HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පෘථිවිය බලා එන ග‍්‍රහකය ගැන ලෝකයම බලා සිටිද්දී හදිසියේ උල්කාපාතයක් රුසියාව හොල්ලයි!

රුසියාව හෙල්ලූම් කැවූ, මහා පිපුරුම් හඬක් නංවමින් ඒ උල්කාපාතය කඩා වැටී ඇත්තේ රුසියාවේ චෙල්යාබින්ක්ස් පළාතේ පිහිටි චෙබාකුල් නගරය අසල විලකටයි.

උල්කාපාතයට පෙර උල්කා වැස්සක් දකින්නට ලැබුණා. ඒ රුසියනු කුඩා නගරයේ වැසියන් භීතියට පත් කරමින් ඇති වූ ඒ උල්කා වැස්ස අතරතුර එකක් ඉහළ වායුගෝලයේ නොපිලිස්සී ගිනිබෝලයක් ලෙසින් අහසේ ඈත එනු දුටු නගර වැසියන් හිස් ලූ ලූ අත දුවන්නට වුණා. ඒ සිද්ධිය ඇසින් දුටවකු කීවේ. "ඒක 'ආමගෙඩන්’ (Armageddon) චිත‍්‍රපටයේ දර්ශනයක් වාගෙයි" කියායි. ආමගෙඩන් කියන්නේ ලෝක අවසානය සිදු වන හැටි මවා පෑ චිත‍්‍රපටයක්.


ඒ වන විට මුළු ලෝකයම ඇස් දල්වා ගෙන සිටියේ කලින් හඳුනා ගෙන තිබූ පරිදි පෘථිවිය දෙසට එමින් සිටි (Asteroid 2012 DA14) ග‍්‍රහකය එන තෙක්. ඒ අතර ඊට පැය කීපයකට කලිනුයි මේ උල්කාපාතය රුසියාවට කඩා වැදුණේ.

උඩු ගුවනේ දී මේ පාවෙන ආකාශ වස්තු හැඳින්වෙන්නේ ග‍්‍රහක (asteroid) කියායි. ඒවායින් හුඟාක් ම කුඩා ග‍්‍රහක කැබලිවලට උල්කාභ (meteoroid) කියා කියනවා. ඒවා වායුගෝලයට ඇතුළු වෙද්දී ගිනි ගන්නවා. ඒ අවස්ථාවේදී ඒවා හැඳින්වෙන්නේ උල්කා (meteor) කියායි. එසේ වැටෙද්දී ඒවා පිලිස්සී යනවා. උල්කා වැස්සක් ලෙස හැඳින්වෙන්නේ එයයි. පිලිස්සී අවසන් නොවී ගිනි ගෙන දැවුණු ගමන් පොළොව කරා තවදුරටත් එන ඒවා තමයි උල්කාශ්ම හෙවත් උල්කාපාත (meteorite) කියා හඳුන්වන්නේ.

මේ උල්කාපාතයක් පෘථිවිය දෙසට එන්නේ පැයට සැතැපුම් 33,000ක වේගයකින්. ශබ්දයේ වේගය ඉක්මවා ඊටත් වැඩි වේගයකින් යන නිසා අධි ශබ්ද තරංගයක් (sonic boom) නැතිනම් මහා පිපිරුම් හඬක් නිකුත් වෙනවා.

 
මිදුණු හිම තට්ටුවකින් වැසුණු විලෙහි උල්කාපාතය වැටුණු තැන මීටර් අටක් පළල ආවාටයක් සෑදී තියෙනවා.

 
උල්කාපාතය නිසා ඒ හිම විලෙහි සෑදුණු ආවාටය, මිමී 5ත් 10ත් අතර ගිය අඟුරු පැහැති කැබලිවලින් පිරී ඇති අයුරු.

 
විශාල අධි ශබ්ද තරංගයක් ඇති කරමින් ඇද වැටුණු උල්කාපාතය නිසා සෑදුණු ආවාටය ආරක්ෂිත ප‍්‍රදේශයක් කර පරීක්ෂාවට ලක් කෙරෙනවා.

 
පිපිරුමක් හා ගිනිජාලාවක් සමග පතිත වුණු මේ උල්කාපාතය නිසා ගිය සිකුරාදා උදේ වරුවේ රුසියාවේ පුංචි නගරයක වැසියන් බියපත් වුණා විතරක් නෙවෙයි, ඉන් ඇති වූ මහා පිපිරුම හේතුවෙන් දහසක් පමණ දෙනාට තුවාල සිදු වුණා. ගොඩනැගිලි විනාශ වුණා. ජංගම දුරකතන පද්ධතිය සහමුලින්ම අතුගෑවී ගියා.

