HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සීයාගේ වයස කීයද? : විනෝදයට ගණිත ගැටලූවක්!

විනෝදයට ගණිත ගැටලූවක්!
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටියා සී. එම්. වීරරත්න කියලා දක්ෂ ගණිත ආචාර්යවරයෙක්. එහි නියෝජ්‍ය විදුහල්පති ලෙසත් සේවය කළ එතුමා ළමයින්ට ගණිත ඉගැන්නුවේ විහිළුවෙන් තහළුවෙන්. පුංචි සිද්ධියක් කියල ඒ ඔස්සේ ගණිත ගැටලූවක් ඉදිරිපත් කිරීම එතුමා නිතරම කළ දෙයක්. වරින් වර එතුමා ඉදිරිපත් කළ කථා එකතු කර පොතක් පළ කළා කලකට ඉහතදි ‘ගණිත ප‍්‍රදීප හා විනෝද කථා’ යන නමින්. මේ එහි පළ වූ එක් කථාවක්. භාෂාව එහි තියෙන විදියටමයි, මෙහි යොදා ඇත්තේ. මෙවැනි ගැටලූ කතා කීපයක් ‘මල් කැකුළු’ තුළින් පළ කළා ඔබට මතක ඇති.



සීයාගේ වයස කීයද?
1924 අවුරුද්දේ, ළමයෙක් ඔහුගේ මවගේ පියා වන සේතන් සීයා ළඟට ගොස්, ”සීයේ, මගේ දැන් වයස මා උපන් අවුරුද්දේ අග ඉලක්කම් දෙකේ ගණනට සමානයි.” යැයි කීවේය.

”ඇයි පුතේ මගේ දැන් වයසත් ඒ වාගේමයි” මුනුපුරා මවිතයට පත් කරමින් සේතන් සීයා පැවසීය.

1924 වර්ෂයේදී සීයාගේ සහ මුනුපුරාගේ වයස් ඔබට කියන්න පුළුවන්ද?

පිළිතුර - හෙට ‘මල් කැකුළු’ තුළින්...

Post a Comment

6 Comments

  1. සීයට 62යි
    පුතාට 12යි

    ReplyDelete
  2. සීයට 62යි
    පුතාට 12යි

    ReplyDelete
  3. මම කොළඹ ආනන්ද විද්‍යාලයේ සී. එම්. වීරරත්න කියන ගණිත ආචාර්යවරයා නොහඳුනමි. ඔහු දක්ෂ ගණිත ආචාර්යවරයෙක් දැයි නොදනිමි. නමුත් ඉහත ගැටලුව ඔහු උපුටාගෙන ඇත්තේ රුසියානු ලේඛක Y. පෙරල්මාන් විසින් රචිත, මොස්කව් ප්‍රගති ප්‍රකාශන මන්දිරයෙන් ප්‍රකාශයට පත් කල 'ගණිත විනෝදය' නමැති පොතේ ය. සැකයක් නැත, ‘ගණිත ප‍්‍රදීප හා විනෝද කථා’ පොතෙහි තවත් එවැනි උපුටා ගැනීම් තිබෙන්නට ඇත :)

    ReplyDelete
  4. සීයාගේ වයස=y,මුනුපුරාගේවයස=x
    x=1924-(1900+X)
    y=1924-(1800+Y)
    x=12
    y=62

    ReplyDelete
  5. විකුම්,
    ඔබ කියන ඔය පෙරල්මාන්ගේ ගැටලූව අපි මල් කැකුළු ඔස්සේ 2012 ජනවාරියේ පළ කළා. ඒ ගැටලූව මේ වීරරත්න මහතාගේ ගැටලූවට ටිකක් වෙනස්. එත් විසඳන්න තියෙන්නේ එකම විදියටයි. නුදුටුවා නම් ඔබට ගණිත විනෝදය යටතේ ආපස්සට ගිහින් ඒක බලන්න පුළුවන්. සමහර විට වීරරත්න මහතා පෙරල්මාන්ගේ පොතෙන් ආභාසයක් ලබන්න ඇති. ඔබේ මතකය ගැන අපේ පැසසුම්!

    ReplyDelete
  6. පර්සි,

    ජනවාරියේ පල කල ගැටලුව දුටිමි. ඒ පිලිබඳ ඔබට තුති. දුක නම් ඔවැනි පොත් දැන් දකින්නට නොලැබීමයි.

    තවත් ලියන්න.

    ReplyDelete