HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගූගල් ආයතනයෙන් ඔබට විස්මිත උපැස් යුවළක්! පලඳින්න පුළුවන් පළමු පරිගණකය මේකද ?

ගූගල් ආයතනය කියනවා, ඔවුනගේ අලූත් ම නිපැයුමෙන් ඔබට අවශ්‍ය දේ ඔබ ඉදිරියේ මවා පින්නට පුළුවන් කියලා. ‘ප‍්‍රක්ෂේපණ වීදුරුවක්’ (Project Glass) ලෙසින් හැඳින්වෙන මේ නව නිපැයුම මුල් ම පැලඳිය හැකි කොම්පියුටරය ලෙසත් හැඳින්විය හැකියි.

මොකක්ද මේ අපූරු මෙවලම ? ගූගල් ආයතනය දැනට හෙළිදරවු කරල තියෙන විදියට මෙය ඇස් කන්නාඩියක් එහෙමත් නැත්නම් උපැස් යුවළක් වගේ එකක්.

මේ ඇස් කන්නාඩියෙන් පුළුවන් එය පලඳින තැනැත්තාට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගෙන ගමන් මග සොයා ගෙන යන්න. අන්තර් ජාලයෙන් ලැබෙන ඊමේල් කියවන්න. ඈත තියෙන දෙයක් කල්තියා දැක ගන්න.
ගූගල් එය කි‍්‍රයාත්මක වෙන්නෙ කොහොමද කියල දැන් ම හෙළි කරන්න කැමති නැහැ. ඒ විතරක් නෙවෙයි, මෙය කවදා වෙළඳපොළට එනවද කීයක් විතර මිලක් වෙනවද කියල කියන්නත් කැමති නැහැ.

 
මේ උපැස් යුවළ පලඳින අයට කටහඬ අවදි කිරීමෙන් අන්තර් ජාලය හා එසැණ සම්බන්ධ වෙන්න පුළුවන්.

 
අලූත් වීඩියෝවක් නිකුත් කරල තියෙනවා, මේ නව මෙවලම ගැන. පිඹුරෙක් වැනි සර්පයෙක් අල්ලා ගෙන ඉන්න අයෙක් හා ඒ සතා ගැන බියට පත් වී ඉන්න ළමයෙක් කරන දෙබසක් ඇතුළත්.

 
ගූගල් හෙළිදරවු කරල තියෙනවා, මේ පරිගණක උපැස් යුවළ පලඳිය අයට පෙනෙන දේ මොන වගේද කියලා. මෙහි ඉදිරියෙන් පෙනෙනවා පණිවිඩයක්. පැලඳ සිටින අයට කටහඬින් ඊට පිළිතුරු දෙන්න පුළුවන්.

 
මේ ගූගල් පරිගණක උපැස් යුවළට හැකියාව තියෙනවා, පැලඳි අයට යන එන මග කියා දෙන්න. මේ ඇමරිකාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවර ගෝල්ඩන් ගේට් පාලම මතදි එය පැලඳි ගූගල් සේවකයකුට යායුතු නිවැරදි මග කියා දුන් අයුරු.

 
මෙය භාවිත කරන්නාට අවශ්‍ය නම් තමන් දකින දේ වීඩියෝ කරන්න පුළුවන්. ඉල්ලීමක් කළොත් කාලගුණ තොරතුරුත් දෙනවා.

මේක වැඩ කරන හැටි හරිම සරලයි. පින්තූරයක් ගන්න ඕනැ වුණාම ‘පින්තූරය ගන්න!’ කියන්න විතරයි තියෙන්නෙ. ඔබ එවේලේ දකින දේ ඉබේම කැමරා ගත වෙනවා. ඒ වගේම ඔබ දකින දේ එවේලේ වෙනත් කෙනකු එක්ක බෙදා හදා ගන්නත් පුළුවන්.

අවශ්‍ය පරිගණක උපදෙස් ඔබ ඉදිරියේ දිස් වෙනවා. ඔබට අවශ්‍ය සියල්ල ඉටු කර ගැනීම සඳහා ඔබේ හඬින් ම උපදෙස් දෙන්න පුළුවන්. ඔබේ හඬ පරිවර්තනය කරන්නත් ඊට පුළුවන්.

මේ ප‍්‍රක්ෂේපණ කන්නාඩි වර්ණ පහකින් එනවා. කළු, අළු, නිල්, රතු හා සුදු ආදී වශයෙන්. උපැස් යුවළේ වර්ණ මාරු කරන්නත් පුළුවන්.

 
මේ උපැස් යුවළ සමග එහි සන්ග්ලාස් එකක් කරන්න පුළුවන් කාච කීපයක් ද මේ මෙවලම සමග ලබා ගන්න පුළුවන්.

 
මෙහි තවත් වැඩි දියුණු කළ ගුණාංගයක් තමා, මේ. පලඳින අයට සිතියමක් අනුව පාර පෙන්වන්න පුළුවන්.

 
ඔබ දකින බස ඔබ දන්නා බසට පෙරළා දෙන්නත් පුළුවන්. ඉදිරි තිරයේ පෙනෙන්නේ එළවළු බක්කියේ ඇති චීන අකුරුවල තේරුමයි.

 
මේ උපැස් යුවළට ගුවන්තොටුපොළේ දී පියසැරි තොරතුරු යන ගමන් ම ඔබට කියා දෙන්නත් පුළුවන්.

මේ උපැස් යුවළ භාවිත කරන අයුරු ගැන උපදෙස් ඇතුළත් වචන 50ක හඬ පටියක් හෝ තත්පර 15ක වීඩියෝවක් හා මූලික කරුණු කියා දෙන ඡුායාරූප පහක් මෙහි තියෙනවා.

මෙහි වැඩි දියුණු කළ යුතු හුඟක් දේ තියෙනවා, දැනටමත් ඒ සඳහා ඔවුන් හා එක් වෙන්නැයි ගූගල් ආයතනය, නිර්මාණශිලී අයට ඇරයුම් කරලයි තියෙන්නෙ.

‘හැම දෙයක් ම සර්ව සම්පූර්ණ කරන්න මුලදි බැරි වේවි. ඒත් අපට ස්ථිරව කියන්න පුළුවන්, මේක අලූත් අපූරු අත්දැකීමක් වෙන බව නම්.’ ඔවුන් කියනවා.

 
මේ උපැස් යුවළෙහි කුඩා තිරයක් තියෙනවා, ඒක පාලනය වෙන්නේ කන්නාඩි රාමුවේ ඔබේ කටහඬ හසුකර ගත හැකි මයික්‍රෝෆෝනයක් මගින්.






Post a Comment

2 Comments

  1. ela ela.
    ookak kiyak withara weida dan naa......

    ookak ganda gewal dorawal hithan ukas karanna wei mage hithe.

    ReplyDelete