HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

යමහලක් ළඟට ගිහින් අත්දැකීමක් ලබන්න මෙන්න විස්මිත අවස්ථාවක්!

රුසියාවේ වඩාත් නැගෙනහිරට වෙන්න කැම්චට්කා අර්ධ ද්වීපයේ ඉතා දුර බැහැර හිමෙන් වැසුණු ප‍්‍රදේශයක පිහිටි මේ යමහල (ගිනි කන්ද) අසලට යන එක රුසියාවේ ඉන්න අයටත් කරන්න අමාරු දෙයක්.
මේ අති දුර්ලභ ගමන ගියේ රුසියානු සිනමා කණ්ඩායමක්. ඔවුන්ගේ ඒ අත්දැකීම විඳගන්න ඔබටත් අවස්ථාවක් දැන් ලබා දීල තියෙනවා, මේ විශේෂාංගයෙන්. ඔවුන් මේ අති බිහිසුණු ත‍්‍රාසජනක ගමන ගියේ හෙලිකොප්ටරයකින්.

අධික තාපයෙන් යුත් ලාවා ඉහළට විදිද්දී ඔවුන් ඒ අසලට ගිය හැටි දැන් ඔබටත් අත් විඳින්න පුළුවන්.

මේ යමහලේ නම ප්ලොස්කි ටොල්බැකික්. මේ වගේ යමහල් හතරක් පිහිටා තියෙනවා එකිනෙකින් සැතැපුම් 110ක් විතර දුරින්. පසුගිය නොවැම්බරයේ දී පටන් මේ යමහල සකි‍්‍රය වෙන්න පටන් ගත්තා.

 
රුසියාවේ කම්චැට්කාවල පිහිටි ප්ලොස්කි ටොල්බැකික් යමහලයි, මේ. ‘එයාපෑනෝ’ සමාගම විසින් රුසියානු කැමරා කණ්ඩායමක් යැව්වා, අංශක 360ක අන්තර්කි‍්‍රයාකාරී වට දර්ශනයක් කැමරා ගත කරන්නටය කියා.

”ටොල්බැකික් යමහල් පද්ධතියට සකි‍්‍රය ප්ලොස්කි ටොල්බැකික් යමහල හා අකි‍්‍රය ඔස්ටි‍්‍ර ටොල්බැකික් යමහල අයත් වෙනවා. එය නිරිත දිග ක්ලියුචෙව්ස්කයා යමහල් කාණ්ඩයට අයත් විශාලතම ගිනි කන්දයි.” මේ විස්මිත දර්ශනය කැමරාවට නැගීමට ගිය කණ්ඩායම කියනවා.

මේ යමහල බිහි වී ඇත්තේ මීට වසර 10,000කට පෙරයි. ඒ හොලෝසීන අවධියෙදියි. ප්ලොස්කි ටොල්බැකික් යමහලේ මුදුනේ මුව විට විශ්කම්භය කිලෝමීටර් 3ක් පමණ වෙනවා.

මේ යමහල විවිධ කෝණවලින් කැමරා ගත කෙරුණා. මේ ඡායාරූප ගත කිරීම් සිදුකළේ, ‘එයාපෑනෝ’ (AirPano) කියන ආයතනයෙන්. ඔවුන් ලෝකයේ විවිධ තැන්වල අංශක 360 වට දර්ශන ගණනාවක් ම මේ වන විට ඉදිරිපත් කර තියෙනවා. ඒ අතර ඇන්ටාක්ටිකාවේ ජෝර්ජියා දූපතේ පෙන්ගුවින් දර්ශන, ආජෙන්ටිනාවත් බ‍්‍රසීලයත් අතර පිහිටි ඉගාසු දිය ඇල්ල, නයගරා දිය ඇල්ල, මිසරයේ මහා ගීසා පිරමීඩ, ඉන්දියාවේ ටාජ්මහල් ආදී විස්මිත අංශක 360 වට දර්ශන ගණනාවක් ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුළත් කර තියෙනවා.

මේ යමහල් ඡුායාරූප ගත කරන්න ඔවුන් ගියේ ලෝකයේ උසම ගොඩනැගිල්ල වූ ඩුබායිහී බර්ජ් අහස සූරන මැඳුරේ පින්තූර ගන්නට යන ගමන අවලංගු කරලයි.

ටොල්බැකික් යමහලේ විදාරණය හරිම විදියටයි, සිද්ධ වෙන්නෙ. ලාවා විශාල ප‍්‍රමාණයක් ගලා යනවා. ඒවා ගලා යන්නේ සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා දර්ශනීය ආකාරයටයි.

‘කාලගුණය ප‍්‍රශ්නයක් වුණේ නැත්නම් යමහලේ මුව විටට හැකිතාක් ළං වෙන්න අපට පුළුවන්.’ යැයි කියන එයාපෑනෝ කණ්ඩායමේ ස්ටාස් සෙදොව් ඉතා නිර්භීතව ඒ වෙනස් වෙන දරුණු උෂ්ණත්වයන් යටතේ ඒ රූප කැමරාගත කරන්න සමත් වුණා.

