HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හඳේ හදන ගෙවල් මෙන්න! මිනිසුන් යන්න පෙර රොබෝ යවා ඉදි කරන්න සැලසුම්!

පසුගිය සතියේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ඊසා ආයතනය) විසින් මෙය කරන අයුරු නවතම ති‍්‍රමාණ මුද්‍රණ තාක්ෂණය යොදා ගෙන මාධ්‍යයට හෙළිදරවු කළා.

ඔවුන් මේවා ඉදිකරන්න බලාපොරොත්තු වන්නේ සඳ මත ඇති පස් හා ගල් උපයෝගී කර ගෙනයි.

ඊසා ආයතනය ඒ සඳහා වාස්තු විද්‍යා සමාගමක් වූ ෆෝස්ටර් පාට්නර්ස් හවුල සමග එක්ව කටයුතු කරනවා. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ පෘථිවියේ ස්වාභාවික චන්ද්‍රිකාව වූ චන්ද්‍රයා මත මිනිස් ජනාවාස පිහිටුවීමයි.

 
රොබෝලා ලවා නිවාස තනන්න දැන් ලෑස්තියි! උල්කාශ්මවලින් ගැමා විකිරණවලින් උෂ්ණත්ව විෂමතාවලින් ආරක්ෂා වී එක නිවසක හතරකට ඉන්න පුළුවන්.

මීළඟ වසර 40 ඇතුළත ස්ථිර මිනිස් ජනාවාස පිහිටුවීමට හැකි වෙතැයි ඔවුන් විශ්වාසය පළ කරනවා.

ස්වයංකී‍්‍රයව කි‍්‍රයා කරන රොබෝලා ලවා තනන්නට අපේක්ෂිත මේ නිවාසයක වරකට 4 දෙනකුට වාසය කරන්න පුළුවන්. ඒවා තනන්නේ උල්කාශ්මවලින්, ගැමා විකිරණවලින්ළ උෂ්ණත්ව විෂමතාවලින්, ආරක්ෂා වී පහසුවෙන් ජීවත්විය හැකි විදියටයි.

ඊසා ආයතනයේ මිනිස් අභ්‍යවාකාශ ගමන් භාරව සිටින කණ්ඩායමේ ස්කොට් හෝලන්ඞ් ඒ ගැන කියන්නේ මේ වගේ අදහසක්: ”ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමය අනුව අපට හැකිවෙලා තියෙනවා පෘථිවියෙන් එතරම් සැපයුම් ගෙනියන්නේ නැතිව සඳෙන් ලබා ගත හැකි දේ අරන් ඒ නිවාස ඉදි කරන්නට.”

මේ නිවාස තැනීමට අවශ්‍ය ද්‍රව්‍යවලින් සියයට 90ක් ම සඳෙන් සපයා ගන්න පුළුවන්. රෝබෝලා පෑස්සුම් හා වැද්දුම් කොටස් සුළං පිරවිය යුතු කොටස් මෙහි සිට රොකට් මගින් හඳට ගෙන යාමට සිදුවන්නේ.

 
මේ නිවාස තැනේනේ ඊසා ආයතනයත් වාස්තු විද්‍යා සමාගමක් වූ ෆෝස්ටර් පාට්නර්ස් හවුලත් එක්ව කර ව්‍යාපෘතියක් ලෙසයි.

 
ස්වයංකී‍්‍රයව කි‍්‍රයා කරන රොබෝලා ලවා ති‍්‍රමාන මුද්‍රණ තාක්ෂණය යොදා ගෙන ඉදි කෙරෙන්නේ මෙවැනි වාසස්ථානයි.

මේ නිවාස තැනීම සඳහා පොළොවෙන් ගෙනියන්නේ කොටස් කීපයක් විතරයි, ඒවා පහසුවෙන් ම හකුළා රොකට්ටුවක් තුළ ගෙන යා හැකියි.

මෙහි බිත්ති කුරුල්ලන්ගේ අස්ථිවල ඇත්තාක් මෙන් කුහර සහිතයි. ඒවා එකට ඇලවීමේ දී වැඩි ඇලවුම් මැලියම් ප‍්‍රමාණයක් වැය වන්නේ නැහැ. ඒවගේම ඒවා සවි ශක්තියෙනුත් වැඩියි.

වාස්තු විද්‍යා සමාගමක් වූ ෆෝස්ටර් පාට්නර්ස් හවුලේ සේවියර් ඩි කෙස්ටෙලියර් මේ ව්‍යාපෘතිය ගැන අදහස් දක්වමින් කියන්නේ, ”මේ මිහිමත ඉතාමත් දරුණු දේශගුණය ඇති තැන්වල ඉතා උෂ්ණත්වයක් යටතේ අපි නිවාස ව්‍යාපෘති ඉදි කර තියෙනවා. ඒ අත්දැකීම් අපට උදවු වුණා, මේ ව්‍යාපෘතියට අත ගසන්නට. ඒ වගේ සුදුසු නිෂ්පාදන ද්‍රව්‍ය අප විසින් අලූතින් නිපදවා තියෙනවා.” කියායි.

සඳ මත ඇති ද්‍රව්‍ය දිය කර ඒවා පොම්ප කර මීටර දෙකක වේගයෙන් බිත්ති නිර්මාණය කළ හැකියි. එසේ කරන්නේ ති‍්‍රමාන මුද්‍රණ රොබෝ තාක්ෂණය යොදා ගෙනයි. ඒ අනුව සඳ මත ඇති ද්‍රව්‍යවලින් පැයකට මීටර් දෙකක වේගයෙන් මේ බිත්ති බැඳීම කරන්න පුළුවන්.

 
සඳේ පරිසරය මෙහි ඇති කොට ඒ අනුව රික්තයක් සහිත ගොඩනැගිල්ලක් ඇතුළේ සඳ මත කි‍්‍රයා කරන ආකාරයට ම මේ වාස්තු විද්‍යාත්මක අභ්‍යාසය කරන්නට ඔවුන් විසින් පියවර ගෙන තිබුණා.

 
ති‍්‍රමාන රොබෝ තාක්ෂණය අනුව සඳ මත ඇති ද්‍රව්‍ය උපයෝගී කර ගෙන එයින් බදාම අනා පැයකට මීටර දෙකක වේගයෙන් බිත්ති නිර්මාණය කළ හැකියි.




Post a Comment

1 Comments

  1. පැයකට මීටර් 2ක් හදන රොබෝවෙක් දැනටමත් හදලා නම් නිවාස ව්‍යාපෘතිය ඉවර වෙන්න අවුරුදු 40ක් යනව කියන එකේ තේරුම මොකක්ද?

    ReplyDelete