 
දීප්තිමත් ගිනි ජාලාවකින් වෙළුණු උල්කා පොළොවට එනු කිලෝමීටර් සිය ගණනක් ඈතට පෙනුණා. ඒ දුටු අයකු කීවේ ‘ආමගෙඩොන්’ චිත‍්‍රපටයේ දසුනක් වගෙයි කියායි.

 
මොස්කව් නගරයේ සිට කි.මී. 900ක් පමණ ඈතින් කසකස්තාන දේශ සීමාව අසල තැනකට මේ උල්කාපාතය කඩා වැටුණු අයුරු.

 
උල්කාපාතය ඇද වැටුණු ස්ථානය අසල පිහිටි නගරයේ වීදියක දසුනක්. වමේ උල්කාපාතය එහි ළඟා වෙන්නට මොහොතකට පෙර හා ඉන් තත්පර කීපයකට පසු ගිනිබෝලය පුපුරද්දී එම වීදිය දිස් වූ අයුරු ගොඩනැගිල්ලක ඉහළ සවිකළ වීඩියෝවක සටහන් වී තිබූ අයුරු.

 
රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය වූ රොස්කොස්මෝස් කීවේ තත්පරයකට කිලෝමීටර 30ක පමණ වේගයෙන් එන මෙවැනි සිදුවීමක් පිළිබඳ අනාවැකි පළ කළ නොහැකි බවයි.


ඇදහිය නො හැකි විස්මිත වීඩියෝ දසුනක්. උල්කාපාතය පන්ති කාමරයකට දැනුන හැටි.

රුසියාවේ හදිසි අපදා කටයුතු පිළිබඳ අමාත්‍යංශයට අනුව 950කට අධික ප‍්‍රමාණයක් මේ සිද්ධිය නිසා තුවාල ලබා තියෙනවා. එයින් 82 දෙනකු ළමුන් වන අතර ළමුන් දෙදෙනකු පමණක් දැඩි සත්කාර ඒකකයක ප‍්‍රතිකාර ලබනවා. මරණ කිසිවක් වාර්තා වෙලා නැහැ. බොහොම දෙනකුට තුවාල සිදු වී තියෙන්නේ කම්පනය නිසා කැඞී බිඳුණු වීදුරු කැබලිවලින්.

 
රුසියානු ගුවන් ආරක්ෂක බලකාය විසින් මේ වේගයෙන් එන උල්කාවට මිසයිලනාශක රොකට් ප‍්‍රහාරයක් එල්ල කර තියෙනවා. අහසේ දී පිපිරීමක් සිදු වී ඇති අතර උල්කාවේ විශාල කැබැල්ලක් චෙබාකුල් විලට වැටී තියෙනවා. එයින් මීටර හයක් විශාල කුහරයක් සෑදී ඇතැයි රුසියානු හමුදා විසින් තහවුරු ඇතැයි නොවොස්ති පුවත් සේවය කියනවා.

 
වාර්තා පළ වුණා, රුසියානු හමුදාව උල්කාපාතයට රොකට් ප‍්‍රහාරයක් එල්ල කළ බවට. එහෙත් ඒවා තහවුරු තවමත් තහවුරු කර නැහැ.

 
චෙල්යාබින්ස්ක් නගරයට උදේ වැඩට යන අයට මෙය ඇසුණේ විශාල පිපිරුමක් ලෙසයි. ඒ සමග දීප්තිමත් ආලෝකයක් දුටුවා. කම්පන තරංගයක් දැනුණා.

 
විශාල පිපිරීම් ගණනාවක් සමග ගිනි ජාලාවක් විහිද ගිය අතර ඉන්පසුව පැතිර ගියේ මෙවන් දුම් වලාවකි.

 
උල්කාව පොළොවට පතිත වූ මාර්ගය දිස් වුණේ මෙහෙමයි. 2012 ඞීඒ 14 ග‍්‍රහකය පෘථිවිය සමීපයෙන් යන්නට නියමිතව තිබූයේ මින් පැය ගණනකට පසුවයි.

 
උල්කාව ආ ගමන් මග ඔස්සේ එක්රැුස් වුණු ජලවාෂ්ප ධාරාව චෙල්යාබින්ස්ක් නගරයට පෙනුනු හැටි.

2012 ඞීඒ 14 ග‍්‍රහකය පෘථිවියට සමීප වන එකම දිනයේ උල්කාපාතයක් වැටීම විස්මිත අහඹු සිදුවීමක්. ඒ පිළිබඳව අදහස් දක්වමින් බි‍්‍රතාන්‍යයේ රාජකීය තරකා විද්‍යා සංගමයේ ආචාර්ය රොබට් මැසේ කියන්නේ, ‘මේ උල්කාව හා ග‍්‍රහකය අතර කිසි සම්බන්ධයක් නැති බවයි. රුසියාවට ආ උල්කාපාත ආවේ නැගෙනහිර සිට බටහිරටයි. 2012 ඞීඒ 14 ග‍්‍රහකය උතුරේ සිට දකුණ බලා යන එකක්.’ කියායි.

