HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

‘ඒලියන්’ චිත‍්‍රපටයේ සක්වළ ජීවියාට පණ දුන් විස්මිත පොසිලය කටුගෙයින් සොරකම් කරලා!

අප වැඩි දෙනෙකු පිටසක්වළ ජීවීන් ගැන කතා අහන්නට කැමති වුනත් ඇත්තටම එවැනි අය ඉන්නවාය කියා විශ්වාස කරන්නේ නෑ. ඒත් මේ අමුතු පොසිලය දකින ඕනෑම කෙනෙකු ටිකක් ගැස්සිලා නැවතිලා කල්පනා කරන්න පුළුවන් මේකෙ ඇත්තක් තියෙනවද කියලා.

මේ පුරා වස්තුව ඇත්තෙන්ම ඉතා පැරණි පොසිලයක්. මේක තමයි, චිත‍්‍රපට අධ්‍යක්ෂ රිඞ්ලි ස්කොට්ගෙ සුප‍්‍රකට ‘ඒලියන්’ (Alien) නම් ත‍්‍රාසජනක විද්‍යා ප‍්‍රබන්ධයේ ආ පරසතුරු සක්වළ ජීවීයා නිර්මාණය කිරීමට මඟ පෑදුවේ. ‘ඒලියන්’ යන වදනෙහි අරුත ‘අන්‍ය ග‍්‍රහ ලොවක වැසියා’ යන්නයි.

‘ඒලියන්’ සක්වළ ජීවියා නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ස්විස් ජාතික අධිතාත්විකවාදී චිත‍්‍රශිල්පියකුටයි. ඔහු නමින් හෑන්ස් රුඩෝල්ෆ් ගයිගර්. ඔහුව තමයි චිත‍්‍රපට අධ්‍යක්ෂ රිඞ්ලි ස්කොට් තෝරා ගත්තේ මේ නිර්මාණය කරන්න. ඒ ගයිගර්ගේ ‘නික්‍රොනම් 4’ නම් සිත්තම දැකලා. ඒ සිත්තම ඔහු විසින් පොසිල පදනම් කර ගෙන ඇන්ද චිත‍්‍ර කීපයක් අතරින් එකක්.

 
චිත‍්‍රපට අධ්‍යක්ෂ රිඞ්ලි ස්කොට්ගේ ‘ඒලියන්’ චිත‍්‍රපටයේ අමතක නොවන දසුනක්. එහි ආ සක්වළ ජීවියා එහි ජෝන් හර්ට්ගේ මුහුණ වටා එතී සිටි අයුරු.


ගයිගර්ගේ එක නිර්මාණයක් තමයි, ඒලියන් චිත‍්‍රපටයේ එක් චරිතයක පපුව පළාගෙන එන පරසතුරු සක්වළ ජීවියාට පාදක වුණේ. ඒ සඳහා 1979 ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම දෘශ්‍ය ප‍්‍රයෝගයට හිමි සම්මානය ලැබුණා. ඒවා කෙතරම් ජනපි‍්‍රය වුණාද කීවොත් ආදායම් වාර්තා බිඳ හෙළුෑ චිත‍්‍රපට මාලාවක්ම ඒ නමින් ආවා.

ඒත් මේ විස්මිත පොසිලය පිටසක්වළින් ආ එකක් නෙමෙයි. වසර මිලියන 300කට විතර ඉස්සර මේ අපේ ම ග‍්‍රහලෝකයේ ජීවත් වූ සතකුගේ පොසිලයක්.

මේක හුඟක් දුර්ලභ පොසිලයක්. චිත‍්‍රශිල්පී ගයිගර්ගේ සිතිවිලි අවදි කළ එකක්. ඒ නිසයි ඔහුගේ සුවිශේෂ ‘ඒලියන්’ නිර්මාණය කරන්න මඟ පෑදුණේ. ගයිගර්ගේ පමණක් නොව මෙය ස්විට්සර්ලන්ත කෞතුකාගාරයට එන නරඹන්නන්ගේ නෙත් සිත් ඇද ගත් එකක්. ඒ අතර කෞතුක වස්තු සොරෙකුත් ඉඳලා තියෙනවා. ඒ නිසා පසුගිය දා මේ වටිනා පුරාවස්තුව හොරු ගත්තා.

