HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අහසට විසිකරන පොල්ලක් අල්ලන් හරඹ පාන රොබෝකොප්ටර දෙකක්! මෙතෙක් නුදුටු විස්මිත වීඩියෝවක්!

මේ වීඩියෝව අදහන්න බැරි තරම් විස්මයජනක එකක්. මෙහි දැක්වෙන්නේ ස්වයංකී‍්‍රයව පියාසර කරන කුඩා ක්වොඞ්රොකොප්ටර දෙකක් දිගු දෝලක දණ්ඩක් උඩ දමා එහා මෙහා පියාසර කරමින් එහි කෙළවරකින් මාරුවෙන් මාරුවට අල්ලා ගන්නා ආකාරයයි. දින දෙකක් ඇතුළත මෙම වීඩියෝව ලක්ෂ තුනකට වැඩිය පිරිසක් නරඹලා තියෙනවා.

මෙයට ඇතුළත් වන්නේ ස්විට්සර්ලන්තයේ ඉහළ පෙළේ විශ්ව විද්‍යාලයක් වන සූරීච්හී ෆෙඩරල් තාක්ෂණික විද්‍යා ආයතනයට අයත් සිසුවකු වූ දාරියෝ බ්‍රෙසියානිනි විසින් කළ හපන්කමක්. ඔහු නිර්මාණය කරල තියෙනවා, ස්වයංකී‍්‍රයව කි‍්‍රයා කළ හැකි කුඩා රොබෝ ක්වොඞ්රොකොප්ටර දෙකක්. සංකීර්ණ ඇල්ගොරිතම ගණිත ක‍්‍රමය යොදා ගෙන සංවර්ධනය කළ සූක්ෂම පරිගණක ඇතුළත් මේ ක්වොඞ්රොකොප්ටර දෙකට ඍජු අතට අහසට විසි කරන දණ්ඩක් කෙළවරින් අල්ලන්න පුළුවන් මැජික්කාරයෙකු බෝල කීපයක් අහසට විසිකර විස්මිත ආකාරයට අල්ලනවා වාගේ.

රසායනාගාරය තුළ අවකාශයෙහි මේ ක්වොඞ්රොකොප්ටර දෙක මාරුවෙන් මාරුවට හසුරුවන අන්දම අදහන්නත් බැරි තරම් විස්මයජනකයි.

 
ගුවන් කරණම්: මේ විස්මිත වීඩියෝ දැක්වෙන්නේ කුඩා රොබෝ ක්වොඞ්රොකොප්ටර දෙකක් දෝලක රිටක් ගුවනේ එහා විසි කරමින් ඇල්ලූ ආකාරයි.

 
විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුගේ විශිෂ්ට හපන්කමක්! සූරිච් විශ්ව විද්‍යාලයේ ගණිතය ඉගෙන ගන්නා සිසුවකුගේ මේ නිර්මාණය සංකීර්ණ ඇල්ගොරිතම ගණිත ක‍්‍රමයෙන් සැකසුනු එකක්.

මේ විස්මයජනක කි‍්‍රයාව නිවැරදිව සිදු කිරීමට රොබෝ ක්වොඞ්රොකොප්ටරවලට උපදෙස් සපයා ඇත්තේ ඇල්ගොරිතම ගණිත ක‍්‍රමයෙන් සැකසූ අති සංකීර්ණ වැඩ සටහනකින්.

මේ කාර්යයේ දී දාරියෝ හා ඔහුට සහය දුන් පර්යේෂකයන් පිරිස ක්වොඞ්රොකොප්ටර මත සවි කළා, සෙ.මී 12ක පැතලි තහඩුවක්, රිට රඳවා ගෙන, එය කෙළින් සමබරව තබා ගෙන ගොස් නැවත අහසට විසි කළ හැකි පරිදි. එසේ ම රිට දෙ කෙළවරට කම්පනවාරක (ශොක්ඇබ්සෝබර්) සවි කළා,

ඔවුන්ගේ පර්යේෂණයේ ස්වභාවය පෙන්වන්න කළ වීඩියෝ ඔවුන් යූ ටියුබ් එකට මුදා හැරියා. එය මුදා හැරිය මුල් දෙ දින තුළ ම ලක්ෂ තුන ඉක්ම වූ පේ‍්‍රක්ෂක පිරිසක් එය නරඹා තියෙනවා. 5000ක් දෙනා දාරියෝට ඔවුන්ගේ පැසසුම් පිරිනමා තියෙනවා.

මේ රොබොටික දස්කම පෙන්වන්නට කලින් දාරියෝ සහ සගයන් මේ පිළිබඳ හැදෑරීමක් හැටියට ද්විමාන ගණිතමය මොඩලයක් තැනුවා. එයින් තමා ක්වොඞ්රොකොප්ටරය මගින් දණ්ඩක් කෙළින් ඉහළට ඔසවා විසි කිරීම පිළිබඳව ඇති ගණිතමය සූත‍්‍රය ඔවුන් තේරුම් ගත්තේ.