චෙල්යාබින්ස්ක් නගරයේ වැසියන්ට පොළොව හෙල්ලෙනවා දැනිලා තියෙනවා. ජනේල වීදුරු බිඳී ගිහින්. සමහර ගෙවල්වල වහලවලට අලාබ හානි සිදු වෙලා තියෙනවා. විදුලි බලය හා දුරකතන ජලා බිඳ වැටුණා.

පින්තූරවල පිපිරීම් හා ගිනිජාලා කීපයක් දැකිය හැකියි. ඇසින් දුටු අය කියනවා, අහසේ විශාල පිපිරීම් ගණනාවක් සිදු වුණාය කියා.

මේ උල්කාපාත වර්ෂාව ගැන රජයේ හදිසි ආපදා අංශ කෙටි පණිවිඩ මගින් දැනුම් දුන් බව කියතත් වැසියන් කියනවා එවැන්නක් තමන්ට නොලැබුණු බව.

 
උල්කාව පතිත වීමෙන් අවට පැතිර කම්පනය නිසා නගරයේ ගොඩනැගිලිවලට අලාභ හානි සිදු වුණා. දහසක් පමණ දෙනාට තුවාල සිදු වුණා. මේ එසේ තුවාල ලත් අයෙක්.

 
දැරියකගේ අතේ ඇණුණු වීදුරු කැබැල්ලක් ඉවත් කරන අයුරු.

 
අවට පැතිර ගිය කම්පන තරංග නිසා බිඳුණු වීදුරුවලින් වැඩි දෙනකුට තුවාල සිදු වුණා. මේ මුහුණේ කැපුම් තුවාල ලත් කාන්තාවක්.

 
තුවාලකරුවන්ගේ බොහොමයකගේ මුහුණු වීදුරු කැබලි වැදීමෙන් තුවාල වී තිබුණා.

 
සිය ගණනක් තුවාල ලැබුවත් මාරක අනතුරු කිසිවක් වාර්තා වී නැහැ.

 
මුල දී සමහරුන් සිතුවේ මෙය ගුවන්යානා අනතුරක් කියායි. එහෙත් පසුව එය උල්කා එකක් හෝ කීපයක් පොළොවට පතිත වීමක් බවට වාර්තා වුණා.

 
චෙල්යාබින්ස්ක් නගරයේ තුත්තනායගම් නිෂ්පාදන කම්හලක වහලය උල්කාපාත වැටීම නිසා විනාශ වී ගොස් තිබුණේ මෙහෙමයි.

 
පිපිරුම ඇති වූ මොහොතේ නිවසක් තුළ සිටි දෙදෙනකු කම්පනයෙන් ගැලවෙන්න තැත් කරන අයුරු සීසීටීවී පද්ධතියකින් පෙනුනේ මෙහෙමයි.

 
ගොඩනැගිලි බිඳී ගොස් තිබුණු අයුරු.

 
චෙල්යාබින්ස්ක් පාසලකට පිපිරීමෙන් හානි සිදුව තිබූ අයුරු. මෙහි ළමුන් හතර දෙනකුට තුවාල සිදු වුණා.

 
විමතියටත්, බියටත් පත් ව උල්කාපාත කඩා වැටුණු දිහා බලා සිටින තිදෙනෙක්.

 
චෙල්යාබින්ස්ක් නගරයේ තුත්තනායගම් නිෂ්පාදන කම්හල උල්කාපාත වැටීම නිසා විනාශ වී ගොස් තිබුණේ මෙහෙමයි.

















--සම්බන්ධිත පුවත් --

Post a Comment

6 Comments

  1. බොහොම අගේට විස්තර දැනගත්තා මෙතැනින්.. ස්තුතියි

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මේ සවිස්තර වාර්තාකරණයට

    ReplyDelete
  3. පුදුමයි මෙ වැටුන උල්කාපාතෙ ප්‍රමානය කොහොමද මගෙ ජිවිත කාලෙ දැක්ක ප්‍රථ්ම විශාල උල්කාපතය

    ReplyDelete
  4. මම අනිවාර්යෙන්ම බලන බ්ලොග් එකක්තමයි මල් කැකුළු, මම හිතන්නේ මෙක තමයි මම කියවන හොඳම බ්ලොග් එක කියලයි...

    ReplyDelete