ඉංගිරිසියෙන් මේ තල්මසා හඳුන්වන්නේ ‘ ඕක’ (Orca) හෙවත් ‘මිනීමරු තල්මසා’ (killer whale) කියලයි. ඒත් සිංහලෙන් ඒ තරම් දරුණු නමක් නැහැ. ‘දත් තල්මහ’ කියලයි කියන්නෙ.
‘සාගර ලෝකය’ යන නමින් හැඳින්වෙන මේ ‘සාගර මින්මැඳුර’ හා ’ක්ෂීරපායී සතුන් එකතුව’ ආරම්භ කළේ 1964දියි. එහි වසර 49ක ඉතිහාසය තුළ සිදු වූ හය වැනි සාර්ථක තල්මස් දරු උපත ලෙස මෙය සැලකෙනවා. දැනට එහි තල්මසුන් 10ක් ඉන්නවා.
පැටියාගේ දිග අඩි 7යි. බර රාත්තල් 350යි. මේ තල්මස් පැටියා මෙලොව එළිය දුටුවේ මාස දහඅටක් මවගේ කුස තුළ ගත කරලයි. මේ තල්මස් මවගේ වයස අවුරුදු 37ක්.
මේ සුරතල් තල්මස් සිඟිත්තා නව ලොවට පිවිසියේ ‘සීවර්ල්ඞ්‘ සත්වවේදීන්ගේ සුපරීක්ෂාව යටතේයි. ඒ සඳහා පැයක් පමණ කාලයක් ගත වුණා.
ඉපදී තත්පර කීපයක් තුළත් තවත් පමා නොවෙමින් සුරතල් තල්මස් පැටියා මව සමග දිය මතුපිටට ආවේ පළමු හුස්ම පොද ලබා ගන්නයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNr_wI4az99vi9edC4Ad-x-chIOj5wpgbnAjdleUaiqC6wDZbYbM3FwnVTfBCz98Tmx8jPdWoCWOikoZswGRN5V-AEZ3Ge8gtiL2Pkmld8EG5_cBYB_FTW456HQeU9TLYFRedJBrK6Fv0/s1600/1.jpg)
මාස 18ක් කුස තුළ දරා ගෙන සිටි තල්මස් මව සිය සුරතල් තල්මස් සිඟිත්තා කුසෙන් හෑල්ලූ කළේ මෙහෙමයි. ඔවුන් දෙදෙනා ජිවත් වෙන්නේ සැන් දියේගෝ ‘සීවර්ල්ඞ්’හිදියි.
මවගේ නම ‘කස්ටක’ යි. ඇය බිහි කළ පැටියාගේ දිග අඩි 7ක්. ඒ අසිරිමත් සිදු වීම වීඩියෝ ගත කර තියෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiITKTtrv0uAaqaXVzsXYdFZOCPa-r1mdZrZXXW7UrFEKhHW-_ARgJo7esUHjdl7cnT1H5TgLdJYA0h7YTBVjsp8rXHhLYXquOKz4D5doW3PQT9muGuzkPhGraVVV9AdTPuiEgLJWvIrW8/s1600/5.jpg)
දරු ප‍්‍රසූතියෙන් පසු තත්පර කීපයක් ඇතුළත මව දරුවා රැගෙන මේ දිය මතුපිටට එන්නේ පැටියාට මුල් ම හුස්ම පොද ලබා දෙන්නයි.
සැන්දියේගෝ ‘සීවර්ල්ඞ්’ ජල උද්‍යානයේ සත්වවේදීන් ඔවුන්ගේ සුපරීක්ෂාව ප‍්‍රසූතියෙන් පසු අත්හැර දමන්නේ නැහැ. අඩි හතක් තරම් දික් වුණාට මේ තල්මස් පැටියාගේ මුල් දින කීපය අවදානම් කාලයක් ලෙසයි සැලකෙන්නේ. ඒ නිසා ඒ සත්වවේදීන් ඒ කාලය තුළ විශේෂ අවධානයක් යොමු කරනවා, මේ සිඟිත්තා කෙරෙහි.
මෙයාට තාම නමක් දාල නෑ. ඒ විතරක් නෙවෙයි, ‘කොල්ලෙක්ද කෙල්ලෙක්’ කියලවත් ඔවුන් තාම දන්නේ නෑ. ඒක දැන ගන්න වෙන්නේ තවත් දින කිහිපයකින්. ලබන සතියෙ විතර ඇමරිකාවේ සැන්දියේගෝ ‘සීවර්ල්ඞ්’ ජල උද්‍යානය නරඹන්න ගියොත් ඔබට මෙයාව දැක ගන්නත් අනෙක් තොරතුරු දැන ගන්නත් පුළුවන් වේවි.
මේ උද්‍යානයේ සත්වවේදී කටයුතු මෙහෙයවන අංශයේ උප සභාපති වූ මයික් ස්කාපුසී කියන්නෙ, මේ පැටියා ඉතා නිරෝගී ශක්ති සම්පන්න එකෙක් කියලයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmCpv01BXIEbM02R0Z0gJZ09N_gMFGJSW1qintcKEr3odTBV6PhAWYTGLxYOvbqtUpglEKWXV9NnZpqzMRAKOD8Dc6sEMJ1LQ9mGu3tmOzLxPlqLB4WrOiS3_WQMaHpeJV_DrByqER4qI/s1600/6.jpg)
දරු ප‍්‍රසූතියෙන් පසු තත්පර කීපයක් ඇතුළත පැටියා මවත් සමග දිය මතුපිටට ආවා. එසේ ආවේ උගේ මුල් ම හුස්ම පොද ලබා ගන්නයි.
දැන් ඒ සුරතල් තල්මස් පැටියා මෙලොව එළිය දකින හැටි වීඩියෝවෙන් නරඹන්න.
1 Comments
හරිම දුර්ලභ වටිනා දර්ශනයක් බොහොම ස්තූතියි බෙදා ගත්තාට.
ReplyDelete