පොලිසිය හිතුවේ ආතල් (Aathal) ඩයිනොසෝර කෞතුකාගාරයෙන් මේ ඉතා වටිනා පුරාවස්තුව සොරකම් කරන්න ඇත්තේ පොසිල එක් රැස් කරන්නකු විය හැකියි කියලයි.

පසුගිය දා ස්විස් පොලිසිය මේ කෞතුක වස්තුවේ ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කළා, මෙය නැවත සොයා ගන්නත් සොරකම් කළ තැනැත්තා අල්ලා ගන්නත් බලාපොරොත්තුවෙන්.

දැන් මිල කළ නොහැකි මේ කෞතුක වස්තුව ආපසු කෞතුකාගාරයට ලැබිලා තියෙනවා. ඒක සුරක්ෂිතව ලියුම් කවරයක දමා කවුරුන් හෝ විසින් එහි ලියුම් පෙට්ටියට දමා තිබුණා.

ඒ කෞතුකාගාරයේ සංරක්ෂක ආචාර්ය තෝමස් බොලිජර් කියන්නේ, ”ලොකු හානියක් වෙලා තිබුණේ නෑ. එක අතක් විතරක් කැඞී වෙන් වී තිබුණා.” කියායි.

”මේ ඇත්තෙන් ම සුවිශේෂ පොසිලයක්. මෙය මීට වසර මිලියන 300කට පෙර මුහුදු පත්ලේ ජීවත් වූ කශේරුකාවක් රහිත සතකුට අයත් කොටස් දෙකකින් යුත් පොසිලයක්.

”මෙය මිල කළ නොහැකි ඉතා දුර්ලභ සුවිශේෂ එකක් නිසා සොරා ගත් කෙනකුට ඒක විකුණන්නවත් රහසේ සඟවා තබා ගන්නත් බැහැ. ඒ නිසයි අප මෙය සොරා ගත් බව මෙහි පින්තූරත් එක්ක ප‍්‍රසිද්ධ කළේ.” ඔහු වැඩි දුරටත් කීවා.

ඔවුන්ගේ උපාය හරි ගියා. සතියක් ඇතුළත පුරාවස්තුව ආපසු ලැබුණා.

 
ඒලියන් පැහැර ගැනීම: මේ වසර මිලියන 300ක් පැරණි පොසිලය තමයි චිත‍්‍රශිල්පියාට ආභාසය ලබා දුන්නේ ඒලියන් චිත‍්‍රපටවල ආ පරසතුරු සක්වළ ජීවියා නිර්මාණය කරන්න. පසුගිය දා මේක ස්විස් කෞතුකාගාරයෙන් සොරකම් කරලා! පසුව හමුවෙලා තියෙනවා.

 
මේ කෞතුක වස්තුව තමයි, චිත‍්‍රපට අධ්‍යක්ෂ රිඞ්ලි ස්කොට්ගේ සුප‍්‍රකට ‘ඒලියන්’ චිත‍්‍රපට මාලාවට පාදක වුණේ.

 
පැරණි පොසිල පාදක කර ගෙන එච්. ආර්. ගයිගර් සිතුවම් කළ ‘නෙක්‍රොනම් 4’ නම් මේ චිත‍්‍රය නිසා තමයි, ඔස්කාර් සම්මාන ලත් ‘ඒලියන්’ චිත‍්‍රපටයේ සක්වළ ජීවියා නිර්මාණය කරන්න මග පෑදුවේ.

‘ඒලියන්’ චිත‍්‍රපට මාලාවෙන්...





Post a Comment

0 Comments