”අපට මුලින්ම දකින්න ලැබුණේ වලාවන්ගෙන් හා දුමෙන් පිරුණු යමහලේ මුව විටයි. අපි ලාවා දහර ගලන දිහාවට ගියා. අන්තිමේදී අපට දැඩි තාපයෙන් යුත් රත් වූ ලාවා ගඟ දැක ගත හැකිවුණා. අපි වේගය අඩු කොට හෙලිකොප්ටරය පහත් කොට වට දර්ශන ගත්තා. එහිදියි අපි ඒක හරියටම දුටුවේ.” ඔහු තවදුරටත් විස්තර කළා, හෙලිකොප්ටර නියමුවා කොහොමද නිර්භීතව ඊට ළං වූ හැටි.

”පහත් වෙනකොට දැඩි තාපයෙන් රත් වූ සුළඟ හෙලිකොප්ටරය පිහාටුවක් වාගේ එහාට මෙහාට පැද්දුවා. ඒත් දිමිත‍්‍රි අවශ්‍ය තැනට ගෙනැවිත් පින්තූර ගන්නකම් නොසෙල්වී තබා ගන්න සමත් වුණා. මං මගේ කැමරාවෙන් දර්ශන ගන්න කවුළුවෙන් එළිය බලපු හැම වෙලාවකම මට දැනුණේ රත් වුණු උදුනක් ඇතුළට ඔළුව දා ගෙන ඉන්නවා වාගෙයි. හැම කෙනෙකුම ඒ දැරිය නොහැකි දැඩි උණුසුම දැනුණා. ඉහින්කනින් දාඩිය බේරුණා.”

කම්චැට්කා යමහල් කොයි වගේද?

රුසියාවේ නැගෙනහිර දිග පිහිටි කම්චැට්කා අර්ධ ද්විපය සැතැපුම් 780ක් ඈතට විහිදෙනවා. එහි වර්ග ප‍්‍රමාණය වර්ග සැතැපුම් 100,000ක් පමණ වෙනවා.

කම්චැට්කා ගංගාව අවට නිම්නයේ එක් පැත්තකට විහිදී යන විශාල යමහල් තීරුවක් තියෙනවා. එහි යමහල් 160ක් පමණ ඇති අතර ඉන් 29ක් තවමත් සකි‍්‍රය පවතිනවා.

මේ අර්ධ ද්වීපයේ තමයි, ලොව වැඩිම යමහල් ප‍්‍රමාණයක් ළං ළංව පිහිටා තියෙන්නේ. ඒ තදින් සකි‍්‍රය ව ඇති යමහල් 19ක් තියෙනවා. ඒ අතරින් 6ක් යුනෙස්කෝ ලෝක උරුම බිම් ලැයිස්තුවට ඇතුළත් කර ගෙන තියෙනවා.

එහි උසම යමහල වන්නේ අඩි 15,584ක් උස ක්ලියුචෙව්ස්ක්‍යා සොප්කායි. එය උතුරු අර්ධගෝලයේ ඇති විශාලතම එකයි.

එහෙත් ලෝකයේ ලස්සනම යමහල ලෙස යමහල් විශේෂඥ දෙපළක් වන රොබට් හා බාබරා ඩෙකර් කියන්නේ මෙහි ඇති ක්‍රොනොට්ස්කියි.

කම්චැට්ස්කා අර්ධද්වීපයේ යමහලක් විදාරණය වීම ලොකු පුවතක් නොවයි. එහි සකි‍්‍රය යමහල් 29ක් තියෙන නිසා. ඒත් හතරක් එක විට විදාරණය වෙනවා යැයි අසන්නට ලැබීම හරියට ලොතරැයි දිනුමක් ඇදුණා වැනි ආරංචියක්.

 
යමහල විදාරණය වන බව දැනගත් වහාම එයාපෑනෝ ආයතනය පිරිසක් පිටත් කළා එහි වට දර්ශන පින්තූර ගන්නට.

 
මේ යමහල සොයා ඔවුන් ගියේ ලෝකයේ උසම ගොඩනැගිල්ල වූ ඩුබායිහී බර්ජ් අහස සූරන මැඳුරේ පින්තූර ගන්නට යන ගමන අන්තිම මොහොතේ අවලංගු කරලයි.

 
මේ විස්මිත වට දර්ශනය ගන්නට යමහල වටා හෙලිකොප්ටරයෙන් කඳු පාමුල සිට ඉහළට හැම අඟලක්ම ඡායාරූප ගත කරන්න සිදු වුණා එයාපෑනෝ කණ්ඩායමට.

 
මේ සිතියමෙන් දැක්වෙන්නේ රුසියාවේ ඈත නැගෙනහිරට වෙන්නට පිහිටි කැම්චට්කා අර්ධ ද්වීපයේ ටොල්බැකික් යමහල පිහිටි ප‍්‍රදේශයයි.

දැන් මෙන්න! එයාපෑනෝ කණ්ඩායම ඒ වට දර්ශනය ගත් හැටි වීඩියෝවෙන් නරඹන්න!







Post a Comment

0 Comments