‘ඉහළට විසි කළ දණ්ඩ අල්ලා ගැනීමට ක්වොඞ්රොකොප්ටරය යායුතු පරාචක‍්‍රයත්, යායුතු වේගයන් හා කෝණයන් ඔවුන් නිශ්චය කළේ ඒ මගිනුයි’ රොබෝහබ් (Robohub) බ්ලොග් එකට මේ පිළිබඳව ලියමින් මාකස් වයිබල් නම් ලේඛකයා සඳහන් කරනවා.

‘විසි කිරීමේ කි‍්‍රයාවලියේ පසුපස ඇති ගණිතමය සාධක තේරුම් ගැනීමටත් එහි ප‍්‍රධාන පරාමිතීන් සැලසුම් කිරීමටත් එයින් හැකියාව ලැබුණා.’

 
දාරියෝ ඇතුළු පර්යේෂකයන් ඔවුන්ගේ කි‍්‍රයාවලිය කෙබඳු දැයි පෙන්වන්න වීඩියෝවත් තැනුවා, ඒ රසායනාගාරය තාවකාලිකව චිත‍්‍රාගාරයක් බවට පත් කරලා. එසේ තැනූ වීඩියෝව තමයි, අන්තර් ජාලයේ යූ ටියුබ් එකට නිකුත් කරල තියෙන්නෙ.

 
ඔවුන් ක්වොඞ්රොකොප්ටරය මත සෙ.මී. 12ක තහඩුවක් සවි කළා එයින් තමයි, දෝලක රිට සමබරව තියා ගෙන අහසට විසි කොට නැවත අල්ලා ගන්නේ. එය ඉවතට විසි නො වී ඒ තහඩුව මතම රඳවා ගන්නට රිට දෙකෙළවරට කම්පනවාරක පවා සවි කර තියෙනවා.

ඔවුන් ඊළඟ පියවර වශයෙන් කළේ න්‍යායික මොඩලය සැබෑ පරිසරයේ දී කොයි ආකාරයෙන් ඉටු කළ හැකිදැයි පිරික්සීමයි. දෝලක රිට අතින් අහසට විස කර එය වායුගෝලය තුළ හැසිරෙන අයුරු ගගන විද්‍යාත්මක ලක්ෂණ අනුව විමසා බලා ඒවා ක්වොඞ්රොකොප්ටරවල චලනයන් සමග ගළපා ගත්තා.

මෙහිදී දෝලක රිට ඍජුව තබා ගැනීම, සමබරතාව රැක ගැනීම, අහසට විසි කිරීම, අල්ලා ගැනීම, නැවත සමබර කිරීම ආදිය මේ කුඩා පියසැරි යන්ත‍්‍ර අතර කි‍්‍රයාවලිය නිවැරදිව පවත්වා ගැනීම ගැන ඔවුන්ගේ ගණනය කිරීම් සිදු කළා.

‘මේ ව්‍යාපෘතිය ඇත්තෙන් ම සිත් ගන්නාසුලූ එකක්. මේ සඳහා විවිධ අංශවලින් පර්යේෂණ කරන්න අපට සිදුවුණා. සංකීරණ ප‍්‍රශ්න ගණනාවකට පිළිතුරු සොයන්න අපට සිදුවුණා.’ යැයි දාරියෝ කියනවා.

‘ක්වොඞ්රොකොප්ටරයෙන් රිට අහසට තල්ලූ කරන්නේ කෙසේද? ඊළඟට එය අල්ලා ගන්නේ කොතැනදීද? කොයි අවස්ථාවේදීද? එය ගැටෙන අවස්ථාවේදී කුමක් සිදුවේද?

‘ලොකුම අභියෝගය වුණේ අල්ලා ගැනීමේ කොටස නිර්මාණය කිරීමයි. අපි නොයෙක් ගණිත ක‍්‍රම යොදා බැලූවා ඒත් හරි ගියේ නෑ. පසුව ඇල්ගොරිතම ගණිත ක‍්‍රමය විතරයි හරි ගියේ. අල්ලා ගැනීමට යායුතු නිවැරදි පරාචක‍්‍රය සැකසුවේ ඒ අනුවයි.’

 
මේ රොබෝටික දස්කම පෙන්වන්නට කලින් දාරියෝ සහ සගයන් මේ පිළිබඳ හැදෑරීමක් හැටියට ද්විමාන ගණිතමය මොඩලයක් තනා ගණනය කිරීමක් කළා.

අල්ලා ගැනීමේ දී විසි කීරීමත් අල්ලා ගැනීමත් අතර වූයේ තත්පර බාගයක් වැනි සුළු කාලයක්. ඒ නිසයි ක්වොඞ්රොකොප්ටර දෙකක් යෙද වූයේ දෙවැනි වර අල්ලා ගැනීමටයි. ඒ දෙක අතර සම්බන්ධකම් පැවැත්වීමට වෙනම පරිගණක ක‍්‍රමලේඛයක් සකස් කරන්න ඔවුන්ට සිදු වුණා.

වැරදීම් නිසා සිදු වූ අලාභ හානි විශාලයි. ඒත් අත්හදා බැලීම් හා නැවත ගණනය කිරීම් මැදින් ඔවුන් කටයුත්ත සාර්ථක කර ගත්තා.

 
මේ අල්ලා ගැනීමේ දී විසි කීරීමත් අල්ලා ගැනීමත් අතර වූයේ තත්පර බාගයක් වැනි සුළු කාලයක්.





Post a Comment

0 Comments