියේ හැපෙන්නේ නැතැයි කිසිම විද්‍යාඥයෙකු කියන්නේ නැහැ. එහෙත් එසේ වීමට ඇති සම්භාවිතාව ඉතාමත් අඩු බවයි ඔවුන් කියන්නේ.

‘අපට මේ ලෝකයේ ඇති සියලූම මුදල් යොදවන්න බැහැනෙ මේ ග‍්‍රහක ගැන සොයන්නයි, ඒවායේ ගමන් මග වෙනස් කරන්නයි ක‍්‍රම සොයන්න.’ ලින්ඞ්ලි ජොන්සන් කියනවා. ඔහු වොෂින්ටනයේ පිහිටි පෘථිවි ආසන්න වස්තූන් නිරීක්ෂණය කිරීමේ වැඩසටහනෙහි විධායක නිලධාරියෙක්.





ඔබාමා සඳහන් කර තිබූ පරිදි මීළඟට එන දශක කීපය තුළ ග‍්‍රහකයකට අභ්‍යවකාශගාමීන් යවන්න නාසා ආයතනය සැලසුම් කර තිබෙනවාදැයි ඇසූ විට මිනිසුන් යවා කරන ගවේෂණ කීපයක් ගැනම අවධානය යොමු වී තිබෙන ජොන්සන් පිළිතුරු වශයෙන් කීවා.

2016 දී කරන්න සැලසුම් කර ඇත්තේ වඩා විශාල ග‍්‍රහකයක් වෙත යානයක් යවන්නයි. එසේ යවා සාම්පල ගෙන ඒමට සිදු වන්නේ 2023දියි.

2012 ඞීඒ14 ග‍්‍රහකය සොයා ගත්තේ පසුගිය වසරේදි ස්පාඤ්ඤයේ තරකා විද්‍යාඥයන් පිරිසක්. විද්‍යාඥයන් සැක කරන විදියට මෙය සිලිකේට් පාෂණවලින් නිර්මිත එකක්. ඒකත් නිශ්චිත දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි එහි හැඩයත්, හරියටම ප‍්‍රමාණයත් කියන්න ඔවුන් දන්නේ නැහැ.

ආචාර්ය යෝමන්ස් වගේම ජොන්සනුත් කියන්නේ මේ ග‍්‍රහකයෙන් අපට කිසිම හානියක් සිදු නොවන බවයි. අපේ චන්ද්‍රිකාවකටවත් හානියක් වෙන්නෙ නැති බවයි ඔවුන් කියන්නේ.

‘පෘථිවි වායුගෝලයට දිනපතා ම අභ්‍යවකාශ පාෂාණ කැබලි ඇතුළු වෙනවා. වොලිබෝලයක් තරම් ඒවා දිනපතාම එනවා. ඒවා වායුගෝලයට ඇතුළු වෙද්දීම පිලිස්සී විනාශ වෙනවා. සති කීපයකට ම වරක් කාරකෙක් තරම් ලොකු ග‍්‍රහකත් එනවා. වායුගෝලයට ඇතුළුවෙද්දී ම ඒවා ගිනි ගෙන විනාශ වෙනවා.’ යෝමන්ස් කියනවා.


Post a Comment

4 Comments

  1. වැදගත් ලිපියක්.. හරියටම පෘතුවිය ගාවින් ග්‍රහකය යන වෙලාව දන්නවද??
    පුලුවන්නම් මගේ බ්ලොග් එකටත් ගොඩවැදිලා යන්න
    http://yashgelokaya.blogspot.com/

    ReplyDelete